එය වූකලී කාලිංග මාඝගේ ආක‍්‍රමණයෙන් පසු පොළොන්නරු රාජධානිය අතහැර සිංහල රාජධානිය දඹදෙනිය බවට පත් කර දඹදෙනි පව්ව මත මාලිගයක් තනවා තුන්වන විජයබාහු රජතුමා රජකම් කරන සමය වේ.
රජතුමාගේ පළමු අගබිසව දරු ප‍්‍රසූතියේ දී මිය යයි. ඇයට දාව මෙලොව එළිය දකින්නේ පරාක‍්‍රමබාහු කුමරු ය. ඉන්පසු කුමරුට මවක් වන්නේ වෙනත් කාන්තාවකි. එනම් විජයබාහු රජුගේ දෙවැනි බිසව වන යෝනක වංශයේ බිසවයි. මෙම බිසවට ද කුමාරයකු උපදියි. ඔහු වත්හිමි නම් වේ. රාජ සම්ප‍්‍රදාය අනුව පරාක‍්‍රමබාහු කුමාරයාට ඊළඟ රජකම හිමි විය යුතු වුවද, යෝනක බිසවගේ පෙරැුත්ත මත වත්හිමි කුමාරයාට ඊළඟ රජකම උරුම වේ. නමුත් මෙම තීරණයට බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ විරෝධයක් පවතී. ඉන්පසු රජකම ලැබෙන්නේ පරාක‍්‍රමබාහු කුමාරයාටද? නැතහොත් වත්හිමි කුමාරයාට ද? ඒ ගැන දැනගත හැකි වන්නේ ප‍්‍රවීණ සිනමාකරු සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ, ”සිරි පැරකුම්” චිත‍්‍රපටය නැරඹීමෙනි. හෙට අනිද්දා දිනෙක එය තිරගත කිරීමට නියමිතව තිබියදී අපගේ මේ සූදානම එම චිත‍්‍රපටයේ රූගත කිරීම් සිදු කළ අවස්ථාවල දී මුහුණදුන් සිදුවීම් ගැන විස්තරයක් ගෙන ඒමට ය. දැවැන්ත සිනමා නිෂ්පාදනයක් වන සිරිපැරකුම් නිෂ්පාදන ක‍්‍රියාවලිය සිදු වෙමින් තිබිය දී මුහුණදුන් සිදුවීම් ගැන විස්තර කිරීමට අප හා එක්වුණේ එහි නිෂ්පාදිකා රේණුකා බාලසූරියයි.
සිරි පැරකුම් රූගත කළ විදිය
සිරි පැරකුම් චිත‍්‍රපටයේ ප‍්‍රධාන පසුතලය ලෙස තෝරාගෙන තිබුණේ මාතලේ අඹන ප‍්‍රදේශයයි. ඒ පළාත හරිම ලස්සනයි. ගංගා, ඇළ දොළ, කඳු වැටි මේ සියල්ල අතරේ තමයි රූගත කිරීම් සිදු කළේ. එක්තරා අවස්ථාවක අඹන් ගඟ මැද රූගත කිරීම් යොදාගෙන තිබුණා. මේ නිසා ගෙඟ් ජල මට්ටම වැඩි වෙනවා නම් ඒ ගැන අපට දැනුම්දෙන ලෙසත් පිරිසකට දන්වා සිටියා. මොකද ගඟ මැද රූගත කිරීම් සිදු කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි. ඒ වෙනුවෙන් විශාල පෙර සූදානමක් සැලසුමක් තිබිය යුතුයි. ඒ සියල්ල
සම්පාදනය කොට අප රූගත කිරීම් සිදු කරමින් සිටිය දී ෂූටිං බලන්න ආව කෙනෙක් ගං ඉවුරේ ඇති ගස් උඩ යන අයුරු දැක වතුර එනවා කියලා කෑ ගහන්න පටන් ගත්තා. මේ වන විට මෙම දර්ශනයට අදාළ ළමුන් සහ එයාලගෙ දෙමාපියන් ඇතුළු බොහෝ පිරිසක් මේ අවට සිටියේය. වැඩිහිටි අය එක් වෙලා අතින් අතට ගෙන ළමයින්ව ඈතට ගත්තා. ළමයින්ව ගං ඉවුරට වීසි කළා කිව්වොත් හරි. ඉන්පස්සේ අපි හැකි විදියට ආම්පන්න අරගෙන දුවන්න පටන් ගත්තා. මගේ එක් පාදයක් තුවාල වුණා. නිෂ්පාදක කණ්ඩායමේ එක් අයකුගේ කකුල කැපී ලේ ගලන්න පටන් ගත්තා. කොහොම වුණත්, එදා අපි බේරුණේ පූරුවේ පිනකටමයි. එතෙක් අපි රැුස්කරගෙන සිටි පිං ඔක්කොම හිලව් වෙන්න ඇති. ඒ තරමටම පුදුම හාස්කමකට වගෙයි අපි බේරුණේ.
ඊළඟට තිබුණු ලොකුම දර්ශන පෙළ වුණේ වප් මඟුල් දර්ශන පෙළයි. මේ සඳහා තෝරාගෙන තිබුණේ අඹන වෙල්යායයි. මෙම වෙල්යායේ අඩි තුනක් විතර එරෙන තරමට පස බුරුල්. නමුත් යොදාගෙන තිබූ විදියට අපට රූගත කිරීම් නතර කරන්නත් බැහැ. ඒ නිසා රූගත කිරීම් පටන් ගත්තා. මෙම මඬේ බැස රූගත කරන දර්ශන පෙළ දින තුනක් වැනි කාලයක් පුරා කිරීමට සිදුවුණා. මේ නිසා බොහෝදෙනකුට අසනීප වෙලා රෝහල්ගත කරන්නත් සිද්ධ වුණා. පාලිත සිල්වා රංගන ශිල්පියාට මාසයක් විතර ප‍්‍රතිකාර ගන්න සිද්ධ වුණා. සමහරවිට අද යොදා ගන්නා කෘෂි රසායන පසට මිශ‍්‍ර වී තිබීම නිසා ඒ විදියට අපි ඔක්කොම ලෙඩ වුණාද දන්නේ නැහැ.
තවත් දර්ශන පෙළක් රූගත කිරීම් යොදාගෙන තිබුණේ කන්දක් උඩයි. මෙම කන්දට නගින එක ලෙහෙසි වුණේ නැහැ. එතරම්ම අසීරු කටයුත්තක් වුණා. එය හරි කෙලින් පිහිටි එකක් වීම ඊට හේතුවයි. කිලෝමීටර් තුනක් පමණ මුදුනට නගින්න සිද්ධ වුණේ ඒ විදියටයි. මේ නිසා සමහර අයව උඩට ගත්තේ කඹ යොදාගෙනයි. ආහාරපාන පවා උඩට ගෙනයාම සිදු කළේ සමහර අවස්ථාවල දී ඒ විදියටයි. සෙසු චරිත සඳහා තෝරාගෙන සිටි අතිරේක ළමයින් මේ දුෂ්කරතාවය නිසාම ෂූටිං නෑවිත් නතර වුණා. හැබැයි එක් දෙයක් කියන්නම ඕනෑ. මේ අසීරු කන්ද තරණය කළ පසු ශ්‍රී ලංකාවේ සුන්දරම දර්ශනය පෙනෙන්නේ එතැනට යන වග සඳහන් කළ යුතුමයි.
මෙම චිත‍්‍රපටය සඳහා විශාල පිරිසක් දායක වූ නිසා නවාතැන් සැපයීම මෙන්ම ආහාරපාන සැපයීම ඉතා අසීරු ඉලක්කයක් වුණේ මාතලේ ප‍්‍රදේශයේ ඒ සඳහා ප‍්‍රමාණවත් ස්ථාන නොවූ නිසයි. මේ නිසා දඹුල්ල ප‍්‍රදේශයේ නවාතැන් සඳහා ස්ථාන වෙන් කරගැනීමට සිදු වුණා. නමුත් උදේ පාන්දරම අවදි වී නැවත අපි ඔක්කොටම මාතලේ බලා යාම ඉතා අසීරු දෙයක් වුණා. ඒත් කවුරුවත් ඒ අසීරුතාවය ගැන හිතුවෙ නැහැ. චිත‍්‍රපටයෙ රූගත කිරීම් කළ කාලයේ දී මේ නිසා සමහරුන්ට නිදාගන්නවත් කාලයක් තිබුණෙ නැහැ. උදේ පාන්දර හතරට අවදි වෙලා දර්ශන තලයට යන කට්ටිය නැවත නවාතැන් සඳහා රාත‍්‍රී දොළහත් පහුවෙලා එන අවස්ථා තිබුණා. මේ නිසා වේෂ නිරූපණ ශිල්පීන් චිත‍්‍රපටය සඳහා විශාල කැප කිරීමක් කළේ. එයාලා එක් දිනක්වත් නිදා ගත්තෙ නැහැ.
