මෙවර අයවැයෙන් පළාත් සභා වලට සිදුව ඇති අසාධාරණය ගැන ජනපතිට දැන්වීමට සිදුවන බව බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය පවසයි.
“රටක් විදියට ඉදිරිපත් කරලා තියෙන අයවැය ගැන අපට ප්‍රශ්නයක් නැහැ.හැබැයි මෙවර පළාත් සභාවට මුදල් වෙන් කිරීමේදී අපිට විශාල අරියාදුවක් කරල තියෙනවා.2016 වසරට සාපේක්ෂව බස්නාහිර පළාත් සභාවේ ප්‍රතිපාදන වලින් මිලියන නවයක් පමණ කපා හැර තියෙනවා“යැයි ඔහු පැවසීය.
ඔහු මේ බව පැවසුයේ බණ්ඩාරගම අරුක්ගොඩ නිවුඩාව ප්‍රදේශයේ කාය වර්ධන මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ උත්සවයක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි පත්තරෙන් දැනගනීවි (හේ)
කායවර්ධන මධ්‍යස්ථාන වලට නම් සල්ලි වෙන් නොකෙරුවට කමක් නැහැ. (නි)
පළාත් සබා අහෝසි කළයුතුයි. ඕක නිකන් සල්ලි කන වැඩක් විතරයි (නි)
පවු අනේ ඔයාලා. තව ටික දවසක් ඔහොම යමු. මැතිවරණ කොමසාරිස් කියනවා පළාත් පාලන 100 කවත් ඡන්ද තියන්න ඕනෑ කියලා. එතකොට බලන්නකෝ මොකද වෙන්නේ කියලා. (නි)
මොනතරම් ප්‍රතිපාදන දුන්නත් ඒවායෙන් අඩක්වත් සංවර්ධනයට යොදවනවද කියන එක ජනතාව දන්නවා. කවදද අපට නිකැළැල් පක්ෂයක් බිහිවන්නේ. (නි)
අපේ ජනපති ඔය ගැන හොයලා බලලා මොකක්හරි කරයි (නි)
අනේ! ලබන ඡන්දෙදි යුඑන්පි, ශ්‍රී ලංකා, මහින්ද පිල තුනෙන්ම කැපිලා ඉතිහාසයේ කුණු බක්කියට වැටෙන චරිත අපි දැන්මම දන්නවා (නි)
"කුම්බලා මලු කෑවනම් දුක විදපන් බල්ලෝ" (අ)
කියන්න පුළුවන්. ඒත් කරන්න නම් බැහැ (නි)
සිරි, ඔබට ජයසිරි! (නි)
අනේ ඔයාලගේ කතා..? කියන්නේ ජනතා නියෝජිතයා කියලා. මහරගම අතුරු පාරවල් කිසිවක් හරියට නඩත්තු කරගන්න බැරි ඔයාලට මොන පළාත් සභාද? හොඳට තිබුණ කාර්පට් පාරවල් වතුර ගන්න හාරලා අවුරුද්දක් වෙලත් ඒවා වහලා දාන්න කාටවත් පේන්නේ නැහැ. (නි)
මම ඔබගේ ක්‍රියාකාරකම් සුපරීක්ෂාකාරීව අධ්‍යයනය කළෙමි. ඔබගේ නිර්භීතභාවය, විෂය බද්ධ තත්වයන් ඔස්සේ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමේ හැකියාව හා දේශයට ඇති අවංක ලැදියාව වැඩි කල් නොගොස් ඔබව වෙනත් මානයකට ඔසවා තබන බව විශ්වාසයි. සාධාරණත්වයේ නාමයෙන් විනයගරුකව ඉදිරියටම යන්න! (නි)
ඇත්තටම පළාත් සබා ඕනෑ නැහැ. බොරු වැඩ (නි)
ඇත්තටම පළාත් සබා ඕනෑ නැහැ. බලතල වැඩි කර ප්‍රාදේශීය සබා සහ ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ලේකම් හිටියම හොඳටම ඇති. පළාත් සබා සඳහා කරන නාස්තිකාර වියදම් ටික රටේ සංවර්ධනයට දාමු. (නි)