IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


අ’පුරේ ප්‍රා.සභාපතිවරු - නගරාධිපතිවරු වරප්‍රසාද අවභාවිතයේ

(පැතුම් දර්ශන)

පළාත් පාලන මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය සභා සභාපතිවරු සහ මහ නගර සභාවල නගරාධිපතිවරු රාජකාරි නිල වාහනය තවමත් භාවිතා කරමින් තම වරප්‍රසාද අවභාවිතා කරන බවට ජනතාව චෝදනා කරති.

මෙම සභාපතිවරුන්ගෙන් කිහිප දෙනෙකු හැර අන් සියලු දෙනා මෙවර පළාත් පාලන මැතිවරණයෙ අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්වී සිටින මොහොතක මෙලෙස රාජකාරි නිල වාහන භාවිත කිරීම සදාචාර විරෝධී නොවේ දැයි ජනතාව ප්‍රශ්න කරති.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් ප්‍රාදේශි සභා දහ අටක් සහ එක්  මහ නගර සභාවක් පවතී. ජනතාව පවසන්නේ මෙම සියලු ප්‍රාදේශීය සභාවල සහ නගර සභාවල සභාපතිවරු අපේක්ෂකයන් ලෙසත් කීපදෙනකු අපේක්ෂකත්වය නොලබත් දේශපාලන කටයුතුවල නිරත වෙමින් සිටින බවය. එවන් අවස්ථාවක ජනතා මුදලින් නඩත්තු වන මෙම ආයතනවල නිල වාහන භාවිතා කිරීම පිළිකුල් සහගතව හෙළා දකින බව ඡනතාව වැඩිදුරටත් පවසති.

වර්තමාන රජය දැඩි ආර්ථික ප්‍රපාතයකට වැටී  මැතිවරණය පවා පැවැත්වීමට අපහසු තත්ත්වයක සිටින මෙවන් මොහොතක අපේක්ෂකයන් බවට පත්වූ සභාපතිවරුන් රජයේ මුදල්වලින් ලැබෙන ඉන්ධන සහ රියදුරන් භාවිතා කරමින්  සිය පෞද්ගලික ගමන් බිමන් යෑමත් කෝටි ගණන් වටිනා වාහන අව භාවිතා කිරීමත් කිසිසේත් අනුමත කළ නොහැකි බව ජනතාව වැඩි දුරටත් පවසති.

ජනතාව වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ මැතිවරණ කොම්ෂන් සභාවේ අවධානය හෝ යොමුකර මෙලෙස රජයේ මුදල් නිරපරාදේ විනාශ කිරීම නවතා දෙන ලෙසටය. 

මෙම චෝදනාව සම්බන්ධයෙන් උතුරු මැද පළාත් පාලන කොමසාරිස් එන්.එච්.ආර්.නිශාන්ත මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු පැවසුවේ මෙම තත්ත්වය දිවයිනේ සෑම තැනකම පවතින බවය. නිල වාහන භාවිත කිරිමට සභාපති වරුන්ට සහ නගරාධිපතිවරුන් ට  නීතියානුකූල බලය ඇති මුත් මැතිවරණ කටයුතු සඳහා යොදා ගැනීම සම්පූර්ණයෙන් තහනම් බව ද කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (2)

අ’පුරේ ප්‍රා.සභාපතිවරු - නගරාධිපතිවරු වරප්‍රසාද අවභාවිතයේ

චමින්ද Thursday, 16 February 2023 07:07 PM

අනුරාධපුර පමණක් නොවෙයි, ලංකාවේම පළාත් පාලන ආයතන විසුරුවා නොහැර මැතිවරණය ප්‍රකාශයට පත්කළේ ඕකට තමයි.

:       1       14

Bamunuarachchi Sunday, 19 February 2023 08:00 AM

මේ නිසයි අපි කියන්නේ පරිපාලන සේවයේ නිලධාරීන්ට, කොමසාරිස්වරුන්ට බලය දී පළාත් පාලන ක්‍රමය දේශපාලන පක්ෂවලට දීම නවතා දමන්න කියා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 1639 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 1186 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


ජන්දය දාන්න ගමේ ගිය අයට කොළඹට එන්න අද සිට බස් සේවා
2024 නොවැම්බර් මස 16 94 0

මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2979 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 751 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1488 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 306 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 599 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1736 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site