වැඩි කළ විදුලි බිල අඩු කිරීමට මැති ඇමැතිවරුන්ට මොළේ පෑදේවායි කියමින් එක්සත් ජාතික පක්‍ෂයේ උතුරු මැද පාර්ලිමේන්තු, පළාත් සභා හා ප‍්‍රාදේශීය මන්ත‍්‍රීවරු කලාවැවේ කඩවර දෙවොල ඉදිරිපිට පොල්ගැසූහ. අමුඩ ගසාගත් ගොවියෝද එහි වූහ. නැට්ටුවන් හා බෙර වාදකයන් පෙරටු කරගෙන ආ අය අතර මන්ත‍්‍රී පී. හැරිසන් මහතාද විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අය්යෝ පොල්. ඕව පට්ට ගණන් අප්පා. (ස)
කව්රුවත් ගහන්න ගෙනාපු පොල්, උස්සන් දිව්වේ නැද්ද ? (ස)
අපරාදේ පොල්.(ස)
කවදා ලංකාවේ මිනිස්සු සත්‍ය තේරුම් ගනීවිද? දෙවියෝ කියල යක්ෂ, මලපෙරේත, කුම්බාන්ඩ යන්ට පුද පූජා කරකර මුදල් හා කාලය නාස්තිකර ගන්නවා. හොර දේවාල වල පිළිම උඩ ලැගලා ඉන්නේ අසුද්දඃ ආත්ම විතරයි. (ස)
ලයිට් බිල අඩුවේවා. ! (ස)
පුලුවන් තරම් පොල් ගහන්න මිනිස්සුන්ට පුරුදු කරමු. එතකොට මගෙ පොල් ටික වැඩි ගාණට විකුණ ගතහැකි.(ස)
ඒක හොඳයි. ජනතාව නොමරා මරනවට පොල් ගහන්න ඕනෑමයි. විදුලි බිල නංවනවාට පක්ෂ අයටත් එකකයි ගහන්න ඕනෑ (නි)
මහින්ද මහත්තයා බෙලි අත්තේ මන්ත්‍රී වෙලා ඉන්න කාලේ ප්‍රේමදාස මහත්තයටත් පොල් ගැහුවා වගේ පොඩි මතකයක් තියෙනවා. දිට්ට ධම්ම වේදනීය කර්මේ.(නදී)
මොලේ පෑදෙන්න ගහනවා නම් ඔලුවේ එපැයි ගහන්න ,ගලේ ගහලා මොකක් කරන්නද? (නි)
තව ගෙඩියක් ගහන්න බලේට. එතකොට මොලේට මොනවත් වෙන්න එපා කියලා.(නදී)
මේකත් නියම වැඩේ. පොල් ගහල ගියාම කපුවා එකත් විකුණලා උගේම සාක්කුවට දා ගනීවි . මෙහෙමත් මෝඩ මිනිස්සු . පොල් ගහල බඩු මිල විදුලි බිල අඩුකරන රටක්. මන්දබුද්දිකකම මම හිතන්නේ. (ස)
පොල් ගැහුවම විදුලි බිල අඩු කරන්න පුළුවන් නම් විදුලි බල මණ්ඩලයේ වහලා දාන්නත් පුළුවන් (නි)
අනේ කවුරුවත් පොල් ගහලා දෙයියන්ට කිව්වේ නැද්ද ලොක්කන්ගේ මොලේ පෑදෙන්න කියලා. (නි)
පොල් ගගහ ඉන්න අරහේ පොල් පේනවා. (ස)
මුදල් ඕනෑ සංවර්ධනයටයි. එනිසා තමයි බිල වැඩි කරන්නේ (නි)