අපරාධ 46ක සැකකරුවන් අත්අඩංගුවට ගන්නට මඟ පෙන්වූ ‘සීබා‘ පොලිස් බල්ලා පොලිස් ගෞරව මැද රත්නපුර පොලිසියේදී අද අවසන් ගමන් ගියේය.
කහවත්ත කොටකෙතන ද්විත්ව ඝාතන දෙකක සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සීබා හේතු විය.
අපරාධ 46ක සැකකරුවන් අත්අඩංගුවට ගන්නට මඟ පෙන්වූ ‘සීබා‘ පොලිස් බල්ලා පොලිස් ගෞරව මැද රත්නපුර පොලිසියේදී අද අවසන් ගමන් ගියේය.
කහවත්ත කොටකෙතන ද්විත්ව ඝාතන දෙකක සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සීබා හේතු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර හොරු ඇල්ලුවහම පින්තූර වලට පෙනී හිටින තරු දාපු මහත්තුරු එක්කෙනෙක්වත් පේන්න නැහැනේ. (නි)
සීබා, ඔබ වීරයෙකි. (නි)
ඇයි සීබා මැරුණේ? (නි)
සිබා, ඔබට ජනතාවගේ උපහාරය (දී)
කොහොමද ඒ වැඩේ (දී)
සීබාට තියෙන මොළේ අපේ පොලිසියේ අයටත් තිබුණා නම්? (නි)
විශිෂ්ට සේවාවක් කල සුනකයෙක් (දී)
මේ සතාට බල්ලා කියන්නවත් වටින්නේ නැහැ (දී)
මුළු රටටම වටිනා බල්ලෙක් (දී)
කහවත්ත කොටකෙතන පැත්තේ සැකකරුවන් අල්ලලා දුන්නහම ඔයදේ වෙන බව දැනගෙන තමයි සිබෝ අපේ රාළහාමිලා තාමත් යහතින් ඉන්නේ. (නි)
සිබා පව් (දී)
බල්ලන් අතර උතුම් බල්ලෙක්. (නි)
රත්නපුර පොලිසියේ ලොකු මහත්තුරු මෙතන පෙනෙන්න නැහැනේ? (නි)
ගියත් අප හැරදා සිහිවෙයි ඔබව සැමදා... (නි)
ලංකාවේ අපරාධ 46ක් සොයා දුන්නට ලැබුණු ගෞරවයද මේ? (නි)
සතෙක් වුණත් විරුවෙක්. (නි)
කිසිදු පගාවකට, කිසිදු දේශපාලන බලපෑමකට යටත් නොවූ ඔබට නිවන් සුවයම ලැබේවා! (නි)
සීබගේ වැඩ දිහා බැලුවම පොලීසියට නොවේ ගැලපෙන්නේ .. (ස)
රටට යහපතක් කල ඹබට නිවන් සුව! (ස)
පොලිස් අචාරය මැද්දේ අවසන් ගමනේ (දී)
සීබා කරපු සේවයේ හැටියට මේ ගෞරවත් මදි වගේ මට නම්. (නි)
පවු... දුකයි... :( (ස)
ලබන ආත්මය මනුෂ්‍ය ආත්මයක්ම වේවා.,!(නු)
ඔබට අපේ උත්තමාචාරය..!(නු)
ගොඩනැගිල්ල දැක්කාම හිතෙනවා සීබා මැරුනෙ විශබීජයක් ඇතුල් වෙලාවද්ද කියලා..!(නු)
සීබා මැරුනද මැරුවද? සෙවීම ලංකාදීප කතෘට බාරයි (වි)
සූ ගාලා පොලිසියේ හත් දෙනෙක් පොලිස් ආචාර පවත්වලා නේද? (නි)
අනේ පවි, ලබන ආත්මෙ උඹ මනුස්සයෙක් වෙලා ඉපදෙන්න ඕනා.(නදී)
සිබා, ලබන ආත්මෙදි ඔබ මිනිසෙක්ව ඉපිද, සසර දුකින් එතෙර වෙන්න වාසනාව ලැබේවා (දී)
ඔයිට වඩා සැළකීමක් කරන්න තිබුණනේ. (නි)
කනගැටු දායක සිද්දියක් (දී)
සීබා ඔබට නිවන් සුව!(නදී)
නිල සුනක සේවයට විශාල පාඩුවක් (දී)
අනේ පව් (දී)
බල්ලෙක්ගේ උපරිම ආයුෂ කියද (දී)
සිබාට මෙහෙම උනේ ඇයි (දී)
සිබාට මෙහෙම උනේ අපේ කරුමෙට (දී)
සීබ බලු පුතේ උබ හින්ද උසස්වීම් ගත්ත කවුරුවත් උබේ මළගෙදර නැහැ. ඉන්නේ පොලිසියේ ඉන්න චුටි අය ටිකක් විතරයි. (දී)
