IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


අපුර දොස්තරවරු වැඩ වරති

අනුරාධපුර රෝහලේ දොස්තර චමල් හේරත්ට පහර දුන්නැයි කියන සංධාන මැරයන්ගේ ප්‍රහාරයට විරෝධය පළ කරමින් අනුරාධපුර රෝහලේ වෛද්‍යවරු 250ක් පමණ මින් මඳ වේලාකට පෙර වැඩ වැරූහ. මේ නිසා හදිසි ප්‍රතිකාර හැර සැත්කම් ඇතුළු අන් සියලු ප්‍රතිකාර නතර විය. සැකකරුවන් වහා අත්අඩංගුවට නොගන්නේ නම් උතුරු මැද සියලු රෝහල් වෛද්‍යවරුන් දිගටම වැඩ වරනු ඇතැයි රෝහල් ආරංචි කියයි.



අදහස් (0)

අපුර දොස්තරවරු වැඩ වරති

කුමාර Friday, 31 August 2012 11:18 PM

අජිත්, ඇත්ත කියනකොට කට්ටියට ටිකක් අමාරුයි. (නි)

:       0       0

සිරිපාල Friday, 31 August 2012 01:19 PM

ඡන්දයට කලින්ම ප්‍රතිපල නිකුත් වෙලා වගේනේ. (නි)

:       0       0

අයිවන් Friday, 31 August 2012 01:15 PM

හොදයි හොදයි. (නි)

:       0       0

අමල් Saturday, 01 September 2012 02:15 PM

අජිත්, ඇත්ත තමයි කතාව. මේකට ජනාධිපතිතුමා මොනවා කරන්නද? අනික දොස්තරගෙත් වරදක් තියෙන්න ඇති. (නි)

:       0       0

ගිහාන් Friday, 31 August 2012 01:23 PM

අජිත්, අනේ මටත් තණකොළ ටිකකුයි, පුන්නකු බාල්දියකුයි ගෙනත් දෙන්න. 8 වෙනිදා ගිහිල්ලා කතිරයක් ගහන්නම්. (නි)

:       0       0

සුමේධ Friday, 31 August 2012 01:26 PM

අජිත් කියන්නේ ඇත්ත. හැබැයි අසරණ ලෙඩ්ඩු තමයි හැම දේකින්ම තැලෙන්නේ. (නි)

:       0       0

ලක්මාල් Friday, 31 August 2012 01:43 PM

සන්ධානය මෙවරත් දිනවන්න. (නි)

:       0       0

දිල් Friday, 31 August 2012 01:42 PM

මැර‍යන් ඇවිත් ඔලුව පළලා ගියදාට තේරෙයි මැරයන්ගේ රගේ. (නි)

:       0       0

ගාල්ලේ සමන් Friday, 31 August 2012 01:47 PM

අජිත්ගේ ප්‍රකාශයට එකග විය නොහැකියි. යුද්ධය ඉවර කළා කියලා සෑම අයහපත් දෙයකට ම අනුමැතිය දිය නොහැකියි. හෙට අනිද්දා මේ අය ඇවිල්ලා ඔබට පහර දී ඔබගේ අතක් පයක් කඩාවි, නැත්නම් ඔබගේ දරුවා ඔවුන්ගේ වාහනයකට යට කර දමා යාවි. එවිටත් ඔබ යුද්ධය අවසන් කළා කියා එයට ඉඩ දෙනවා ද? ලංකාවේ හැටි ඔහොම තමයි. අපිට නෙවෙයිනේ වුණේ කියලා කමක් නැහැ කියලා හිතනවා. අන්තිමට අපිට වදිනකම් ම දන්නේ නැහැ. (නි)

:       0       0

සමන් Friday, 31 August 2012 02:10 PM

ජනාධිපතිතුමා හොඳ නිසා දූෂකයින්ටයි, මිනීමරුවන්ටයි, චණ්ඩින්ටයි , ස්ත්‍රී දුෂකයන්ටයි චන්දය දෙනවද? (නි)

:       0       0

උපුල් Friday, 31 August 2012 02:16 PM

යුද්ධය ඉවර නිසා දොස්තරලා සන්ධාන මැරයන්ගෙන් පහර කෑ යුතුද? (නි)

:       0       0

සනත් ඉන්දික Saturday, 01 September 2012 02:54 AM

දැන් හැමෝම පළිගන්නේ පොඩි මිනිහගෙන්නේ. වෛද්‍යවරු රෝගීන්ගෙන් ,බස් මුදලාලිලා මගියන්ගෙන්, ආචාර්යවරු පාසැල් දරුවන්ගෙන්. මේ යන විදිය හරි කියලද එතකොට ඔයාලා කියන්නේ? මීට වඩා පොඩි මිනිහට නොරිදෙන වෙන සාධාරණ විදියක් ඇත්තෙම නැද්ද මෙයාලට? (නි)

:       0       0

රේවත Friday, 31 August 2012 02:19 PM

අජිත්ගේ ප්‍රතිචාරයට මට අධෝ මුඛයෙනුත් සිනහ යනවා. (නි)

:       0       0

සුසිල් Friday, 31 August 2012 02:19 PM

අජිත්, එහෙනම් අපරාධ කරපු සමහරුන්ව ආරක්ෂා කරන්නෙ ඇයි? (නි)

:       0       0

කමල් Friday, 31 August 2012 02:30 PM

අජිත්. යුද්ධය ඉවර කරේ එතුමා. ඒක ගොඩක් හොද දෙයක්. අපි එකට ණයයි. නමුත් රටේ කරන අපරාධ, ළමා අපචාර, දුෂණ, වංචා, අධ්‍යාපන විනාශ කිරීම්, නීතිය අතට ගෑනීම් වාගේ වෑරදි යුද්ධයෙන් වහන්න යන්න එපා. අඩුම තරමේ ඔයාගෙ ළමයගේ අනාගතේ ගෑනවත් හිතන්න. (නි)

:       0       0

රවි Friday, 31 August 2012 02:53 PM

මේ අජිත් මහත්තයා වගේ තණකොළ කන කට්ටිය ඉන්නකම් ස්ත්‍රී දුෂක බාල අපරාධ කරන ඕනෑ මැරයෙක්ට අපි ඡන්දෙ දෙන්න ඕනෑ. යුද්දේ ඉවර කළේ හමුදාවේ සොල්දාදුවන් මිසක් මේ දේසපාලුවන් නෙමෙයි. (නි)

:       0       0

අනුර Friday, 31 August 2012 03:04 PM

අජිත් මහත්තයෝ, ඔලුව සහ පිටිපස්ස පොඩ්ඩක් බලනවද අං සහ වලිගෙ එනවද කියලා? (නි)

:       0       0

ලයනල් Friday, 31 August 2012 04:12 PM

ඔහොම යන්කෝ. (නි)

:       0       0

සුමනා Friday, 31 August 2012 04:16 PM

අජිත්ගේ මොළේ අමාරුවක් තියෙනවද මන්දා? (නි)

:       0       0

රොහාන් Friday, 31 August 2012 04:45 PM

වැඩ වර්ජන ඇරෙන්න වෙන ක්‍රමයක් ඇත්තේම නැද්ද? කාගෙන්ද මේ පළි ගන්නේ? (නි)

:       0       0

සුසිල් Saturday, 01 September 2012 10:31 AM

අජිත් ඔයපැත්තෙ පුන්නක්කු එහෙම ලාබද?(නු)

:       0       0

නිෂ් Friday, 31 August 2012 06:49 PM

පහර දීමෙන්, බිය වැද්දීමෙන් ප්‍රශ්න විසඳ ගන්ඩ බැහැ. මැරයන් කරපු දේ මෙන්ම වෛද්‍යවරු කරනදේත් හරි නැහැ. සීයක් එකතු වෙලා එක දොස්තර කෙනෙකුට පහර දුන්නා කියලා දොස්තරලා කිහිප දෙනෙකු එකතු වෙලා ලක්ෂ ගාණක් ජනතාවට මර බිය දන්වන එක සාධාරණද? මොළේ තියෙන ජනතාව තේරුම් ගන්නවා, කවුද ත්‍රස්තවාදීන් කියලා. මේ වැඩේ වැරදියි කියලා. වැරදිකරුවන්ට දඬුවම් කළයුතුයි කියලා අනිත් අයට දන්වන්න ඕනෑ නම්, එහෙම කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී විදිහටයි. අඩුම ගානේ ප්‍රධාන නගරවලවත් රැස්වීම් සංවිධානය කළ යුතුයි. වැඩේ කියන්නෙ, එහෙම කළොත්, හවස පහෙන් පස්සෙ තමා රැස්වීම් තියන්න වෙන්නෙ. දොස්තරලගෙන් 99.9%ක්ම පෞද්ගලික වෙදකම් කරනවා හතරෙන් පස්සෙ. ඒ නිසා ඔය රැස්වීම් වලට දොස්තරවරු එන්නෙ නැහැ. විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ටයි, මෙයාලා මෙහෙයවන දේශපාලකයින්ටයි තමා රැස්වීම් ඇදගෙන යන්ඩ වෙන්නෙ. ප්‍රභාකරන්ටත්, ප්‍රජාතන්ත්‍රවාදීව තමන්ගෙ මතවාදය ජනතාව අතර තහවුරු කරන්න බැරි වූ නිසා තමා, ත්‍රස්තවාදය පාවිච්චි කළේ. (නි)

:       0       0

susil Friday, 31 August 2012 07:59 PM

රොහන් නීතියක් නැති නම් වර්ජනය හැර වෙන මොනවා කරන්නද (අ)

:       0       0

අජිත් Friday, 31 August 2012 11:56 AM

මෙහෙමයි. ආණ්ඩුවේ නරක අය ඉන්නවා. ඒ වුණාට ජනාධිපතිතුමා හොඳයිනේ. මේ සිද්ධිය මුල් කරගෙන කවුරුවත් ආණ්ඩුවට ඡන්දෙ නොදී ඉන්න එපා. මතක තියාගන්න යු‍ද්දෙ ඉවර කළේ මේ ආණ්ඩුවනෙ. ඉතින් අපි ණයයි. (නි)

