අමාත්‍යංශ 18ක් සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපති විසින් මීට මද වේලාවක් කලින් ලේකම්වරු 18 දෙනෙක් පත් කරනු ලැබූහ. පොල් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනුර සිරිවර්ධන වාණිජ සහ කර්මාන්ත අමාත්‍යාංශයට, සෞඛ්‍ය අමාත්‍යාශයේ ලේකම් වෛද්‍ය රවීන්ද්‍ර රුබේරු සිවල් ගුවන් සේවා අමාත්‍යාංශයට, මහාභාණ්ඩාගාරයේ අධ්‍යක්ෂ ජනරාල් පදවියක් දැරූ වසන්ත ඒකනායක සංස්කෘතික සහ කලා කටයුතු අමාත්‍යාංශයට, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් කැෂියන් හේරත් මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු අමාත්‍යාංශයට, පළාත් සභා අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක සෞඛ්‍ය අමාත්‍යාංශයට, රාජ්‍ය කළමනාකරණ සහ ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ගාමිණි අමරවර්ධන වෙළෙඳ අමාත්‍යාංශයට, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චරිත හේරත් ජනමාධ්‍ය අමාත්‍යාංශයට, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්.ඒ.එක්. රණවක පළාත් සභා අමාත්‍යාංශයට, විශ‍්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් කේ.ඒ. තිලකරත්න යෞවන කටයුතු සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශයට, වරාය සහ මහාමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අනුර ජයවික‍්‍රම ක‍්‍රීඩා අමාත්‍යාංශයට, යාපනයේ හිටපු දිසාපති ඉමෙල්ඩා සුකුමාර් සමාජ සේවා අමාත්‍යාංශයට, ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් උදය රන්ජිත් සෙනෙවිරත්න පලදායිතා සහ සංවර්ධන අමාත්‍යාංශයට, කළුතර මහ දිසාපති විමලසිරි පෙරේරා ඉදිකිරීම් සහ ඉංජිනේරු සේවා අමාත්‍යාංශයට, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්.බී.කේ.බී. දිසානායක බුද්ධ ශාසන අමාත්‍යාංශයට, ඩබ්ලිව්.ඇම්. බන්දුසේන රාජ්‍ය කළමනාකරණ සහ ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශයට මීට අමතරව දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට ලලිත් කන්නන්ගර ද, පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශයට නිහාල් සෝමවීර ද, ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයට එරික් ඉලයප්ප ආරච්චි සහ නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයට පී.එච්.ජේ.බී. සුගතදාස පත්කරනු ලැබ සිටිති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිසරදේට කොට්ට මාරු කළා වද්ද?
හොඳට බැලුවොත් පරණ මුහුණුම අලුත් තැන්වල... ටිකක් හොඳට බලමු කොහොමද මාරු කරලා තියෙන්නේ කියලා. අපි මෝඩයෝ කියලද දන්නේ නැහැ හිතා ගෙන ඉන්නේ, නේද?
තව තවත් අමාත්‍යංශ වැඩි වේවා කියල ප්‍රාර්ථනා කරනවා. එතකොට තව තව ලේකම්ලා පත් කර ගන්න පුළුවන්.
අනේ මේ මොන අපරාධයක්ද ???
රජයේ සේවයේ ඉහළ නිළධාරින් පිරිසක් අතරින් ලේකම් වරු පත් කර ඇත. ඔවුන්ට සුභ පතමු.
මොනවා කළත් ඔච්චර තමයි
ලේකම්වරු හැමදාම මාරු කළත් වැඩක් නෑ. ලේකම්වරු ඇතුළු වැඩ කරන අනික් කට්ටියගේ ආකල්ප වෙනස් නොවෙනවා නම්
කැලේ මාරු උනාට පුල්ලි මාරු වෙන්නේ නෑ කියලා කතාවක් තියනවනේ.....
කතාකරලා වැඩක් නෑ....
බෙල්ලේ අමාරුවට කොට්ට මාරු කරනවා. මේ වගේ වැඩ තමා කරන්නේ....
ලේකම්ලාද? කේලම්ලාද?
දැන් මේ අයට වැටුප් ගෙවන්නේ කොහොමද?
මම දන්න විදියට අමාත්‍යංශ වලට දාලා තියෙන්නේ මේ ලේකම්වරු වෙනස් විදියකට..
