විනය පරීක්ෂණයක් මත අනුරාධපුර රෝහලේ හෙද සොහොයුරියක හා හෙදරවරයකු වෙනත් අංශයකට මරු කළැයි රෝහලේ සියලු හෙද හෙදියෝ අද වර්ජනයක් ඇරැඹීය.
මේ නිසා රෝහලේ වැඩ බොහෝ දුරට අඩාල විය.
විනය පරීක්ෂණයක් පවත්වා ඔවුන් මාරු කළ බව රෝහල් අධ්‍යක්ෂ දොස්තර ඩබ්ලිව් අතපත්තු කියයි.
එම මාරුව යළි වෙනස් කළ හොත් වැඩවර්ජනයක් අරඹන බව වෛද්‍යවරු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක පුදුම ලෝකයක්. විනය පරීක්ෂණයකින් පස්සේ දඬුවමක් දෙන්නත් බැරි කාලයක් දැන් ඇවිත් තියෙන්නේ. අද රජයේ සේවකයෝ මහජන සේවකයෝ නොවෙයි. මහජනයා මේ අයගේ සේවකයෝ වෙලා. දේශපාලකයන් හිතන විදියට රජයේ සේවකයෝත් හිතන්න පුරුදුවෙලා. (නි)
ලංකාව දැන් ආසියාවේ (අ)මුතු ඇටේ වෙලා. මිනිස්සු බෝට්ටු වල එල්ලිලා වෙන වෙන දීපංකර වලට යන එක අහන්නත් දෙයක්ද...? (නි)
දැන් රජයේ රෝහලකට ගියාම සුළු සේවකයාගේ ඉඳල ආඩම්බර බලන්න ඕන. ඒ මදිවට වැඩ වර්ජන හැම දේකටම. විනය පරීක්ෂණයක් කරලා එකට අනුව ක්‍රියාමාර්ගයක් ගන්න බැරිනම් ඇති වැඩේ මොකක්ද? (ස)
කණගාටුයි කියන්න. කවුද මේවට මුල් වුණේ? අසාධාරන වෘත්තිය අරගල කරන එක වැරදියි. (නි)
මෙයාලට අහිංසක රෝගීන්ගේ දුක තේරෙන්නේ නැද්ද ? තමන් ගැනම හිතන්නේ නැතිව අනිත් මිනිසුන් ගැනත් හිතන්න...(ස)
මේ වෘත්තිය සමිති නායකයා කවුද කියලා අපිට දැනගන්න ඕනෑ (නි)
මාරුවක් වෙනස් කළත් ඒකටත් වර්ජනයක්. (නි)
රජයේ රෝහල් වල රැ 12 සිට පාන්දර 6 පමණ අතරේ ලෙඩෙකුට අසාධ්‍ය වුණොත් ලෙඩාගේ අවසානය එයයි. මගේ පුද්ගලික අද්දැකීමකින් මේ කියන්නේ. ලෙඩා මැරෙන්න ඇරලා හෙදියෝ දොස්තරලා නිදියනවා. කාට කියන්නද මේවා? (නි)
ඔය රෝහල්වල සේවකයො වැඩකරන හැටි අපේ රටේ අයට අලුතින් කියන්න ඕනෑ නැහැනෙ. අර එක්කෙනෙක් ලඟදි කිව්වෙ බිත්තරෙත් හොරෙන් කනවා කියලා ලෙඩ්ඩුන්ගෙ. (නි)
රට තුළ නීතියේ ආධිපත්‍යය බිඳ වැටෙනවා. රාජ්‍ය ආයතනවල විනය බිඳ වැටෙනවා. දේශපාලුවන් නීතිය කඩනකොට රාජ්‍ය සේවකයිනුත් විනය කැඩුවහම මොකද කියලා හිතනවා. නීති හා විනය සීමා ඉක්මවා යාමට පුද්ගලයන්ට ඉඩ දිය යුතු නැහැ. ශක්තිය යුක්තිය නොවෙයි. නීතිය හා විනයයි යුක්තිය විය යුත්තේ. ඒවාට විධිවිධාන සලස්වා තිබියදී රජය පස්සට නොයා මෙවැනි අවස්ථාවලදී නීතිය/විනය ක්‍රියාත්මක කළ යුතුයි. (නි)
ඒකපාර්ශ්වීය අයුරින් ව්නය පරීක්ෂණ කරලා වැරදි තීන්දු දුන්නම ඔහොම වෙනවා.(නදී)