අනුරාධපුර මහ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයකු වූ බී.කේ.එල්. ඩයස් මහතා අභාවප‍්‍රාප්ත විය. ඩයස් මහතා එජාප රජයේ හිටපු ඇමැතිවරයකු වූ කේ.ඞී.එම්. චන්ද්‍ර බණඩාර මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස 1973 සිට වසර කිහිපයක්ම කටයුතු කර ඇත. පසුව 1983 වසරේදී ක‍්‍රියාකාරී දේශපාලනයට එක්විය. එවක අනුරාධපුර නගර සභාවට එජාපයෙන් තරග කර නගර සභාපති ධුරයට පත්ව එහි උප සභාපති විය. 1988 දී නගර සභාවේ සභාපති විය. 2002දී අනුරාධපුර මහ නගර සභාවක් බවට පත් කිරීමෙන් පසු එහි ප‍්‍රථම නගරාධිපතිවරයා විය. යළි 2008 සිට 2011 දක්වා ද නාගරික මන්ත‍්‍රී ලෙස කටයුතු කළේය. ඩයස් මහතා ගාල්ලේ බද්දේගම ඉපැදුණු දෙදරු පියෙකි. අවසන් කටයුතු 25 වැනිදා සවස අනුරාධපුර තිසාවැව පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමාට සුවබර නින්දක්! (නි)
හොද මහත්මයෙක්. මිනිසුන් සැමදාමත් ගරු කරන කෙනෙක්. (නි)
ඔබට නිවන් සුව පතමි....!!!(නු)