(නලක සංජීව දහනායක)
අයවැය තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විරුද්ධව ඡන්දය පාවිච්චි නොකරන්නේනම් නව දේශපාලන සන්ධානයක් ගොඩනැඟීම සඳහා ඔවුන් සමඟ පවත්වන සාකච්ඡාවලින් වහාම ඉවත්විය යුතුයැයි එකාබද්ධ විපක්‍ෂයේ තරුණ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විපක්‍ෂනායකවරයාට දැනුම්දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එක්සත් ජාතික පක්‍ෂ විරෝධී දේශපාලන සන්ධානයක් ගොඩනැඟීම සදහා තමන් සමඟ සාකච්ඡා පවත්වන අතරතුර එ.ජා.ප ආණ්ඩුව ආරක්‍ෂාකිරීමට කටයුතු කරන්නේනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ තවදුරටත් සාකච්ඡා පැවැත්වීමෙන් කිසිඳු ඵලක් නොවන බව තරුණ මන්ත‍්‍රීවරුන් විපක්‍ෂනායකවරයාට දැනුම් දී ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි.
කෙසේ වෙතත් මේ මොහොතේදී ආවේගශීලී නොවී ඉවසීමෙන් දේශපාලනය කළ යුතු බව තරුණ මන්ත‍්‍රී කණ්ඩායමට පෙන්වාදී ඇති විපක්‍ෂනායකවරයා රජයට එරෙහි සියලූම දේශපාලන කණ්ඩායම් එකතු කරගනිමින් පාර්ලිමේන්තුව තුළදී හා ඉන් පිටතිදී රජය විවේචනය කර කෙසේ හෝ මැතිවරණයක් ලබාගැනීමට ක‍්‍රියාකළ යුතු යැයි පවසා ඇති බව වාර්තාවේ.
පසුගිය සදුදා දිනයේදී පාර්ලිමේන්තුවේ පැවැති සාකච්ඡාවකදී එක්බද්ධ විපක්‍ෂයේ තරුණ මන්ත‍්‍රීවරුන් මේ සම්බන්ධයෙන් විපක්‍ෂනායකවරයා දැනුවත් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති
ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත
වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද
දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව
රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අයවැයට ශ්‍රීලනිපය විරුද්ධ නොවන්නේ නම් ඒකාබද්ධය සාකච්ඡාවලින් ඉවත් වෙනවාලු
kule Wednesday, 03 April 2019 02:17 PM
ටොම් පචයා සහ චින් චින් නෝනා සමග ගෙවන දවල් මිගෙල්, රෑ දනියෙල් හාදකම නවත්වයිද?
Amila Wednesday, 03 April 2019 02:35 PM
ඉස්සර සිරිගේ ශ්‍රී ලනිපය දවල්ට යූන්පී එකත් එක්ක බුදියගෙන රෑට හොරෙන් හොරෙන් පොහොට්ටුවේ අයත් එක්ක බුදියගත්තා. දැන් දවල්ට පොහොට්ටුව එක්ක බුදියගෙන රෑට අායෙත් හොරෙන් හොරෙන් යූන්පී එකත් එක්ක බුදියනවා...! සමහර විට අර පරණම ජොබ් එක කරන අයගෙන් පැවත එන අය වෙන්න ඇති..!
SuddaThursday, 04 April 2019 01:07 AM
මෛත්‍රී ජනාධිපතිතුමා පත්තර බලනවා කියන නිසා මේ දවසේ කියමන දැකලා තමන්ගේ තත්ත්වය ගැන රටවැසියන්ගෙන් සමහරෙක්වත් හිතන හැටි තේරුම් ගනීවි කියල හිතනවා. ඇත්තම කියනවනම් මේ හැසිරීම් පරණම ජොබ් එකටත් ලැජ්ජාවක්. මේ කරන්නේ තුන්වෙනි සිල්පදය කැඩීමක්.
Hafeel Wednesday, 03 April 2019 03:07 PM
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට දොස් කියන්න නැතුව, ඔයාලාගේ ඩලස්ට දොස් කියන්න. ඩලස්නේ කිව්වේ අයවැය පරද්දන්න බැහැ කියලා...