අද පොලිසියට අවශ්‍ය වී ඇත්තේ මේ වාගේ අවංක සහ දක්ෂ නිලධාරීන්.(නදී)
මුලු පොලිස් දෙපාර්තමේන්තුවටම සීබලා වැනි බල්ලන් පමණක් බදවා ගන්නවා නම් හරි. (නි)
මිනිසුනේ නැගිටපියවු! බල්ලන්ට කරන්න පුලුවන් නම් ඇයි නුඹලාට බැරි? (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ෂීබෝ, ඔයා තිරිසනෙක් වුණත් පොලිසියේ මහත්තුරුන්ට වැඩිය සේවයක් අපේ පුංචි රටට කළා. (නි)
මතු ආත්මයක නිවන් දැකීමට ඔබට වාසනාව ලැබේවා! (නි)
මතු ආත්මයේදී මෙවන් අකල් මරණයක් නොවේවා! (නි)
හොදට හිටපු බල්ලට මොකද මේ හදිස්සියේ වුණේ? (නි)
කිසිදු පගාවකට, කිසිදු දේශපාලන බලපෑමකට යටත් නොවූ ඔබට නිවන් සුවයම ලැබේවා! (නි)
ෂීබෝ! මතු අත්බවයෙත් ඔබ මිනිසෙකු වේවා. සසරේ පෙරුම් පුරා ගුණ යහපත් කම හොද, නොහොද, ලොවට කියාදී පතන බෝධියකින් එකකදි නිවන් දකීවා!(නදී)
හේරත්, එයා මිනිස් ආත්මයක් ලබලා පොලිසියේ හිටියා නම් එක මිනීමැරුමක්වත් අල්ලන්නේ නැහැ. (නි)
ෂීබා මියයාමට හේතුව මොකකද? වයසට ගිහින්ද? නැතිනම් වෙන හේතුවක්ද? (නදී)
අපරාද ගොඩක් අල්ලපු කෙනෙක් නිසා මට නම් මේ මරණය සැක සහිතයි.(නදී)
ඒ බල්ලා කොච්චර වාසනාවන්තද? එයාගේ මරණය ගෞරවාන්විතද? (නදී)
බල්ලට වුන දේ ගැන වැඩි විස්තර දැම්ම නම් හොදයි.(නදී)
ෂීබා, නුඹට මතු ආත්මය යහපතක්ම වේවා!(නදී)
සීබෝ! අපේ රටට උඹලා වගේ අය නැති වෙන එක පාඩුයි.(නදී)
නිහඩ සාක්ෂි යටපක් වෙන්නට නොදී සාධාරණ සේවයක් ඉටුකල කලණ මිතුරෝ. උඹට යහපතක්ම වේවා!(නදී)
තිරිසනුන් අතර මිනිසෙක්.(නදී)
මේ මරණය සාමාන්‍ය එකක්ද? අභිරහසක්ද? (නි)
සදුන්, මම ඔබ සමගයි. (නි)
බල්ලෙක් වුණත් පින්කාරයෙක්. (නි)
මොකද මේ සීබා පිළිකන්නේ තියාගෙන සැලියුට් ගහන්නේ? මීට වඩා සැළකිය යුතුයි. (නි)
ඌව පිළිකන්නක තියලා මොන ගෞරවද? (නි)
සීබා අල්ලපු අපරාධකරුවන් කී දෙනෙකුට හරියට නීති ක්‍රියාත්මක වුණාද? (නි)
මිනිසුන් අතරේ නීතිය රකින ගුණවත් සතුනුත් ඉන්නවා. (නි)
අද රටේ බල්ලොත් එක්ක ඉන්න බැහැ කියලා සීබා මැරෙන්න ඇති. (නි)
සීබාගේ මරණය ගැන අපිට සැකයි. (නි)
නිවන් සුව!(නදී)
සමහර මිනිසුන්ට වඩා ඔබ කල සේවය වටී.(නදී)
මෙවැනි අය රටට අහිමි වෙන්නේ ඇයි? සීබා ඔබට මතුබවයේ මිනිස් බව ලැබේවායි පතමි.(නදී)
සීබා, ඔබට පෙනෙනදේ, දැනෙනදේ අනුව හරියටම ඔබේ රාජකාරියකලා.(නදී)
කීර්තිට මොළේ අමාරුවක්වද්ද? (නි)
ෂීබෝ! උඹ උඹේ යුතුකම් අපේ රටට කලා.(නදී)
මොකද මේ මූව පිළිකන්නේ තියාගෙන සැලියුට් ගහන්නේ? (නි)
ශ්‍රී ලංකා පොලිසියේ හොදම නිලදරුවෙක්. (නි)
සීබා නොහිටියා නම් අදටත් කොටකෙතන මිනීමරුවන් නිදැල්ලේ. (නි)