වසර 25 ක සංරක්ෂණ කටයුතු වලින් අනතුරුව මේ වන විට අභයගිරි ස්තූපයේ ගර්භය,පේසා වළලු, හතරැස් කොටුව ඇතුළු සම්පුර්ණ කොටස් ද මළුව හා ප්‍රාකාරය ඇතුළු මුළු සංකීර්ණයම සංරක්ෂණ කටයුතු අවසන් කැර තිබේ.
සුදු හුණු පිරියම් නොකර පෞරාණික ගඩොල් පෙනුමින් මෙහි නිමාව සිදු කැර ඇත්තේ ගඩොල් පැහැයට සිමෙන්ති සහ දැඩි ශක්තිමත් බදාමයක් යොදාගනිමිනි. මෙහි යම් ලෙසකින් හුණු පිරියම් කළහොත් යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් වන බැවින් පවතින ගඩොල මත විශේෂ ආලේපයක් ගල්වා අඛණ්ඩව නඩත්තු කිරීමට පුරාවිද්‍යාඥයෝ අපේක්ෂා කරති.
කිස්තු පුර්ව පළමුවැනි සියවසෙහි වළගම්බා රජු විසින් නිර්මිත අභයගිරිය නව නොබෝ දිනකින් රාජ්‍ය නායකයින් අතින් විවෘත විමට නියමිතය. මේ වන විට එහි ප්‍රාකාර බැමි වල වැඩ අවසන් කරමින් අවට අනවසර වෙළෙදසැල් ඉවත් කර ප්‍රවේශ මාර්ග නවීකරණය කරමින් පවති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුජීව, ඔයාට සිංහල බැරිද, නැත්නම් මොලේ අමරුවක්ද? මේ අය කියන්නේ මේවාට දේශපාලනේ ගාවන්න එපා කියලා. (නි)
අභයගිරි සැය වසර 25ක් ප්‍රති සංස්කරණය කරන්ඩ ගිය වියදමට වැඩිය රුපියලක් හරි වැඩියෙන් වියදම් කරනවා ඕක විවෘත කරන්ඩ අපේ කට්ටිය ඔට්ටුවක් දාමුද ?(නදී)
පූජණීය මෙවැනි දේවල් විවෘත කල යුත්තේ රටම උලාකකා වැජඹෙන දේශපාලුවන්වත් ඔවුනට කඞේයන අයවත් නොව සිල්වත්, ගුණවත් දුගියෙකි.(නදී)
මාත් ගිහින් තියනවා. හරි ලස්සනයි. මට මතක විදියට 92/93 වසරවල් වල විශිස්ඨ නිර්මාණයක්.(නදී)
ඉහත කියමන් ඔක්කොම ලියල තියෙන්නේ ද්වේශය සමගින්. නැතහොත් මොනාම හරි දෙයක් ලියන්න ඕනේ නිසාවෙන්. අභයගිරිය ප්‍රතිසංස්කරණය පටන් ගත්තේ අපට නිදහස ලැබී වසර 8 කින්. කරුණාකර 2004 පමණ අභයගිරියේ ඡායාරූපයක් බලන්න. ඉන්පසු 2005, 2006,සිට අද දක්වා පින්තුර බලන්න. එවිට ඔබ සියලු දෙනාට දකින්න පුළුවන් පසු ගිය වසර 8 තුල මෙම වැදගත් ව්‍යාපෘතියේ වර්දනයත්, ඊට කලින් වසර 50 තුලත් සිදුවූ වර්ධනය. මම රාජපක්ස වාදියෙක් හෝ පවතින රජයට සුදු හුණු තවරන පුද්ගලයෙක් නොවෙමි. නමුත්, ඇත්ත ඇති සැටියෙන් දකින්නෙමි. සෑම දෙයටම තමන්ගේ පෞද්ගලික දේශපාලනය හෝ අනවශ්‍ය කුහක කම නොදක්වන්නේනම් අපේ රට කෙතෙරම් සුන්දර රටක් වනු ඇත්ද?(නදී)
දැකීමත් සතුටක් හිතට. සියලු දෙනාටම ගොඩක් පින් මේ ක්‍රියාවට. (නි)
සාධු සාධු! අනාගත පරම්පරාවට බලාගන්න ලැබීම වටිනවා (නි)
පොසොන් පෝයට වඳින්න එන පොඩි ළමයෙක් අතින් නිරාවරණය කළා නම් අපි සතුටුයි (නි)
