IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


අම්බුළුවාවේ කඳු ඉස්මත්තේ

IMG_8814

සමනළ වර්ග 20ක් පමණ නිරීක්ෂණය කළ හැකි අතර රාත්‍රී කාලයේ සලබ වර්ග විශාල ගණනකි. ලෝකයේ දක්නට ලැබෙන උභය ජීවි ගෝත්‍ර 3න් 3ක් මෙම කන්දෙන් හමුවී තිබේ ගමෙහි ලංකා ගල්පර මැඩියා නමින් හඳුන්වන පොසීලයක් ද දක්නට ඇත. උරග විශේෂ 43 කි. මින් විශේෂ 24 ක් අප රටට ආවේණිකය. සර්ප වර්ග 25ක් හමුවන අතර කුඩාම සර්පයා වන කනඋල්ලා සහ ලොකුම සර්පයා වන පිඹුරා ද මෙහි සිටී

2016-11-25-ent-04සෙංකඩගල පුරවරයේ පිහිටි ගඟ සිරිපුරට ඔබ වරක් හෝ ගොස් තිබේද ඇසුවහොත් බොහෝ දෙනාගේ පිළිතුර වනු ඇත්තේ නැත යන්නයි. මන්දයත්, ගඟසිරිපුර යනු කොයිදැයි නොදැනීමයි. එදා ගඟසිරිපුරය අද හැඳින්වෙන්නේ ගම්පොල නමිනි. ගම්පොල පුරවරය සාරවත් කරමින් ගලා යන මහවැලි ගංඟා රජුගෙන් ඇය ලද නාමය ගඟසිරිපුරයයි. ගම්පොල හරහා කොත්මලයට හෝ නුවරඑළියට යන ඕනෑම අයෙකුට අහස පැහැදිලි දිනෙක දකින්නට ලැබෙන දසුනක් වේ. එනම් ඈත් කඳුමුදුනක සාදා ඇති ධවල පැහැ අමුතු නිර්මාණයයි. ඒ අම්බුලුවාවයි. ඉතින්, අද Walk121 සමඟ අපි යන්නට සූදානම් වන්නේ අම්බුලුවාවටයි.

අම්බුලුවාව දක්වා යන්නට නම් ගම්පොල නගරය අවසන් වීමත් සමඟම ඇති හෙම්මාතගම දක්වා ඇති මාර්ගයේ යා යුතුවේ. අක්කර දහසකට මඳක් අඩු භූමි ප්‍රමාණයක් ඇති අම්බුලුවාව කන්දේ මුදුනට යන ඔබ එවිට සිටින්නේ මුහුදු මට්ටමේ සිට අඩි 3567ක් උසිනි. අම්බුලුවාව ඈතට පෙනෙන විට දකින්නට හැකි සුදු පැහැති නිර්මාණය කඳු මුදුනේ සිට තවත් අඩි පන්සියකට ආසන්න උසකින් යුතු වේ. ඒ අනුව අම්බුලුවාව කන්දේ ඇති මෙම කුළුණ මතට නැඟගත් විට.

පිදුරැතලාගල, සප්ත කන්‍යා, හුන්නස්ගිරිය, නමුණුකුල, නකල්ස් වැනි කඳු වැටි මෙන්ම කාර්යබහුල ගම්පොල නගරයද අපූරැවට දැකගත හැක. කොළඹ සිට නුවරට දිවෙන මාර්ගයේ කඩුගන්නව හා බලන ආශ්‍රිත ප්‍රදේශයන්ද මෙහි සිට දකින්නට හැකිබව කියැවේ. නමුදු අප හට නම් එම ප්‍රදේශය හඳුනාගත නොහැකි විය. නමුදු අහස පැහැදිලි නම් ඈතින් ඇති මහසයුරද දකින්නට හැකිවේ. අම්බුලුවාව කන්ද මුදුනේ නිර්මාණය කර ඇති ඉහළට නැගිය හැකි කුළුණ ද සුවිශේෂීය. එය වී බිස්සක හැඩය ප්‍රධාන කොට, එළවළු වගාව දැක්වීමට වට්ටක්කා ගෙඩියකුත්, පලතුරැ වගාව දැක්වීමට කොකෝවා ගෙඩියකුත් නිරෑපණය වන පරිදි මෙය නිර්මාණය කර ඇතැයි කියවේ. තොරතුරැවලට අනුව නම් මෙරට ගොවි ජනතාව ඉන් සංකේතවත් කෙරේ.

