IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


අල - පරිප්පු - කොත්තු - රයිස්වලට පාලන මිලක්

(යොහාන් භාසුර)

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකට ඉදිරියේදී උපරිම සිල්ලර මිලක් පනවන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද (16) පැවසීය.

මෙරට තුළ පාරිභෝගිකයා දැඩි සූරා කෑමකට ලක්වන බවත් ඒ පිළිබඳව පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යවරයා කීය.

භාණ්ඩ රැසකට උපරිම සිල්ලර මිල නියම කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ පාරිභෝගික කවුන්සිලය මේ වන විට කටයුතු කරමින් සිටින බව කී අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා හැකි ඉක්මණින් එම මිල ජනතාවට දැනුම් දෙන බව ද සඳහන් කළේය.

වර්තමාන රුපියල් 100 කට අළෙවි කරන වතුර බෝතලය රුපියල් 40 කට අළෙවි කිරීමේ හැකියාවක් ඇති බවත් රුපියල් 52 කට සපයන ලුණු පැකට් එක රුපියල් 100 ට අළෙවි කරන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන, පානීය ජල බෝතල්, දේශීය නිෂ්පාදන ලුණු, ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වන පරිප්පු, ලොකු ලූණු, අර්තාපල් ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක්, රයිස්, කොත්තු ඇතුළු ආපනශාලා නිෂ්පාදන රැසක් මෙම උපරිම සිල්ලර මිලට යටත් කිරීමට යෝජිත භාණ්ඩ අතර වන බව පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරියේ නිලධාරියෙක් පැවසීය.    



අදහස් (11)

අල - පරිප්පු - කොත්තු - රයිස්වලට පාලන මිලක්

ලසා Monday, 16 December 2024 06:59 PM

අනිවාර්යයෙන්ම කළ යුතුම වැඩක්... වෙළෙන්දෝ හිතූ හිතූ ගණන් කියන්නේ. අඩුගානේ මිල ප්‍රදර්ශනය කරන්නේ වත් නෑ. එකම දේ තැන් කීපයක මිල කීපයක්. පාලනයක් නෑ. අධික ලාභ ගන්නවා. පාරිභෝගිකයින් වගේම ගොවියන් දෙකොටසම තැලෙනවා..

:       45       98

tissa Monday, 16 December 2024 07:30 PM

මේ ගසා කෑම පාලනය කළ හැකි හොඳම ක්‍රමය නම්, සමුපකාර පද්ධතිය ශක්තිමත් කිරීමයි.

:       0       0

Dileep Senaka Monday, 16 December 2024 07:59 PM

මේක ඉතාම හොඳ වැඩක්. ඒ වගේම රෙස්ටුරන්ට්වල නියමිත ප්‍රමාණය ඉක්මවා දාන ප්‍රමිතියෙන් තොර රසකාරකවලටත් ඇක්ෂන් එකක් ගන්නවා නම් හොඳයි.

:       0       0

Nihal Monday, 16 December 2024 10:27 PM

නිශ්චිත බරකුත් පනවන්න නැත්නම් පරාටා සරුංගල් වලට වැඩිමිලට විකුණනවා, වතුර බෝතල් මිල ඉතා අධිකය, ප්‍රංශයේ වගේ රටක වතුර ලීටරයක බෝතලයක් ලංකා මුදලින් රුපියල් 30. පඩියට සාපේක්‍ෂව සුලු මුදලක්,

:       0       0

B Amarasinghe Tuesday, 17 December 2024 02:53 AM

මිලක් නියම කරන කොට ඒවායේ වර්ගය (චිකන් ෆිශ් වගේ) අඩංගු විය යුතු දේවල්, බර ප්‍රමාණය ගැනත් සඳහන් කරන්න වෙයි. ඒ වගේම කෙටි කෑම වර්ග වලටත් මිල, බර ආදිය දේ ගැන සඳහන් කරන්න මිල ප්‍රදර්ශනය කළ යුතුයි කියලා නියම කළ යුතුයි. බාල බර නැති ෂෝට් ඊට්ස් වලින් චූන් පාන් කාරයෝ පුදුම ගසා කෑමක් කන්නේ...

:       0       0

s r sadaruwan Tuesday, 17 December 2024 06:32 AM

කියලා බෑ මේවා කරන්න ඕනෑ.. හොඳින් හරි... නරකින් හරි.

