IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


අභයගිරිය සුරැකේ

වසර 25 ක සංරක්ෂණ  කටයුතු වලින්  අනතුරුව මේ වන විට අභයගිරි ස්තූපයේ  ගර්භය,පේසා වළලු, හතරැස් කොටුව  ඇතුළු  සම්පුර්ණ කොටස් ද මළුව හා  ප්‍රාකාරය ඇතුළු මුළු සංකීර්ණයම සංරක්ෂණ කටයුතු අවසන් කැර තිබේ.

සුදු හුණු පිරියම් නොකර පෞරාණික ගඩොල් පෙනුමින් මෙහි නිමාව සිදු කැර ඇත්තේ  ගඩොල් පැහැයට  සිමෙන්ති සහ දැඩි ශක්තිමත් බදාමයක් යොදාගනිමිනි. මෙහි  යම්  ලෙසකින්  හුණු පිරියම් කළහොත්  යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් වන බැවින්   පවතින ගඩොල මත  විශේෂ ආලේපයක් ගල්වා අඛණ්ඩව නඩත්තු කිරීමට පුරාවිද්‍යාඥයෝ අපේක්ෂා කරති.

කිස්තු පුර්ව පළමුවැනි සියවසෙහි වළගම්බා රජු විසින් නිර්මිත අභයගිරිය නව නොබෝ දිනකින්  රාජ්‍ය නායකයින් අතින් විවෘත විමට නියමිතය. මේ වන විට එහි  ප්‍රාකාර බැමි වල වැඩ අවසන් කරමින්  අවට අනවසර  වෙළෙදසැල් ඉවත් කර ප්‍රවේශ මාර්ග නවීකරණය කරමින් පවති.

 



අදහස් (0)

අභයගිරිය සුරැකේ

ජයන්ත Monday, 10 June 2013 09:49 PM

සාධු සාධු! අනාගත පරම්පරාවට බලාගන්න ලැබීම වටිනවා (නි)

:       0       0

කරු Monday, 10 June 2013 10:05 PM

පොසොන් පෝයට වඳින්න එන පොඩි ළමයෙක් අතින් නිරාවරණය කළා නම් අපි සතුටුයි (නි)

:       0       0

සුදේශ්-අබුඩාබි Monday, 10 June 2013 10:27 PM

වළගම්බා රජතුමා අතින් විවෘත කරලා ජනතා අයිතියට පත් කරපුවා නැවත විවෘත කරනවද? (නදී)

:       0       0

කුමාර Monday, 10 June 2013 12:16 PM

පැරණි චෛත්‍යයේ පින්තුර ටිකකුත් දාන්නකෝ පුළුවන් නම් (නි)

:       0       0

මහේෂ් Monday, 10 June 2013 12:24 PM

මේ ඉදිකිරිම සදහා රාජ්‍ය අනුග්‍රහයට වඩා ලැබුනේ ජනතාවගේ ශ්‍රම දායකත්වය සහා ශක්තියයි. එබැවින් මෙය නිරාවරණය විය යුත්තේ ආගමික නායකයන්ගේ ප්‍රධානත්වයෙනි. (ස)

:       0       0

ටිකිරි Monday, 10 June 2013 11:01 PM

මේවට ප්‍රතිචාර ලියන අය තමන්ගේ අතින් ලියැවෙන්නේ මොනවද කියලවත් දන්නේ නැහැ. අභයගිරිය හදන කාලේ ලංකාවේ හිටිය දේශපාලන නායකයා වශයෙන් වළගම්බා රජතුමා ඒක විවෘත කිරීමේ උත්සවයට එන්න ඇති. ඉතින් මේ යුගයේ අභයගිරිය ප්‍රතිසංස්කරණය කරලා ජනතා අයිතියට පවරනකොට දැනට ඉන්න දේශපාලන නායකයෝ ඒ උත්සවයට ආපුවම බෞද්ධයෙක් වශයෙන් ඉරිසියාව අත්හැරලා උපේක්ෂාවෙන් බලන්න උත්සහ ගන්න.(නදී)

:       0       0

බණ්ඩාර Monday, 10 June 2013 04:07 PM

සාදු ! සාදු! අපේ නගරය පෙර ශ්‍රී විභූතිය නැවතත් විරාජමාන කිරීමට දායක උන සැමට බොහෝ පින් ලැබේවා! (ස)

:       0       0

අමරනාත් Monday, 10 June 2013 04:09 PM

බොහෝ දෙනෙක් අදහස් දක්වා ඇත්තේ වීවෘත කිරීමට දේශපාලනය ගාවගන්න එපා කියල. කතුතුමනි මෙය බලදාරීන්ට පෙන්වන්න. ඇත්තටම දායකයින්ගේ පින් කැටයෙන් මෙය ගොඩ නැගුනේ. ඒ නිසා තුන් නිකායේ මහනායක හිමිපාණන් වහන්සේලා පමණක් මෙය වීවෘත කිරිමට ගැනීම් ඉතා ම උචිතයි.(ස)

:       0       0

උපාලි Monday, 10 June 2013 12:37 PM

මාත් එකඟයි මහේෂ් එක්ක. මේක අර සමහර ඒවා වගේ 'ජනතා අයිතියට පවරන්න' දෙයක් නෙමෙයිනේ. වළගම්බා රජ්ජුරුවෝ එනවා නම් කමක් නැහැ. නැත්නම් ආගමික නායකයින් අතින් තමයි විය යුත්තේ. (ස)

:       0       0

මිහින්ද Monday, 10 June 2013 04:19 PM

මේක දුෂිත කරන්න එපා.(නදී)

:       0       0

ලුම්බිණි Monday, 10 June 2013 12:43 PM

මොන රාජ්‍ය නායකයන්ද මේක විවෘත කරන්නේ? (නද)

:       0       0

නිහාල් Tuesday, 11 June 2013 12:21 AM

සුජීව, පවතින රජයට සුදු හුණු නොගාන එකත් වාගේම හොද දෙයක් තමා ලෝක උරුමයක් වන අභයගිරියට සුදු හුනු ගා කපරාරු කොට කෘතීම නොකිරීමේ තීරණය. (නි)

:       0       0

සුපුන් Tuesday, 11 June 2013 12:49 AM

මෙන්න අපේ මතකය (අ) https://www.facebook.com/media/set/?set=a.10150300987433334.357602.538668333

:       0       0

චමි Monday, 10 June 2013 12:54 PM

මමත් පොඩිකාලේ ඕකට ගඩොල් අදින්න ගියා... හරි සතුටුයි. (ස)

:       0       0

වාසල Monday, 10 June 2013 12:55 PM

ඇත්ත. මේ ලකුණු දා ගැනිමේ ප්‍රෝඩාව නතරවිය යුතුයි. මේක මහා වලගම්බා නිරිදුන්ට කරන උපහාරයක් නම් අපේ ආගමික නායකයන් අතින් නිරාවරනය විය යුතුයි. (ස)

:       0       0

වීරසිංහ Monday, 10 June 2013 12:56 PM

මහේෂ් ,උපාලි ඔබල නිවැරදියි. (ස)

:       0       0

සරත් Tuesday, 11 June 2013 02:47 AM

සුජීව, ඔයාට සිංහල බැරිද, නැත්නම් මොලේ අමරුවක්ද? මේ අය කියන්නේ මේවාට දේශපාලනේ ගාවන්න එපා කියලා. (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Monday, 10 June 2013 01:04 PM

මාත් කියන්නේ මෙය සිද්ධ විය යුත්තේ ආගමික නායකයන්ගේ ප්‍රධානත්වයෙන් කියලා. ඔන්න බලන්නකෝ ඔය කොහෙ හරි තැනක ලොකුවට පේන්න ගහයි "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ...." කියල ගල් ලෑල්ල. ආයෙ නොකීවයි කියන්න එපා. රාජ්‍ය අනුග්‍රයහ නොලැබූනාමයි කියලා කියන්න නම් බෑ,වැඩි හරියක් සැඳැහැවතුන්ගේ ශ්‍රම දායකත්වය තමා මේ මහඟු පිංකමට ලැබුනේ. (ස)

:       0       0

නීල් Monday, 10 June 2013 01:06 PM

පසුගිය සියවසේ මැද හරිය වෙනකම්ම සියවස් ගණනාවක් තිස්සේ කැලේට ගිහින් තිබුණු අනුරාධපුරේ දැන් ලෝක උරුමයක් ලෙස යුනේස්කෝවෙන් නම්කර ඇතත් සුද්දෝ තමයි පැරණි නටබුන් මුලින්ම හඳුනාගෙන ඒවා ලෝකෙට අනාවරණය කලේ. සුද්දෝ ගියාට පස්සේ ලූලා නැති වලට කනයා පණ්ඩිතයා වගේ අපේ අයත් කීපදෙනෙක් පුරාවිද්‍යාවෙන් වැජඹිලා හිටිය. ජගත් සංවිධානයේ මුදල් වලින් නටබුන් ප්‍රතිස්ථාපනය කිරීමෙන් සැහෙන දෙනෙක් යටින් ගානකුත් කපාගත්තා. ඒනිසා වේල්සයේ කුමාරයා පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවට ආවහම ඔහු ලවා මෙය සිදුකිරීම කළගුණ සැලකීමක් බව සිතනවා. (අ)

