IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


අබුඩාබි ගිය වනිතාවෝ ලොකු පිංකමක් කරති

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ‍්‍රී ලංකික කාන්තාවන්ගේ සංගමය විසින් සංවිධානය කළ දේශීය භාණ්ඩ වෙළඳ සල්පිලක් අබුඩාබි තානාපති කාර්යාල පරිශ‍්‍රයේදී පවත් වනු ලැබීය.

අනුරාධපුර ප‍්‍රදේශයේ පදිංචි කකුලක් අහිමි කාන්තාවකට කකුලක් බද්ධ කිරීමේ සමාජ සුබ සාධක කටයුත්තකට මින් ලැබෙන ආදායම යෙදවීමට බලාපොරොත්තු වන බව එම සංගමය පවසයි.

අබුඩාබි තානාපති කාර්යාලයයේ පළමු ලේකම් ඊ.ජී සමරවීර මහතා විසින් වෙළඳ සල්පිල විවෘත කරනු ලැබූ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ආචාර්ය මහින්ද බාලසුරිය මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

කැවුම්,කොකිස්,කිරිබත් ඇතුළු දේශීය ආහාර පාන, දේශීය බතික් නිර්මාණ, දේශීය ඖෂධ හා වෙසක් ආසිරි පත් වලින් පිරී තිබූ මෙම වෙළඳ සල්පිලට ශ‍්‍රී ලාංකිකයෝ 300 කට අධික පිරිසක් සහභාගී වූහ.

සල්පිල අවසානනයේ ලොතරයි දිණුම් ඇදීමක් ද පැවති අතර එහිදී පළමු,දෙවන,තෙවන සහ සැනසිලි ත්‍යාග 7 ක් ප‍්‍රදානයකරනු ලැබීය.

මෙම අවස්ථාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ආචාර්ය මහින්ද බාලසුරිය, පළමු ලේකම් ඊ.ජී සමරවීර, ශ‍්‍රී ලාංකික කාන්තාවන්ගේ සංගමයේ සභාපතිනිය පුෂ්පා ජයසූරිය, සම්බන්ධීකරණ නිලධාරිනී අශෝක ඉන්දුමතී මෙනවියද සහභාගී වූහ.



අදහස් (0)

අබුඩාබි ගිය වනිතාවෝ ලොකු පිංකමක් කරති

අනිල් රෝහණ Monday, 20 May 2013 11:16 AM

අබුඩාබි එම්බසියේ සමරවීර මහත්තයා මිට කලිනුත් ගොඩක් වටිනා වැඩ ගොඩක් කරලා තිබුනා අපි දැක්කා. ඔබතුමන්ලා වගේ රාජකාරි කරන මහත්වරු තමා අපේ තානාපති සේවයට අවශ්‍ය , මගෙන් සුබ පැතුම්! (නි)

:       0       0

ඩිල්ෂාන් Sunday, 19 May 2013 07:04 PM

විදේශ ගතවුනු ලාංකිකයෝ බැන බැන හරි හැම රටේම හැමදේම කොහොම හරි කරගන්නවා. ඒත් ලංකාවේ වෙසෙන අනිත් ජාතීන්ට සමහර අන්තවාදීන් දැන් දැන් නොයෙක් ආකාරයේ චෝදනා පීඩාවන් ඇතිකරමින් යනවා.(නදී)

:       0       0

ඉම්රාන් Sunday, 19 May 2013 07:26 PM

මිලියන කීපයක් හිටියත් ලෝකේ හැම රටකටම ගිහින් තමුන්ට උවමනා දේවල් කරගන්න ශ්‍රීලාංකිකයන් දක්ෂයි.(නදී)

:       0       0

ැංජනී Sunday, 19 May 2013 07:43 PM

මැද පෙරදිග ගිය අය තමා හුගක්ම දුක දන්නේ. කකුලක් දෙනවා කියන්නේ දහසකට දානයක් දුන්නට වැඩිය ලොකු දානයක්. මේ පිනෙන් ඔබ හැමදෙනාටම නිදුක්,නිරෝගිව රැකියාවල් කරගන මව් රටට යාමට වාසනාව ලැබේවා!(නදී)

:       0       0

කුමාරි Wednesday, 22 May 2013 01:02 PM

සමරවීර මහත්මයා ගැන හරි අාඩම්බරයි.(නදී)

:       0       0

සමන් Monday, 20 May 2013 10:29 AM

වැඩේ හොඳයි. නමුත් අබුදාබියෙ ඉන්නෙ මහා ලොකු පෝසත් උගත් ශ්‍රී ලාංකිකයො නෙමෙයි. ඒක හින්දම සමහරු ඒ මිනිස්සුන්ට සලකන්නෙ තමාගෙ අත පල්ලෙන් වැටිච්ච මිනිස්සුන්ට වගේ. මේ මිනිස්සු පඩි ගන්නෙ රටේ ජනතාවගෙ බදු සල්ලි වලින්. ඒ වුණාට සමහරු හිතාගෙන ඉන්නෙ මේ තානාපති කාර්යාලය තමාගෙ බූදලයක් කියලා. වගකිව යුත්තන්ගේ ඇස් ඇරේවා. (නි)

:       0       0

මනෝජ් -සාජා Sunday, 19 May 2013 10:21 PM

අපොයි ඔව් සේරම් මෙහෙ අපේ අයට බොහෝ දේවල් කරන්ට පුළුවන්.(නදී)

:       0       0

සේරම් පැරිස් Sunday, 19 May 2013 04:59 PM

මම අසා ඇති විදියට මැද පෙරදිග තිබෙන රට වලින් බොහෝ නිදහස තිබෙන රටක් එක්සත් එමිර් ර ජනරජය. එනිසා අපේ අයට එහෙ බොහෝ දේවල් කිරීමට හැකියාව ඇත.(නදී)

:       0       0

පුෂ්පා Tuesday, 21 May 2013 11:51 AM

ඔබලාගේ අදහස් .... අපිට ලොකු ශක්තියක්..(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 52 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 58 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 175 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


අදත් තැනින් තැන වැසි
2024 සැප්තැම්බර් මස 30 33 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ප්‍රා.සභා මන්ත්‍රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 275 0

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක


පොලීසියේ වෙඩිල්ලකින් අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 216 0

පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .‍ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38139 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25100 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 252 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 819 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site