
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ගෙවී ගිය කන්න තුනක කාලයේදී වී මිලදී ගැනීම සඳහා ක්‍රමානුකූල ක්‍රමවත් වැඩපිළිවෙලක් සැකසීමට ආණ්ඩුව අපොහොසත් වූ බව මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනී රෝහණී කුමාරි විජේරත්න මහත්මිය:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
"මේ මොහොත වන විට වී ගොවිතැනේ නියැලෙන ගොවීන් බරපතල ගැටලු රැසකට මුහුණ දී සිටිනවා. ගෙවී ගිය කන්න තුනක කාලයේදී වී මිලදී ගැනීම සඳහා ක්‍රමානුකූල ක්‍රමවත් වැඩපිළිවෙලක් සැකසීමට ආණ්ඩුව අපොහොසත් වුණා. ඔක්තෝබර්, නොවැම්බර් ,දෙසැම්බර් වැනි වකවානු වල වී ගොවියාගේ අස්වැන්න විකුණා ගැනීමට සුදුසුම කාලය ලෙස සැලකුවද අද වනවිට ඔවුන්ට ලැබෙන මිල රජයේ සහතික මිලට වඩා බෙහෙවින් අඩු මිලක්.මහා පරිමාණ මෝල් හිමියන් කීරි සම්බා වී මිලදී ගත්තද නාඩු වී මිලදී ගැනීමට පියවර නොගැනීම නිසා වී ගොවීන් බරපතළ අර්බුදයකට මුහුණ දී සිටිනවා.ගොවියාට වී අස්වැන්න විකුණා ගැනීමට නොහැකිව තිබියදී සහල් ආනයනය කිරීමද ගැටළු සහගතයි. රජයේ වී ගබඩා ප්‍රමාණවත් මිලදී ගැනීම් නොකර වසා දැමීම නිසා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් වී මිලදී ගැනීම අඩපණ වී තිබෙනවා යනුවෙන්ද මන්ත්‍රීවරිය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd