චෙන්නායිහි ඊයේ (27) පැවැති අයි. පී. එල්. ක‍්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයේදී මන්වින්දර් බිස්ලා (89) සහ ජැක් කලිස් (69) ගේ විශිෂ්ඨ පිතිහරඹය නිසා කොල්කටා නයිට් රයිඩර්ස් පිල චෙන්නායි සුපර් කිංග්ස් පිල කඩුුලූ 5 කින් පරාජය කරමින් ශුරතාව දිනාගත්තේය. කාසියේ වාසිය දීනු චෙන්නායි පිල පළමුව පන්දුවට පහර දිමට පැමිණි අතර ඔවුන් පන්දුවාර 20 තුලදී කඩුලූ 3 ක් දැවී ලකුණු 190 ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කර කොල්කටා පිල ඕවර 19. 4 දී ලකුණු 192 ක් ලබා ගනිමින් ජය අත්කර ගත්තේය. මන්වින්දර් බිස්ලා පන්දු 48 දී හතරේ පහර 8 ක් සහ හයේ පහර 5 ක් සමගින් වෙගවත් ලකුණු 89 ලබා දෙමින් නයිට් රයිඩර්ස් පිලට ජයමාවත පදා දුන්නේය. අවසාන මහා තරගයේ වීරයා ලෙස මන්වින්දර් බිස්ලා සම්මාන දීනා ගත්තේය. කොල්කටා කණ්ඩායම අවසාන මහා තරගයට සුදුසුකම් ලැබු පළමු අවස්ථාව මෙය වන අතර චෙන්නායි පිල ගිය වර අයි. පී. එල්. ක‍්‍රිකට් ශුරතාවය දීනා ගත් කණ්ඩායම වේ. චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 20 කදී කඩුලූ 3 ට 190 (මයිකල් හසී 54, මුරලි විජේ 42, සුරේෂ් රයිනා 74) කොල්කාටා නයිට් රයිඩර්ස් ඕවර 19.4 කදී කඩුලූ 5 ට 192 ( මන්වින්දර් බිස්ලා 89, ජැක් කලිස් 69)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොල්කාටා නයිට් රයිඩර්ස් ඕවර 20 කදී කඩුලූ ට 140 ( මන්වින්දර් බිස්ලා 89, ජැක් කලිස් 69)
පුවත වැරදි නේද??
මොකක්ද වැරදී නිව්ස් එක හරිනේ
මොකක්ද වැරදී, නිව්ස් එක හරිනේ
හොද නිවුස් එකක්
හොඳ නිව්ස් එකක්..
CSK මැච් එක වික්කා
සුමිත් ඔයා පොඩ්ඩක් නැගිටලා ඉඳගන්න කෝ.....