බිරිය සමග මවගේ ගෙදරට අවුරුදු ගමන් යද්දී පොලීසියේ වද හිංසාවට ලක්වී රෝහල් ගත කැරුණු අලුත්ගම දර්ගා නගරයේ විවාහකයෙක් බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතාට පැමිණිලි කළේය.
රබර් වත්තක් මැදින් යද්දී පොලු අතැතිව සිටි සිව් දෙනකු කසිප්පු තිප්පොල පෙන්වන්නැයි කියමින් තමාට පහර දුන් බවත්, සපත්තු ලේස් වලින් දෑත් පිටුපසට බැඳ ඒ අතරට පොල්ලක් දමා තමා ඔසවමින් වද හිංසා කළ බවත්, ඔවුන් සාමාන්‍ය ඇඳුමින් සැරසී සිටිය බවත්, තම බිරිය නොසිටියානම් තමාගේ ඉරණම කුමක් වේදැයි කිව නොහැකි බවත් දර්ගා නගරයේ ප්‍රණාන්දු ප්‍රියන්ත රණසිංහ මහතා සිය පැමිණිලිල්ලෙන් නියෝජ්‍ය පොලිස්පතිට කියයි.
මේ ගැන පැමිණිලි කිරීමට වැලිපැන්න පොලීසියට ගිය නමුත් එහිදී තමාට සාධාරණය ඉටු නොවූ බවත් ඔහු නියෝජ්‍ය පොලිස්පතිට කියා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට වෙන වැඩ නැද්ද අහිංසකයන් අල්ලන්නේ? තෝරු මෝරු එළියේ සැප විදිනවා. ලංකාවේ මිනිස්සු කවදාවත් හැදෙන්නේ නැහැ. ලැජ්ජයි. පව් අර අහිංසකයා. (නි)
උපාලි, ඔහොම කියන්න එපා. "අහිංසක" පොලිස්කාරයෝ දේශපාලකයින්ගෙන් ගුටි කන හැටි දැක්කේ නැද්ද? (නි)
මේවගේ පොලිසිය දිගටම කරනවානම් ලුනාවේ මිනිස්සු දුන්න බෙහෙත් දෙන්න වෙනවා. (නදී)
නූගතුන්ට යන්න තියෙන්නේ තැන් දෙකයි. එකක් මේක අනික දේශපාලනය.(නදී)
ඔය පොලිසියේ අයට කියන්න පුළුවන් නම් පළාත් සබා මන්ත්‍රී කෙනෙකුට අත තියන්න කියලා.එදාට ඔහු යාපනේ එහෙම නැත්නම් විලච්චියේ එහෙමත් නැත්නම් ගෙදර (නි)
ලංකාවේ පොලිසි කෝකත් එකයි.(නදී)
මට පොලිස් කාරයෙක් කිව්වා පොලිසියට ඇති පැමිණිලි වලට දඩුවම් දුන්නොත් බෙහෙතකටවත් පොලිස් කාරයෙක් හොයාගන්න බැරි වෙයි කියලා.(නදී)
බඩු අහු වුණත් අයිතිකාරය නැති හින්දා බයිට් එකට ගත්තද දන්නෙත් නැහැ. මටත් පුංචි කාලේ ඔයින් එක්කෙනෙක් ටොක්කක් ඇනලා තියෙනවා ඔය විදියට (නි)
මෙම මහජනයාට හිංසා කරන්න පොලිසියට ඇති අයිතිය මොකක්ද? පොලිසිය අයට මේවා ගැන විපරම් කර බලා සෝදිසි කරන්නට තමාගේම කියා මොලයක් තියෙනවා නේද? (නි)
කොයි තරම් නම් අහිංසක මිනිස්සු මේ පොලිස්කාරයන්ගෙන් නිකරුනේ ගුටි කනවද? නීතිය බල්ලට ගිය රටේ මේවා ගැන පැමිණිලි කළාට වැඩක් නැහැ. පැමිණිලි අහන්නෙත් ඒ ගොල්ලමනේ. පුළුවන් නම් මානව හිමිකම් රකින තැනකට පැමිණිලි කරලා බලන්න. (නි)
බලන් ඉන්න. සාධාරණය ඉටු කරයි ඕන් කියලා (නි)
අපේ පොලොසිය නම් ඒ තරම්ම හොඳ නැහැ තමයි. ඒ වුණාට මෙයත් තිතට මත එක්කෙනෙක්ද කියලා කවුද දන්නේ? (නි)
ලංකාවේ පොලිසියත් දැන් හරියට ඉන්දියාවේ පොලිසිය ගානට වැටිලා. (නි)
ඔහොම යන් ඔහොම යන්. තව ටික දවසකින් ටයර් තැන තැන පිච්චෙයි, කළු බළල්ලු සුදු බළල්ලු එලියට එයි, එච්චරයිනෙ අපිට දැන් අඩු වෙලා තිබුනේ.(නදී)
පොලිසියේ අය කියලා හරියටම දන්නේ නැතුව අපහාස කරන්න හොද නැහැ.(නදී)
ඔය කෙනා හොද මනුස්සයෙක් නෙවේ මම දානවා.(නදී)
සමහරවිට මොවුන් පොලිසියේ නොවෙන්නත් ඉඩ තියෙනවා. (නදී)
ෂුවර් එකටම පොලිසියට අරක්කු ඕනෑ වෙන්න ඇති නිව් ඉයර් එකට. (නි)
පොලිසිය මරලා දාන ඒවත් එක්ක මේක මොකද්ද? අනේ මෙහෙමත් රටක්? (නි)
පොලිසියට ශාප වේවා!(නදී)
පොලිසියේ රාජකාරි කරන සමහර නිලදාරීන් රැකියාවක් නොමැති නිසා කොයිකටත් තයිලේ ලෙස පොලිසියට බැදෙනවා. ඔවුන් සතු ඉගෙනීම සමාජීය දැනුම අල්පවීමත් කසිප්පු පෙරා ජීවිතය ගැට ගසා ගන්නාවු පුද්ගලයාටත් වඩා පහත් මටිටමේ පැවතීමත් නිසා මෙවැනි සිදුවීම් සමාජය තුල නොවැලැක්විය හැකිය. (නදී)
ඔන්න අපේ පොලිසියේ වැඩ. සම්මානයක් දෙන්න වටිනා වැඩක්. හොරු, මිනීමරුවෝ, මංකොල්ලකාරයෝ, දුෂකයෝ එළියේ නිදැල්ලේ ඉන්නවා. අහිංසකයෝ ගුටි කනවා. ආශ්චර්යය මේකද?(නදී)
පොලිපතිතුමගේ අවදානයට යොමුවේව. ගෑනු කෙනාට මොකුත් උනේ නැහැ නේ?(නදී)
අපේ පොලිසිය එහෙම නැහැ. ධර්ම චක්කරේ තිබුනෙත් නැහැනේ.(නදී)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. අම්මා දුන් රන් කිරි මතක් වුණේ කොහොමද එතකොට? (නි)
මහත්තයෝ ඔය ලංකාවේ කාලකන්නි පොලිසියේ හැටි ඔහොම තමා. තවත් කාලේ නාස්ති කරන්නේ නැතිව මානව හිමිකම් නඩුවක් දන්නා. අරින්න ජිනිවා. කුහකයෝ දේශද්‍රෝහියෝ කියල කියාවි. ගණන් ගන්න එපා. එත් බැරි නම් බෝට්ටුවකින් හෝ වෙන රටකට යන්න.(නදී)