(කාංචන කුමාර ආරියදාස )
ඇතුන් තිදෙනෙකු ඇතුළු වන අලින් 13 කගේ රංචුවක් සීගිරිය පොතාන ප්‍රදේශයේ වගා බිම් විනාශ කරමින් නිවෙස් ආසන්නයටද පැමිණ ජන ජීවිතයට තර්ජනයක්ව ඇතැයි ගැමියෝ කියති.
මිනිසුන්ගේ මෙන්ම මෙම අලි රංචුවේද ජිවිත අවදානමට ලක්ව ඇතැයි ද ඔවුහු පවසති.
මාසයකට අධික කාලයක සිට මෙම රංචුව සීගිරිය ප්‍රධාන මාර්ගයේ කිබිස්ස පොතාන ප්‍රදේශයෙන් මාර්ගය හරහා පැන ආරක්ෂිත විදුලි රැහැන් සහ විදුලි වැට සූක්ෂමව දළ වලින් කඩා අනෙක් අලින්ට වගා බිම් වලට ඇතුළු වීමට මග සලසන බවද ජනතාව කියති.
විදුලි වැට ඉවත් කිරීමෙන් අනතුරුව ගම් වදින මෙම වන අලි රංචුව පසුදා පහන් වන තුරුම ගම්මානයේ රැඳී සිටින බවත් මේ වන විට සිගිරිය පොතාන ප්‍රදේශයේ බඩ ඉරිඟු ,බතල, පොල් ආදී එළවළු වගාවන් සියල්ල විනාශ කොට ඇත .
වසර 50 කට අධික පොල්ගස් පවා බිමට පෙරලා දමා අතුවලට අමතර ගස් වල ඇති පොල් ගෙඩි පලා එහි මදය ආහාරයට ගැනීමට පුරුදුව සිටින බවද ජනතාව පවසති
මේ පිළිබඳව වනජීවී නිලධාරින් දැනුවත් කළ ද මෙතෙක් ඔවුන්ගේ සාධාරණ මැදිහත් වීමක් නොමැති බවද ජනතාව පෙන්වා දෙති.
ගම් වැසියන්ට කිසිදු ආකාරයකින් වන අලින් ඇතුන් ඝාතනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් බව භෝග ආරක්ෂා කර ගැනීම සඳහා ඇද ඇති විදුලි රැහැනකට හෝ විදුලි රැහැන් දළ යුගලයෙන් කැඩීමට උත්සාහ කරද්දී විදුලිය වැදුණහොත් ඇතුන්ගේ ජීවිත විනාශ වන බව පෙන්වා දෙති.
පසුගිය ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 816,191 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප
“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.
සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව සඳහා රටවල් රැසක තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් ද අද සහභාගි වීමට නියමිත බව ජනාධිපති ක
සිරි දළදා වන්නාව සජීවීව lankadeepa.lk වෙබ් අඩවියෙන් ඔබට ද වන්දනා කිරීමට සහ නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.
පාස්කු ප්‍රහාරයට වැරදිකරුවකු ලෙස පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්ත ආකාරයක් පෙන්වන්නට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
අලි ඇතුන් 13ක ගේ රංචුවක් පොතාන වගාබිම් වනසති
රුවන් Tuesday, 10 December 2024 02:25 PM
අලින්ට කෑලෑවල කන්න දෙයක් නෑ, ඇති කෑලෑත් නෑ. ඔක්කෝම බදුර්දීන් වගේ හොරු විනාශ කරලා. අන්තිමට දුක් විඳින්නේ අහිංසක මිනිස්සු, අලි ඇතුළු සත්තු. මහඅය ඩොලර් මිලියන ගාණක් හොරකම් කරලා ස්විස් බැංකු පුරෝලා ඇති. කෝ බදුර්දීන් හිටවපු ගස්?
Goviya Tuesday, 10 December 2024 03:32 PM
ඇයි බලන් ඉන්නේ. ඕකුන්ට වෙඩි තියපල්ලා. ලාල්කාන්ත මහත්තයා කිව්වා වගා පාළු කරන සතුන්ට ඕන දෙයක් කරන්න කියලා.