:       0       0

පාලිත Friday, 31 August 2012 12:13 PM

දේශපාලනය කරන්නන් බොහෝ විට බුද්ධිමතුන් නොවේ. (නි)

:       0       0

ගයාත්‍රි Friday, 31 August 2012 12:08 PM

අජිත්, ඔයාට කීයක් හම්බ වුණාද පුතේ ? (නි)

:       0       0

ලියනගේ Friday, 31 August 2012 12:23 PM

නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න. (නි)

:       0       0

සංජීව Friday, 31 August 2012 12:23 PM

නීතිය අකුරටම ක්‍රියාත්මක කළ යුතුයි. (නි)

:       0       0

බුද්ධික Friday, 31 August 2012 12:19 PM

කොච්චර කාලෙකටද? (නි)

:       0       0

පෙරළිවෙල Friday, 31 August 2012 12:23 PM

අනිවාර්යයෙන්ම අපි දෙනවා තමයි. (නි)

:       0       0

අමිල කටුනායක Friday, 31 August 2012 10:40 PM

අජිත් හරි, අපි ණයයි ලෝකයට. (නි)

:       0       0

ජයකොඩි Friday, 31 August 2012 12:29 PM

අජිත් මහතාණෙනි, අතීතය එකකි.අනාගතය තවෙකකි. යුද්ධ කිරිමෙන් සහ පාරවල් හැදිමෙන් පමණක් රටක් සංවර්ධනය නොවේ.මන්ද රටේ සංවර්ධනය විය යුතු අනෙක් සෑම එකක්ම තවදුරටත් විනාස වෙමින් පවතී. මෙම පුවතත් එයට තවත් නිදසුනකි. යුද්ධය අවසන් කිරිමේ සතුට වෙනුවෙන් රටෙත් තමන්ගේත් අනාගතය විනාශ කරගන්නේදැයි සිතා බැලිමට ජනතාවට කාලය එලබ ඇත. (නි)

:       0       0

ඩිලාන් Friday, 31 August 2012 12:37 PM

අනේ නිකන් යනවා යන්න. එනවා මෙතන.... (නි)

:       0       0

ජනක Friday, 31 August 2012 12:48 PM

අජිත්, ඔබ ගොනෙකි, බූරුවෙකි. ඔබවන් ගොන්බූරුවන් තවත් නොසිටීවා කියා මම පතමි. (නි)

:       0       0

සුරාජ් Friday, 31 August 2012 12:51 PM

රටේ නිතිය හරියට ක්‍රියාත්මක කරන්න පාලකයන් බැදිලා ඉන්නවා. නමුත් සමහර පාලකයන් මේවට අනුබල දෙන නිසා පාතාලය,මැරයන් පෙරසිටම බිහිවුණා. එයට මෙම රජය පමණක් වගකිව යුතු නැහැ. නමුත් මෙය නවත්වන්න ජනතාවට පුළුවන්. මැර දේශපාලකයන් පලවා හරින්න ඔබේ ඡන්දය භාවිතා කරන්න. ජනතාව කුමන පක්ෂයකට ඡන්දය භාවිතා කළත් මැර පාලකයන් හට ඔබේ වටිනා ඡන්දය නොදී ඉන්න වග බලාගන්න. නැත්නම් අනාගතයේදී අපගේ දරුවන්ටත් පාරක යන්න බැරි යුගයක් උදාවේවි. (නි)

:       0       0

සුමිත් Friday, 31 August 2012 11:23 PM

රවී, සොල්දාදුවන් නම් එදා ඉදලම හිටියා තමයි. හැබැයි අපිට නිවැරදි දේශපාලන නායකත්වයක් තමයි තිබුණේ නැත්තේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1446 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


දිගාමඩුල්ලට කණ්ඩායම් 64ක්
2024 ඔක්තෝබර් මස 11 19 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්


අම්මයි - පුතයි දුම්රියට බිලි
2024 ඔක්තෝබර් මස 11 185 0

චීනවරාය මිට්සුයි හන්දිය ආසන්න ප්‍රදේශයේදී මවක් සහ ඇගේ පුතා අද (11) පස්වරුවේ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.


හිටපු මැති ඇමතිවරු තවත් 17ක් මැතිවරණයට නෑ
2024 ඔක්තෝබර් මස 11 364 0

හිටපු මැති ඇමතිවරුන් තවත් 17 ක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇත.


ජාජබ ජාතික ලයිස්තුව
2024 ඔක්තෝබර් මස 11 355 0

2024 මහ මැතිවරණය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයන් අද දින ප්‍රසිද්ධියට පත් කර ඇත. එම පිරිස පහතින් දැක්වේ


ගම්පහට කණ්ඩායම් 42ක්
2024 ඔක්තෝබර් මස 11 354 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයට පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් සහ ස්වාධීන කණ්ඩායම් 18 කින් නාම යෝජනා පත්‍ර බාරදීම සිදු කළ බව දිස්ත්‍රික්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39958 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25929 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 214 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1293 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site