අනුරාධපුර රෝහලේ දොස්තර චමල් හේරත්ට පහර දුන්නැයි කියන සංධාන මැරයන්ගේ ප්‍රහාරයට විරෝධය පළ කරමින් අනුරාධපුර රෝහලේ වෛද්‍යවරු 250ක් පමණ මින් මඳ වේලාකට පෙර වැඩ වැරූහ. මේ නිසා හදිසි ප්‍රතිකාර හැර සැත්කම් ඇතුළු අන් සියලු ප්‍රතිකාර නතර විය. සැකකරුවන් වහා අත්අඩංගුවට නොගන්නේ නම් උතුරු මැද සියලු රෝහල් වෛද්‍යවරුන් දිගටම වැඩ වරනු ඇතැයි රෝහල් ආරංචි කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ වර්ජන ඇරෙන්න වෙන ක්‍රමයක් ඇත්තේම නැද්ද? කාගෙන්ද මේ පළි ගන්නේ? (නි)
යුද්ධය ඉවර නිසා දොස්තරලා සන්ධාන මැරයන්ගෙන් පහර කෑ යුතුද? (නි)
අජිත්ගේ ප්‍රතිචාරයට මට අධෝ මුඛයෙනුත් සිනහ යනවා. (නි)
අජිත්, එහෙනම් අපරාධ කරපු සමහරුන්ව ආරක්ෂා කරන්නෙ ඇයි? (නි)
අජිත්. යුද්ධය ඉවර කරේ එතුමා. ඒක ගොඩක් හොද දෙයක්. අපි එකට ණයයි. නමුත් රටේ කරන අපරාධ, ළමා අපචාර, දුෂණ, වංචා, අධ්‍යාපන විනාශ කිරීම්, නීතිය අතට ගෑනීම් වාගේ වෑරදි යුද්ධයෙන් වහන්න යන්න එපා. අඩුම තරමේ ඔයාගෙ ළමයගේ අනාගතේ ගෑනවත් හිතන්න. (නි)
මේ අජිත් මහත්තයා වගේ තණකොළ කන කට්ටිය ඉන්නකම් ස්ත්‍රී දුෂක බාල අපරාධ කරන ඕනෑ මැරයෙක්ට අපි ඡන්දෙ දෙන්න ඕනෑ. යුද්දේ ඉවර කළේ හමුදාවේ සොල්දාදුවන් මිසක් මේ දේසපාලුවන් නෙමෙයි. (නි)
අජිත් මහත්තයෝ, ඔලුව සහ පිටිපස්ස පොඩ්ඩක් බලනවද අං සහ වලිගෙ එනවද කියලා? (නි)
ඔහොම යන්කෝ. (නි)
අජිත්ගේ මොළේ අමාරුවක් තියෙනවද මන්දා? (නි)
ජනාධිපතිතුමා හොඳ නිසා දූෂකයින්ටයි, මිනීමරුවන්ටයි, චණ්ඩින්ටයි , ස්ත්‍රී දුෂකයන්ටයි චන්දය දෙනවද? (නි)
පහර දීමෙන්, බිය වැද්දීමෙන් ප්‍රශ්න විසඳ ගන්ඩ බැහැ. මැරයන් කරපු දේ මෙන්ම වෛද්‍යවරු කරනදේත් හරි නැහැ. සීයක් එකතු වෙලා එක දොස්තර කෙනෙකුට පහර දුන්නා කියලා දොස්තරලා කිහිප දෙනෙකු එකතු වෙලා ලක්ෂ ගාණක් ජනතාවට මර බිය දන්වන එක සාධාරණද? මොළේ තියෙන ජනතාව තේරුම් ගන්නවා, කවුද ත්‍රස්තවාදීන් කියලා. මේ වැඩේ වැරදියි කියලා. වැරදිකරුවන්ට දඬුවම් කළයුතුයි කියලා අනිත් අයට දන්වන්න ඕනෑ නම්, එහෙම කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී විදිහටයි. අඩුම ගානේ ප්‍රධාන නගරවලවත් රැස්වීම් සංවිධානය කළ යුතුයි. වැඩේ කියන්නෙ, එහෙම කළොත්, හවස පහෙන් පස්සෙ තමා රැස්වීම් තියන්න වෙන්නෙ. දොස්තරලගෙන් 99.9%ක්ම පෞද්ගලික වෙදකම් කරනවා හතරෙන් පස්සෙ. ඒ නිසා ඔය රැස්වීම් වලට දොස්තරවරු එන්නෙ නැහැ. විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ටයි, මෙයාලා මෙහෙයවන දේශපාලකයින්ටයි තමා රැස්වීම් ඇදගෙන යන්ඩ වෙන්නෙ. ප්‍රභාකරන්ටත්, ප්‍රජාතන්ත්‍රවාදීව තමන්ගෙ මතවාදය ජනතාව අතර තහවුරු කරන්න බැරි වූ නිසා තමා, ත්‍රස්තවාදය පාවිච්චි කළේ. (නි)
රොහන් නීතියක් නැති නම් වර්ජනය හැර වෙන මොනවා කරන්නද (අ)
අජිත් හරි, අපි ණයයි ලෝකයට. (නි)
රවී, සොල්දාදුවන් නම් එදා ඉදලම හිටියා තමයි. හැබැයි අපිට නිවැරදි දේශපාලන නායකත්වයක් තමයි තිබුණේ නැත්තේ. (නි)
