මැද පෙරදිග ගෘහ සේවය සඳහා කාන්තාවන් යැවීම වහා නතර කරන ලෙස ඉල්ලා ජාතික සංඝ සම්මේලනය සංවිධානය කළ පා ගමනක් කොළඹ විහාර මහා දේවි උද්‍යානය අසලින් ආරම්භ විය.
සඟ සමුළුව අරලිය ගහ මන්දිරය වෙත ගොස් ජනාධිපතිවරයාට සංදේශයක් බාර දුන්නේය.
මැද පෙරදිග ගෘහ සේවය සඳහා කාන්තාවන් යැවීම වහා නතර කරන ලෙස ඉල්ලා ජාතික සංඝ සම්මේලනය සංවිධානය කළ පා ගමනක් කොළඹ විහාර මහා දේවි උද්‍යානය අසලින් ආරම්භ විය.
සඟ සමුළුව අරලිය ගහ මන්දිරය වෙත ගොස් ජනාධිපතිවරයාට සංදේශයක් බාර දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි හැමෝම මෙයට දායක විය යුතුයි.. අපිත් ඔබ සමගයි..!(නු)
හරිම සතුටුයි. හැමදාම මෙහෙම කෙළින් සිටියොත් අනෙකුත් සියලු බලතල මහජන බලයට යටයි. (නි)
ඉතා හොද ක්‍රියාවක්. (නි)
හොද වැඩක්. මම ඉහළින්ම කැමතියි. (නි)
අපේ අය වෙහෙසෙන්නෙ 'කතුන්' මැදපෙරදිග යවන එක නවත්තන්න. අපේ අයගෙ ප්‍රධාන සටන් පාඨය 'රිසානා'. හැබැයි මුස්ලිම් මන්ත්‍රීලා යෝජනාව ගේන්න හදන්නෙ 'මුස්ලිම් කතුන්' මැදපෙරදිග යැවීම නවත්තන්න. වෙනස පේනවද? තව ඒගොල්ලොම කියනවා සිංහලයො ජාතිවාදීන්ලු??? (නි)
ඒ යෝජනාව රටේ ගෞරවය මත පිහිටා ගත්ත එකක (දී)
මංජුල හරියටම හරි. (නි)
සති දෙකෙන් මේ ඔක්කොම කතා ගැන කාටවත් වගේ වගක් නැහැ. බලමුකෝ මම කියන්නේ බොරුද කියලා. (නි)
හොද වැඩක්. මේ රටේ වෙන අනෙක් විෂාමාචාර වලටත් අපේ පූජක පක්ෂය මෙහෙම මැදිහත් වෙනාව නම් කොච්චර හොදද? (නි)
කොහොමත් සිංහලයා මෝඩයි තමයි. (නි)
අපිටත් නොතේරෙනවා නෙමෙයි මංජුල. ඒත් අපේම අය අපිවම පාවලා දෙනවනේ. (නි)
මෙවන් ක්‍රියා තුළින් පවුල් සංස්ථාව රැකේ. (නි)
බංගලාදේශය අපිට වඩා හුගක් පහතින් ඉන්න රටක් වුණත් එයාලා එයාලගේ ගැහැණුන්ව රට යවන්නෙ නැහැ. (නි)
ගරු හාමුදුරුවන්ට අපගේ සහයෝගය. රිසානා නෆික් සොයුරියට නිවන් සුව !!! හිතක් පපුවක් නැති බෙලි කැපීම අනුමත කරන්නෙ තිරිසනුන්ටත් වඩා අන්ත මනුෂ්‍ය කොටස් පමණයි. අතරමග නවත්වන්න එපා. (නි)
මෙය ඉතාමත්ම වැදගත් වැඩක්. මෙය සිංහල, මුස්ලිම් සියල්ලන්ටම එකසේ වැදගත්. (නි)
සැමදෙනාම දිරිගන්වන්න වැඩසටහන් හදලා ගමින් ගමට ගොස් සියල්ලන්වම වෙන වෙනම දැනුවත් කළ යුතුයි. (නි)