වළගම්බා රජතුමා අතින් විවෘත කරලා ජනතා අයිතියට පත් කරපුවා නැවත විවෘත කරනවද? (නදී)
මේවට ප්‍රතිචාර ලියන අය තමන්ගේ අතින් ලියැවෙන්නේ මොනවද කියලවත් දන්නේ නැහැ. අභයගිරිය හදන කාලේ ලංකාවේ හිටිය දේශපාලන නායකයා වශයෙන් වළගම්බා රජතුමා ඒක විවෘත කිරීමේ උත්සවයට එන්න ඇති. ඉතින් මේ යුගයේ අභයගිරිය ප්‍රතිසංස්කරණය කරලා ජනතා අයිතියට පවරනකොට දැනට ඉන්න දේශපාලන නායකයෝ ඒ උත්සවයට ආපුවම බෞද්ධයෙක් වශයෙන් ඉරිසියාව අත්හැරලා උපේක්ෂාවෙන් බලන්න උත්සහ ගන්න.(නදී)
සුජීව, පවතින රජයට සුදු හුණු නොගාන එකත් වාගේම හොද දෙයක් තමා ලෝක උරුමයක් වන අභයගිරියට සුදු හුනු ගා කපරාරු කොට කෘතීම නොකිරීමේ තීරණය. (නි)
මෙන්න අපේ මතකය (අ) https://www.facebook.com/media/set/?set=a.10150300987433334.357602.538668333
සාදු! සාදු!! සාදු!!! අභයගිරි චෛත්‍යය රාජයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! (නි)
මෙවන් උතුම් තැන් වලට එය අපිරිසිදු දේශපාලකයෝ වැද්ද ගන්නේ ඇයි?(නදී)
රටට ආදරය කරන පාලකයෝ හිටියා නම් මෙපමණ කලක් යාවිද ? මම අදයි දන්නේ රිලේ දිව්වාම අවසන් කරන කෙනාට විතරයි තෑගි දෙන්නෙ කියලා. රටකට ගිය කලක්, මේ කාලෙ විනාශ කරපු දේ ගැනත් කියන්නකො.(නදී)
රන් දෙරණට පින්කෙතක් වෙලා - දම් සදපායා දිලෙන නියා සද්ධා ගගුල දෙදහස් තව පන්සීය වසරකම පුරා මේ දම් දිපය නිවනින් එකා ලෝක වෙලා... බබලන්නට වලගම් අබා නිරිදු පින් කර දෙවුලොවට ගියා අද අපි මනුලොව සදහම් පහන දරා මෙත් මල් පියලි ඉසිමු මේ දාගැබ යලි තෙරුවන් වෙත පුදනු බලා.... (නි)
නිධන් හොරුන්ගෙන් අපට තව කොපමණ කාලයක් මේවා රැකගන්න ලැබේද? (නි)
පූජණීය මෙවැනි රන් දෙරණක යලි යලිත් ඉපඳින්න පතමු.(නදී)
සාදු සාදු සාදු අප්‍රමාන පින්සිදු වේවා. දැක බලා සිත පහදවා ගැනීමෙන් බොහෝ පින් රැස් කරගත්තෙමි. රැස්කළ සියලු පින් ලංකාදීප පුවත්පතේ සියල්ලන්ටම සතුටින් අනුමෝදන් වෙත්වා නමෝ බුද්ධාය.(නදී)
අපේ රටේ සමහර මිනිස්සු හරිම කුහක ජාතියක්. මේවා විනාශ වෙනතුරු බලන් ඉන්නවා කියල ආණ්ඩුවට බනිනවා.සංරක්ෂණය කරලා කියලා දැකපු ගමන් කලබලවෙලා. දැන් කියනවා මේක නිරාවරනය කල යුතු කවුරු අතින්ද කියලා.එයාලට මේක දැකපු ගමන් ඔලුවට ඇවිත් තියෙන්නේ දේශපාලනය.අභයගිරි දාගැබ නිකමටවත් පෙනිලා නැහැ. පක්ෂ දේශපාලනයෙන් අන්ධ වෙලා. මට කියන්න තියෙන්නේ " අහෝ දෙවුදත් නොදුටු මොක්පුර" කියලා. මොන පක්ෂයක හිටියත් කමක් නැහැ හැම දෙයකටම දේශපාලන ඇහැකින් බලන්න එපා.කවුරු කරත් හොද හොද දෙයක්. (නි)
