IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සිට රතු වරෙන්තුවේ පිටපතක් ඉල්ලයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ලක්ෂ්මන් අර්ජුන් මහේන්ද්‍රන් මහතා තමාට එරෙහිව ඇති චෝදනාවලට අදාළ සාක්ෂිවල සහ ශ්‍රී ලංකා අධිකරණයෙන් නිකුත් කර ඇති වරෙන්තුවේ පිටපත් ලබා දෙන ලෙස ජාත්‍යන්තර පොලිස් මූලස්ථානයෙන් ඉල්ලීමක් කර ඇතැයි නීතිපතිවරයා නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියට අද දැනුම් දුන්නාය.
 
ශ්‍රී ලංකා අධිකරණයෙන් අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එරෙහිව නිකුත් කර ඇති රතු නිවේදනය සහිත වරෙන්තුවේ සහ ඊට අදාළ සවිස්තර වාර්තාවල පිටපත් එම සැකකරු සිංගප්පූරුවේ ජාත්‍යන්තර පොලිස් ශාඛාව හරහා ඉල්ලා ඇති බවත් ඒවා ඔහු වෙත ලබාදීම සුදුසුදැයි ජාත්‍යන්තර පොලිසිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය සඳහන් කළාය.
 
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය මෙසේ පැවුසවේ පළමුවැනි සැකකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එරෙහිව වරෙන්තුව ක්‍රියාත්මක කිරීම පිළිබඳව මහේස්ත්‍රාත්වරිය කළ විමසුමකට පිළිතුරු දෙමිනි.
 
මේ සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ඉදිරි නඩු දිනයේ දී අධිකරණයට ලබා දෙන ලෙස මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
 
මෙම සැකකරු උදර්පන නීතිය යටතේ මෙරටට ගෙන්වා ගැනීම සඳහා අධිකරණයේ පවතින නඩු ගොනුවේ සහතික කළ සම්පූර්ණ පිටපතක් ගාස්තු රහිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරිය ඉකුත් අප්‍රේල් මස 27 වැනි දා අධිකරණයේ රෙජිස්ටාර්ට නියෝග කර තිබිණි.
 
අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවේ සිටිනා බවට නිරීක්ෂණය කරන බව ද නීතිපති දෙපාර්තමේන්තුව පැවසීය.



අදහස් (10)

අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සිට රතු වරෙන්තුවේ පිටපතක් ඉල්ලයි

K Perera Thursday, 23 August 2018 07:02 PM

අගමැති තමා මේ සේරටමට වගකියන්න ඕනේ !

:       0       520

Raveendra Friday, 24 August 2018 03:32 AM

මෙය තව වතාවක් මහජනතාව රැවටීමක් ද ???

:       0       78

සනත් Friday, 24 August 2018 04:11 AM

මහේන්ද්‍රන් හිර කූඩුවේ හිටියෙ නැතිවුනාට මානසිකව ඉන්නෙ අපායක. තමන්ගෙ වරදින් දුවගෙ කසාද මනුස්සයා මාස හයක් හිරේ දුක්විදිනව ඒක නිසා දුවගෙනුයි පවුලෙනුයි බැනුම් අහනව. ජ්‍යාතියන්තර ත්‍රස්තවාදියෙකුටවගේ රතු වරෙන්තු නිකුත්වෙනව. මට මෙහෙම වුනනම් හාර්ට් ඇටෑක් එකකින් වලකජ්ජ ගහනව.

:       5       114

CiscoFriday, 24 August 2018 06:46 AM

ඒ මොනවා වුනත් මේ සිදු වුනු පාඩුවට අපි බදු ගෙවනවා නේද? ඒවා අඩු වෙනවනම් අපිට කමක් නැහැ ඕනි ඇටක් එකකක්.

:       0       166

nuwan Friday, 24 August 2018 05:35 AM

යාළුවා ලගදි සින්ගප්පුර් ආවනේ ඉල්ලා ගත්තේ නැද්ද?

:       1       155

KANDEPOLA Friday, 24 August 2018 07:31 AM

ඇලෝසියස් රක්ෂිත බන්දගාරගතවීම, අර්ජුන් සිංගප්පුරුවට පලා යාම, මේ සේරම ඔය කුමන්ත්‍රණයේ කොටස්. මේ සියල්ල කෙසේ අහවර වුවත් පාඩු වුන සල්ලි ආයේ මේ රටේ ජනතාවට ලැබෙන්නේ නෑ. ඇලෝසියස් රක්ෂිත බන්ධනාගාර ගත වීම මායාවක්. අනාගතයේ කුමන රජයක් බලයට පත් වුනත් මේ අය බේරෙනවා. කොහොමත් මේ බැදුම්කර මගඩියේ කුමන්ත්‍රණකාරයා අර්ජුන් මහේන්ද්‍රන් නෙවෙයි.

:       1       288

RaveendraFriday, 24 August 2018 09:45 AM

කන්දෙපොළ මයා වෙත, ඔබ පවසා ඇත්තේ සහතික ඇත්තයි. සූත්තර පුංචා ඇතුළු නඩය මෙම හොරකමේ ඔස්තාර්ලාය.

:       0       38

sirimal Friday, 24 August 2018 08:39 AM

යාළුවා 2020 ඡන්දෙ ඉල්ලුවොත් දිනලා හමාරයි...

:       0       41

Bamunuarachchi Friday, 24 August 2018 09:58 AM

ඔයාගේ මිත්‍රයා රතු වරෙන්තුවේ පිටපතක් රිදී බන්දේසියක තියලා දේවි. මෙහාට එන්න අපි ඔබව ආරක්ෂා කරන්න සැදී පැහැදී ඉන්නවා...

:       0       1

Nandalal DE SILVA - France Sunday, 26 August 2018 05:54 PM

ස්වයං කැමැත්තෙන් හෝ නීතිය මගින් මෙයාව කුදලාගෙන ශ්‍රී ලංකාවට රැගෙන එමට පෙර එයා තමාගේ නඩුවේම "හොර පෙරකදෝරුවෙක්" හෝ "ගොඩ පෙරකදෝරුවෙක්" වීමට දඟලනවා, එයාගේ සංදර්ශන මගින් ! ඔච්චර මහන්සිවෙන්නේ නැතුව ඊළඟ ෆ්ලයිට් එකෙන් කොළඹට ගොඩ බැහැල එයාගේ අබ්බගාත් එක්කම ඔය නඩු විස්තර බලගත්තානම් මීට වඩා හොඳ නැද්ද ????

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මාතර බන්ධනාගාරයේ කලබලයක්
2025 අප්‍රේල් මස 22 110 0

මාතර බන්ධනාගාරයේ මේ වන විට නොසන්සුන්කාරී තත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ.


මෙල්බන් ගුවන් තොටේ දී අපේ අයට සේවා ගන්න කෙනෙක් තෝරයි
2025 අප්‍රේල් මස 22 440 0

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙහි දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ


අරාබි උප අගමැති ජනපති හමු වෙයි
2025 අප්‍රේල් මස 22 230 0

ශ්‍රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත


අර්චුනාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග
2025 අප්‍රේල් මස 22 318 0

රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්


පුංචි ඡන්ද අපෙක්ෂකයෝ පැරේ වැඩ නවතති
2025 අප්‍රේල් මස 22 384 0

හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා


’’ඉන්සියුලින් හිඟයක් නැහැ’’
2025 අප්‍රේල් මස 22 220 1

ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 579 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 305 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 460 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site