IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


අලි සටනින් එකෙක් මැරී වැටේ

බලලූ වැව තින්නෑවේ ඇතුන් දෙදෙනකු සතියක් පුරා ද්වන්ධ සටනක යෙදී සිටි බවත් වයස අවුරුදු 40 ක් පමණ වන අඩි නවයක් උසැති ඇතකු මැරී වැටුනු බවත් ගැමියෝ කියති. මහවැලි කලාපයේ පශු වෛද්‍ය ඩබ්ලිව්.එම්. ධර්මකීර්ති මහතා ඇත් සිරුර කපා පිරික්සීමට යයි.



අදහස් (0)

අලි සටනින් එකෙක් මැරී වැටේ

අංජු Monday, 20 August 2012 07:52 AM

අලි සටන සතියක් තිස්සේ බලාගෙන හිටපු කට්ටිය කෝ දැන්? (නි)

:       0       0

ජයනාත් Sunday, 19 August 2012 04:18 PM

අංජන හරි. මොනවා කරන්නද? අනුකම්පා කරමු. (නි)

:       0       0

මධු Tuesday, 21 August 2012 12:20 AM

අර ඊයේ පෙරෙයිදා අපි දැක්ක දළ ඇතාද මේ මැරිලා තියෙන්නේ? කෝ සටන් කරනකොට ගත්ත ඡායාරූප නැද්ද? මට නම් සැකයි මේ ගැන. (නි)

:       0       0

සනත් Sunday, 19 August 2012 05:21 PM

අමිල 2012-08-19 12:41:03 අලි සටනක් නවත්වන්නේ කොහොමද? වතුර ගහලද? (නි) ************ නෑ මිත්‍රය වතුර ගහලා නොවෙය. මොළය පාවිච්චි කරලා. හේන්වල් වලට එන අලි ඇත්තු එළවන්න මිනිස්සු ළඟ ගොඩක් ක්‍රම තියෙනවා. මට හිතෙන්නෙ සතියක් තිස්සෙ මේ සටන දිහා බලන් ඉඳලා තියෙන්නෙ මිනිසුන් නොවෙයි කියලායි. මළාට පස්සෙ කපලා බලලා රිපොර්ට් එක දෙයි ,ඇතෙකුගෙ ප්‍රහාරයකින් මැරිලා කියලා. (නි)

:       0       0

හේමන්ත Monday, 20 August 2012 10:25 AM

පාර්ලිමේන්තු මන්ත්‍රි මහත්තුරුන්ගේ ගෙදරවල් වල සටන් නවත්තගන්න බැරිවුණු එකේ කැළයේ සතුන්ගේ සටන් නවත්තන්න මිනිස්සුන්ට පුලුවන්ද? නායකත්වය සඳහා කරන අලි සටන් කෙළවර වෙනහැටි පේනවා නේද? (නි)

:       0       0

බණ්ඩාර Sunday, 19 August 2012 07:29 PM

අනෙකාටත් වෙඩි තියලා හරි මරන්නයි තියෙන්නේ. මේ සටන් මහා නරක වැඩ. (නි)

:       0       0

වසන්ත Monday, 20 August 2012 11:04 AM

මේ තමයි ස්වභාව ධර්මයේ නීතිය (නි)

:       0       0

ටිරෝන් Sunday, 19 August 2012 10:24 AM

අනේ පවු නේද? (නි)

:       0       0

චන්දන Sunday, 19 August 2012 10:26 AM

සතියක් යනකල් දෙන්නව සමාදාන කරන්න කවුරුත්ම හිටියේ නෑ, ඒ කියන්නේ? (නි)

:       0       0

තිලක් Sunday, 19 August 2012 10:54 AM

කෝ අපේ අර අහවල්ලු දෙන්නා? පොඩ්ඩක් පරීක්ෂා කරලා බැලුවා නම් හරි ඉන්නවද කියලා? (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 19 August 2012 11:01 AM

ඔන්න බලහල්ලකෝ වැඩේ ඉතිං. සටන නවත්වන්න කවුරුවත් නැහැ. දැන් මළාට පස්සේ පරීක්ෂණත් කරනවා. (නි)

