IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


අලූත් තානාපති මාසේ මැද අරාබියේ

සෞදි අරාබියේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස පළපුරුදු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු වන වඩිවෙල් ක්‍රිෂ්ණමූර්ති මහතා මැයි විසි වැනි දින සෞදි අරාබියට පැමිණීමට නියමිත බව රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කරයි.
අවසන් වරට දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර නියෝජ්‍ය මහ කොමසාරිස් ලෙස කටයුතු කළ ක්‍රිෂ්ණමූර්ති මහතා විදේශ දූත මණ්ඩල සේවයේ විසි වසරක පලපුරුද්දක් ඇත්තෙකි. ඔහු වසර 33 රාජ්‍යය සේවයේ යෙදී ඇති නිලධාරියෙකි.
එක්සත් ජාතීන්ගේ සංගමය, චීනය, නෙදර්ලන්තය, බංගලාදේශය ඇතුළු විවිධ රටවල › ලංකාව නියෝජනය කර ඇති ක්‍රිෂ්ණමූර්ති මහතා දකුණු ආසියාතික සහයෝගිතා සංගමයේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන්ද කටයුතු කර ඇත.

 



අදහස් (0)

අලූත් තානාපති මාසේ මැද අරාබියේ

ලුම්බිණි Wednesday, 08 May 2013 10:46 AM

මම හිතනවා මේ පත්වීම හොඳ තේරීමක් වෙන්න පුළුවන් කියල. (ත)

:       0       0

නිරෝෂන් තංගවේලු Wednesday, 08 May 2013 10:50 AM

බලමු මෙයාවත් මොනවා හරි කරයිද කියලා දුක් විඳින ජනතාවට. (ත)

:       0       0

වරුණ Wednesday, 08 May 2013 11:01 AM

වෙනත් ජාතියක කෙනෙක් යවපු එක හොදයි. මොකද මුස්ලිම් අය අරාබියට ගියාම ඒගොල්ලොත් සුල්ආන්ලා වගේ තමයි ලාංකිකයන්ට සලකන්නේ.. (නි)

:       0       0

උපාලි Wednesday, 08 May 2013 11:06 AM

අපේ දුක් විඳින කොල්ලෝ කෙල්ලෝ ටික වෙනුවෙන් අනේ යමක් කරන්න (නි)

:       0       0

ෂෙරිෆ් Wednesday, 08 May 2013 11:18 AM

නව තානාපතිතුමාට අපෙන් උණුසුම් සුබ පැතුම්! සෞදියේ දුක්විඳින විදේශ සේවකයෝ නැහැ, කසිප්පු පෙරන අයයි අනාචාරේ හැසිරෙන අය සහ නිවෙස්වලින් පැනයන අය තමයි දුක්විඳින්නේ. (නි)

:       0       0

ප්‍රභාත් Wednesday, 08 May 2013 06:00 PM

ෂෙරිෆ්,මෙහෙ මිනිස්සු ආසාවට දුක් විදින්නේ නැහැ. නොදන්නා දේ කතා කරන්න එපා. මමත් දැන් අවුරුදු 3 සවුදියේ ඉන්නේ. මමත් දන්නවා එම්බසි එකේ අයියලා කරපු දේවල්. (නි)

:       0       0

ඩී. උපුල් Wednesday, 08 May 2013 11:45 AM

කවුරු ආවත් කළ යුත්තේ රටවල් දෙක අතර හොඳ සම්බන්ධයක් පවත්වා ගැනීමයි. මෙරටට එන ශ්‍රී ලාංකිකයින්ගේ රැකියා සුරක්ෂිතතාව තහවුරු කිරීම හා සාධාරණ වේතන ආදිය විශේෂයි. ඒවගේම සෞදි පුරවැසියන් අපේ රටට හරිම කැමතියි. සංචාරක ව්‍යාපාරය ගැනත් හිතුවොත් හොඳයි. (නි)

:       0       0

අසංග Wednesday, 08 May 2013 12:04 PM

ගරු නව තානාපතිතුමාට අපේ උණුසුම් සුබ පැතුම්! මේචර කල් වෙන කට්ටියක් රජ කරපු තානාපති කාර්යාලය ඔබතුමාගේ අතට පත්වීම අපේ සතුටට කාරණයක්. ඔබතුමාගේ සියලුම වැඩ කටයුතු වලට චිත්ත ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. (නි)

:       0       0

පැතුම් Wednesday, 08 May 2013 12:15 PM

ෂෙරිෆ්, ඔයා ඉන්නේ සෞදියේද? නැත්නම් සුරංගනා ලෝකයකද? (නි)

:       0       0

රංජනී Wednesday, 08 May 2013 01:57 PM

හොද කෙනක් නම්,අවංක නම්,හොද සේවයක් කරනවා නම්,මොන ජාතිකයක් වුණත් මොකෝ? සිංහල ජාතිකයක්ම ඕනෑද? අපෝ අපේ සිංහලයෝ රට පාවා දෙන්න බලාගන ඉන්නේ (නි)

:       0       0

චන්දිම Wednesday, 08 May 2013 02:02 PM

මගේ සුබ පැතුම්. (නි)

:       0       0

මුහන්දිරම් Wednesday, 08 May 2013 03:50 PM

ඉස්සර හිටපු රජතුමන්ලගේ කාලේ ඉදලා මුස්ලිම් රටවල්වලට තානාපතිකමට යැව්වේ මුස්ලිම් ජාතිකයො නේද?ඉන්දියාව නිදහසේ සිට සෞදි අරබියාවට තානාපති හැටියට යවන්නේ මුස්ලිම් ජාතිකයනුයි. කමක් නැහැ. සුබ අනාගතයක් අපේ රටවැසියන්ට. (නි)

:       0       0

දයා අළහකෝන් Wednesday, 08 May 2013 03:52 PM

මමත් සුභ පතනවා මෙතුමාට. හැබැයි ඉතින් හොදින් අරාබි භාෂාව කතා කරන්න, හසුරුවන්න පුළුවන් වෙන්න ඕනෑ (නි)

:       0       0

ලලිත් Wednesday, 08 May 2013 04:27 PM

සිහලා වුණත් ජඩයෙකු නම් පහරදෙනු දෙමළා වුණත් උතුමෙකු නම් නම් ගරු කරනු ජාතිය කුලය ආගම ගැන නොගරහනු ගුණ නැණ විරිය ඇත්තන් මුදුනටම ගනු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 121 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 996 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 265 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 161 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


“පක්‍ෂය පාවාදුන් අයට නාමයෝජනා දෙන්නේ නෑ“
2024 සැප්තැම්බර් මස 30 363 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාවාදුන් කිසිවකුට නැවත එම පක්ෂයේ ඉහළ නිලතල හෝ නාම යෝජනා නොදෙන බවත් එම පිරිස සම්බන්ධයෙන් පක්‍ෂය ගත් ස්ථාවරයේ අඛණ්ඩව සිටින බවත


මට ගහන්න කවුරුත් එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 30 905 0

ප්‍රභූ ආරක්‍ෂාවට තමන් කැමැතක් දක්වන පුද්ගලයෙක් නොවන බවත් ප්‍රභූ ආරක්‍ෂාව ඉවත් කළ ද ප්‍රශ්නයක් නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30)


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38288 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25225 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site