එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ‍්‍රී ලංකික කාන්තාවන්ගේ සංගමය විසින් සංවිධානය කළ දේශීය භාණ්ඩ වෙළඳ සල්පිලක් අබුඩාබි තානාපති කාර්යාල පරිශ‍්‍රයේදී පවත් වනු ලැබීය.
අනුරාධපුර ප‍්‍රදේශයේ පදිංචි කකුලක් අහිමි කාන්තාවකට කකුලක් බද්ධ කිරීමේ සමාජ සුබ සාධක කටයුත්තකට මින් ලැබෙන ආදායම යෙදවීමට බලාපොරොත්තු වන බව එම සංගමය පවසයි.
අබුඩාබි තානාපති කාර්යාලයයේ පළමු ලේකම් ඊ.ජී සමරවීර මහතා විසින් වෙළඳ සල්පිල විවෘත කරනු ලැබූ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ආචාර්ය මහින්ද බාලසුරිය මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.
කැවුම්,කොකිස්,කිරිබත් ඇතුළු දේශීය ආහාර පාන, දේශීය බතික් නිර්මාණ, දේශීය ඖෂධ හා වෙසක් ආසිරි පත් වලින් පිරී තිබූ මෙම වෙළඳ සල්පිලට ශ‍්‍රී ලාංකිකයෝ 300 කට අධික පිරිසක් සහභාගී වූහ.
සල්පිල අවසානනයේ ලොතරයි දිණුම් ඇදීමක් ද පැවති අතර එහිදී පළමු,දෙවන,තෙවන සහ සැනසිලි ත්‍යාග 7 ක් ප‍්‍රදානයකරනු ලැබීය.
මෙම අවස්ථාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ආචාර්ය මහින්ද බාලසුරිය, පළමු ලේකම් ඊ.ජී සමරවීර, ශ‍්‍රී ලාංකික කාන්තාවන්ගේ සංගමයේ සභාපතිනිය පුෂ්පා ජයසූරිය, සම්බන්ධීකරණ නිලධාරිනී අශෝක ඉන්දුමතී මෙනවියද සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම අසා ඇති විදියට මැද පෙරදිග තිබෙන රට වලින් බොහෝ නිදහස තිබෙන රටක් එක්සත් එමිර් ර ජනරජය. එනිසා අපේ අයට එහෙ බොහෝ දේවල් කිරීමට හැකියාව ඇත.(නදී)
විදේශ ගතවුනු ලාංකිකයෝ බැන බැන හරි හැම රටේම හැමදේම කොහොම හරි කරගන්නවා. ඒත් ලංකාවේ වෙසෙන අනිත් ජාතීන්ට සමහර අන්තවාදීන් දැන් දැන් නොයෙක් ආකාරයේ චෝදනා පීඩාවන් ඇතිකරමින් යනවා.(නදී)
මිලියන කීපයක් හිටියත් ලෝකේ හැම රටකටම ගිහින් තමුන්ට උවමනා දේවල් කරගන්න ශ්‍රීලාංකිකයන් දක්ෂයි.(නදී)
මැද පෙරදිග ගිය අය තමා හුගක්ම දුක දන්නේ. කකුලක් දෙනවා කියන්නේ දහසකට දානයක් දුන්නට වැඩිය ලොකු දානයක්. මේ පිනෙන් ඔබ හැමදෙනාටම නිදුක්,නිරෝගිව රැකියාවල් කරගන මව් රටට යාමට වාසනාව ලැබේවා!(නදී)
අපොයි ඔව් සේරම් මෙහෙ අපේ අයට බොහෝ දේවල් කරන්ට පුළුවන්.(නදී)
වැඩේ හොඳයි. නමුත් අබුදාබියෙ ඉන්නෙ මහා ලොකු පෝසත් උගත් ශ්‍රී ලාංකිකයො නෙමෙයි. ඒක හින්දම සමහරු ඒ මිනිස්සුන්ට සලකන්නෙ තමාගෙ අත පල්ලෙන් වැටිච්ච මිනිස්සුන්ට වගේ. මේ මිනිස්සු පඩි ගන්නෙ රටේ ජනතාවගෙ බදු සල්ලි වලින්. ඒ වුණාට සමහරු හිතාගෙන ඉන්නෙ මේ තානාපති කාර්යාලය තමාගෙ බූදලයක් කියලා. වගකිව යුත්තන්ගේ ඇස් ඇරේවා. (නි)
අබුඩාබි එම්බසියේ සමරවීර මහත්තයා මිට කලිනුත් ගොඩක් වටිනා වැඩ ගොඩක් කරලා තිබුනා අපි දැක්කා. ඔබතුමන්ලා වගේ රාජකාරි කරන මහත්වරු තමා අපේ තානාපති සේවයට අවශ්‍ය , මගෙන් සුබ පැතුම්! (නි)
ඔබලාගේ අදහස් .... අපිට ලොකු ශක්තියක්..(ස)
සමරවීර මහත්මයා ගැන හරි අාඩම්බරයි.(නදී)