ඉතා හොද ආරම්භයක්. (නි)
ඒ කියන්නෙ ප්‍රියා නුවණක්කාරයෙක් කියන එකද? හි හි.. පව් වැඩේ. පොඩි එකාගෙ ආසාවනේ එහෙම හිතාගන්න. (නි)
තව 442ක් සෞදි හිරගෙදර ඉන්නවලු. ආයෙත් නම් සෞදි ගෘහ සේවයට කතුන් යවන්න එපා. (නි)
මංජුල, අපේ මිනිස්සු තමයි රට යවන එක නවත්වනවට අකමැති. ඉතින් මුස්ලිම් මිනිස්සු හරි එකතුවෙලා ඒක කරන එකේ ඇති වැරැද්ද මොකක්ද? (නි)
භාරත ලක්ෂ්මන් මිනීමැරුම, ශිරාණි බණ්ඩාරනායක දෝෂාභියෝගය වගේ තමයි රිසානාගේ කතාව, අලුතට ඔහොම තමයි. තව මාසෙන් ඔක්කොම අමතකයි. අයෙමත් සෞදියටම ගෘහ සේවිකාවන් යවයි, ඉන්දුනීසියාව කාන්තාවන් යවන එක සම්පුර්ණයෙන්ම නැවැත්තුවා. හේතුව සව්දියේ අවුරුදු ගනකට ඉන්දිනීසියානු කාන්තාවන් 3000 ආගිය අතක් නැහැලු(නු)
ඉස්සෙල්ලා විකල්පයක් හදන්න. පස්සේ මෙහෙම කරන්න. නැත්නම් අපිට වෙන්නේ බඩගින්නේ මැරෙන්නයි. (නි)
ඒ වුණත් ලංකාවේ ඉපදෙන්න ඉන්න ළමයි පවා ලෝකයට ණයයි නේද? (නි)
රටේ අනවශ්‍ය වියදම් අඩුකරලා මිනිස්සුන්ට කාලා ඇදලා ඉන්න පුලුවන් හොද ආර්ථිකයක් ගොඩනගන්න. එතකොට ගැහැණුන් රට යවන්න අවශ්‍ය වෙන්නෙ නැහැ. (නි)
අපි මේකට මුල් වූ සියල්ලන්ටම සුභ පතමු! (නි)
මෙම කාන්තාවන්ට නිර්මාණශීලී රැකියා නිර්මාණය කරන්නට මැති ඇමතිවරුන් උනන්දු වියයුතුයි. (නි)
මංජුල නිවැරදියි. (නි)
හැම දේටම සඟ පරපුර මූලිකත්වය අරගෙන විරෝධය පානවා. මේකෙන් ගම්‍ය වෙන්නේ සමාජ අසාධාරණ වලට විරෝධය පාන්න ගිහියන්ගේ තියෙන බියගුලුකමද? අරාබිකරයේ රැකියාවට යන ලාංකික ශ්‍රමිකයන්ට තමන්ගේ රැකියාවේ සුරක්ෂිත බව වගේම යම්කිසි කරදරයකදී නීතිමය සුරක්ෂිතභාවය ලැබෙන වැඩ පිළිවෙලක් රජය මැදහත් වෙලා ඇතිකරනවා නම් ඒක වටිනවා.මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සු තමන්ගේ දුවා දරුවන් තනිකරලා අරාබි රටකට ගිහිල්ලා දුක් විදින්නේ ආශාවට නෙමෙයි නැති බැරිකමටයි.. එහෙම යන එක නවත්වන්න නම් මේ රටේ රැකියා අවස්ථා වැඩි කළ යුතුයි. ඒක කරන්න පැහැදිලි දැකීමක් තිබිය යුතුයි. (නි)
වහාම නැවැත්විය යුතුයි. මේ වැඩේ විහිලුවක් නෙමෙයි. බලන්න, දෙමළ ජාතිකයින් කවුරුවත් ඔය රටවල ඉන්නවාද කියලා. (නි)
