විදුලි බිල වැඩි කිරීමට එරෙහිව විපක්ෂය අද කැඳවූ වර්ජනයට අනුරාධපුරයේ ගුරුවරුන්ගෙන් සියයට 75ක් සහාය ලැබුණු බව ගුරු සංගම් කියයි.
පාසල්වල සිසුන්ගේ පැමිණීම අද සියයට පනහක් පමණ විය.
විදුලි බිල වැඩි කිරීමට එරෙහිව විපක්ෂය අද කැඳවූ වර්ජනයට අනුරාධපුරයේ ගුරුවරුන්ගෙන් සියයට 75ක් සහාය ලැබුණු බව ගුරු සංගම් කියයි.
පාසල්වල සිසුන්ගේ පැමිණීම අද සියයට පනහක් පමණ විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ කියන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයටද? (නදී)
ගුරුවරුත් නිවාඩු අරගෙන දරුවන්ටත් නිවාඩු දීලා ආපු එක හොඳයි. ආපු ලමයි හොඳට විනෝද වෙලා ගෙදර යන්නට ඇති (නි)
අනුර පුර ගුරුවරුන්ට පමණද විදුලිබිල වැඩිවෙලා තියෙන්නේ අනිත් අය පත්තු කරන්නේ පන්දම්ද ?(නදී)
මම වැඩ කරන තැන සේවක ගණන 110. වෙනදා පැමිණීම 90 විතර. අද පැමිණීම හරියටම 100. වර්ජනය සාර්ථකද?(නදී)
සියයට 75ක් නෙමේ සියයට 1ක් වත් සහයෝගය ලැබුනද දන්නේ නැහැ. ඉස්කෝල වල ගුරුවරු ඔක්කොම ආවා උගන්නන්න. බොරු වර්ජනයක්. මිනිස්සු රවට්ටනවා වර්ජන දාලා. එත් අද කලේ ඉන්නේ බුද්දිමත් මිනිස්සු. එයාලා ඕවට යන්නේ නැහැ.(නදී)
මම වැඩ කරන තැන සේවක ගණන 210යි. වෙනදා පැමිණීම 205 විතර. අද පැමිණීම හරියටම 60යි. කොහොම නමුත් කඹ ඇදිල්ලකට නොගිහින්, ක්‍රියා මාර්ග සමච්චලයට භාජනය නොකර, සාධාරන වෙන එක කාර්ය මණ්ඩලයක යුතුකමයි (නි)
නිරෝෂා හිතනවද ගුරුවරු වැටුප් අහිමි කරගනිමින් වර්ජනය කලේ ආසාවට කියලා? මිනිස්සුන්ට ආණ්ඩුවෙන් දෙන ඕනෑම පීඩනයක් දරා ගන්න පුළුවන් නම් ඔලුව නමාගෙන ඉන්න පුළුවන්. පීඩනය දරන්න බැරි තරම් උග්‍ර වුනාම මිනිස්සු ආණ්ඩුවකට ඒ බව දන්වන්න ප්‍රජාතන්ත්‍ර වාදීව දෙන පිලිතුරකුයි වර්ජනය කියන්නේ.(නදී)
මේ ගුරුවරුන්ට තිබෙන නිවාඩු හැටියට මොන වැඩ වර්ජනද ? ගුරුවරුන්ටත් මොලේ නැහැ වගේ , මේ වගේ වැඩ වලට සහබාගි වෙන්නේ. අනේ රටට ගිය කලක්! (නි)
සාධාරණ වර්ජනයක්. විදුලි බිල වැඩි වුනාට පඩි වැඩිවීමක් නැහැනේ. මිනිස්සු පීඩා විදිනවා.(නදී)
අද (21) වැඩවර්ජනය හේතුවෙන් අම්පාර දිස්ත‍්‍රික්කයේ පාසල් විශාල ප‍්‍රමාණයක ගුරුවරුන් පැමිණ නැති බවත් සමහර පාසල් වැසීමේ තත්වයට ලක් වී ඇති බවද වාර්තා වේ. අම්පාර ඞී.එස් සේනානායක ජාතික පාසලේ 90%ක් පමණද, උහන මහා වද්‍යාලයේ 90%ක්ද , අම්පාර බාලිකා විද්‍යාලයේ 80%ක් පමණද, මහඔය කැප්පෙටිපොල මහා විද්‍යාලයේ 80%ක් පමණද, වෑරන් කැටගොඩ පාසලේ 80%ක් පමණද, කාවන්තිස්ස, සද්ධාතිස්ස, ගාමිණී මහා විද්‍යාලවල 100% ක් ම වැඩවර්ජනයට සාර්ථක වී ඇති බවද වාර්තා වේ.
