IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


අරාබියේ මෙහෙකාර කමට කතුන් නොයවනු!

මැද පෙරදිග ගෘහ සේවය සඳහා කාන්තාවන් යැවීම වහා නතර කරන ලෙස ඉල්ලා ජාතික සංඝ සම්මේලනය සංවිධානය කළ පා ගමනක් කොළඹ විහාර මහා දේවි උද්‍යානය අසලින් ආරම්භ විය.
සඟ සමුළුව අරලිය ගහ මන්දිරය වෙත ගොස් ජනාධිපතිවරයාට සංදේශයක් බාර දුන්නේය.



අදහස් (0)

අරාබියේ මෙහෙකාර කමට කතුන් නොයවනු!

තිලක් Tuesday, 22 January 2013 11:50 PM

අරාබියට විතරක් නොවෙයි, ලෝකේ කොහෙවත් යන්න එපා (දී)

:       0       0

සිසිර Wednesday, 23 January 2013 04:29 PM

මේක නැවැත්තුවොත් ඇමතිවරුන්ගේ දීමනාත් අඩුකරන්න වෙයි. (නි)

:       0       0

දෝහා Wednesday, 23 January 2013 10:20 PM

අනේ මන්දා, මේවට හා කියන්නත් බැහැ. බැහැ කියන්නත් බැහැ. (නි)

:       0       0

ජීව Wednesday, 23 January 2013 12:11 AM

ඔව්, දැනට ඉන්න අයව තෑගි බෝග දීලා මුස්ලිම් ආගමට හරවගන්නත් එපා කියන්න. (නි)

:       0       0

දෝහා Wednesday, 23 January 2013 10:21 PM

මේ හැම දේටම හරිහමන් වැඩපිළිවෙළක් තියෙන්න ඕනෑ. (නි)

:       0       0

රෝහණ- ඩුබායි Saturday, 26 January 2013 12:56 PM

කරන්න පුලුවන්නම් මෙක හොද දෙයක්. ඒත් මෙක කරන්න අමාරුයි නේද අපේ ආර්තික ප්‍රශ්නත් එක්ක? මීට වඩා හොද දෙයක් තියෙනව කරන්න. රට එන කාන්තාවන්ගෙ සේවා ස්තාන ගැනත් සේවය ගනත් හොද පසු විපරමක් කරන්න කටයුතු කල යුතුයි. මොකද හැම අරාබි ජාතිකයාම නරක නෑ. ලංකාවෙ කාන්තාවන්ට ඔවුන් වඩාත්ම කැමති අපේ කාතවන් වෙන කිසිම ජාතියකට වඩා ළමයින්ට අදරය කරන නිසයි. මම ඉන්නෙ ඩුබායි අජ්මාන් වල. මගෙ යාලුවෙක්ගෙ අම්මයි අයියයි ඉන්නව මුශරීෆ් කියන පලාතෙ. අවුරුදු 30ක් එකම ගෙදර, අයිය අවුරුදු 20ක්. ඒ පලාතෙ නම් ඉන්න කිසිම කෙනෙක්ට කරදරයක් උනා කියල ආරංචියක් නෑ, තමන්ගෙ ගෙදර කෙනෙක්ට වගෙ සලකනව හැමතැනම වගේ.හැබැයි අපෙ සමහර කාන්තාවන්ගෙ වැරදි නිසා අමාරුවෙ වැටෙනව,අනියම් සම්බන්දකම් පටලවන්. එයාල නම් දුක් විඩිනව පස්සෙ.(නු)

:       0       0

දෝහා Wednesday, 23 January 2013 10:25 PM

කෙනෙක් කොහේ ගියත් කමක් නැහැ, හොද දැනුමකින් අවබෝධයකින් යනවා නම්. (නි)

:       0       0

සන්ධ්‍යා Wednesday, 23 January 2013 12:21 AM

ඔය වගේ උද්ඝෝෂණ ලංකාවට ඕනෑමයි. (නි)

:       0       0

සදුන් Saturday, 26 January 2013 01:16 PM

දුප්පත්කම අසරණ කම නැතිව රට ගොඩනැගන්නෙ නැතිව මෙයාලා රට යවන එක නැවැත්විය නොහැකියි..!(නු)

