IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


අර්ජුනගේ අදහසට මහේල එකග නොවෙයි

ඉන්දියාවේ ප‍්‍රධානතම විස්සයි/20 කි‍්‍රකට් තරගාවලිය වන ‘අයි. පී. එල්.’ තරගාවලිය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක අර්ජුන රණතුංග ප‍්‍රකාශ කරන අදහස් ඔහුගේ ස්වාධීන අදහස් මිස ඒ සම්බන්ධයෙන් තමන්ට කිව හැකි කිසිවක් නැතැයි ශී‍්‍ර ලංකා නායක මහේල ජයවර්ධන පැවසූ බව යයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් පත වාර්තා කරයි. ඉන්දියාවේදී පැවැති පුවත් පත් සාකච්ඡාවකදී මහේල මේ බව පවසා තිබේ. මේ දිනවල පැවැත්වෙන අයි. පි. එල් තරගාවලියේදී දිල්ලි ඩෙයාර් ඩෙවිල් පිල වෙනුවෙන් කී‍්‍රඩා කරන මහේල එහි උපනායකයා ලෙසද කටයුතු කරයි. අර්ජුන රණතුංග පවසා සිටියේ අයි. පී. එල් තරගාවලිය කි‍්‍රකට් කී‍්‍රඩාවට හානියක් බවත්, සැබෑ ටෙස්්ට් කි‍්‍රකට් කී‍්‍රඩකයන් වෙනුවට එයින් (අයි. පී. එල්. තරගාවලියෙන්) බිහිවන්නේ මස්වැද්දන් වැනි කි‍්‍රකට් කී‍්‍රඩකයන් බවත්ය. ටෙස්ට් කි‍්‍රකට් පිටියේ ඉන්දීය පිල ලබා සිටින පසුබෑම සම්බන්ධයෙන් ඉන්දීය කි‍්‍රකට් බලධාරීන්ට පවා දොස් පැවරීමට 1996 දී ලෝක කි‍්‍රකට් කුසලානය ශී‍්‍ර ලංකාවට දිනා දුන් නායකයා පසුබට නොවීය. ”එය ඔහුගේ ස්වාධීන අදහසක්. මා හිතන්නේ නෑ ඔහු (අර්ජුන රණතුංග) අයි. පී. එල්. තරග ලෝලියෙක් කියා. ඒත් කි‍්‍රකට් කී‍්‍රඩාවේ මේ ස්වරූපය (වි/20) සම්බන්ධයෙන් ප‍්‍රසාදයක් දක්වන ලෝකයේ තවත් ශ්‍රේෂ්ඨ කී‍්‍රඩකයන් සිටිනවා” ”ඔවුන්ගේ අදහස මෙම කි‍්‍රකට් කී‍්‍රඩාව නිසා කී‍්‍රඩකයන් වඩාත් හොඳ තත්ත්වයකට පත්ව ඇති බවයි” යයිද මහේල ජයවර්ධන පැවසීය. මහේලගේ අදහස අනුව ඉන්දීය තුන් ඉරියව් කී‍්‍රඩක රවීන්ද්‍ර ජදේජා සහ  ඕස්ටේ‍්‍රලියාවේ ඬේවිඞ් වෝනර් අයි. පී. එල්. තරගාවලියෙන් ඉස්මතු වූ කී‍්‍රඩකයෝ වෙති. ”රවීන්ද්‍ර ජදේජා අන්තර්ජාතික තරග දිවියට පිවිසුනේ අයි. පී, එල්. තරගාවලියෙන්. ඔහු මේ වන විට විශාල දුරක් ගිය කී‍්‍රඩකයකු බවට පත්වෙලා, ඒක ඒ ඒ කී‍්‍රඩකයන් තමන්ගේ කී‍්‍රඩාව සකස් කර ගන්නා ආකාරය තමයි” ”ඬේවිඞ් වෝනර් ගන්න, අයි. පී. එල්. තරගාවලියේ ආරම්භයේ සිට ඔහු කොයිතරම් වෙනස් වෙලාද? දැන් ඔහු  ඕස්ටේ‍්‍රලියානු පිලේ ආරම්භක පිතිකරුවා. ඔහු ඉතාමත් ආක‍්‍රමණශීලීව පන්දුවට පහර දෙනවා. ඔහු ලබාගත් පළමු ශතකය තරගයේ ස්වරූපය සම්පූර්ණයෙන්ම වෙනස් කළා” යයිද මහේල පැවසීය. අයි. පී. එල්. තරගාවලිය නිසා තමන්ගේ කී‍්‍රඩාවද දියුණුවට පත්වූ බවත් මහේල පැවසීය. ”මගේ එක්දින තරග දිවිය වඩාත් හොඳ තත්ත්වයකට ගෙන එන්න, මා කිසියම් දෙයක් නිර්මාණය කළ යුතුව තිබුණා. ඒ නිසා මා ඉනිම ආරම්භ කරන්නත් පෙළඹුනා” යයිද මහේල ජයවර්ධන ඉන්දියාවේදී පැවැති පුවත් පත් සාකච්ඡාවකදී පවසා තිබිණ.



අදහස් (0)

අර්ජුනගේ අදහසට මහේල එකග නොවෙයි

සුසන්ත Saturday, 21 April 2012 05:32 PM

ඔබ හරි. මහේල ඔබට ජය වේවා

:       0       0

ජයරත්න ජයවර්ධන Saturday, 21 April 2012 06:19 PM

අර්ජුන කියන්නේ ජාතික වීරයෙක්.

:       0       0

චතුරංග Sunday, 22 April 2012 08:10 AM

කෝ ඉතින් වැඩක් වෙලා නැහැනෙ තාම

:       0       0

චානඛ්‍ය Sunday, 22 April 2012 09:06 AM

අර්ජුන හරි

:       0       0

චන්දන Sunday, 22 April 2012 10:59 AM

මහේල ඔබ හරි.

:       0       0

සිසිර Sunday, 22 April 2012 11:58 AM

අර්ජුන කියන්නේ ඇත්තටම ක්‍රිකට් වලට ආදරය කරන කෙනෙක්. එයාගෙන් වැඩ ගන්න දන්නේ නෑ.

:       0       0

සුමිත් Sunday, 22 April 2012 12:10 PM

අපිත් කැමතියි විස්සයි විස්සට තමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කුඩු කිලෝ 494ක් විනාශ කරයි
2025 අප්‍රේල් මස 28 220 0

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි


අධිවේගීයේ අනතුරින් අයෙක් මරුට 3කට තුවාල
2025 අප්‍රේල් මස 28 817 0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි


රතු ලේබල් ඇලවූ කන්ටේනර් 323ක් වරායෙන් පිට කරලා
2025 අප්‍රේල් මස 28 546 0

වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්


අමාත්‍ය බිමල් - පලස්තීන තානාපති අතර විශේෂ හමුවක්
2025 අප්‍රේල් මස 28 224 0

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍ය


කොම්පඤ්ඤවීදීය ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදයෙන් කෝටි 40ක පාඩුවක්
2025 අප්‍රේල් මස 28 845 0

කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය


අකුණු සැර වැදී කතක් මරුට
2025 අප්‍රේල් මස 28 198 0

අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1014 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 437 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 583 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site