ටෙස්ට් එක්දින හා විස්සයි 20 අන්තර්ජාතික ක්‍රිකට් තරඟ සදහා නව නිපන්දු නීතියක් හදුන්වාදීමට අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලය (අයි. සී. සී) සැරැසෙතියි. මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව පන්දු යැවීමේදී පන්දු යවන්නාගේ අන්තයේ කඩුල්ල පන්දු යවන්නා විසින් බිදළනු ලැබුව හොත් එම පන්දුව නිපන්දුවක් ලෙස විනිසුරුවරයා විසින් සංඥා කරනු ඇත.
මෙම නීතිය මේ මස 30 වැනිදා සිට කි‍්‍රයාත්මක වන බවද අයි.සී.සීය කියයි.
මෙම නීතියට යටත් වන පළමු තරගය ලබන මස 3 වැනිදා බුලවායෝහිදී සිම්බාබ්වේ හා බංගලිදේශ කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතය.
මෙතෙක් කාලක් නිපන්දුවක් ලෙස නම් කිරීමට පන්දුව දමාගැසීම , සීමා ඉර ඉක්මවා පන්දුයැවීම, නියමිත සීමාව ඉක්මවා බවුන්සර් පන්දුයැවීම, බීමර් පන්දු යනුවෙන් හැදින්වෙන උකුළට ඉහළින් පුල්ටෝස් පන්දුයැවීම, පිටුපස සීමාවට ඇතුළතින් පන්දුයවන්නාගේ පසුපස පාදය නොතිබීම, පන්දු යවන අත විනිසුරුට දැනුම් නොදී මාරුකිරීම, කඩුල්ලේ පන්දුයවන පාර්ශ්වය විනිසුරුට නොදන්වා මාරුකිරීම, අත යටින් කරකවා පන්දුයැවීම වැනි අවස්ථාවලදී මෙතෙක් නිපන්දු ලකුණු කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්රිකට් උනත් විනයක් ඇති, නීති ගරුක ක්‍රීඩාවක් නිසා නීතිපති දෙපර්තමේන්තුවේ අනුමැතිය ඉදිරි කාලයේදී අවශ්‍ය වෙයිද මන්දා!(නදී)
පන්දු යවන්නාගේ අන්තයේ පිතිකරු සීමා ඉර පසුකර සිටිනා අවස්ථාවන් අප අපමණ දැක ඇත. මෙය එසේ දවාලීම් නතකර කිරීමක්ද, නැත්නම් පන්දු යවන්නාගේ දුර්වලකමකින් විකට්ටුවේ වැදුනොත් නිපන්දුවක් සටහන් කිරීමක්ද? (නි)
ක්රිකට් හරිම කන් කරච්චලයක් වෙලානේ. (නි)
අපේ අය දැන් කොහොමත් නිපන්දු වෙලානේ. (නි)
වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න... (දී)
තව විස්තර කරන්න ඒ නිතිය ගැන (දී)
පිස්සු නීතියක්.(නදී)
ඒකත් කන්නයි හදන්නේ.(නදී)
ක්‍රීඩා නීතිත් එහෙනම් වෙනස් වුණා... (නි)
නරකද මේ පන්දුව අර තමිල්නාඩුවේ ඉන්න අයගේ නම් වලින් නම් කලොත්. මොකද ඒ අයත් තව ටික කාලෙකින් නිපන්දු වෙන නිසා මේක අර්ථවත් හදුන්වා දීමක් වෙයි. (නි)