වව්නියාවේ ඕමන්ත ඉලය මරදංකුලමේ හා මරිදිට්ටි කුලමේ ගම්මානය අසල කැලෑවේ අලින් දෙදෙනකු පණ අදිමින් සිටින බව සිංහ රෙජිමේන්තු හමුදා නිලධරයෝ ද,
ගැමියෝ ද කියති.
මේ සතුන් දෙදෙනාට කිසිවකු වස දෙන්නට ඇතැයි සැක කෙරේ.
වහා පශු වෛද්‍ය ප්‍රතිකාර නොලද හොත් අලින් දෙදෙනා මිය යෑමට ඉඩ ඇතැයි ගම් වැසියෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතුවේ මේ වෙන දෙයක්. (නි)
වදවීගෙන යන සතුන් ආරක්ෂා කර යුතුයි.(නදී)
අයියෝ සල්ලි
දැනට ලෝකෙම අලි ටික දෙනයි ඉතිරි වෙලා ඉන්නේ. අලි මිනිස් ගැටුමෙනුත් අලියි මිනිස්සුයි දෙගොල්ලොම මැරෙනවා. ඉක්මනට මේ පිලිබදව බලධාරීන්ගේ අවධානය යොමු වේවා!! කියලයි ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ.(නදී)
පුදුම වැඩේ කියන්න දැන් හැම ගෙදරකම උදේ හවස පිරිත් පන්සල් සැදැහැවතුන්ගෙන් පිරිලා ඉතිරිලා ගිහින් කියන්න බැරි තරම් සර්ධාව අහෙව් රටේ මේ වගේ දේවල් වෙන්නේ කොහොමද ?? හොයල බලන්න වෙනවා පිට රටකින් වත් ඇවිත් ඉරිසියාවට කරනවද කියලා. (ස)
රටේ අලි පරපුර හා මිනිස් ජීවිත් රැක ගන්න කාටවත් ඕනෑ නැහැ. අලි වැටවල් ටික ගහලා අලි මිනිස් ගැටුම නවත්වන්න කටයුතු කරන්න කවුරුත් නැහැ. නිකන් කොළඹ නාඩගම් වලට කෝටි ගණන් මහජන මුදල් නාස්ති කරනවා. මේ වගේ දෙයක් කරන්න මොලයක් කවදා පහල වේවිද? ඒ වන විට අලි පරපුර ලංකාවෙන් වදවී අවසන් (නි)
වජිර, ඒ සල්ලි (පෙනුමෙන් සහ සංඛ්‍යාවෙන්) අලි ගානටම ඉන්න, ලොකු ලොක්කන්ගේ පාවිච්චියට තියෙන්න එපායැ. (නි)
අසරණ සද්දන්තයෝ දෙන්නක් (දී)
බුද්ධ ධර්මය නොපැවතෙන රටක් බවට ඔප්පුවී හමාරයි. අධික තණ්හා සහිත සිරිත් විරිත් පමණක් පවතියි. එයින් කිසි වැඩක් නැත. මිනිස්-නොවන සත්වයින් හට දුක්ඛිත තත්ත්වයක් උදා වී ඇත. මෙය වෙනක් කළ යුතුවෙයි (නි)
එක පැත්තකින් අනාරක්ෂිත වගා ළිං, තව පැත්තකින් හක්ක පටස්, වෙන අතකින් වෙඩි උණ්ඩ, උතුරෙන් දැන් වස කැවීම. අලින්ටත් සිද්දවෙලා තියෙන්නේ ගැමුණු කුමාරයට සිදුවුණා වගේ අත පය බැඳගෙන නිදාගන්න. (අ)
ඔය කැත වැඩ කරන්නෙත් අන්‍ය ආගමිකයෝද එතකොට? හොයලා බලන්න මම බොරුද කියන්නේ කියලා. දළදා කරඬුව ගෙනියන්නෙත් අලියා, උන්ව මරන්නෙත් බෞද්ධ අය. ඔන්න වැඩ (නි)
තිරිසනකුට වඩා අන්ත තිරිසන් මිනිසුන් කරන වැඩ. අලි පරපුර අපේ නැතිවී යන ජාතික වස්තුවක්. වරදකරු සොයා නිසි දඬුවම් දෙන්න. (නි)
ඔය වගේ අසත්පුරුෂ මිනිස්සු ඉන්න නිසා තමය් මේ රටට වින වෙලා තියෙන්නේ. (ත)
අලි වැටක් ගහන්න තමයි සල්ලි නැත්තේ. (ත)
සමහර තිරිසන් මිනිස්සු ඉන්න සමාජයක මේවගේ දේවල් අහන්න ලැබීම පුදුමයක් නෙවේ.(නදී)
කොහොමත් ඉතින් පණ අදිනවනේ දැන් අවුරුදු 20ක් විතර ඉදලා. (නි)
අනේ මොන හිතකින් මිනිස්සු මේ වගේ අපරාධ කරනවද මන්දා? (නි)
වැහි නැති හෙණ වදිනවා මේ කළ අපරාධයට (නි)