:       0       0

නිසාම් ඩුබායි Tuesday, 22 January 2013 05:47 PM

අපි හැමෝම මෙයට දායක විය යුතුයි.. අපිත් ඔබ සමගයි..!(නු)

:       0       0

මොහොමඩ් Saturday, 26 January 2013 01:16 PM

හරි ආඩම්බරයි ලංකාවෙ අය පත්තරේට හරි එකට කතා කරනවා..!(නු)

:       0       0

සෑම් Tuesday, 22 January 2013 05:50 PM

හරිම සතුටුයි. හැමදාම මෙහෙම කෙළින් සිටියොත් අනෙකුත් සියලු බලතල මහජන බලයට යටයි. (නි)

:       0       0

සමන්ති Saturday, 26 January 2013 01:16 PM

මේ විදියට රට යවන්නම ඕනෙද?(නු)

:       0       0

අභේ Tuesday, 22 January 2013 05:58 PM

ඉතා හොද ක්‍රියාවක්. (නි)

:       0       0

ඩේවිඩ් Wednesday, 23 January 2013 01:06 AM

ඒ කතාව ඇත්ත, දැන දැනම අමාරුවේ වැටෙන්න ඕනෙද (දී)

:       0       0

ෂාෆික් Wednesday, 23 January 2013 11:37 AM

ඉතා හොද ක්‍රියාවක් (ස)

:       0       0

බන්දුල Wednesday, 23 January 2013 04:54 PM

අතීතයේ පටන් අපේරට ආරක්ෂා කලේ අපේ සංගයා වහන්සේලා තමයි.. උන්වහන්සේලාට සහ අහිංසක සොල්දාදුවන්ට විතරමයි රට ගැන හැගීමක් තියෙන්නේ.. (නු)

:       0       0

රෝහන්ස් Tuesday, 22 January 2013 06:10 PM

හොද වැඩක්. මම ඉහළින්ම කැමතියි. (නි)

:       0       0

දමිත Wednesday, 23 January 2013 04:56 PM

කාන්තාවන්ගෙන් හම්බකරගෙන කෑවෙ නැහැ අපේ මුතුන් මිත්තන්..!(නු)

:       0       0

බන්දුල Wednesday, 23 January 2013 04:54 PM

අපේ රට ගැන සැබෑ ආදරයක් තියෙන්නේ කාටද කියලා හිතාගන්න පුළුවං..!(නු)

:       0       0

මංජුල Tuesday, 22 January 2013 06:14 PM

අපේ අය වෙහෙසෙන්නෙ 'කතුන්' මැදපෙරදිග යවන එක නවත්තන්න. අපේ අයගෙ ප්‍රධාන සටන් පාඨය 'රිසානා'. හැබැයි මුස්ලිම් මන්ත්‍රීලා යෝජනාව ගේන්න හදන්නෙ 'මුස්ලිම් කතුන්' මැදපෙරදිග යැවීම නවත්තන්න. වෙනස පේනවද? තව ඒගොල්ලොම කියනවා සිංහලයො ජාතිවාදීන්ලු??? (නි)

:       0       0

සමන්ත Wednesday, 23 January 2013 04:54 PM

ඇත්තටම අපට මේ අය රට යවන්නේ නැතිවම බැරිද(නු)

:       0       0

සංක Tuesday, 22 January 2013 06:21 PM

ඒ යෝජනාව රටේ ගෞරවය මත පිහිටා ගත්ත එකක (දී)

:       0       0

රොෂාන් Wednesday, 23 January 2013 11:57 AM

පළමුව හොර ඒජන්සිකරුවන් නැතිකරන්න ඕන.. බොරු කියලා කාන්තාවන් රට යවලා සල්ලි ගසා කනවා.. අපේ රටේ බඩු මිල නිසා මිනිසුන්ට ගොඩක් අමාරුයි.. ඒක නිසා තමයි මිනිසුන් රට රටවල යන්නේ..!(නු)

:       0       0

අරුණ Wednesday, 23 January 2013 04:59 PM

දැන් උදා වී ඇත්තේ සංඝයා වහන්සේලාට රටේ පාලනය පැවරිය යුතු සමයයි. (නි)