මේ විදියට විවිධ දුෂ්කරතා අතරේ මෙන්ම විටෙක අපේ ජීවිත ගැන පවා නොසිතා කළ චිත‍්‍රපටයක් ලෙස අතිශයෝක්තියකින් තොරව මෙම ”සිරිපැරකුම්” චිත‍්‍රපටය සඳහන් කළ හැකියි. මේ වෙනුවෙන් දායක වූ ළමා නිළි පිරිස මෙන්ම ප‍්‍රවීන නළු නිළි පිරිසත්, සියලූ අංශවලට දායක වූ සියලූ දෙනා කළ දුෂ්කර ක‍්‍රියාවේ සුන්දර ඵලයක් ලෙසත් සඳහන් කරන්න පුළුවන්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ලස්සනයි. නියමයි (නි)
නියම චිත්‍රපටිය... (නි)
ලංකාවේ කාන්තාවන් තනපටයට උඩින් තවත් තනපටයක් මේ විදියට ඇන්දා කියලා මම නම් හිතන්නේ නැහැ. එහෙම දෙය්ක කොහේවත් ලියැවිලාත් නැහැ නේද? (නි)
බලන්නකෝ බික්ෂූන් වහන්සේලා විශේෂයෙන්ම බොදු බල සේනාව මේකට මොනවා හරි නොකීවොත් තම පුදුමය. මොකද කිවුවොත් "වත් හිමි කුමරු" කියන්නේ මුස්ලිම් කුමාරයෙක් නිසා. අපගේ රට ශ්‍රී ලංකාව තමා නමුත් හැම ආගමකම අය මෙහි සිටිනවා (නි)
රජ කතා ෆිල්ම් එකකට ගත්තට කමක් නැහැ . ඒවා වෙනස් කරන්නේ නැතිව.(නදී)
මෙවැනි නිර්මාණ තව තවත් කිරීමට දිරිය ලැබෙවා !(ස)
පුද්ගල විවේචනය නවත්තලා නිර්මාණය බලලා ඉමු .ඊට පස්සේ කතා කරමු (නි)
අතීත චරිත විකෘති නොකර කළ නිර්මාණයක් නම් හොදයි. (නි)
කුමාරිහාමි, බාහු ගැන නෙමෙයි ෆිල්මි එක ගැන අදහසක් දෙන්න බැරිද? (නි)
ඇති විශිෂ්ට නිර්මාණයක්
ලාල් අයියේ, ශාලා 55 ක පෙන්නන්න පිඹුරුපත් සකස් කරන්න එක්තරා කඩේ යන නලුවෙකුත් උදව් වෙලා තියෙනවා තම දේශපාලන හයිය පෙන්නන්න. කුපිත වුන අහිංසක කලාකරුවන් මීට විරුද්ධව අත්සන් කරන්නට යෙදුනු 'පෙත්සම' මෙම නළුවාට මුලින්ම අත්සන් කරන්න කී බැවින් ඔහු එය අත්සන් කර 'ගලේ පැහැරූ බල්ලාට' වුනු අකරතැබ්බය ඔහුටද වී ඇත.(නදී)
මෙම චිත්‍රපටිය ජාතික වීරත්වය මවා දක්වනවා කීවාට මේ අය දේශපාලන බලපුළුවන්කාර කමින් ජාතික සම්මුතිය වන සිනමාශාලා 35ක දර්ශන පැවැත්වීම වෙනුවට සිනමාශාලා 55ක එකවර පෙන්වන්න උත්සහ කර එය සිංහල කලාකරුවන්ගේ දැඩි විවේචන මධ්‍යයේ නවතා දමන්න සිදුවුණා. කාගේ කාගේත් අරමුණ කුමන ආකාරයෙන් හෝ මුදල් ඉපයීමයි.(නදී)
