බ්‍රිතාන්‍යයේ සේවය හමාර කළ නියෝජ්‍ය මහා කොමසාරිස් පී.එම්. අම්සාට උපහාර දැක්වීමේ උත්සවයක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා සර්වපාක්ෂික කමිටු සභාපති නෙසබි සාමිවරයාගේ ප්‍රධානත්වයෙන් වෙස්මිනිස්ටර් ශාලාවේදී පැවැත්විණි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්දිරයේ දී ශ්‍රී ලංකික රාජ්‍ය තාන්ත්‍රිකයකුට උපහාර දැක්වූ මුල්ම අවස්ථාව මෙයයි. උභය මන්ත්‍රි මණ්ඩල මන්ත්‍රීවරු ද ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයෝ ද, විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩල නිලධරයෝ ද, ශ්‍රී ලංකිකයෝ ද, මේ අවස්ථවට පැමිණ සිටියහ. අමාරුම හා දුෂ්කර අවස්ථාව දී අම්සා මහතා දෙරට අතර සම්බඳතා වර්ධනය කරමින් බ්‍රිතාන්‍ය යේ සිටින ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාවලියට දායක කර ගැනීමට ගත් උත්සහාය නෙසබි සාමිවරයාගේ පැසැසුමට ලක් විය. අම්සා මහතා බටහිර ජර්මනියේ නියෝජ්‍ය තානාපති ලෙස වැඩ බාරගැනීමට නියමිතය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් බටහිර ජර්මනිය කියල රටක් නැහැනේ ඒ දෙක එකතු වුනේ 1991