:       0       0

සුසන්ත Tuesday, 22 January 2013 06:25 PM

මංජුල හරියටම හරි. (නි)

:       0       0

අනුර Wednesday, 23 January 2013 03:27 AM

අයි මේ පිරිමි කට්ටිය කාන්තාවන් රට යවන එක නවත්තන එක‍‍ට මෙච්චර අකමැති.පිරිමිකම තිබ්බනම් ඇයි ඔයාලාට රට ගිහින් පවුල් නඩත්තු කරන්න බැරි. ඕකට කියන්නේ පිරිමි කම නෙවෙයි නිවට කම (ස)

:       0       0

සරත් Tuesday, 22 January 2013 06:27 PM

සති දෙකෙන් මේ ඔක්කොම කතා ගැන කාටවත් වගේ වගක් නැහැ. බලමුකෝ මම කියන්නේ බොරුද කියලා. (නි)

:       0       0

සම්පත් Wednesday, 23 January 2013 03:42 AM

ආගම් ‍භේධයක් නැතුව සියලුම කාන්තාවන් අරාබියට යවන එක නවත්වන්න. 90% කාන්තාවන් අරාබියේදී විවිධ හිරි හැර වලට ලක්වෙනවා (ස)

:       0       0

ෆාරු Thursday, 24 January 2013 02:07 PM

උද්ඝෝෂණය කරන් අය බෙන්ස් ‍වලින් යයි. එතකොට අපි ??? (ස)

:       0       0

සිල්වා Tuesday, 22 January 2013 06:32 PM

හොද වැඩක්. මේ රටේ වෙන අනෙක් විෂාමාචාර වලටත් අපේ පූජක පක්ෂය මෙහෙම මැදිහත් වෙනාව නම් කොච්චර හොදද? (නි)

:       0       0

ප්‍රියා Tuesday, 22 January 2013 06:39 PM

කොහොමත් සිංහලයා මෝඩයි තමයි. (නි)

:       0       0

මාතර දුසන්ත Wednesday, 23 January 2013 05:23 AM

අම්මලා රට ඉදලා එවන මුදල් වලින් ඇතැම් තාත්තලා මත්වතුර බොනවා. දරුවො අනාතයි. පවුල් අනාතයි. අපේ ලංකා කාන්තාවන්ට මොනතරම් රැකියා තිබෙනවද කියලා බලන්න ඉරිදා ලංකාදීප ලහිපිට බලන්න. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 23 January 2013 05:24 AM

රිසානා දුවට එසේ සිදුනොවන්න මේ කතාන්දර නොතිබෙන්න තිබුණා. (නි)

:       0       0

කමල් Tuesday, 22 January 2013 06:54 PM

අපිටත් නොතේරෙනවා නෙමෙයි මංජුල. ඒත් අපේම අය අපිවම පාවලා දෙනවනේ. (නි)

:       0       0

විරාජ් Tuesday, 22 January 2013 06:56 PM

මෙවන් ක්‍රියා තුළින් පවුල් සංස්ථාව රැකේ. (නි)

:       0       0

මාලක Wednesday, 23 January 2013 06:11 AM

මෙච්චරයි මේ කට්ටියට අඩුවෙලා තිබුණේ. (නි)

:       0       0

ගාල්ලේ සමන් Wednesday, 23 January 2013 06:28 AM

රට දියුණුයි නම්, මහ බැංකුව ඔය කියන තරම් ආර්ථික වර්ධනයක් තිබෙනවා නම්, මේ රටේ තරැණියන් දහදුක් විදින්න පිටරට යන්නේ ඇයි ද යන්න මට සිතා ගත නොහැකියි. (නි)

:       0       0

ධම්මපාල Thursday, 24 January 2013 02:49 PM

එතකොට දැං පන්සල් ටික බාරගන්නෙ කවුද? රටේ පාලනය සංඝයාට දුන්නාම..! (නු)

:       0       0

කමල් Tuesday, 22 January 2013 07:12 PM

බංගලාදේශය අපිට වඩා හුගක් පහතින් ඉන්න රටක් වුණත් එයාලා එයාලගේ ගැහැණුන්ව රට යවන්නෙ නැහැ. (නි)

:       0       0

ප්‍රදීප් Wednesday, 23 January 2013 07:14 AM

බඩු මිලටත් යමුකෝ පෙරට. (නි)

:       0       0

රඛිත් Wednesday, 23 January 2013 07:17 AM

වරක් ආසියානු කලාපයේ රටක අගමැතිවරයෙක් බටහිර රටක ජනාධිපතිවරයකුට මෙසේ පැවසීය. "ඔබ ඔබේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න. මම මගේ රට ගැන බලා ගන්නම්" (නි)

:       0       0

ජයන්ත Tuesday, 22 January 2013 07:13 PM

ගරු හාමුදුරුවන්ට අපගේ සහ‍යෝගය. රිසානා නෆික් සොයුරියට නිවන් සුව !!! හිතක් පපුවක් නැති බෙලි කැපීම අනුමත කරන්නෙ තිරිසනුන්ටත් වඩා අන්ත මනුෂ්‍ය කොටස් පමණයි. අතරමග නවත්වන්න එපා. (නි)

:       0       0

රොහාන් Wednesday, 23 January 2013 07:28 AM

ජීවත්වෙන්න තියෙන අමාරුව දන්නෙ පවුල්කා‍රයොයි හාමුදුරුවනේ. (නි)

:       0       0

රොහාන් Wednesday, 23 January 2013 07:30 AM

හාමුදුරුවනේ, වැඩිවෙන බඩු මිළටත් සන්දේශයක් භාරදෙන්න. (නි)

:       0       0

චන්ද්‍රා Wednesday, 23 January 2013 07:29 AM

රටින් නොව ලංකාවෙන් රැකියා බිහිකරන්න හිතට ගනිමු. යස ඉසුරු නොසොයා ලංකාවේ අල බතල කමු. (නි)

:       0       0

රිස්මි Tuesday, 22 January 2013 07:19 PM

මෙය ඉතාමත්ම වැදගත් වැඩක්. මෙය සිංහල, මුස්ලිම් සියල්ලන්ටම එකසේ වැදගත්. (නි)

:       0       0

රොහාන් Wednesday, 23 January 2013 07:35 AM

ඔතන කෑගහන අයගේ ගැහැණුත් රට නේද ඉන්නේ? (නි)

:       0       0

රත්නේ Tuesday, 22 January 2013 07:17 PM

සැමදෙනාම දිරිගන්වන්න වැඩසටහන් හදලා ගමින් ගමට ගොස් සියල්ලන්වම වෙන වෙනම දැනුවත් කළ යුතුයි. (නි)

:       0       0

ජසීම් Tuesday, 22 January 2013 07:20 PM

ඉතා හොද ආරම්භයක්. (නි)

:       0       0

නිමල් Wednesday, 23 January 2013 07:54 AM

උඩින්ම තියෙන නලීන්ගේ අදහස් හරියටම හරි. (නි)

:       0       0

නිහාල් Wednesday, 23 January 2013 08:02 AM

මංජුල හරියටම හරි. මුස්ලිම් අය වැඩියෙන්ම හිතන්නේ මුස්ලිම් අය ගැන තමයි. (නි)

:       0       0

රුවන් Tuesday, 22 January 2013 07:31 PM

ඒ කියන්නෙ ප්‍රියා නුවණක්කාරයෙක් කියන එකද? හි හි.. පව් වැඩේ. පොඩි එකාගෙ ආසාවනේ එහෙම හිතාගන්න. (නි)

:       0       0

නවුෂාඩ් Wednesday, 23 January 2013 01:01 PM

අපේ ජාතික සංඝ සභාවට අපේ සුභ පැතුම්! (නි)

:       0       0

සපුමල් Wednesday, 23 January 2013 08:08 AM

මම ඔයාලා මොනව කිවුවත් වැඩක් නැහැ. මොන දේ කළත් ඔයාලා ඔයාලගෙ ඡන්දෙන් පත් කරපු (මම නම් කවදාවත් ඡන්දයක් දෙන්නෙ නැහැ) පාලකයොන්ගෙ කොන්ද පණ තිබුනා නම් මේ වගේ විපත් අපේ මිනිස්සුන්ට නොවෙන්න තිබුණා. හරි දෙයක් කරලා සතුටු වෙන්න තවම වෙලා තියෙනවා. (නි)

