IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


අලුත් ලේකම්වරු 19ක්

අමාත්‍යංශ 18ක් සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපති විසින් මීට මද වේලාවක් කලින් ලේකම්වරු 18 දෙනෙක් පත් කරනු ලැබූහ. පොල් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනුර සිරිවර්ධන  වාණිජ සහ කර්මාන්ත අමාත්‍යාංශයට, සෞඛ්‍ය අමාත්‍යාශයේ ලේකම් වෛද්‍ය රවීන්ද්‍ර රුබේරු  සිවල් ගුවන් සේවා අමාත්‍යාංශයට, මහාභාණ්ඩාගාරයේ අධ්‍යක්ෂ ජනරාල් පදවියක් දැරූ වසන්ත ඒකනායක සංස්කෘතික සහ කලා කටයුතු අමාත්‍යාංශයට, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් කැෂියන් හේරත්  මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු අමාත්‍යාංශයට, පළාත් සභා අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක  සෞඛ්‍ය අමාත්‍යාංශයට, රාජ්‍ය කළමනාකරණ සහ ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ගාමිණි අමරවර්ධන  වෙළෙඳ අමාත්‍යාංශයට, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චරිත හේරත්  ජනමාධ්‍ය අමාත්‍යාංශයට, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්.ඒ.එක්. රණවක  පළාත් සභා අමාත්‍යාංශයට, විශ‍්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් කේ.ඒ. තිලකරත්න යෞවන කටයුතු සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශයට, වරාය සහ මහාමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අනුර ජයවික‍්‍රම  ක‍්‍රීඩා අමාත්‍යාංශයට, යාපනයේ හිටපු දිසාපති ඉමෙල්ඩා සුකුමාර් සමාජ සේවා අමාත්‍යාංශයට, ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් උදය රන්ජිත් සෙනෙවිරත්න  පලදායිතා සහ සංවර්ධන අමාත්‍යාංශයට, කළුතර මහ දිසාපති විමලසිරි පෙරේරා  ඉදිකිරීම් සහ ඉංජිනේරු සේවා අමාත්‍යාංශයට, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්.බී.කේ.බී. දිසානායක  බුද්ධ ශාසන අමාත්‍යාංශයට, ඩබ්ලිව්.ඇම්. බන්දුසේන  රාජ්‍ය කළමනාකරණ සහ ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශයට මීට අමතරව දේශීය  වෛද්‍ය අමාත්‍යාංශයට ලලිත් කන්නන්ගර ද, පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශයට  නිහාල්  සෝමවීර ද, ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයට එරික් ඉලයප්ප ආරච්චි  සහ නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයට  පී.එච්.ජේ.බී. සුගතදාස  පත්කරනු ලැබ සිටිති.



අදහස් (0)

අලුත් ලේකම්වරු 19ක්

හරමානිස් Saturday, 14 July 2012 07:01 AM

කාසියන්‍ හේරත්ට මර්වින් එක්ක එකතුවෙලා එයාගෙ ව්‍යාපාර දියුණුකරගන්න පුළුවං වෙයි..

:       0       0

දරුවෝ Friday, 13 July 2012 07:49 AM

අනේ මේ මොන අපරාධයක්ද ???

:       0       0

ජේ.රුවන්පතිරණ Friday, 13 July 2012 08:38 AM

රජයේ සේවයේ ඉහළ නිළධාරින් පිරිසක් අතරින් ලේකම් වරු පත් කර ඇත. ඔවුන්ට සුභ පතමු.

:       0       0

ඉලේපෙරුම Friday, 13 July 2012 09:07 AM

මොනවා කළත් ඔච්චර තමයි

:       0       0

නිෂාඩ් Friday, 13 July 2012 09:21 AM

ලේකම්වරු හැමදාම මාරු කළත් වැඩක් නෑ. ලේකම්වරු ඇතුළු වැඩ කරන අනික් කට්ටියගේ ආකල්ප වෙනස් නොවෙනවා නම්

:       0       0

නිරාන් Friday, 13 July 2012 08:49 AM

කැලේ මාරු උනාට පුල්ලි මාරු වෙන්නේ නෑ කියලා කතාවක් තියනවනේ.....

:       0       0

එම්.එම්.එස් Friday, 13 July 2012 09:02 AM

කතාකරලා වැඩක් නෑ....