ප්‍රියා, ඔයත් සිංහල නේද? එහෙනම් ඔයත් මෝඩයිනේ. (නි)
ඇයි ලංකාවේ රස්සා නැද්ද ඒ අයට (දී)
මේ අසරන මිනිස්සුන්ට කරදර වෙන එක නවත්වන්න මේ වැඩේ අනිවාර්යයෙන්ම කරන්න ඕනේ (දී)
මේක හරියට රෝමය ගිනි ගනිද්දී විණාව වයනවා වගේ වැඩක්නේ. (නි)
මංජුල, ඔබ හරි. අරාබියේ මෙහෙකාරකමට මුස්ලිම් කාන්තාවන් යැවීම තහනම් කිරීමට මැති ඇමතිලා පවා කථා කරනවා. පොදුවේ ශ්‍රී ලාංකික කාන්තාවන් වෙනුවෙන් නොවීම තුලින් ඔවුන්ගේ ඇති ආත්මාර්ථකාමී, ජාතිවාදී සහ ආගම්වාදී බව ඉතා පැහැදිලියි. මෙවන් ක්‍රියාවන් හෙලාදැකිය යුතුයි. (නි)
දුප්පත් මිනිස්සුන්ට කන්න බොන්න අදින්න සල්ලි තියෙනවා නම් මොනම ගෑණියෙක්වත් රට යන්නෙ නැහැ. (නි)
දැන් ලංකාවේ විවාහයක් රෙජිස්ටර් කරන්නත් රුපියල් 5000 ක් අය කරනවානේ . ඒකටත් විරුද්ධව උද්ඝෝෂණය කරමුකෝ (ස)
අපිත් සහයෝගය දෙනවා (දී)
අසරණ වෙන්නේ අපේ රටේ මිනිස්සු (දී)
මෙහෙ කාර සේවය කියන්නේ හොද නැති රැකියාවක් (දී)
රට ගිහිල්ල දුක් විදිනවට වඩා ගෙදෙට්ට වෙලා ඉන්න එක හොදයි (දී)
කරන්න පුලුවන් නම් මේක හොද දෙයක්. ඒත් මේක කරන්න අමාරුයි නේද අපේ ආර්ථික ප්‍රශ්නත් එක්ක? මීට වඩා හොද දෙයක් තියෙනවා කරන්න. රට එන කාන්තාවන්ගෙ සේවා ස්ථාන ගැනත් සේවය ගැනත් හොද පසුවිපරමක් කරන්න කටයුතු කළ යුතුයි. මොකද හැම අරාබිකාරයම නරක නැහැ. ලංකාවෙ කාන්තාවන්ට ඔවුන් වඩාත්ම කැමති අපේ කාන්තාවන් වෙන කිසිම ජාතියකට වඩා ළමයින්ට ආදරය කරන නිසයි. හැබැයි අපේ සමහර කාන්තාවන්ගෙ වැරදි නිසා අමාරුවෙ වැටෙනවා, අනියම් සම්බන්ධකම් පටලවාගෙන. එයාලා නම් දුක් විදිනවා පස්සෙ. (නි)
මේ සදහා නිසි වැඩ පිලිවේලක් සාදන්න (දී)
මැද පෙරදිග වහල් සේවයට යවන එක නැවැත්තුවොත්, මිනිස්සු සම්බෝලයි බතුයි කාලා හරි ජීවත් වෙයි. (නි)
ගොඩක් හොඳයි. කාන්තාවන් සම්පූර්ණයෙන්ම මැදපෙරදිග යවන එක නතර කල යුතුයි (ස)
අපේ රටේ ඉන්න, කොහේ වත් යන්න එපා (දී)
දඟලල දඟලල දිවි නැගුම සම්මත කර ගත් නිසා දැන් කාන්තාවන්ට රට යන්න උවමනා වෙන එකක් නෑ (ස)
මංජුලගේ කතාව හරියට කිරිගහට පිහියෙන් ඇන්නා වගෙයි. (නි)
ඇයි දැන දැනත් යන්නේ (දී)
කතාවනම් සම්පුර්ණ ඇත්ත (දී)
වැඩේ හොද වුණත් රට යවන එක නතර කරයිද? (නි)
ඇත්තටම මේක නම් හොද වැඩක්. (නි)
මේ වැඩේ නම් බොහොම හොදයි. අන්තිමේදී සෞදියට යන්න වෙන්නේ පිරිමින්ට තමයි. (නි)
ඇයි භික්ෂූන් වහන්සේලා පමණක් ඉන්නේ? කෝ මුස්ලිම් අය? (නි)
අරාබියට විතරක් නොවෙයි, ලෝකේ කොහෙවත් යන්න එපා (දී)
ඔව්, දැනට ඉන්න අයව තෑගි බෝග දීලා මුස්ලිම් ආගමට හරවගන්නත් එපා කියන්න. (නි)
ඔය වගේ උද්ඝෝෂණ ලංකාවට ඕනෑමයි. (නි)
ඒ කතාව ඇත්ත, දැන දැනම අමාරුවේ වැටෙන්න ඕනෙද (දී)
අයි මේ පිරිමි කට්ටිය කාන්තාවන් රට යවන එක නවත්තන එකට මෙච්චර අකමැති.පිරිමිකම තිබ්බනම් ඇයි ඔයාලාට රට ගිහින් පවුල් නඩත්තු කරන්න බැරි. ඕකට කියන්නේ පිරිමි කම නෙවෙයි නිවට කම (ස)
ආගම් භේධයක් නැතුව සියලුම කාන්තාවන් අරාබියට යවන එක නවත්වන්න. 90% කාන්තාවන් අරාබියේදී විවිධ හිරි හැර වලට ලක්වෙනවා (ස)
අම්මලා රට ඉදලා එවන මුදල් වලින් ඇතැම් තාත්තලා මත්වතුර බොනවා. දරුවො අනාතයි. පවුල් අනාතයි. අපේ ලංකා කාන්තාවන්ට මොනතරම් රැකියා තිබෙනවද කියලා බලන්න ඉරිදා ලංකාදීප ලහිපිට බලන්න. (නි)
රිසානා දුවට එසේ සිදුනොවන්න මේ කතාන්දර නොතිබෙන්න තිබුණා. (නි)
මෙච්චරයි මේ කට්ටියට අඩුවෙලා තිබුණේ. (නි)
රට දියුණුයි නම්, මහ බැංකුව ඔය කියන තරම් ආර්ථික වර්ධනයක් තිබෙනවා නම්, මේ රටේ තරැණියන් දහදුක් විදින්න පිටරට යන්නේ ඇයි ද යන්න මට සිතා ගත නොහැකියි. (නි)
බඩු මිලටත් යමුකෝ පෙරට. (නි)
වරක් ආසියානු කලාපයේ රටක අගමැතිවරයෙක් බටහිර රටක ජනාධිපතිවරයකුට මෙසේ පැවසීය. "ඔබ ඔබේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න. මම මගේ රට ගැන බලා ගන්නම්" (නි)
ජීවත්වෙන්න තියෙන අමාරුව දන්නෙ පවුල්කාරයොයි හාමුදුරුවනේ. (නි)
හාමුදුරුවනේ, වැඩිවෙන බඩු මිළටත් සන්දේශයක් භාරදෙන්න. (නි)
රටින් නොව ලංකාවෙන් රැකියා බිහිකරන්න හිතට ගනිමු. යස ඉසුරු නොසොයා ලංකාවේ අල බතල කමු. (නි)
ඔතන කෑගහන අයගේ ගැහැණුත් රට නේද ඉන්නේ? (නි)
උඩින්ම තියෙන නලීන්ගේ අදහස් හරියටම හරි. (නි)
මංජුල හරියටම හරි. මුස්ලිම් අය වැඩියෙන්ම හිතන්නේ මුස්ලිම් අය ගැන තමයි. (නි)
මම ඔයාලා මොනව කිවුවත් වැඩක් නැහැ. මොන දේ කළත් ඔයාලා ඔයාලගෙ ඡන්දෙන් පත් කරපු (මම නම් කවදාවත් ඡන්දයක් දෙන්නෙ නැහැ) පාලකයොන්ගෙ කොන්ද පණ තිබුනා නම් මේ වගේ විපත් අපේ මිනිස්සුන්ට නොවෙන්න තිබුණා. හරි දෙයක් කරලා සතුටු වෙන්න තවම වෙලා තියෙනවා. (නි)
හුග දවසකට පස්සේ අපේ හාමුදුරුවන්ව දැක්කේ. (නි)
මේ සහෝදරියන් යන්නේ දුප්පත්කම නිසා. බොහෝ තැන් වල එකම ආදායම ලැබෙන්නේ මෙයින්. අපේ හාමුදුරුවරු මේ පවුල් වලට කන්න දෙනවද ? (නි)
ළමයි දෙන්නෙක් පාසල් යවන්න මාසේ පඩිය මදි. රට නොයා මොනවා කරන්නද ? (ස)
ඒ වුණාට හොදට දානේ ටික වුණත් පන්සලට ලැබෙන්නේ රට ගිය පවුල් වලිනුයි. (නි)
දැන් රට යනවා කියන එකත් ඒ තරම් ලෙහෙසි නැහැ අපේ හාමුදුරුවනේ. (නි)
ඔය කෑගහන කවුරුත් අපේ ප්‍රශ්න විසදන්නෙ නැහැ. (නි)
කට්ටිය නම් කියන්නේ ලංකාවේ රැකියා නැහැ කියලා. ඒත් අපේ ගැහැණූ උදවිය ඔය රට ගිහිල්ලා කරන රැකියා වලටම ලංකාවෙත් කොච්චර නම් ඉල්ලුමක් තියෙනවද? (නි)
රොහාන් සමග මම එකග වෙමි. (නි)
කවදාද දන්නෙ නැහැ රට යන අත වෙනස් කරන්න හිතාගෙන ඉන්නේ? (නි)
ඉතා හොද ක්‍රියාවක් (ස)
පළමුව හොර ඒජන්සිකරුවන් නැතිකරන්න ඕන.. බොරු කියලා කාන්තාවන් රට යවලා සල්ලි ගසා කනවා.. අපේ රටේ බඩු මිල නිසා මිනිසුන්ට ගොඩක් අමාරුයි.. ඒක නිසා තමයි මිනිසුන් රට රටවල යන්නේ..!(නු)
අපේ ජාතික සංඝ සභාවට අපේ සුභ පැතුම්! (නි)
හාමුදුරුවරුන්ට ලැබෙන දානෙටත් විදේශ විනිමයෙන් කොටසක් අයත් වෙනවාලු. (නි)
රිසානා මැරුම් කෑ සතියේම ලංකාවේ එක්තරා සුපිරි රැකියාවකට ගෙවූ අතිකාල දීමනාව පැයකට රු. 600/= දක්වා ඉහළ දමා, ඔවුන්ට ගෙවූ තවත් දීමනාවක් රු. 15000/= සිට එකවරම 25000/= දක්වා වැඩිකරන්න බලධාරීන් කාරුණික වුණා. මෙය කියවන බොහොම දෙනෙක් මේවා දන්නේ නැහැ. මේ දුන්නේ බදු රහිත වාහන බලපත් සහ ඉන්ධන,දුරකථන බිල් දීමනාවට අමතරව. මෙහි විශේෂය තමා මේවා දුන්නේ අදාළ වෘත්තිකයින්ගේ දැඩි ඉල්ලීමක් තිබිලත් නොවේ. කවදා අපේ උදවිය මේ වෙනස තේරුම් ගනීවිද දන්නේ නැහැ. (නි)
හිඟා කන්නයි වෙන්නේ (ස)
මේක නැවැත්තුවොත් ඇමතිවරුන්ගේ දීමනාත් අඩුකරන්න වෙයි. (නි)
අතීතයේ පටන් අපේරට ආරක්ෂා කලේ අපේ සංගයා වහන්සේලා තමයි.. උන්වහන්සේලාට සහ අහිංසක සොල්දාදුවන්ට විතරමයි රට ගැන හැගීමක් තියෙන්නේ.. (නු)
කාන්තාවන්ගෙන් හම්බකරගෙන කෑවෙ නැහැ අපේ මුතුන් මිත්තන්..!(නු)
අපේ රට ගැන සැබෑ ආදරයක් තියෙන්නේ කාටද කියලා හිතාගන්න පුළුවං..!(නු)
ඇත්තටම අපට මේ අය රට යවන්නේ නැතිවම බැරිද(නු)
දැන් උදා වී ඇත්තේ සංඝයා වහන්සේලාට රටේ පාලනය පැවරිය යුතු සමයයි. (නි)
ඉස්ලාම් ධර්මයට අනුව රිසානාගේ මරණය සාධාරණයි. ඒකයි මුස්ලිම් අය නිහඩවම ඉන්නේ. (නි)
අනේ මන්දා, මේවට හා කියන්නත් බැහැ. බැහැ කියන්නත් බැහැ. (නි)
මේ හැම දේටම හරිහමන් වැඩපිළිවෙළක් තියෙන්න ඕනෑ. (නි)
කෙනෙක් කොහේ ගියත් කමක් නැහැ, හොද දැනුමකින් අවබෝධයකින් යනවා නම්. (නි)
පාන් පෝලිමට හාල් පෝලිමට යන්න ජනතාව කැමතිනම් රට යන එක නවත්තන්න. (නි)
ඕන දේටයි එපා දේටයි දැන් හැම එකටම පෙලපාලි යන්න පටන්ගෙන (ස)
අපිට කන්න අදින්න දෙන්නෙ කවුද දන්නෙ නැහැ එතකොට? (නි)
උද්ඝෝෂණය කරන් අය බෙන්ස් වලින් යයි. එතකොට අපි ??? (ස)
එතකොට දැං පන්සල් ටික බාරගන්නෙ කවුද? රටේ පාලනය සංඝයාට දුන්නාම..! (නු)
මේකට වයස් සීමාවක් දාන්න (දී)
කරන්න පුලුවන්නම් මෙක හොද දෙයක්. ඒත් මෙක කරන්න අමාරුයි නේද අපේ ආර්තික ප්‍රශ්නත් එක්ක? මීට වඩා හොද දෙයක් තියෙනව කරන්න. රට එන කාන්තාවන්ගෙ සේවා ස්තාන ගැනත් සේවය ගනත් හොද පසු විපරමක් කරන්න කටයුතු කල යුතුයි. මොකද හැම අරාබි ජාතිකයාම නරක නෑ. ලංකාවෙ කාන්තාවන්ට ඔවුන් වඩාත්ම කැමති අපේ කාතවන් වෙන කිසිම ජාතියකට වඩා ළමයින්ට අදරය කරන නිසයි. මම ඉන්නෙ ඩුබායි අජ්මාන් වල. මගෙ යාලුවෙක්ගෙ අම්මයි අයියයි ඉන්නව මුශරීෆ් කියන පලාතෙ. අවුරුදු 30ක් එකම ගෙදර, අයිය අවුරුදු 20ක්. ඒ පලාතෙ නම් ඉන්න කිසිම කෙනෙක්ට කරදරයක් උනා කියල ආරංචියක් නෑ, තමන්ගෙ ගෙදර කෙනෙක්ට වගෙ සලකනව හැමතැනම වගේ.හැබැයි අපෙ සමහර කාන්තාවන්ගෙ වැරදි නිසා අමාරුවෙ වැටෙනව,අනියම් සම්බන්දකම් පටලවන්. එයාල නම් දුක් විඩිනව පස්සෙ.(නු)
දුප්පත්කම අසරණ කම නැතිව රට ගොඩනැගන්නෙ නැතිව මෙයාලා රට යවන එක නැවැත්විය නොහැකියි..!(නු)
හරි ආඩම්බරයි ලංකාවෙ අය පත්තරේට හරි එකට කතා කරනවා..!(නු)
මේ විදියට රට යවන්නම ඕනෙද?(නු)