:       0       0

ෂර්මිලා Tuesday, 22 January 2013 07:32 PM

තව 442ක් සෞදි හිරගෙදර ඉන්නවලු. ආයෙත් නම් සෞදි ගෘහ සේවයට කතුන් යවන්න එපා. (නි)

:       0       0

වරුණ Wednesday, 23 January 2013 08:13 AM

හුග දවසකට පස්සේ අපේ හාමුදුරුවන්ව දැක්කේ. (නි)

:       0       0

හරමානිස් Wednesday, 23 January 2013 08:19 AM

මේ සහෝදරියන් යන්නේ දුප්පත්කම නිසා. බොහෝ තැන් වල එකම ආදායම ලැබෙන්නේ මෙයින්. අපේ හාමුදුරුවරු මේ පවුල් වලට කන්න දෙනවද ? (නි)

:       0       0

කමල් Tuesday, 22 January 2013 07:42 PM

මංජුල, අපේ මිනිස්සු තමයි රට යවන එක නවත්වනවට අකමැති. ඉතින් මුස්ලිම් මිනිස්සු හරි එකතුවෙලා ඒක කරන එකේ ඇති වැරැද්ද මොකක්ද? (නි)

:       0       0

මුතුකුඩ Wednesday, 23 January 2013 01:10 PM

හාමුදුරුවරුන්ට ලැබෙන දානෙටත් විදේශ විනිමයෙන් කොටසක් අයත් වෙනවාලු. (නි)

:       0       0

රිස්වාන් - සෞදි අරාබිය. Tuesday, 22 January 2013 07:48 PM

භාරත ලක්ෂ්මන් මිනීමැරුම, ශිරාණි බණ්ඩාරනායක දෝෂාභියෝගය වගේ තමයි රිසානාගේ කතාව, අලුතට ඔහොම තමයි. තව මාසෙන් ඔක්කොම අමතකයි. අයෙමත් සෞදියටම ගෘහ සේවිකාවන් යවයි, ඉන්දුනීසියාව කාන්තාවන් යවන එක සම්පුර්ණයෙන්ම නැවැත්තුවා. හේතුව සව්දියේ අවුරුදු ගනකට ඉන්දිනීසියානු කාන්තාවන් 3000 ආගිය අතක් නැහැලු(නු)

:       0       0

නිස්තාර් Tuesday, 22 January 2013 07:48 PM

ඉස්සෙල්ලා විකල්පයක් හදන්න. පස්සේ මෙහෙම කරන්න. නැත්නම් අපිට වෙන්නේ බඩගින්නේ මැරෙන්නයි. (නි)

:       0       0

නිස්තාර් Tuesday, 22 January 2013 07:50 PM

ඒ වුණත් ලංකාවේ ඉපදෙන්න ඉන්න ළමයි පවා ලෝකයට ණයයි නේද? (නි)

:       0       0

උපාලි Tuesday, 22 January 2013 07:48 PM

රටේ අනවශ්‍ය වියදම් අඩුකරලා මිනිස්සුන්ට කාලා ඇදලා ඉන්න පුලුවන් හොද ආර්ථිකයක් ගොඩනගන්න. එතකොට ගැහැණුන් රට යවන්න අවශ්‍ය වෙන්නෙ නැහැ. (නි)

:       0       0

ෆස්නි Tuesday, 22 January 2013 07:53 PM

අපි ‍මේකට මුල් වූ සියල්ලන්ටම සුභ පතමු! (නි)

:       0       0

වජිර Tuesday, 22 January 2013 07:53 PM

මෙම කාන්තාවන්ට නිර්මාණශීලී රැකියා නිර්මාණය කරන්නට මැති ඇමතිවරුන් උනන්දු වියයුතුයි. (නි)

:       0       0

විභූති Tuesday, 22 January 2013 07:57 PM

මංජුල නිවැරදියි. (නි)

