IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


අමල් පෙරේරා සහ නදීමාල් වෙනුවෙන් නීතීඥවරු හෙට කරුණු දක්වති

තරිඳු ජයවර්ධන

ඩුබායිහි දී අත්අඩංගුවට ගත් මාකඳුරේ මදූෂ්, ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ඇතුළු පිරිස තවදුරටත් බර් ඩුබායි පොලිසියේ රඳවාගෙන සිටින බව එරට ආරංචි මාර්ග කියයි.

ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා වෙනුවෙන් ඉදිරිපත්වන නීතීඥවරුන් හෙට උදෑසන බර් ඩුබායි පොලිසියේ නීති නිලධාරී මොහොමඩ් අල් නක්බි මහතා හමුවී කරුණු දැක්වීමට නියමිත බවත්, ඒ සඳහා එම නිලධාරියා කාලය වෙන්කරගෙන ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

අමල් පෙරේරා මහතාගේ පුත් නදීමාල් පෙරේරා නිදහස් කළ බවට පැතිර යන කතාවේ කිසිදු සත්‍යතාවක් නැතැයි ද, ඔහු ඇතුළු 31 දෙනෙකු තවදුරටත් රඳවා තබාගෙන ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි.

ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන දිනයක් මේ වන තෙක් නිල වශයෙන් දැනුම් දී නැත. කෙසේ වෙතත් ඔවුන් සම්බන්ධ විමර්ශන මේ වන විට අවසන්ව පවතී. මනසට හා හැඟීම්වලට බලපෑම් කළ හැකි ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් එතැන සිටින කිහිප දෙනකුට චෝදනා එල්ල වනු ඇතැයි දැනගන්නට තිබේ.

අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටීමට ඔවුන්ගේ ඥාතීන්ගෙන් ඇටෝර්නි බලපත්‍ර සහ ප්‍රොක්සි අත්සන් කරගෙන එය ශ්‍රී ලංකාවේ ඩුබායි තානාපති කාර්යාලයෙන් සහතික කරගෙන ඇති බවත්, ඒ අනුව තමාට සහ නීතීඥ ශාබ්දික වෙල්ලප්පුලි මහතාට ගායකයන් දෙපළ වෙනුවෙන් පෙනී සිටීමට අවස්ථාව ඇති බවත් නීතීඥ උදුල් පේමරත්න මහතා පැවසීය.



අදහස් (23)

අමල් පෙරේරා සහ නදීමාල් වෙනුවෙන් නීතීඥවරු හෙට කරුණු දක්වති

samantha Monday, 11 February 2019 12:35 PM

මේ ගෝතයා අර පෙරටුගාමී කරයා නේද? කාලයක් විශ්වවිද්‍යාල පද්ධතියට අරක් ගෙන එ්ක කා දැමූ පුද්ගලයා. දැන් කුඩු ජාවාරම් කාරයන් බේරගන්න ඉදිරිපත්වෙලා..

:       1       1128

karolis Monday, 11 February 2019 12:39 PM

නීතිඥ උදුල් පේමරත්න කියන්නේ අර අන්තරේ හිටපු කැඳවුම් කරුද? නැත්තන් වෙන එක්කෙනෙක්ද?

:       0       355

අලුගුත්තේරුවා Monday, 11 February 2019 12:39 PM

මෙම සැකකරුවන් සතුව මත්ද්‍රව්‍ය තිබෙන්නෙට ඇතැයි සිතීම මුලාවකි. එසේ එළිපිට මත්ද්‍රව්‍ය පාවිච්චි කර තිබුණා නම් එම හෝටලයද මේ වනවිට සීල් තබා වසා දමනු ඇත.

:       470       107

upali Monday, 11 February 2019 12:45 PM

උදුල් කියන්නේ අන්තරය කොටවපු කටහැකයා නේද?

:       1       418

Raveendra Monday, 11 February 2019 01:09 PM

මෙහෙමත් කාලකන්නි , දියවන්නා ඔයේ 225 වගේම" මේ සුදු කෝට් හිඟන්නෝ " නහය නැත්නම් අසුචිත් ගිලින ජාතියක්...

:       0       659

sirimal Monday, 11 February 2019 01:56 PM

මේ අයට වියදම් කරන්නේ කවුද කියලත් විමසා බැලිය යුතුයි.

:       0       368

Nuwan Monday, 11 February 2019 02:03 PM

මේ දෙන්නා ඇත්තටම ගායකයෝද?

:       5       164

සටන්කරු Monday, 11 February 2019 02:49 PM

මේ වගේ නීතිඥයන්ට විරුද්ධව මිනිස්සු පාරට බහින්න ඕනෑ. නැත්තං කුඩුකාරයින් ඔක්කොම එළියේ ඉඳීවි...

:       0       477

Chanak los angelesTuesday, 12 February 2019 02:14 AM

නීති වෘත්තිය වැදගත් රක්ෂාවක් කීවාට පොල් කඩන රක්ෂාව තරම්වත් වැදගත් කමක් නැහැ එහෙනම් නේද ? මම එහෙම කීවේ ඔය නීතිවේදීන් සල්ලි හම්බකරන ක්‍රමවේදයට ?ඇයි බුදුදහමේ කියනවනේ සද්භාවයෙන් ධනය හම්බකරන්න කියලා .. ඒ අනුව මේ ලෙසට හම්බකරන ධනයේ සද්භාවයක් නැහැ නේද ?

:       36       1

Don Monday, 11 February 2019 03:24 PM

මේ පෙරකදෝරුවෝ හැමදාම කරන්නේ නඩුකාරයන්ට බොරුකියලා කුඩු කාරයෝ බේරලා තව තවත් එම බිස්නස් එකටම යොමු කරන එක, ඔවුන්ගෙන් යහමින් ජරාව සූරාගන්නවා.

:       0       225

sunil Monday, 11 February 2019 03:30 PM

කෝ ජනාධිපතිගේ ඉල්ලීම?

:       0       136

Ajith Nissanka Monday, 11 February 2019 03:44 PM

මේ දෙන්නටම මතක නැහැ මෙයාලා ගියේ කොහෙද කියලා ! ඒ හින්ද මේ විදියට හිරිහැර කරන එක හරි නැහැ නේද?

:       71       1

පිටිගල මිලානෝ Monday, 11 February 2019 04:20 PM

ඉදිරිපත් වන නීතීඥයන් වර්ජනය කරමු.

:       1       178

ලේක්කෝ ගලබඩ Monday, 11 February 2019 05:00 PM

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට නොපමාව මරණ දඬුවම දී දිනක් ඇතුලත එය ක්‍රියාත්මක කරන්න.

:       0       208

පිටිගල මිලානෝ Monday, 11 February 2019 05:47 PM

බෑන්ඩ් එකක් නැතිව සින්දු කියන්න මේ දෙන්නා ගියාද? බොරුනේ ඕවා මොන ගායකයත් සින්දු කියන්න ආරාධනා කරනකොට අහනවා බෑන්ඩ් එක මොකක්ද කියලා ගිහින් තියෙන්නෙම මොකටද කියලා හිතන්න බැරිද

:       4       341

ඇත්ත සත්‍යපාල Monday, 11 February 2019 09:17 PM

මේ අදහස් දක්වන්නේ ඔබ කියපු "ඉදිරිපත් වන නීතීඥයන් වර්ජනය කරමු" අදහසට. අපේ රටේ මිනිස්සුන්ට එහෙම උවමනාවක් හෝ නෑ. හෙට අමල් පෙරේරා ආවොත් අනේ පව් අමල් අයියා කියාගෙන පිරෙනවා. අපේ රටේ අය ඇස් වහගෙන ඔහේ කියවමින් වලට යනවා. රටක අවාසනාව.

:       0       2

Wikrama Monday, 11 February 2019 07:47 PM

මුස්ලිම් නීති වලට බැන බැන අපේ මේ ලොකු පන්ඩිතයන් ඉල්ලන්නේ ශරියා නීතිය ... නේද පිටිගල... ගලපිටමඩ

:       0       1

chathuri Monday, 11 February 2019 08:06 PM

අර ජීවිතය බිලිදුන්න දැරිය වෙනුවෙන් කිසිම කැක්කුමක් තිබුණද? මේ ඇමතිලට. මුදලට කතා කරන නිති වරුන්ට. ඒ රටේ නිතිය අනුව මේකට්ටියගේත් හිස ගසා දමන්න ඕන.

