අනුරාධපුර මහ නගර සභා කොමසාරිස් සම්පත් ධර්මදාස අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන්නැයි අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා අද වරෙන්තු නිකුත් කළේය.
අනුරාධපුර පැරණි බස් නැවතුම්පොළේ අනවසර කඩ ඉවත් කිරීමට නගර සභාව ගත් තීරණයකට එරෙහිව පවරා ඇති නඩුවක වගඋත්තරකරු වන ඔහු අධිකරණය මගහැර සිටීම නිසා මෙම වරෙන්තුව නිකුත් කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකරනය මගහැරියොත් වැරදියි. කාටත් ලංකාවෙ එහෙමයි. මතකනෙ යකඩ හොරෙකුට මොකද වුණේ කියලා? (නි)
අදිකරනයට පිටුපාලා ඈත මේ ප්‍රබූවරූ. දෙන්නේ හොදට ආදර්ශය අනාගතයට මරූ. ඈයි මේ විදියට හෑල්ලු අදිකරනයට මරූ. දේශපාලකයන්ට බලයක් ඈයි මුන් නොමර මෑරූ.(නදී)
පිරිසකට යුක්තිය. තව පිරිසකට අයුක්තිය. නීතිය මුළු රටේම ජනතාවට එක හා සමානව තිබිය යුතුය. නමුත් ලංකාවේ එහෙම නැහැ. බලවත් කෙනා මොන වරදක් කලත් නිදහස්. දුබල මිනිසා සුළු දෙයකටත් වසර ගණන් සිරගෙයි සිර බත් කනවා. ලංකාව තත්වේ එයයි. මේ තමා ආශ්චර්ය කියන්නේ.(නදී)
නගර සභා කොමසාරිස් නිතිය දන්නේ නැතුව ඇති, ලොකු තනතුරක් තියෙන නිසා (නි)
අයියෝ සල්ලි
චමිල්, අධිකරණයට පිටුපාන මෙවන් ප්‍රභූවරු, පත් කරන්නේ දේශපාලන නායකවරු, එයාලත් නීතිය තුට්ටුවකට නොසලකන තුරු, රටේ මිනිස්සුන්ට තව පෙනෙයි තරු.(නදී)
තව කොච්චර අය ඉන්නවද අල්ලනවා නම්? අර කොළඹ පැත්තේ යකඩ හොරෙකුට වරෙන්තු ගොඩයි.ඒකයි දුක (නි)
රජවරුන්ට පසුව චන්ඩීන් දැන් අනුරපුර බිහිවෙලා වගේ. (නි)