:       0       0

රොහාන් Wednesday, 23 January 2013 08:57 AM

ළමයි දෙන්නෙක් පාසල් යවන්න මාසේ පඩිය මදි. රට නොයා මොනවා කරන්නද ? (ස)

:       0       0

නලීන් Tuesday, 22 January 2013 08:29 PM

හැම දේටම සඟ පරපුර මූලිකත්වය අරගෙන විරෝධය පානවා. මේකෙන් ගම්‍ය වෙන්නේ සමාජ අසාධාරණ වලට විරෝධය පාන්න ගිහියන්ගේ තියෙන බියගුලුකමද? අරාබිකරයේ රැකියාවට යන ලාංකික ශ්‍රමිකයන්ට තමන්ගේ රැකියාවේ සුරක්ෂිත බව වගේම යම්කිසි කරදරයකදී නීතිමය සුරක්ෂිතභාවය ලැබෙන වැඩ පිළිවෙලක් රජය මැදහත් වෙලා ඇතිකරනවා නම් ඒක වටිනවා.මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සු තමන්ගේ දුවා දරුවන් තනිකරලා අරාබි රටකට ගිහිල්ලා දුක් විදින්නේ ආශාවට නෙමෙයි නැති බැරිකමටයි.. එහෙම යන එක නවත්වන්න නම් මේ රටේ රැකියා අවස්ථා වැඩි කළ යුතුයි. ඒක කරන්න පැහැදිලි දැකීමක් තිබිය යුතුයි. (නි)

:       0       0

රොහාන් Wednesday, 23 January 2013 09:03 AM

ඒ වුණාට හොදට දානේ ටික වුණත් පන්සලට ලැබෙන්නේ රට ගිය පවුල් වලිනුයි. (නි)

:       0       0

චමින්ද Tuesday, 22 January 2013 08:38 PM

වහාම නැවැත්විය යුතුයි. ‍මේ වැඩේ විහිලුවක් නෙමෙයි. බලන්න, දෙමළ ජාතිකයින් කවුරුවත් ඔය රටවල ඉන්නවාද කියලා. (නි)

:       0       0

තිලක් Wednesday, 23 January 2013 09:07 AM

දැන් රට යනවා කියන එකත් ඒ තරම් ලෙහෙසි නැහැ අපේ හාමුදුරුවනේ. (නි)

:       0       0

කුමාර Tuesday, 22 January 2013 08:40 PM

ප්‍රියා, ඔයත් සිංහල නේද? එහෙනම් ඔයත් මෝඩයිනේ. (නි)

:       0       0

රොහාන් Wednesday, 23 January 2013 09:13 AM

ඔය කෑගහන කවුරුත් අපේ ප්‍රශ්න විසදන්නෙ නැහැ. (නි)

:       0       0

ලලිත් - කටාර් Wednesday, 23 January 2013 09:18 AM

කට්ටිය නම් කියන්නේ ලංකාවේ රැකියා නැහැ කියලා. ඒත් අපේ ගැහැණූ උදවිය ඔය රට ගිහිල්ලා කරන රැකියා වලටම ලංකාවෙත් කොච්චර නම් ඉල්ලුමක් තියෙනවද? (නි)

:       0       0

සෑම් Tuesday, 22 January 2013 08:54 PM

ඇයි ලංකාවේ රස්සා නැද්ද ඒ අයට (දී)

:       0       0

සමන් Wednesday, 23 January 2013 07:17 PM

ඉස්ලාම් ධර්මයට අනුව රිසානාගේ මරණය සාධාරණයි. ඒකයි මුස්ලිම් අය නිහඩවම ඉන්නේ. (නි)

:       0       0

ශිලා Friday, 25 January 2013 11:17 AM

මේකට වයස් සීමාවක් දාන්න (දී)

:       0       0

සුසිල් Tuesday, 22 January 2013 08:57 PM

මේ අසරන මිනිස්සුන්ට කරදර වෙන එක නවත්වන්න මේ වැඩේ අනිවාර්යයෙන්ම කරන්න ඕනේ (දී)

:       0       0

බණ්ඩාර Tuesday, 22 January 2013 09:01 PM

මේක හරියට රෝමය ගිනි ගනිද්දී විණාව වයනවා වගේ වැඩක්නේ. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 23 January 2013 02:27 PM

රිසානා මැරුම් කෑ සතියේම ලංකාවේ එක්තරා සුපිරි රැකියාවකට ගෙවූ අතිකාල දීමනාව පැයකට රු. 600/= දක්වා ඉහළ දමා, ඔවුන්ට ගෙවූ තවත් දීමනාවක් රු. 15000/= සිට එකවරම 25000/= දක්වා වැඩිකරන්න බලධාරීන් කාරුණික වුණා. මෙය කියවන බොහොම දෙනෙක් මේවා දන්නේ නැහැ. මේ දුන්නේ බදු රහිත වාහන බලපත් සහ ඉන්ධන,දුරකථන බිල් දීමනාවට අමතරව. මෙහි විශේෂය තමා මේවා දුන්නේ අදාළ වෘත්තිකයින්ගේ දැඩි ඉල්ලීමක් තිබිලත් නොවේ. කවදා අපේ උදවිය මේ වෙනස තේරුම් ගනීවිද දන්නේ නැහැ. (නි)

:       0       0

සිල්වා Tuesday, 22 January 2013 09:01 PM

මංජුල, ඔබ හරි. අරාබියේ මෙහෙකාරකමට මුස්ලිම් කාන්තාවන් යැවීම තහනම් කිරීමට  මැති ඇමතිලා පවා කථා කරනවා. පොදුවේ ශ්‍රී ලාංකික කාන්තාවන් වෙනුවෙන් නොවීම  තුලින් ඔවුන්ගේ ඇති ආත්මාර්ථකාමී, ජාතිවාදී සහ  ආගම්වාදී බව  ඉතා  පැහැදිලියි. මෙවන්  ක්‍රියාවන් හෙලාදැකිය යුතුයි. (නි)

:       0       0

විමුක්ති Tuesday, 22 January 2013 09:03 PM

දුප්පත් මිනිස්සුන්ට කන්න බොන්න අදින්න සල්ලි තියෙනවා නම් ‍මොනම ගෑණියෙක්වත් රට යන්නෙ නැහැ. (නි)

:       0       0

කීර්ති Tuesday, 22 January 2013 09:04 PM

දැන් ලංකාවේ විවාහයක් රෙජිස්ටර් කරන්නත් රුපියල් 5000 ක් අය කරනවානේ . ඒකටත් විරුද්ධව උද්ඝෝෂණය කරමුකෝ (ස)

:       0       0

බණ්ඩාර Tuesday, 22 January 2013 09:07 PM

අපිත් සහයෝගය දෙනවා (දී)

:       0       0

කිර්ති Tuesday, 22 January 2013 09:07 PM

අසරණ වෙන්නේ අපේ රටේ මිනිස්සු (දී)

:       0       0

කිර්ති Tuesday, 22 January 2013 09:10 PM

මෙහෙ කාර සේවය කියන්නේ හොද නැති රැකියාවක් (දී)

:       0       0

විමුක්ති Tuesday, 22 January 2013 09:14 PM

රට ගිහිල්ල දුක් විදිනවට වඩා ගෙදෙට්ට වෙලා ඉන්න එක හොදයි (දී)

:       0       0

රෝහණ- ඩුබායි Tuesday, 22 January 2013 09:18 PM

කරන්න පුලුවන් නම් මේක හොද දෙයක්. ඒත් මේක කරන්න අමාරුයි නේද අපේ ආර්ථික ප්‍රශ්නත් එක්ක? මීට වඩා හොද දෙයක් තියෙනවා කරන්න. රට එන කාන්තාවන්ගෙ සේවා ස්ථාන ගැනත් සේවය ගැනත් හොද පසුවිපරමක් කරන්න කටයුතු කළ යුතුයි. මොකද හැම අරාබිකාරයම නරක නැහැ. ලංකාවෙ කාන්තාවන්ට ඔවුන් වඩාත්ම කැමති අපේ කාන්තාවන් වෙන කිසිම ජාතියකට වඩා ළමයින්ට ආදරය කරන නිසයි. හැබැයි අපේ සමහර කාන්තාවන්ගෙ වැරදි නිසා අමාරුවෙ වැටෙනවා, අනියම් සම්බන්ධකම් පටලවාගෙන. එයාලා නම් දුක් විදිනවා පස්සෙ. (නි)

:       0       0

ඉසාන් Thursday, 24 January 2013 09:54 AM

පාන් පෝලිමට හාල් පෝලිමට යන්න ජනතාව කැමතිනම් රට යන එක නවත්තන්න. (නි)

:       0       0

අමිල Tuesday, 22 January 2013 09:16 PM

මේ සදහා නිසි වැඩ පිලිවේලක් සාදන්න (දී)

:       0       0

ජෙනි Tuesday, 22 January 2013 09:18 PM

මැද පෙරදිග වහල් සේවයට යවන එක නැවැත්තුවොත්, මිනිස්සු සම්බෝලයි බතුයි කාලා හරි ජීවත් වෙයි. (නි)

:       0       0

සරත් Tuesday, 22 January 2013 09:25 PM

ගොඩක් හොඳයි. කාන්තාවන් සම්පූර්ණයෙන්ම මැදපෙරදිග යවන එක නතර කල යුතුයි (ස)

:       0       0

මුතු Tuesday, 22 January 2013 09:25 PM

අපේ රටේ ඉන්න, කොහේ වත් යන්න එපා (දී)

:       0       0

ටිකිරි Tuesday, 22 January 2013 09:31 PM

දඟලල දඟලල දිවි නැගුම සම්මත කර ගත් නිසා දැන් කාන්තාවන්ට රට යන්න උවමනා වෙන එකක් නෑ (ස)

:       0       0

රොෂාන් Wednesday, 23 January 2013 03:09 PM

හිඟා කන්නයි වෙන්නේ (ස)

:       0       0

රණතුංග Thursday, 24 January 2013 10:32 AM

ඕන දේටයි එපා දේටයි දැන් හැම එකටම පෙලපාලි යන්න පටන්ගෙන (ස)

:       0       0

කුරුවිට Tuesday, 22 January 2013 09:51 PM

මංජුලගේ කතාව හරියට කිරිගහට පිහියෙන් ඇන්නා වගෙයි. (නි)

:       0       0

කුරුවිට සුනිල් Tuesday, 22 January 2013 09:59 PM

ඇයි දැන දැනත් යන්නේ (දී)

:       0       0

ඉන්දික Tuesday, 22 January 2013 10:02 PM

කතාවනම් සම්පුර්ණ ඇත්ත (දී)

:       0       0

රණතුංග Thursday, 24 January 2013 11:05 AM

අපිට කන්න අදින්න දෙන්නෙ කවුද දන්නෙ නැහැ එතකොට? (නි)

:       0       0

මාරසිංහ Wednesday, 23 January 2013 10:21 AM

රොහාන් සමග මම එකග වෙමි. (නි)

:       0       0

ශීලා Wednesday, 23 January 2013 10:25 AM

කවදාද දන්නෙ නැහැ රට යන අත වෙනස් කරන්න හිතාගෙන ඉන්නේ? (නි)

:       0       0

පෙරේරා Tuesday, 22 January 2013 10:31 PM

වැඩේ හොද වුණත් රට යවන එක නතර කරයිද? (නි)

:       0       0

ඊසාම් Tuesday, 22 January 2013 10:47 PM

ඇත්තටම මේක නම් හොද වැඩක්. (නි)

:       0       0

ගාමිණී Tuesday, 22 January 2013 11:14 PM

මේ වැඩේ නම් බොහොම හොදයි. අන්තිමේදී සෞදියට යන්න වෙන්නේ පිරිමින්ට තමයි. (නි)

:       0       0

ගාමිණී Tuesday, 22 January 2013 11:21 PM

ඇයි භික්ෂූන් වහන්සේලා පමණක් ඉන්නේ? කෝ මුස්ලිම් අය? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 213 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1247 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 2437 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 109 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2696 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 6984 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38994 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25543 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 308 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1054 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 374 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site