:       0       0

ධම්මික Monday, 10 June 2013 05:11 PM

දැකීමත් අසන්නට ලැබීමත් පිනක්. මට ශ්‍රමයෙන් දායක වෙන්න බැරි වුනත් සුළු මුදලකින් හෝ දායකවෙන්න ලැබීම ගැන ඉමහත් සතුටට පත් වෙමි. මීට වසර 4ත පමණ පෙර මගේ මෑනියනුත් සමග එක සඳ ඇති රාත්‍රියක දාගැබ වන්දනා කළා. එතරම් සොඳුරු ආකාරයකින් මෙය මීට පෙර දැක තිබුනේ නැහැ. මෙය නගා සිටුවීමට කිසියම් ආකාරයකින් දායක වූ කෙනෙක් සිටියිද, ඔවුන් සියලුම දෙනාට මගේ ආචාරය සහ ඔබ සැමට බොහොමත්ම පින්. (නි)

:       0       0

සමන් Monday, 10 June 2013 05:12 PM

මම කියන්නේ බොදුබල සේනාවේ අනුග්‍රහයෙන් වෙන්න ඕනා කියලා.(නදී)

:       0       0

කැනඩා දිසා Tuesday, 11 June 2013 03:41 AM

මෙවන් උතුම් තැන් වලට එය අපිරිසිදු දේශපාලකයෝ වැද්ද ගන්නේ ඇයි?(නදී)

:       0       0

සාරා Tuesday, 11 June 2013 03:57 AM

රටට ආදරය කරන පාලකයෝ හිටියා නම් මෙපමණ කලක් යාවිද ? මම අදයි දන්නේ රිලේ දිව්වාම අවසන් කරන කෙනාට විතරයි තෑගි දෙන්නෙ කියලා. රටකට ගිය කලක්, මේ කාලෙ විනාශ කරපු දේ ගැනත් කියන්නකො.(නදී)

:       0       0

සුනිල් Tuesday, 11 June 2013 04:00 AM

රන් දෙරණට පින්කෙතක් වෙලා - දම් සදපායා දිලෙන නියා සද්ධා ගගුල දෙදහස් තව පන්සීය වසරකම පුරා මේ දම් දිපය නිවනින් එකා ලෝක වෙලා... බබලන්නට වලගම් අබා නිරිදු පින් කර දෙවුලොවට ගියා අද අපි මනුලොව සදහම් පහන දරා මෙත් මල් පියලි ඉසිමු මේ දාගැබ යලි තෙරුවන් වෙත පුදනු බලා.... (නි)

:       0       0

ඩයස් Monday, 10 June 2013 05:19 PM

මහේෂ්, උපාලි සමග මමත් එකගයි. (නි)

:       0       0

අනුරාධ. Monday, 10 June 2013 05:31 PM

සාදු! සාදු!! සාදු!!! අභයගිරි චෛත්‍යය රාජයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! (නි)

:       0       0

චන්ද්‍රානි Tuesday, 11 June 2013 06:42 AM

නිධන් හොරුන්ගෙන් අපට තව කොපමණ කාලයක් මේවා රැකගන්න ලැබේද? (නි)

:       0       0

රූපවතී Monday, 10 June 2013 01:31 PM

හරි ලස්සනයි. පසුතලයෙන් වලාකුළු බොදවෙලා හරියට දාගැබෙන් රැස් විහිදෙනවා වගේ. මහපොළවට පස් කන්දක් වෙන්න ගිය අභයගිරි දාගැබ එසේ වෙන්න නොදී අනාගත අපේ දරු පරපුරට දකින්නවත් , පෞරානික වස්තුවක් විදියට රැකගැනීමට කටයුතු කල එක ගැන අපි සතුටු විය යුතුයි. ජාතියේ සිහිවටනයක් අපිට අපේ දරුවන්ට නැවතත් දැකීමට ලැබීම වාසනාවක් (නි)

:       0       0

රජිත් ඉතාලි Monday, 10 June 2013 06:25 PM

අභයගිරි සැය වසර 25ක් ප්‍රති සංස්කරණය කරන්ඩ ගිය වියදමට වැඩිය රුපියලක් හරි වැඩියෙන් වියදම් කරනවා ඕක විවෘත කරන්ඩ අපේ කට්ටිය ඔට්ටුවක් දාමුද ?(නදී)

:       0       0

රූපා Tuesday, 11 June 2013 07:41 AM

පූජණීය මෙවැනි රන් දෙරණක යලි යලිත් ඉපඳින්න පතමු.(නදී)

:       0       0

තිසල් Tuesday, 11 June 2013 01:50 PM

අපේ රටේ සමහර මිනිස්සු හරිම කුහක ජාතියක්. මේවා විනාශ වෙනතුරු බලන් ඉන්නවා කියල ආණ්ඩුවට බනිනවා.සංරක්ෂණය කරලා කියලා දැකපු ගමන් කලබලවෙලා. දැන් කියනවා මේක නිරාවරනය කල යුතු කවුරු අතින්ද කියලා.එයාලට මේක දැකපු ගමන් ඔලුවට ඇවිත් තියෙන්නේ දේශපාලනය.අභයගිරි දාගැබ නිකමටවත් පෙනිලා නැහැ. පක්ෂ දේශපාලනයෙන් අන්ධ වෙලා. මට කියන්න තියෙන්නේ " අහෝ දෙවුදත් නොදුටු මොක්පුර" කියලා. මොන පක්ෂයක හිටියත් කමක් නැහැ හැම දෙයකටම දේශපාලන ඇහැකින් බලන්න එපා.කවුරු කරත් හොද හොද දෙයක්. (නි)

:       0       0

සරා Tuesday, 11 June 2013 06:16 PM

ලංකාවෙ දැන් ඉන්නෙ දවල් මිගෙල් රැ ඩැනියල් දේශපාලුවො තමයි. වැඩිම හරියක් පන්සිල් පද  පහේ තේරුමවත්  දන්නවද දන්නෙ නැහැ. එහෙම අය කීදෙනෙක් ඉන්නවද දන්නෙත් නැහැ? (නි)

:       0       0

කෙවින් Monday, 10 June 2013 02:15 PM

දැකීමත් සතුටක් හිතට. සියලු දෙනාටම ගොඩක් පින් මේ ක්‍රියාවට. (නි)

:       0       0

රාළ Wednesday, 12 June 2013 10:27 AM

බොහොම සතුටු හිතට, අභයගිරි චෛත්‍යයේ වැඩ කටයුතු ඉවරයි කියපුවහම.මොකද මමත් ගිහින් ගොඩොල් ඇදලා තියෙනවා. මේ සද්ක්‍රියාවට සම්බන්ද වුන හැම දෙනාටම මහත් ඵල මහානිසංස ලැබේවා! තෙරුවන් සරණයි! (නි)

:       0       0

සාරා Monday, 10 June 2013 07:40 PM

පූජණීය මෙවැනි දේවල් විවෘත කල යුත්තේ රටම උලාකකා වැජඹෙන දේශපාලුවන්වත් ඔවුනට  කඞේයන  අයවත් නොව සිල්වත්,  ගුණවත් දුගියෙකි.(නදී)

:       0       0

සියා Monday, 10 June 2013 07:57 PM

මාත් ගිහින් තියනවා. හරි ලස්සනයි. මට මතක විදියට 92/93 වසරවල් වල විශිස්ඨ නිර්මාණයක්.(නදී)

:       0       0

විමල් Tuesday, 11 June 2013 02:10 PM

සාරා , පුරා විද්‍යා වැඩ බොහොම හිමින් ප්‍රවේශමෙන් තමයි කරන්න ඕනෑ. ඒවා කරන්න හොඳ පලපුරුද්දක් තියෙන්න ඕනෑ. ඒ වැඩ කරනකොට ලැබෙන වැලි කැටයක්වත් විනාශ වෙන්න දෙන්නේ නැහැ. (නි)

:       0       0

ජගත් වෙත්තසිංහ Monday, 10 June 2013 02:34 PM

''ගිරි'' නිගන්ටයා අද හිටියා නම් කියාවී මහා කළු සිංහලයා කැසිනෝ එකට පැනලා යනෝ කියලා.(නදී)