sirimal Wednesday, 03 April 2019 04:43 PM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ඔය සාකච්ඡා පවත්වන්නේ සිරිසේන මහත්තයාට ජනාධිපති අපේක්ෂත්වය දෙන්න හිතාගෙන නොවෙන බව ඕනෑම කෙනෙක් දන්නවානේ. දැන් තමන්ගේ පුරවැසිභාවය අවලංගු කර ගැනීම සඳහා ඇමෙරිකාවට ගිහින් ඉන්න අයිය මලෝ දෙන්නා එම වැඩේ සාර්ථක කරගෙන ආපසු එන දවසේ පටන් රණ බෙර, මල්වෙඩි, පෙරහැර පටන්ගෙන අපේක්ෂකයා කවුද කියනඑක රටටම හෙළිකරාවි. ඒ ගොල්ලෝ ඒ වැඩේට කොහොමත් අති දක්ෂයෝනේ. වැඩේ සරුව පිත්තල වුනාට දඹ රත්තරන් හැටියට උකහා පෙන්වන්න දැන් ඕනෑවටත් වැඩිය මාධ්‍ය සමාගම් සැදී පැහැදී ඉන්නවනේ. එ්කාබද්ධයේ සමහරක් දෙනා සහ පොහොට්ටුවේ සියල්ලන්ගේම ඒකායන අරමුණ කෙලෙසින් හෝ තමන්ගේ ජනාධිපති අපේක්ෂකයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ටික ලබා ගැනීමට අවශ්‍ය පාර කපා ගන්න එකනේ. කවුද එ්ක නොදන්නේ? දැන් ඔය විල්පත්තුවක් අල්ලාගෙන ගෙනයන සෙප්පඩ විජ්ජාවත් අලුතෙන් ඡන්දය හිමිකරගෙන ඇති රටේ තරුණ තරුණයින් හැකිතරම් දෙනා තමන්ගේ පැත්තට හරවා ගැනීම සඳහා යොදාගන්නා පොහොට්ටුවේ සූක්ෂ්ම වැඩ පිළිවෙලක් කියලයි ඒක මෙහෙයවන කට්ටිය දැක්කහම අපට නම් හිතෙන්නේ. අන්තර්ජාලය තමා මේ සියල්ලගේම රණබිම කරගෙන තියෙන්නේ...
Nissanka Thursday, 04 April 2019 03:16 AM
එපා වාහෙට හොදි බෙදනවා වගේද? පල නොකියා පලා බෙදනවාවත්ද? කොහොම උනත් නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් ඕනලු. පොහොට්ටුවට ඕන උනේ ශ්‍රීලනිප ආණ්ඩුවෙන් ගලවන්න. අන්තිමේදී මෛත්‍රීට අල්ලපු අත්තත් නැහැ. පය ගහපු අත්තත් නැහැ.
sirimal Thursday, 04 April 2019 08:31 AM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ඔය සාකච්ඡා පවත්වන්නේ සිරිසේන මහත්තයාට ජනාධිපති අපේක්ෂත්වය දෙන්න හිතාගෙන නොවෙන බව ඕනෑම කෙනෙක් දන්නවානේ. දැන් තමන්ගේ පුරවැසිභාවය අවලංගු කර ගැනීම සඳහා ඇමෙරිකාවට ගිහින් ඉන්න අයිය මලෝ දෙන්නා එම වැඩේ සාර්ථක කරගෙන ආපසු එන දවසේ පටන් රණ බෙර, මල්වෙඩි, පෙරහැර පටන්ගෙන අපේක්ෂකයා කවුද කියනඑක රටටම හෙළිකරාවි. ඒගොල්ලෝ ඒ වැඩේට කොහොමත් අති දක්ෂයෝ නේ. වැඩේ සරුව පිත්තල උනාට දඹ රත්තරන් හැටියට උකහා පෙන්වන්න සැදී පැහැදී ඉන්නවානේ. එකා බද්ධයේ සමහරක් දෙනා සහ පොහොට්ටුවේ සියල්ලගේම ඒකායන අරමුණ කෙලෙසින් හෝ තමන්ගේ ජනාධිපති අපේක්ෂකයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ටික ලබා ගැනීමට අවශ්‍ය පාර කපා ගන්න එකනේ. කවුද එක නොදන්නේ? දැන් ඔය විල්පත්තුවක් අල්ලාගෙන ගෙන යන සෙප්පඩ විජ්ජාවත් අලුතෙන් ඡන්දය හිමිකරගෙන ඇති රටේ තරුණ තරුණයින් හැකිතරම් දෙනා තමන්ගේ පැත්තට හරවා ගැනීම සඳහා යොදාගන්නා පොහොට්ටුවේ සුක්ෂ්ම වැඩ පිළිවෙලක් කියලයි ඒක මෙහෙයවන කට්ටිය දැක්කහම අපටනම් හිතෙන්නේ. අන්තර් ජාලය තමා මේ සියල්ලගේම රණබිම කරගෙන තියෙන්නේ. තරුණ තරුණියන් දස ලක්ෂයක් එකතු කරගන්න එකලු අධිෂ්ඨානය.