:       0       0

pj Tuesday, 17 December 2024 07:38 AM

එළියේ ඉන්න විට කියපුවා වගේ පහසු නැහැ. රට බාරගෙන කරනකොට නේද..? අර ගැහැණු ළමයින් වුණාම රස්තියාදු ගහන්න පුරුදු වෙන්නත් තියෙනවානේ... දෙපැත්තම ආරක්ෂා වෙන වදිහට මිලක් නියම කරලා තියන්න...

:       0       0

Lalla Tuesday, 17 December 2024 08:08 AM

මිල පාලනයද? නියාමනයද? පාලනය කළ ගමන් ප්‍රමිතිය ගැන මොනවා කරන්නද? දැනට විකුණන සමහර ලුණුවලත් වැලි පිරිලා. ලුණු සංස්ථාවේ සමහර පැකටුත් ඇතුලුව... කොත්තු, ෆ්රයිඩ් රයිස් වගේ ආහාර වලට යොදන ද්‍රව්‍ය ප්‍රමිතියකට යටත් කළ හැකිද? පිරිසිදුකම අනෙක. ආපනශාලා ප්‍රමිතිය සොයා බලන්න. තරඟකාරී වෙළඳාමට උදව් කරන්න.

:       0       0

නන්දන Tuesday, 17 December 2024 08:53 AM

කොත්තු රයිස් සඳහා පලන මිලක්. මුලින්ම කියන්න ඕනේ මෙය අමු ගොන් වැඩක්. පාරිභෝගික අධිකාරියෙන් පාලන මිලට අමුද්‍රව්‍ය සපයනවා නම් මේ වැඩේ හරි. එහෙමද වෙන්නේ? මිලෙහි පාලනයක් දැම්මාට ආහාර වට්ටෝරුවක් දී තියෙනවා ද මේ විදියටයි හදන්න ඕනේ කියලා? මිල ප්‍රදර්ශනය කිරීම අනිවාර්යය කළ යුතුයි. රටේ මුදල් ඒකකයේ වටිනාකම ස්ථාවර නැති රටක භාණ්ඩයක ස්ථාවර පාලන මිලක් පවත්වාගෙන යන්නේ කොහොමද? ඔය කියන නිලධාරීන් ඔය තනතුරු වලට පත් වෙලා ඉන්නේ මගෙන් ඉගෙන ගන්න ද?

:       0       5

Madawa Tuesday, 17 December 2024 11:26 AM

නියම වැඩක්, අනිවාර්යයෙන් කළ යුතු වැඩක්. අපිට කඩෙන් කෑම කන්න බෑ. මේ ගණන් වලට.

:       0       4

HMDS BANDARA Tuesday, 17 December 2024 02:13 PM

ගෑස්, විදුලිය, ඉන්ධන ආදිය වැඩි වීමේදී වැඩිවන සියළුම දේවල්වල මිල පාලනය කිරීමට ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. රයිස්, කොත්තු, ආප්ප වැනි දේවල මිල වගේම ප්‍රමාණය පිළිබඳවත් සොයා බලන්න ඕන. නැත්නම් පාලන මිල දාපු ගමන් ප්‍රමාණය අඩු කරනවා. අනිත් එක මගී ප්‍රවාහන බස් රථ තේ පානය සඳහා නතර කරන ආපනශාලාවල තියෙන්නේ ටුවරිස්ට් මිල ගණන්. කෑම බල්ලෙක්ට කන්න බෑ. ඒවා පාලනය කරන්න අනිවාර්‍යෙන් ක්‍රමයක් හදන්න ඕන. නීති කඩ කරන අයට දැඩි ක්‍රියාමාර්ග ගන්න ඕන.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මහවැලි ගඟට පැන්න තරුණිය කොස්තාපල් බේර ගනී
2025 අප්‍රේල් මස 10 368 0

කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.


අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 87 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


නාවික හමුදා දිය යට අවුරුදු උළෙල....
2025 අප්‍රේල් මස 10 225 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම


වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 22ක් මාට්ටු
2025 අප්‍රේල් මස 10 282 0

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.


වෛද්‍යවරිය අපයෝජන සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 10 352 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ


මියන්මාරයට ඩොලර් මිලියනයක්
2025 අප්‍රේල් මස 10 642 0

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 404 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 914 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site