:       0       0

සුජීව Monday, 10 June 2013 08:25 PM

ඉහත කියමන් ඔක්කොම ලියල තියෙන්නේ ද්වේශය සමගින්. නැතහොත් මොනාම හරි දෙයක් ලියන්න ඕනේ නිසාවෙන්. අභයගිරිය ප්‍රතිසංස්කරණය පටන් ගත්තේ අපට නිදහස ලැබී වසර 8 කින්. කරුණාකර 2004 පමණ අභයගිරියේ ඡායාරූපයක් බලන්න. ඉන්පසු 2005, 2006,සිට අද දක්වා පින්තුර බලන්න. එවිට ඔබ සියලු දෙනාට දකින්න පුළුවන් පසු ගිය වසර 8 තුල මෙම වැදගත් ව්‍යාපෘතියේ වර්දනයත්, ඊට කලින් වසර 50 තුලත් සිදුවූ වර්ධනය. මම රාජපක්ස වාදියෙක් හෝ පවතින රජයට සුදු හුණු තවරන පුද්ගලයෙක් නොවෙමි. නමුත්, ඇත්ත ඇති සැටියෙන් දකින්නෙමි. සෑම දෙයටම තමන්ගේ පෞද්ගලික දේශපාලනය හෝ අනවශ්‍ය කුහක කම නොදක්වන්නේනම් අපේ රට කෙතෙරම් සුන්දර රටක් වනු ඇත්ද?(නදී)

:       0       0

ප්‍රසාද් Tuesday, 11 June 2013 09:22 AM

සාදු සාදු සාදු අප්‍රමාන පින්සිදු වේවා. දැක බලා සිත පහදවා ගැනීමෙන් බොහෝ පින් රැස් කරගත්තෙමි. රැස්කළ සියලු පින් ලංකාදීප පුවත්පතේ සියල්ලන්ටම සතුටින් අනුමෝදන් වෙත්වා නමෝ බුද්ධාය.(නදී)

:       0       0

ගාමිණී-සිරි Monday, 10 June 2013 02:35 PM

අභයගිරි සෑයේ සංරක්ෂණ කටයුතු වසර 25 කින් හෝ නිමකිරීම සමග ළඟ එන පොසොන් පොහොයට අනුරාධ පුරයට එන බැති මතුන්ට වැඳ පුදාගන්නට අවස්ථාවක් වනු ඇත.සංරක්ෂණයට වසර 25 ක් ගත උනානම් වළගම්බා රජතුමාට සොර,සතුරු, ආක්ක්‍රමණ,සටන් මද්‍යයේ ,චයිත්‍යයේ වැඩ අවසන් කිරීමට කොපමණ කාලයක් ගත වුනාද?දැනගන්න සතුටුයි!නොදන්නා නිසා ! (ස)

:       0       0

චානුක Monday, 10 June 2013 02:46 PM

හරිම සතුටක් දැනෙනවා වැඩ ඉවර වෙලා දැක්කම සෝම හාමුදුරුවන්ගේ එක සැමරුමකදී වැස්සේ තෙමීගෙන ගඩොල් ඇදපු හැටි තාම මතක් වෙනවා. කිසිම වෙහෙසක් දැනුන් නැහැ. ඇත්තටම රටේ ගොඩක් දෙනා මේ සඳහා කැප උනා ඒ පිනෙන් බුදු සසුන ලොව බැබලේවා. (ස)

:       0       0

තිසර Monday, 10 June 2013 02:48 PM

මුළු මහ අනුරපුර දසතින් විත් පැතිරී.. ගඩොල් ඇද්දෙ ලක්වැසි සැම සතුට පිරී.. නැවතත් ලබා සෑයක ඇති ශුභාසිරී.. දිලිසේ අහස් ගැබෙ ලස්සන අභයගිරී.. (ස)

:       0       0

ජ.හේරත් Monday, 10 June 2013 02:48 PM

මේ අපි ලියන ඒවා ලොකු ලොක්කෝ බලනවානම් මේ කටයුත්ත ආගමික නායකයින්ට දීලා පැත්තකට වෙනවා නම්බු පිටින්.(නදී)

:       0       0

වරාගොඩ Monday, 10 June 2013 02:51 PM

අතීතයේ රජවරු මොනවා කලත් තමන්ගේ නම් කිසිම තැනක සඳහන් කරලා නැහැ .එත් දැන් අය ඉස්සෙල්ලම කරන්නේ තමුන්ගේ නම ගහන එකයි. (ස)

:       0       0

චමිල Monday, 10 June 2013 09:30 PM

දැකීමත් සතුටක් හිතට. සියලු දෙනාටම ගොඩක් පින් මේ ක්‍රියාවට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1478 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 943 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1424 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1002 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 571 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1028 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37958 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25013 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 277 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site