:       0       0

නිමල් Friday, 13 July 2012 09:41 AM

බෙල්ලේ අමාරුවට කොට්ට මාරු කරනවා. මේ වගේ වැඩ තමා කරන්නේ‍....

:       0       0

රසික Thursday, 12 July 2012 06:37 PM

හොද තීරණයක් . බලමු මෙයාල මොනවද කරන්නේ .....

:       0       0

පී.කේ. සුමනාවතී Thursday, 12 July 2012 07:16 PM

කේලම් කියන්න නියම බඩු ටිකක් වෙන්න ඇති. දෙපාරකට වඩා ඉන්න පුළුවන් විදියට දියේ දාල වනපු ව්‍යවස්ථා ප්‍රෝඩාවට 18ක් ඇතිය බොල..... මට නම් හිතෙන්න මදිය කියල.

:       0       0

ෆාරු Friday, 13 July 2012 09:05 AM

ලේකම්ලාද? කේලම්ලාද?

:       0       0

කින් බෙනට් Thursday, 12 July 2012 06:55 PM

ලොකු වෙනස් කිරීමක් නේ ...... පරණ අය වැඩ බැරි ටාසන්ලද ? මෙහෙම විශාල වෙනසක් කරද්දී හේතුව ජනතාවට කියන්න බැරිද ? පරණ අයට ප්‍රමොෂන්ද ? ඩිමෝෂන් ද ?

:       0       0

සංජය Thursday, 12 July 2012 07:40 PM

ඉන්න ලේකම්ලත් මේ ලේකම්ලත් හැර තවත් ලේකම්ලා ඉන්නවද .

:       0       0

අමිල කටුනායක Thursday, 12 July 2012 07:47 PM

අපිට වෙඩක් තියෙනවයේ

:       0       0

සිසිර Friday, 13 July 2012 09:24 AM

හිසරදේට කොට්ට මාරු කළා වද්ද?

:       0       0

සමන් Thursday, 12 July 2012 08:02 PM

මොන පගර නැට්ටා ආවත් රටෙ මහාජනතාවට කිසිම සෙතක් නැ.ඒවුන් ඒවුන්ගෙ වැඩ ටික හරියට කර ගනිවි.

:       0       0

ගජමෑන් Thursday, 12 July 2012 07:28 PM

පත් කිරීම් සහ ඉවත් කිරීම් නම් නිතරම සිද්ද වෙනවා . එත් වැඩක් නම් වෙන පාටක් නැ.

:       0       0

රනිල Thursday, 12 July 2012 07:35 PM

නියමයි.... නියමයි

:       0       0

දුලිප් Thursday, 12 July 2012 08:27 PM

හැම බරම දුප්ප්පතගේ කර උඩට තමයි . මුලින්ම රටේ තියන තත්වයයි උගත් පරාර්ථකාමී ජනතා නියෝජිතයෝයි හිටියොත් රට ගොඩ .

:       0       0

ප්‍රියන්ත Thursday, 12 July 2012 08:34 PM

හොදට ගොට්ට අල්ලන නිලමෙලා ටිකක් වෙන්න ඇති අනිවාර්යයෙන්ම .

:       0       0

කිරිමාටින් Friday, 13 July 2012 10:52 AM

මම දන්න විදියට අමාත්‍යංශ වලට දාලා තියෙන්නේ මේ ලේකම්වරු වෙනස් විදියකට..

:       0       0

පිස්සා Thursday, 12 July 2012 08:12 PM

ආ........මෙ වගේම පඛයෝ ටිකක්

:       0       0

පිලිපීනෝ Friday, 13 July 2012 10:34 AM

අපේ ඇටිකිච්චාට, පුංචට, අමිලට, උක්කුවට, ආචාර්යට එහෙමත් දෙන්න ඕනි ලේකම් තනතුරු සමහර අමාත්‍යංශ වල

:       0       0

ගොනා Thursday, 12 July 2012 08:25 PM

පරන අය දුසිතයිද මෙයාලා ඊට වැඩ්යි බලන් ඉමුකෝ

:       0       0

දයා ,සෞදි Thursday, 12 July 2012 09:05 PM

මෙන්න තවත් චන්ද ප්‍රතිපලයක් .පඩිය කීයද .කොහෙන්ද හොයාගත්තේ .

:       0       0

අජිත් පෙරේරා ෆ්‍රාන්ස් Thursday, 12 July 2012 08:39 PM

රටේ භාගයක්ම පරන එවුන් ටික කෑවා. ඉතුරු භාගේ මුන් ටික කලා යයි. මහ ජනතාවට වෙන්නේ දත්මිටි කන්නයි .