අම්බුළුවාව කන්ද ඛාදනයට ලක් නොවන ඉන්සෙල්බර්ග් වර්ගයේ පර්වතයකි. කන්දෙහි නැගෙනහිර බෑවුම බොහෝ විට රළු කළුගලෙන් නිර්මාණය වී ඇති අතර අනෙක් බෑවුම තද වන ගහනයක් දක්නට ලැබේ. මෙහි වෙසෙන සත්ත්ව සහ ශාඛ හේතුවෙන් අම්බුළුවාව ජෛව විවිධත්වය අතින් ඉතා වැදගත් වෙයි. මෙහි අපෘෂ්ඨ වංශිකයෝ සිය ගණනකි. කෘමීන්, කුරැමිණි වර්ග සුලබය. සමනළ වර්ග 20ක් පමණ නිරීක්ෂණය කළ හැකි අතර රාත්‍රී කාලයේ සලබ වර්ග විශාල ගණනකි. ලෝකයේ දක්නට ලැබෙන උභය ජීවි ගෝත්‍ර 3න් 3ක් මෙම කන්දෙන් හමුවී තිබේ ගමෙහි ලංකා ගල්පර මැඩියා නමින් හඳුන්වන පොසීලයක් ද දක්නට ඇත. උරග විශේෂ 43 කි. මින් විශේෂ 24 ක් අප රටට ආවේණිකය. සර්ප වර්ග 25ක් හමුවන අතර කුඩාම සර්පයා වන කනඋල්ලා සහ ලොකුම සර්පයා වන පිඹුරා ද මෙහි සිටී. මෙහි වාසය කරන පක්ෂි විශේෂ ගණන 90ක් පමණ ය. එසේම, අහස නිරීක්ෂණයට රිසි පිරිස් වෙනුවෙන්ද අම්බුලුවාවේ පහසුකම් සලසා තිබේ. තරැ පිරි නිශා යාමයේ විශ්වය ගවේෂණය කරන්නකුට දුරේක්ෂ සහ අනෙකුත් උපාංග සවි කිරීමට අවශ්‍ය පසුබිම සහිත නිදහස් දර්ශනයකට අවැසි සියලු පහසුකම් සහිත නැරඹුම් මැදිරියක් ද ඉදිකර තිබේ.

ක්‍රි.ව. 1341 දී හතරවන බුවනෙකබාහු රජු කුරැණෑගල අතහැර ගම්පොල සිය රාජධානිය පිහිටුවා ගත්තේය. මෙලෙස ඇරුඹි ගම්පොල රාජධානිය ක්‍රි.ව. 1415 දක්වා දශක 7 ක් තුළ රජවරැන් පස් දෙනකු යටතේ පැවතිණ. දිවයිනේ රාජ්‍ය මධ්‍යස්ථානය මලය දේශය සහිත මායා රට කරා යොමු වූයේ ගිරි දුර්ගල වන දුර්ගල රුකවරණය ද ඇති බැවිනි. රාජ්‍ය පාලකයින් භික්ෂුන් වහන්සේලා මෙන් ම පොදු ජනතාවද මෙවන් රුකවරණ පෙදෙස් කරා යොමුවන්නට වූහ. එහි ප්‍රතිඵලය වූයේ දඹදෙණිය, යාපහුව, කුරැණෑගල හා ගම්පොල, ගඟසිරිපුර රාජධානි පිහිටුවා ගැනීමට ප්‍රවේශ වීමෙනි. 1997 වසරේ සංවර්ධන කටයුතු ආරම්භ කළ මෙම ඓතිහාසික කන්ද 2002 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලොව හොඳම සංවර්ධනය කරන ලද කන්ද ලෙස තෝරා ගත් අතර 2007 වසරේ සැප්තැම්බර් 18 වැනිදා මහජනතාවට විවෘත කෙරිණි. ඉදිරියේදී පැමිණෙන පාසල් නිවාඩුවේදී මහනුවර ගම්පොල හරහා ඔබේ විනෝද චාරිකාව වැටී ඇත්නම් අම්බුලුවාවටත් ගොස් එන්නට අමතක නොකරන්න.

 

ප්‍රසාද්

 

IMG_8813
IMG_8809
IMG_8804
2016-11-25-ent-12
2016-11-25-ent-11
2016-11-25-ent-10
2016-11-25-ent-09
2016-11-25-ent-08
2016-11-25-ent-07
2016-11-25-ent-06
2016-11-25-ent-05



අදහස් (0)

අම්බුළුවාවේ කඳු ඉස්මත්තේ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1601 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 511 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 194 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 282 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 132 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 88 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39994 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25943 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 222 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1299 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site