(රෝෂන් තුෂාර)

ත්‍රිකුණාමලය රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන්ට වියලි ආහාර ද්‍රව්‍ය සපයන සැපයුම්කරුගෙන් රුපියල් 1,235,000.00ක අල්ලස් මුදලක් ලබා ගත්තේ යැයි කියන සහකාර බන්ධානාගාර අධිකාරිවරයා අල්ලස් කොමිසම මගින් ඊයේ පස්වරුවේදී අත්අඩංගුවට ගත්තේය.

ත්‍රිකුණාමල බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරියේ රැඳවියන් සඳහා ආහාර ලබාදීමේ දී ඊට අදාළව වියළි ආහාර ද්‍රව්‍ය සපයන සැපයුම්කරුවන්ගේ බන්ධනාගාරයේ නියාමකරුවරයකු මාර්ගයෙන් අල්ලස් ඉල්ලා ලබා ගැනිම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම පැවසීය.

සැකකරු ත්‍රිකුණාමලයේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.