:       0       0

ධර්මාශෝක Thursday, 12 July 2012 08:40 PM

පවුල් සංස්ථාවෙන් ද???????

:       0       0

මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Thursday, 12 July 2012 08:50 PM

ඇමතිලා කරන කියන දේවල් දෙනගන්න තමාට විස්වාස කට්ටිය දාලා ඇත්තේ .

:       0       0

රංජන් Friday, 13 July 2012 11:13 AM

කුට්ටම ආයිත් ඇනුවා වගේ

:       0       0

අලිබබා Thursday, 12 July 2012 09:31 PM

මේ ඔක්කොම කඩේ යන කටිටිය. මේ අයට ලේකමිවරැ වේනුවට කේලම් වරු කියලා දැමිමානමි හොදා

:       0       0

ජීවන Friday, 13 July 2012 12:12 PM

ඊ ළගට වෙන්නේ මොන මාරුවද?

:       0       0

නුවන් Thursday, 12 July 2012 09:25 PM

දැන් වැඩේ නැගල යයි . මේ 18 දෙන නෙති හින්ද තමයි මෙච්චර දවසක් මේ රටේ අවුල් හෙදුනේ . හොදයි .. හොදයි ... ආසියාවේ කැඩපත

:       0       0

යෝනුසලවි Thursday, 12 July 2012 10:22 PM

ලේඛම්වරු පත්කරන්නේ ඇයි ඉන්න අයට මොනව වෙලාද? ඉන්න අයට වැඩ කර ගන්න බැරි විදිහට අපේ රටේ මොනවද ඉතුරු වෙලා තියෙන්නේ කරන්න.පදවි වැඩිවෙන්න වෙන්න පඩි වැඩියි...පඩි වැඩි වෙන්න වෙන්න බදු වැඩියි...එයයි තිත්ත ඇත්ත.....

:       0       0

සජිත් Saturday, 14 July 2012 12:29 AM

මාරුකිරීම් කෙසේවෙතත් මේ අය අස්සේ ඉන්න උසස්වීම් තියන සමහරුන් හොඳ ගෝලයෝ තමයි , ඕන දෙකට "ඔව් සර්"තමයි

:       0       0

ලාල් Friday, 13 July 2012 01:28 PM

ඉතුරු ටිකත් හරි.....

:       0       0

සුමිත් Friday, 13 July 2012 12:53 AM

ෂා....... හරිම ලස්සනයි. හරිම සුන්දරයි.

:       0       0

සරත් Friday, 13 July 2012 02:05 AM

දැන් මේ අයට වැටුප් ගෙවන්නේ කොහොමද?

:       0       0

ජයන්ත Friday, 13 July 2012 03:24 AM

හොඳට බැලුවොත් පරණ මුහුණුම අලුත් තැන්වල... ටිකක් හොඳට බලමු කොහොමද මාරු කරලා තියෙන්නේ කියලා. අපි මෝඩයෝ කියලද දන්නේ නැහැ හිතා ගෙන ඉන්නේ, නේද?

:       0       0

ඔරන්හුටන් ෆ්‍රාන්ස් Saturday, 14 July 2012 05:45 AM

මලී නාට්‍යයේ ඉන්න ලේකම් මහත්තය වගේ චරිතද දන්නේ නැහැ

:       0       0

ලුම්බිණි Friday, 13 July 2012 05:42 AM

තව තවත් අමාත්‍යංශ වැඩි වේවා කියල ප්‍රාර්ථනා කරනවා. එතකොට තව තව ලේකම්ලා පත් කර ගන්න පුළුවන්.

:       0       0

මීයා Friday, 13 July 2012 02:16 PM

ඇයි බොලවු, ඉල්ලුම් පත්තරයක් දැම්මේ නැද්ද අලුත් ‍පත්වීම් වලට?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එන්න වඩිවේල් නා ගනියි
2024 ඔක්තෝබර් මස 13 305 0

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්


මිතුරු සාදයට ගිය රූපලාවන්‍ය ශිල්පියා සුද්ද කළ තුනක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 13 925 0

අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්


සැඩ පහරට ගසාගෙන ගිය දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 13 289 0

අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි


අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 189 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 4557 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 965 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26046 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 294 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1341 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site