සාරා , පුරා විද්‍යා වැඩ බොහොම හිමින් ප්‍රවේශමෙන් තමයි කරන්න ඕනෑ. ඒවා කරන්න හොඳ පලපුරුද්දක් තියෙන්න ඕනෑ. ඒ වැඩ කරනකොට ලැබෙන වැලි කැටයක්වත් විනාශ වෙන්න දෙන්නේ නැහැ. (නි)
ලංකාවෙ දැන් ඉන්නෙ දවල් මිගෙල් රැ ඩැනියල් දේශපාලුවො තමයි. වැඩිම හරියක් පන්සිල් පද පහේ තේරුමවත් දන්නවද දන්නෙ නැහැ. එහෙම අය කීදෙනෙක් ඉන්නවද දන්නෙත් නැහැ? (නි)
බොහොම සතුටු හිතට, අභයගිරි චෛත්‍යයේ වැඩ කටයුතු ඉවරයි කියපුවහම.මොකද මමත් ගිහින් ගොඩොල් ඇදලා තියෙනවා. මේ සද්ක්‍රියාවට සම්බන්ද වුන හැම දෙනාටම මහත් ඵල මහානිසංස ලැබේවා! තෙරුවන් සරණයි! (නි)
අභයගිරි සෑයේ සංරක්ෂණ කටයුතු වසර 25 කින් හෝ නිමකිරීම සමග ළඟ එන පොසොන් පොහොයට අනුරාධ පුරයට එන බැති මතුන්ට වැඳ පුදාගන්නට අවස්ථාවක් වනු ඇත.සංරක්ෂණයට වසර 25 ක් ගත උනානම් වළගම්බා රජතුමාට සොර,සතුරු, ආක්ක්‍රමණ,සටන් මද්‍යයේ ,චයිත්‍යයේ වැඩ අවසන් කිරීමට කොපමණ කාලයක් ගත වුනාද?දැනගන්න සතුටුයි!නොදන්නා නිසා ! (ස)
මේ ඉදිකිරිම සදහා රාජ්‍ය අනුග්‍රහයට වඩා ලැබුනේ ජනතාවගේ ශ්‍රම දායකත්වය සහා ශක්තියයි. එබැවින් මෙය නිරාවරණය විය යුත්තේ ආගමික නායකයන්ගේ ප්‍රධානත්වයෙනි. (ස)
මාත් එකඟයි මහේෂ් එක්ක. මේක අර සමහර ඒවා වගේ 'ජනතා අයිතියට පවරන්න' දෙයක් නෙමෙයිනේ. වළගම්බා රජ්ජුරුවෝ එනවා නම් කමක් නැහැ. නැත්නම් ආගමික නායකයින් අතින් තමයි විය යුත්තේ. (ස)
මොන රාජ්‍ය නායකයන්ද මේක විවෘත කරන්නේ? (නද)
මමත් පොඩිකාලේ ඕකට ගඩොල් අදින්න ගියා... හරි සතුටුයි. (ස)
ඇත්ත. මේ ලකුණු දා ගැනිමේ ප්‍රෝඩාව නතරවිය යුතුයි. මේක මහා වලගම්බා නිරිදුන්ට කරන උපහාරයක් නම් අපේ ආගමික නායකයන් අතින් නිරාවරනය විය යුතුයි. (ස)
මහේෂ් ,උපාලි ඔබල නිවැරදියි. (ස)
මාත් කියන්නේ මෙය සිද්ධ විය යුත්තේ ආගමික නායකයන්ගේ ප්‍රධානත්වයෙන් කියලා. ඔන්න බලන්නකෝ ඔය කොහෙ හරි තැනක ලොකුවට පේන්න ගහයි "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ...." කියල ගල් ලෑල්ල. ආයෙ නොකීවයි කියන්න එපා. රාජ්‍ය අනුග්‍රයහ නොලැබූනාමයි කියලා කියන්න නම් බෑ,වැඩි හරියක් සැඳැහැවතුන්ගේ ශ්‍රම දායකත්වය තමා මේ මහඟු පිංකමට ලැබුනේ. (ස)
පසුගිය සියවසේ මැද හරිය වෙනකම්ම සියවස් ගණනාවක් තිස්සේ කැලේට ගිහින් තිබුණු අනුරාධපුරේ දැන් ලෝක උරුමයක් ලෙස යුනේස්කෝවෙන් නම්කර ඇතත් සුද්දෝ තමයි පැරණි නටබුන් මුලින්ම හඳුනාගෙන ඒවා ලෝකෙට අනාවරණය කලේ. සුද්දෝ ගියාට පස්සේ ලූලා නැති වලට කනයා පණ්ඩිතයා වගේ අපේ අයත් කීපදෙනෙක් පුරාවිද්‍යාවෙන් වැජඹිලා හිටිය. ජගත් සංවිධානයේ මුදල් වලින් නටබුන් ප්‍රතිස්ථාපනය කිරීමෙන් සැහෙන දෙනෙක් යටින් ගානකුත් කපාගත්තා. ඒනිසා වේල්සයේ කුමාරයා පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවට ආවහම ඔහු ලවා මෙය සිදුකිරීම කළගුණ සැලකීමක් බව සිතනවා. (අ)
හරි ලස්සනයි. පසුතලයෙන් වලාකුළු බොදවෙලා හරියට දාගැබෙන් රැස් විහිදෙනවා වගේ. මහපොළවට පස් කන්දක් වෙන්න ගිය අභයගිරි දාගැබ එසේ වෙන්න නොදී අනාගත අපේ දරු පරපුරට දකින්නවත් , පෞරානික වස්තුවක් විදියට රැකගැනීමට කටයුතු කල එක ගැන අපි සතුටු විය යුතුයි. ජාතියේ සිහිවටනයක් අපිට අපේ දරුවන්ට නැවතත් දැකීමට ලැබීම වාසනාවක් (නි)
දැකීමත් සතුටක් හිතට. සියලු දෙනාටම ගොඩක් පින් මේ ක්‍රියාවට. (නි)
''ගිරි'' නිගන්ටයා අද හිටියා නම් කියාවී මහා කළු සිංහලයා කැසිනෝ එකට පැනලා යනෝ කියලා.(නදී)
පැරණි චෛත්‍යයේ පින්තුර ටිකකුත් දාන්නකෝ පුළුවන් නම් (නි)
හරිම සතුටක් දැනෙනවා වැඩ ඉවර වෙලා දැක්කම සෝම හාමුදුරුවන්ගේ එක සැමරුමකදී වැස්සේ තෙමීගෙන ගඩොල් ඇදපු හැටි තාම මතක් වෙනවා. කිසිම වෙහෙසක් දැනුන් නැහැ. ඇත්තටම රටේ ගොඩක් දෙනා මේ සඳහා කැප උනා ඒ පිනෙන් බුදු සසුන ලොව බැබලේවා. (ස)
මුළු මහ අනුරපුර දසතින් විත් පැතිරී.. ගඩොල් ඇද්දෙ ලක්වැසි සැම සතුට පිරී.. නැවතත් ලබා සෑයක ඇති ශුභාසිරී.. දිලිසේ අහස් ගැබෙ ලස්සන අභයගිරී.. (ස)
මේ අපි ලියන ඒවා ලොකු ලොක්කෝ බලනවානම් මේ කටයුත්ත ආගමික නායකයින්ට දීලා පැත්තකට වෙනවා නම්බු පිටින්.(නදී)
අතීතයේ රජවරු මොනවා කලත් තමන්ගේ නම් කිසිම තැනක සඳහන් කරලා නැහැ .එත් දැන් අය ඉස්සෙල්ලම කරන්නේ තමුන්ගේ නම ගහන එකයි. (ස)
සාදු ! සාදු! අපේ නගරය පෙර ශ්‍රී විභූතිය නැවතත් විරාජමාන කිරීමට දායක උන සැමට බොහෝ පින් ලැබේවා! (ස)
බොහෝ දෙනෙක් අදහස් දක්වා ඇත්තේ වීවෘත කිරීමට දේශපාලනය ගාවගන්න එපා කියල. කතුතුමනි මෙය බලදාරීන්ට පෙන්වන්න. ඇත්තටම දායකයින්ගේ පින් කැටයෙන් මෙය ගොඩ නැගුනේ. ඒ නිසා තුන් නිකායේ මහනායක හිමිපාණන් වහන්සේලා පමණක් මෙය වීවෘත කිරිමට ගැනීම් ඉතා ම උචිතයි.(ස)
මේක දුෂිත කරන්න එපා.(නදී)
දැකීමත් අසන්නට ලැබීමත් පිනක්. මට ශ්‍රමයෙන් දායක වෙන්න බැරි වුනත් සුළු මුදලකින් හෝ දායකවෙන්න ලැබීම ගැන ඉමහත් සතුටට පත් වෙමි. මීට වසර 4ත පමණ පෙර මගේ මෑනියනුත් සමග එක සඳ ඇති රාත්‍රියක දාගැබ වන්දනා කළා. එතරම් සොඳුරු ආකාරයකින් මෙය මීට පෙර දැක තිබුනේ නැහැ. මෙය නගා සිටුවීමට කිසියම් ආකාරයකින් දායක වූ කෙනෙක් සිටියිද, ඔවුන් සියලුම දෙනාට මගේ ආචාරය සහ ඔබ සැමට බොහොමත්ම පින්. (නි)
මම කියන්නේ බොදුබල සේනාවේ අනුග්‍රහයෙන් වෙන්න ඕනා කියලා.(නදී)
මහේෂ්, උපාලි සමග මමත් එකගයි. (නි)