විශිෂ්ට නිර්මානයක් (නි)
චිත්‍රපටියක් හදන්න තරම් ප්‍රබල මාතෘකාවක්ද මෙක ? සොමරත්න මහතාගෙ චිත්‍රපට හරිම එකාකාරියි. චිත්‍රපටි හදන්න ගිහින් වෙච්ච අකරතෑබ්බ කියන එක මාකට් විලාසිතාවක් වෙලා.(නදී)
සුභපැතුම් ඔබට (දී)
දීප්ත, ඔය නොදන්නවාට ලෝකේ පුරා රජ කතා ජනප්‍රියයි. (නි)
ලස්සන වැඩක්. (ස)
ලස්සන මිනුස්සුන්ගේ හදවතත් ලස්සන වෙන්න ඕන. මීට ඉස්සෙල්ල එන්න තිබුන ෆිල්ම් වලට මොකද වුනේ? (ස)
සිංහල සිනමාවට හැඩිදැඩි නළුවන් අවශ්‍ය කාලයේ අකිලගේ සම්ප්‍රාප්තිය අගෙයි. නැත්නම් හැමදාම හොලිවුඩ් බොලිවුඩ් සිනමාවට බැන බැන ඉන්නයි වෙන්නේ. රන්ජන් වැඩිහිටි චරිත කරන කාලේ එද්දී කොල්ලා චරිතෙට මේ වගේ ජව සම්පන්න කොල්ලෝ ඉන්න ඕනෑ. මෙතෙක් සිටි බොහොමයක් නළුවන්ගේ බාහුවල මස් නැතිවීම ප්‍රේක්ෂකයන්ගේ සරදමට ලක් වුණා. (නි)
ඉතිහාසය විතුනගෙන කන කට්ටිය.(නදී)
විශිෂ්ට නිර්මාණයක්
මගේ සුභපැතුම්
දීප්ත, රටට අපහාස කරන නිර්මාණ බිහිකරන උදවිය දැක දැක මුනිවත රකින ඔබතුමන්ලා රටා ගැලපෙන නිර්මාණයක් දැක්කම එය විවේචනය කරන්න තරම් පහත් තැනකට වැටිලද ? ලැජ්ජයි (නි)
කෝටිපතියෝ තමුන්ගේ රට වෙනුවෙන්, අහිංසක මිනිස්සු වෙනුවෙන් මොනවද කළේ? ඒක තමයි මේ අයට විරුවන් කියන්නේ (නි)
ඔය තරම් දඟලලා රජකතා, ජාතක කතා වෙනස් කරන්න ඕනෑද? ඇයි අලුත් තේමාවක් යටතේ හොඳ නිෂ්පාදනයක් කරන්න බැරි? (නි)
සිංහලකම රකින මෙවැනි උතුම් ගුණ ඇති වැඩිහිටියන්ට නූතන පරම්පරාවේ ප්‍රණාමය! (නි)
සෝමරත්න මහත්තයෝ, පුලුවන්නම් අර ද්‍රෝහී නිර්මාණ ශිල්පියන්ට අපේකම ගැන කියලා දෙන්න (නි)
ෂාහ් අනුර, ඔයා කියන විදියට මේ අයට වීරවරු කිවුවොත් අගේට තියෙයි.මොවුන් සිංහලකම ගැන ෆිල්ම්ස් හැදුවට සිංහලකම රැකපු උදවියද කියා අපි දන්නේ නැහැනේ. ඒ කෙසේවෙතත් ඒ ඔබගේ වීරවරු නම් මට එය ගැටලුවක් නොවේ (නි)
මැඩම්, ඔයාලා අපේ සිංහලකම ගැන හරියට හිතනවා. ඔබලා අපේ විරුවරු කිවුවොත් මම නිවැරදියි (නි)
සෝමරත්න දිසානායක නේද මේ නිර්මාණය කළේ? (නි)
ලස්සනයි. (ස)