අනුරාධපුර මහා විහාර භූමියේ බැකෝ යන්ත‍්‍ර යොදා හාරතියි කියන කරුණ පිළිබඳ තමන් කිසිවක් නොදන්නා බවත් ‘‘වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් දැයි’’ යන තත්ත්වයක් එහි උද්ගත වී ඇති බවත්. රජය වහාම මැදහත් වී මේ විනාශය වැළැක්විය යුතු බවත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ මහා විහාර ව්‍යාපෘති අධයක්ෂ මහාචාර්ය ටී.ජී.කුලතුංග පවසයි. ඔහු මෙසේ ද කීවේය. ‘‘ශී‍්‍ර ලංකාවේ පළමු පුරාවිද්‍යා කොමසාරිස් වන එච්.සී.පී.බෙල් මහතා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආරම්භ කළේ අනුරාධපුරයෙන්. ඒ කාලේ තිබූ කාර්යාලය තමයි දැන් ඉවත් කැර එම ස්ථානය හාරන්න සූදානම් වන්නේ. මෙය සිදුකරන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කියා තමයි අපිට නම් කියන්නේ. නමුත් මෙය නීති විරෝධී කාර්යයක්. වහාම නවතා දැමිය යුතුයි. මුලදී අනුරාධපුර නගරය මේ ස්ථානයේ පවතිද්දී බස් නැවතුම තිබූ ස්ථානයේ පොළොවට හානිවී තිබූ නිසා අපි එතැන විහාර ගොඩනැගිල්ලක් ඉදිකිරීමට කලින් අවසර දුන්නා. නමුත් හිතුමතයේ මෙවැනි විනාශයන් සිදුකරමින් ජාතියේ උරුමය විනාශ කරන්න ඉඩ දිය නොහැකියි.’’ බොහෝ විද්වතුන් පවසන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් මධ්‍යම සංස්කෘතික අරමුදලත් අමාත්‍යාංශ දෙකක් යටතට පත්කැර තිබීමෙන් මෙවැනි ගැටළු ඇතිවී තිබෙන බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd