
(අංජුල මහික වීරරත්න)
අලි ඇතුන්ගේ ජීවිත සුරැකීම සහ අලි - මිනිස් ගැටුම අවම කිරීමේ අරමුණින් දිවයින පුරා ‘හස්ති සේනා’ මෙහෙයුම ගල්කිරියාගම ප්‍රදේශයෙන් ආරම්භ කර තිබේ.
පරිසර අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම මෙහෙයුම, අලි ඇතුන්ගේ ජීවිතවලට එල්ල වන තර්ජන අවම කිරීම සඳහා විද්‍යාත්මක හා සැලසුම්සහගත වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාත්මක වේ. වයඹ වනජීවී කලාපයේ ගල්කිරියාගම ප්‍රදේශයෙන් ආරම්භ කෙරුණු වැඩසටහනේ ආරම්භක අවස්ථාවට සහභාගී වෙමින් පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා කීවේ අනතුරට ලක්වීමේ අවදානමක් පවතින අලි ඇතුන් 17 දෙනෙකු මූලික කරගනිමින් මෙම මෙහෙයුම ආරම්භ කළ බවයි.
අලි ඇතුන් ජීවත්වන ප්‍රදේශවලින් සියයට 80ක් පමණ ආවරණය වන පරිදි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, ඉතිරි සියයට 20ක ප්‍රදේශය ද වෙනම වැඩපිළිවෙළක් යටතේ ආවරණය කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
අලි ඇතුන්ගේ ජීවිතවලට තර්ජනයක් වන අනවසර ගිනි අවි, හක්කපටස්, අනවසර විදුලි රැහැන් සහ මදු සම්බන්ධයෙන් වැටලීම් හා නීතිමය ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ද මෙම වැඩපිළිවෙල යටතේ සැලසුම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd