කලා වැව රක්ෂිතයේ තිහක් පමණ වූ අලි රංචුව පැටවුන් හය දෙනකුද සමග වසර ගණනාවකට පසු ගල්කිරියාගම කරලව හා හැවැන්තැන්නේ ගමට අඟහරුවාදා රාත්‍රියේ කඩා වැදීමත් සමග ගැමියෝ කළබල වූහ.
කරිවිල, කැකිරි, වට්ටක්කා හා පොල් වගාව බේරා ගැනීම ඔවුන්ගේ උත්සාය විය.
ඒ සඳහා ඇතෙමෙක් පොලීසියේ හා වනජීවී නිලධරයන්ගේ සහාය පැතූහ. රතිඤ්ඤා පත්තු කළහ. අලි වෙඩි පත්තු කළහ.
ඇතැමෙක් කඩිමුඩියේම වගාව නෙලන්නට වූහ. අලි ඇතුන් ළඟ ළඟම පෙනි පෙනී ගිනිගොඩවල් ගසමින් එළවළු නෙළන්නට වූහ.
ඇතැමෙක් ආරක්ෂාව පතා ඉවත්ව ගියහ. ඇතැමෙක් ගස්වලට නැග්ගාහ. පැටවුන් සිටි නිසාම අලින් එළවා ගැනීම අපහසු විය.
පැය 24කට පමණ පසු බදාදා (17) සංධ්‍යාවේදී අලි රැළ ආ පාරෙන්ම සැතපුම් තුනක් පමණ දුරින් පිහිටි කලා වැව රක්ෂිතයට ගියහ.
ගොවීන්ගේ වගාවට හානියක් සිදු වූයේ ද නැත. කිසිවකුට අනතුරක් සිදුවූයේ ද නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යාන්තම්! අලුත් අවුරුද්දේ දෙපාර්ශවයේම ජීවිත හානියක් නොවී, වැඩි වගා පාළුවක් ද නොකර අලි රාල හාමිලා, හාමිනේලා, ,දරුවන් සමග කැලයට ගිය එක. (ස)
සිරිකොතේ අලි කලබල වගේම කැළේ ඉන්න අලින්ගේනුත් මර කරදර ! (ස)
කරන්න කිසිම දෙයක් නැහැ. හේන් වගාවටයි.ගෙවල් හදන්නයි, පිට්ටනි හදන්නයි, එයා(ර්) පෝ(ර්)ට් හදන්නයි මේ අහිංසක සත්තුන්ගේ වනාන්තර ටික සුරාකෑවම මෙහෙම දේවල් වෙන එක සාධාරණයි. මේ ලෝකේ යුක්තිධර්මය කියා දෙයක්ද ඇත. (නි)
රජින්ද කියන කාරණාව මම අගයමි. මත්තල ගුවන්තොට හදලා තියෙන්නෙත් වන සතුන්ගේ භූමියක. විල්පත්තුව මැදින් අලුත් පාරක් හැදුවා. දැයට කිරුල තියන්නත් අභය භූමියක් මැදින් අලුත් පාරක් හැදුවා නේද? (නි)
කොළ රැල්ල ශක්තිමත් කරන්න එන්න ඇති. ඒත් වැඩක් නැහැ. පහුකාලෙක නිල් රැල්ලට එකතු වෙනවනෙ (නි)
රජින්ද, එහෙනම් ඔයාගේ ගෙදර සහ ඉඩමේ අලින්ට ඉන්න දෙන්න! (නි)
නායකයාගේ කීම අහකට දාන්න බැරුව වෙන්න ඇති. (නි)
රජින්ද , ඉස්සර කොළඹ අවටත් ඕනි තරම් කැලෑ තිබුන . වන සත්තුත් හිටියා. නමුත් ජනගහනය වැඩිවෙනකොට අනිවාර්යෙන්ම විය යුතු දෙය උනා. ඒ හන්ද නේද අද නෝනලා මහත්තුරු කොළොඹට වෙලා සැප විඳින්නේ. මත්තල උනෙත් ඒ දෙයම තමයි. සත්තුන්ට වෙනම අභය භූමි ලංකාවේ තියෙනවා . අඩුම තරමින් අපි ඒ ගැනවත් සතුටු වෙන්න ඕනි. මත්තල මිනිස්සුත් හෙට අනිද්දා සතුටින් තුන් වේල කාල ඉඳි. (ස)
රටක් දියුණු වෙනවයි කියන්නේ පරිසරය සහ මිනිසා අතර පවතින සහ සම්බන්ධය විනාශ කරන නිර්නායකයක් නම්, එය සම්පුර්ණයෙන්ම මිනිසාගේ ලේ නෑකම අපයෝජනය කරන්නකි. ඇතැමුන් අර්ථ දක්වන ලෙසට අප ජීවත් වන්නේ නම් මිහිපිට ඇති අවසන් ගසද කපා බිම හෙලු පසු, මිහිපිට වෙසෙන අවසාන සත්වයාද මරා දැමුණු පසු, අන් දේවල් අනුභව කළ හැකිද? වර්ෂ 1884දී 84% ක්ව පැවති ලංකාවේ වන වැස්ම වර්ෂ 2005දී 19% ක් බව ඔබතුමන්ලා දන්නේද? (නි)
අලුත් අවුරුදට නෑගම් ඇවිල්ලා (නි)