:       0       2

Alfred Monday, 11 February 2019 09:57 PM

අමල් පෙරෙරා වගේ තාත්තලාට දඩුවම් දෙන්න ඕනේ...

:       25       0

Don perera Monday, 11 February 2019 11:54 PM

මේ අය බේරන්න ඇයි මේ තරම් දගලන්නේ. රටට ගිය කලක්.

:       37       1

Bandula. Tuesday, 12 February 2019 03:20 AM

එතනට ගියේ වැරදිලා වෙන්න ඇති නේද, වැරැද්ද කරලා දැන් සුද්ද වෙන්න දැගලුවට දෙවියන් විසින් තොපට නිසි දඩුවම් ලබාදේවි.

:       46       0

රවින් Tuesday, 12 February 2019 03:25 AM

කමක් නැහැ ලංකාවේ දෙන්නෙක් හරි ගිහිල්ල පෙනී හිටියට. මොකද ඉන්දියාවේ 12 දෙනෙක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් දැනට ඉදිරිපත් වෙලාලු. හැබැයි ඉතින් අරාබි නිතිය ලංකාවේ නිතිය වගේ නමන්න බැහැ. මෑන්ස්ලා මට්ටුවෙලා තියෙන්නේ බඩුත් එක්කමනේ.

:       0       2

ravi Tuesday, 12 February 2019 04:52 AM

පෙරකදොරුවයි තාත්තයි , පුතයි තුන්දෙනාටම දඩුවම් දෙන්න තියෙන්නේ.........

:       35       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ක්‍රීඩා පුහුණුවට නොආවැයි ගුරුවරියගෙන් අපූරු දඬුවමක්
2025 අප්‍රේල් මස 23 288 0

අසනීප තත්වයක් නිසා උදෑසන ක්‍රීඩා පුහුණුවට සහභාගී නොවුයේ යැයි චෝදනා කරමින් කැකිරාව විදුහලක ගුරුවරියක සිසුවියන් පිරිසක් පාසල් කාලය නිමවනතුරු දන ගස්ව


දළදා වඳින්න හෙට සහ අනිද්දා එන්න එපා
2025 අප්‍රේල් මස 23 381 0

දළදා වන්දනාව සඳහා හෙට (24) සහ අනිද්දා (25) දෙදින තුළ මහනුවර දළදා මාලිගාවට පැමිණීමෙන් වළකින ලෙස පොලිස් මූලස්ථානයේ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටි.


සිසුවා ඝාතනය සිසුන් 11 අධිකරණයට
2025 අප්‍රේල් මස 23 214 0

හෙල්මට්වලින් පහර දී පාසල් සිසුවකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 2දෙදෙනකු අප්‍රේල් 29 දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමටත් වයස


ඩෑන් ප්‍රියසාද් ඝාතනය ගැන පැතිකඩ 3කින් විමර්ශන
2025 අප්‍රේල් මස 23 718 1

සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම කොළොන්නාව නගර සභා අපේක්ෂයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීමට පෙර ඉකුත් (20) දා ඇතිව තිබූ ආරවුලක් මත ත්‍රි රෝද රථයකට ම


මෙරට කෝටියක් ටින් අංක ලබාගෙන
2025 අප්‍රේල් මස 23 397 0

බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය මේ වනවිට වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලාංකිකයන් මිලියන 10 ක් පමණ ලබාගෙන තිබෙන බවත් තවත් මිලියන 7 ක් පමණ ටින් අ


මාතර බන්ධනාගාරයේ කලබලය සමනය කරයි
2025 අප්‍රේල් මස 23 229 0

මාතර බන්ධනාගාරයේ ඇතුළු නොසන්සුන් කාරී තත්වය පැය 17කට පමණ පසු පාලනය කිරීමට හැකි වූ බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 645 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 327 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 477 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site