:       0       0

මාටින් Monday, 20 August 2012 11:45 AM

අනිත් ඇතාට මතක නැතුව ඇති..(ස)

:       0       0

අයිරාංගනී Sunday, 19 August 2012 11:29 AM

අනේ හැබෑටම, මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

අමරා Sunday, 19 August 2012 11:33 AM

ඉස්තාලය වහද්දී අශ්වයා ගිහින් ඉවරයි නේද? (නි)

:       0       0

නිශාඩ් පෙරේරා Tuesday, 21 August 2012 02:16 PM

මිනිස්සුන්ගේ ගතිගුණ සත්තුත් පුරුදුවෙලා වගේ...(ස)

:       0       0

විශ්ව Sunday, 19 August 2012 09:47 PM

අනේ ඇත්තට, නිර්වින්දය කරලා හරි ඔය රණ්ඩුව නවත්වන්නනේ තිබුණේ. (නි)

:       0       0

ලොකුගේ Sunday, 19 August 2012 09:48 PM

කිසිම කෙනෙකුට හිතක් පපුවක් තිබිලාම නැතුව ඇති.නැත්නම් මැරෙනතුරු කාටද බලන් ඉන්න පුළුවන්? (නි)

:       0       0

නුවන් Sunday, 19 August 2012 12:31 PM

මැරුණු ගමන් කපල බලන්න කට්ටිය ඉන්නවා. සතියක් යනකම් එක අලි වෙඩිල්ලක් දාන්න එකක් ඉදල නැහැ කවුරුවත්ම. කාට කියන්නද මේවා? (නි)

:       0       0

ප්‍රවීන් - මැනිලා Sunday, 19 August 2012 12:29 PM

ෂුවර් එකටම එක ඇතෙක් කියන්න ඇති "තව අවුරුදු හයකින් මම තමයි අලි රැළේ නායකයා" කියලා. ඒකයි සටනක් ඇවිළෙන්න ඇත්තේ. (නි)

:       0       0

අමිල Sunday, 19 August 2012 12:41 PM

අලි සටනක් නවත්වන්නේ කොහොමද? වතුර ගහලද? (නි)

:       0       0

ලංකාසිරි Sunday, 19 August 2012 11:13 PM

සතියක්ම ගහ ගත්තේ ඇයි? ටී56 දීලා තිබුණේ නැද්ද දන්නේ නැහැ නේද? (නි)

:       0       0

රංජිත් Sunday, 19 August 2012 01:05 PM

දැන් තියෙන්නේ මියගිය අලියාගේ බඩ කපන්න නෙමෙයි, මේක නිහඩවම බලන් හිටපු අයගේ බෙලි කපන්න. (නි)

:       0       0

බණ්ඩාර Monday, 20 August 2012 01:30 PM

අමිල මෝඩයෝ, වතුර ගහලා එළවන්න මේ පොරකෑවේ බල්ලෝ නොවෙයි. නිර්වින්දනය කරලා මේ සතුන් දෙන්නාව දෙපැත්තකට කරන්න වනජීවී එකේ මහත්වරුන්ට තිබුණා නේද? (නි)

:       0       0

අංජන Sunday, 19 August 2012 02:15 PM

අලි ඇතුන්‍ගේ සටන් නවත්වන්න නම් ඒ දෙන්නව නැවත මුණ නොගැසෙන විදියට ස්ථාන දෙකකට දාන්න ඕනේ. ඒත් හුගක් වෙලාවට මේ සටන් ඉවර වෙන්නේ එක් කෙනෙක්ගේ මරණයෙන් පස්සේ. (නි)

:       0       0

ශාන් Sunday, 19 August 2012 02:31 PM

ඇතින්නක් සම්බන්ධ ප්‍රශ්නයක්ද දන්නෙ නැහැ. (නි)

:       0       0

සුනිල් Monday, 20 August 2012 02:00 PM

එයාට පොලිසියෙන් නම් බේරෙන්න වෙන්නේ නැහැ. (නි)

:       0       0

නිලන්ත Monday, 20 August 2012 07:03 AM

දළ දෙකට වෙන දේ දෙයියෝ දනී..(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 5 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1783 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1362 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 386 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 517 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 235 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40017 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25950 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 233 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1307 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site