අපේ ඇටිකිච්චාට, පුංචට, අමිලට, උක්කුවට, ආචාර්යට එහෙමත් දෙන්න ඕනි ලේකම් තනතුරු සමහර අමාත්‍යංශ වල
කුට්ටම ආයිත් ඇනුවා වගේ
ඊ ළගට වෙන්නේ මොන මාරුවද?
ඉතුරු ටිකත් හරි.....
ඇයි බොලවු, ඉල්ලුම් පත්තරයක් දැම්මේ නැද්ද අලුත් පත්වීම් වලට?
මාරුකිරීම් කෙසේවෙතත් මේ අය අස්සේ ඉන්න උසස්වීම් තියන සමහරුන් හොඳ ගෝලයෝ තමයි , ඕන දෙකට "ඔව් සර්"තමයි
මලී නාට්‍යයේ ඉන්න ලේකම් මහත්තය වගේ චරිතද දන්නේ නැහැ
කාසියන් හේරත්ට මර්වින් එක්ක එකතුවෙලා එයාගෙ ව්‍යාපාර දියුණුකරගන්න පුළුවං වෙයි..
ආ........මෙ වගේම පඛයෝ ටිකක්
කේලම් කියන්න නියම බඩු ටිකක් වෙන්න ඇති. දෙපාරකට වඩා ඉන්න පුළුවන් විදියට දියේ දාල වනපු ව්‍යවස්ථා ප්‍රෝඩාවට 18ක් ඇතිය බොල..... මට නම් හිතෙන්න මදිය කියල.
ලොකු වෙනස් කිරීමක් නේ ...... පරණ අය වැඩ බැරි ටාසන්ලද ? මෙහෙම විශාල වෙනසක් කරද්දී හේතුව ජනතාවට කියන්න බැරිද ? පරණ අයට ප්‍රමොෂන්ද ? ඩිමෝෂන් ද ?
ඉන්න ලේකම්ලත් මේ ලේකම්ලත් හැර තවත් ලේකම්ලා ඉන්නවද .
අපිට වෙඩක් තියෙනවයේ
මොන පගර නැට්ටා ආවත් රටෙ මහාජනතාවට කිසිම සෙතක් නැ.ඒවුන් ඒවුන්ගෙ වැඩ ටික හරියට කර ගනිවි.
පත් කිරීම් සහ ඉවත් කිරීම් නම් නිතරම සිද්ද වෙනවා . එත් වැඩක් නම් වෙන පාටක් නැ.
නියමයි.... නියමයි
හැම බරම දුප්ප්පතගේ කර උඩට තමයි . මුලින්ම රටේ තියන තත්වයයි උගත් පරාර්ථකාමී ජනතා නියෝජිතයෝයි හිටියොත් රට ගොඩ .
හොදට ගොට්ට අල්ලන නිලමෙලා ටිකක් වෙන්න ඇති අනිවාර්යයෙන්ම .
හොද තීරණයක් . බලමු මෙයාල මොනවද කරන්නේ .....
පරන අය දුසිතයිද මෙයාලා ඊට වැඩ්යි බලන් ඉමුකෝ
මෙන්න තවත් චන්ද ප්‍රතිපලයක් .පඩිය කීයද .කොහෙන්ද හොයාගත්තේ .
රටේ භාගයක්ම පරන එවුන් ටික කෑවා. ඉතුරු භාගේ මුන් ටික කලා යයි. මහ ජනතාවට වෙන්නේ දත්මිටි කන්නයි .
පවුල් සංස්ථාවෙන් ද???????
ඇමතිලා කරන කියන දේවල් දෙනගන්න තමාට විස්වාස කට්ටිය දාලා ඇත්තේ .
මේ ඔක්කොම කඩේ යන කටිටිය. මේ අයට ලේකමිවරැ වේනුවට කේලම් වරු කියලා දැමිමානමි හොදා
දැන් වැඩේ නැගල යයි . මේ 18 දෙන නෙති හින්ද තමයි මෙච්චර දවසක් මේ රටේ අවුල් හෙදුනේ . හොදයි .. හොදයි ... ආසියාවේ කැඩපත
ලේඛම්වරු පත්කරන්නේ ඇයි ඉන්න අයට මොනව වෙලාද? ඉන්න අයට වැඩ කර ගන්න බැරි විදිහට අපේ රටේ මොනවද ඉතුරු වෙලා තියෙන්නේ කරන්න.පදවි වැඩිවෙන්න වෙන්න පඩි වැඩියි...පඩි වැඩි වෙන්න වෙන්න බදු වැඩියි...එයයි තිත්ත ඇත්ත.....
ෂා....... හරිම ලස්සනයි. හරිම සුන්දරයි.