අජිත්, ඇත්ත කියනකොට කට්ටියට ටිකක් අමාරුයි. (නි)
දැන් හැමෝම පළිගන්නේ පොඩි මිනිහගෙන්නේ. වෛද්‍යවරු රෝගීන්ගෙන් ,බස් මුදලාලිලා මගියන්ගෙන්, ආචාර්යවරු පාසැල් දරුවන්ගෙන්. මේ යන විදිය හරි කියලද එතකොට ඔයාලා කියන්නේ? මීට වඩා පොඩි මිනිහට නොරිදෙන වෙන සාධාරණ විදියක් ඇත්තෙම නැද්ද මෙයාලට? (නි)
අජිත් ඔයපැත්තෙ පුන්නක්කු එහෙම ලාබද?(නු)
අජිත්, ඇත්ත තමයි කතාව. මේකට ජනාධිපතිතුමා මොනවා කරන්නද? අනික දොස්තරගෙත් වරදක් තියෙන්න ඇති. (නි)
අජිත්, ඔබ ගොනෙකි, බූරුවෙකි. ඔබවන් ගොන්බූරුවන් තවත් නොසිටීවා කියා මම පතමි. (නි)
දේශපාලනය කරන්නන් බොහෝ විට බුද්ධිමතුන් නොවේ. (නි)
අජිත්, ඔයාට කීයක් හම්බ වුණාද පුතේ ? (නි)
නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න. (නි)
නීතිය අකුරටම ක්‍රියාත්මක කළ යුතුයි. (නි)
කොච්චර කාලෙකටද? (නි)
අනිවාර්යයෙන්ම අපි දෙනවා තමයි. (නි)
අජිත් මහතාණෙනි, අතීතය එකකි.අනාගතය තවෙකකි. යුද්ධ කිරිමෙන් සහ පාරවල් හැදිමෙන් පමණක් රටක් සංවර්ධනය නොවේ.මන්ද රටේ සංවර්ධනය විය යුතු අනෙක් සෑම එකක්ම තවදුරටත් විනාස වෙමින් පවතී. මෙම පුවතත් එයට තවත් නිදසුනකි. යුද්ධය අවසන් කිරිමේ සතුට වෙනුවෙන් රටෙත් තමන්ගේත් අනාගතය විනාශ කරගන්නේදැයි සිතා බැලිමට ජනතාවට කාලය එලබ ඇත. (නි)
අනේ නිකන් යනවා යන්න. එනවා මෙතන.... (නි)
මෙහෙමයි. ආණ්ඩුවේ නරක අය ඉන්නවා. ඒ වුණාට ජනාධිපතිතුමා හොඳයිනේ. මේ සිද්ධිය මුල් කරගෙන කවුරුවත් ආණ්ඩුවට ඡන්දෙ නොදී ඉන්න එපා. මතක තියාගන්න යුද්දෙ ඉවර කළේ මේ ආණ්ඩුවනෙ. ඉතින් අපි ණයයි. (නි)
රටේ නිතිය හරියට ක්‍රියාත්මක කරන්න පාලකයන් බැදිලා ඉන්නවා. නමුත් සමහර පාලකයන් මේවට අනුබල දෙන නිසා පාතාලය,මැරයන් පෙරසිටම බිහිවුණා. එයට මෙම රජය පමණක් වගකිව යුතු නැහැ. නමුත් මෙය නවත්වන්න ජනතාවට පුළුවන්. මැර දේශපාලකයන් පලවා හරින්න ඔබේ ඡන්දය භාවිතා කරන්න. ජනතාව කුමන පක්ෂයකට ඡන්දය භාවිතා කළත් මැර පාලකයන් හට ඔබේ වටිනා ඡන්දය නොදී ඉන්න වග බලාගන්න. නැත්නම් අනාගතයේදී අපගේ දරුවන්ටත් පාරක යන්න බැරි යුගයක් උදාවේවි. (නි)
ඡන්දයට කලින්ම ප්‍රතිපල නිකුත් වෙලා වගේනේ. (නි)
හොදයි හොදයි. (නි)
අජිත්, අනේ මටත් තණකොළ ටිකකුයි, පුන්නකු බාල්දියකුයි ගෙනත් දෙන්න. 8 වෙනිදා ගිහිල්ලා කතිරයක් ගහන්නම්. (නි)
අජිත් කියන්නේ ඇත්ත. හැබැයි අසරණ ලෙඩ්ඩු තමයි හැම දේකින්ම තැලෙන්නේ. (නි)
සන්ධානය මෙවරත් දිනවන්න. (නි)
මැරයන් ඇවිත් ඔලුව පළලා ගියදාට තේරෙයි මැරයන්ගේ රගේ. (නි)
අජිත්ගේ ප්‍රකාශයට එකග විය නොහැකියි. යුද්ධය ඉවර කළා කියලා සෑම අයහපත් දෙයකට ම අනුමැතිය දිය නොහැකියි. හෙට අනිද්දා මේ අය ඇවිල්ලා ඔබට පහර දී ඔබගේ අතක් පයක් කඩාවි, නැත්නම් ඔබගේ දරුවා ඔවුන්ගේ වාහනයකට යට කර දමා යාවි. එවිටත් ඔබ යුද්ධය අවසන් කළා කියා එයට ඉඩ දෙනවා ද? ලංකාවේ හැටි ඔහොම තමයි. අපිට නෙවෙයිනේ වුණේ කියලා කමක් නැහැ කියලා හිතනවා. අන්තිමට අපිට වදිනකම් ම දන්නේ නැහැ. (නි)