අද (21) දින වැඩවර්ජනය හේතුවෙන් නාවල විවෘත විශ්ව විද්‍යාලය සම්පූර්ණයෙන් වැඩවර්ජනය කර ඇති බවත් මොරටුව විශ්ව විද්‍යාලයේ හා කැළණිය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරු පිරිසක් හා අනධ්‍යයන සේවකයෝ පිරිසක් වැඩවර්ජනයට සහභාගී වී සිටින බවත් විශ්ව විද්‍යාල ආචාර්ය සන්ධානය පවසයි. එමෙන්ම පේරාදෙනිය ඉංජිනේරු පීඨය හැර සියළු පීඨ අකර්මණ්‍ය වී ඇති බවත් ජපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර අනෙක් පීඨ අකර්මන්‍ය වී ඇති බවද ආචාර්ය සන්ධානය පවසයි.(නදී)
අද (21) වැඩවර්ජනය හේතුවෙන් අම්පාර දිස්ත‍්‍රික්කයේ පාසල් විශාල ප‍්‍රමාණයක ගුරුවරුන් පැමිණ නැති බවත් සමහර පාසල් වැසීමේ තත්වයට ලක් වී ඇති බවද වාර්තා වේ. අම්පාර ඞී.එස් සේනානායක ජාතික පාසලේ 90%ක් පමණද, උහන මහා වද්‍යාලයේ 90%ක්ද , අම්පාර බාලිකා විද්‍යාලයේ 80%ක් පමණද, මහඔය කැප්පෙටිපොල මහා විද්‍යාලයේ 80%ක් පමණද, වෑරන් කැටගොඩ පාසලේ 80%ක් පමණද, කාවන්තිස්ස, සද්ධාතිස්ස, ගාමිණී මහා විද්‍යාලවල 100% ක් ම වැඩවර්ජනයට සාර්ථක වී ඇති බවද වාර්තා වේ.(නදී)
ආණ්ඩුව විසින් විදුලි මිල වැඩිකිරීමට එරෙහිව වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ කමිටුව විසින් අද (21) කැඳවා ඇති වර්ජනයට සහයෝගය දක්වමින් වරාය සේවකයින්ද ඊට එක් වූ බවත් වරාය සේවකයින්ගෙන් 60%ක් පමණ ඊට එක්වී ඇති බවත් සමස්ත ලංකා වරාය සේවක සමිතිය පවසයි. ඔවුන් අද වරාය ප්‍රධාන දොරටුව ඉදිරිපිට උද්ඝෝෂණයකද නිරත විය.(නදී)
කොන්දක් තියෙන බහුතර ගුරුවරු මේ වැඩවර්ජනයට සහය දුන්නා (අ)
ගාල්ලෙත් වර්ජනයට සාර්ථක සහයක් තිබුණා. ගුරු පැමිණිම......... සවුත්ලන්ඩ් 65% , සංඝමිත්තා 60%, රිච්මන්ඩ් 62%, මහින්ද 40% සාධාරණ වර්ජනයක්. විදුලි බිල වැඩි වුනාට පඩි වැඩිවීමක් නැහැනේ. මිනිස්සු පීඩා විදිනවා. (නි)
දැන්නම් මිනිස්සුන්ගේ හැංගිලා තිබුණු බුද්ධිය ටික ටික මතුවෙනවා. මොනවා වුණත් කොද්ද පණතියන විපක්ෂයක් තිබුනා නම් රටේ ප්‍රශ්න ඔච්චර දුරදිග යන්නේ නැහැ (නි)