කොළඹ අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණය වටා පොලීසිය, කැරලි මර්දන බළඇණි, පොලිස් විශේෂ කාර්ය බළකාය , යුද හමුදාව දැඩි ආරක්ෂක මුර යොදා තිබේ. නව අගවිනිසුරු මොහාන් පීරිස් දිවුරුම් දී වැඩ බාර ගැනීම හා ජනපති විසින් පහකැරුණු ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරිය උසාවි එතියි රාවයක් ඇති බව ද ආරක්ෂක අංශ කියයි.
නම හෙළි නොකළ ආරක්ෂක නිලධරයකු කීවේ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය උසාවියට එනවාදැයි සෝදිසියෙන් සිටින බවයි. ඇය පැමිණියහොත් ඇතුළුවීමට ඉඩ නොදෙන තත්ත්වයක් පවතින බව ඔහු නොකියා කීවේය.
උපාරිමාධිකරණයේ ප්‍රධාන ගේට්ටු දෙකම වසා ඇත.
හඳුනාගත් වාහනවල විනිසුරු දොරටුවෙන් ඇතුළුකරන බවත්, ඒවායේ සිටින විනිසුරුවරුන්ට පොලීසිය ආචාර කරන බවත් දැකගත හැකි විය. නීතීඥවරුනගේ වාහන සෝදිසි නොකරන නමුත් එහි යන එන්නන් ගැන දැඩි විමසීමක් කැරෙන බව දැකගන්නට ඇත.
ඡායාරූප මාධ්‍යවේදීනට හා වීඩියෝ ශිල්පීනට අධිකරණයට ඇතුළු වීම පොලීසියෙන් තහනම් කැර ඇත. දෙස් විදෙස් මාධ්‍යවේදීහු විශාල පිරිසක් උසාවියෙන් එළියේ රැස්ව සිටිති.
ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරුසමයේ දෝෂාභියෝගයට විරුද්ධව ගොනු කළ පෙත්සමක් අද විභාගයට ගැනීමට නියමිතය.












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගහයි ඔන්න අපි දන්නේ නැහැ (දී)
හොදටම තේරෙනවනේ වෙන්නේ මොකක්ද කියලා. (නි)
සමන් ලංකාවේද හිටියේ (දී)
ඒ මාමාලා මොකටද එන්නේ (දී)
ඔය ප්‍රශ්නේ ඔහොම්මම විසදා ගනිමු. කොහෙන් නතර වෙයිද දන්නේ නැහැ (දී)
අපේ රට අපි රක ගන්න ඕනේ (දී)
නැති ප්‍රශ්න දාගන්න එපා (දී)
කොහෙන් නතර වෙයිද (දී)
මේ එන කට්ටිය නවත්වන්න හමුදාවක් නැතුව බෑ.(දී )
ඉතින් ආපුදෙන් අපිට මොකෝ (දී)
මමනම් ගෙදරින් හෙල්ලෙන්නේ නැහැ මේ වගේ දවස් වලට (දී)
මොකටද දන්නේ නැහැ ඒ එන්නේ නේද (දී)
රටට මොකද්ද මේ වෙලා තියෙන්නේ (දී)
ලංකාවේ යකඩ ගැහැණිය කියලා කියන්නේ නිකන්ද? (නි)
රට ගිනිගන්නවෝ (දී)
මොකද්ද මේ වෙන්න යන්නේ (දී)
මගෙත් නඩුවක් තියෙනවා පාර්ලිමේන්තුවෙ අහන්න බැරිද?(නු)
අනේ මැඩම්, ඔබතුමිය මෙතැනින් ඉවත් වෙන්න. (නි)
අපි දන්නා විදියට නම් ගැහැනුන්ගෙයි පිරිමින්ගෙයි තීරණ වෙනස් වෙන්නේ ජීව විද්‍යාත්මක ලැදිකම් වලදී තමා. ඒවා කවුද උසාවියට දාලා තීරණය කරන්නේ? (නි)
ඔබට නිදහසේ කතා කරන්න පුළුවංද? නිදහසේ ලියන්න උද්ඝෝෂණය කරන්න දැං පුළුවංද?(නු)
අනේ මගේ රට (දී)
වීරෝධාර කාන්තාවක්ට මෙතරම් බය ඇයි? මැතිනිය ඔබට වඩා ඔබ අපිට වටිනවා... (නි)
ජනතාවට සැම දෙයකම ඉවසිල්ලෙ සීමාවක් තියෙනවා (දී)
පීරිස් මහතාට ජය වේවා! එතුමා රටට ආඩම්බරයක්. කවදාවත් බොරු කියන කෙනෙක් නෙමෙයි. (නි)
අනේ දෙවියනේ මේ කරදර කවදාද ඉවර වෙන්නේ (දී)
අපේ රටේ මේ ප්‍රශ්න ඉවර වෙන්නේ කවදා ද (දී)
කැරලි මර්දනය මේ ස්ථානයට අවශ්‍ය නොවේවා .......... (දී)
මොනවද මේ විකාර වැඩ (දී)
ප්‍රජාතන්ත්‍රවාදය හා බැඳුනු නිදහස කියන්නේ හරියටම දැලිපිහියක් වගේ දෙයක්. මේ දැලිපිහිය හරියට පාවිච්චි නොකරන අයට අහු උනෝතින් වෙන විනාශය අනන්තයි. (ස)
මොහාන් පීරිස් මහතාට ජය වේවා . එතුමා රටට ආඩම්බරයක්. කවදාවත් බොරු කියන කෙනෙක් නෙමෙයි (ස)
ජනාධිපතිවරයා පත්කළ නිලයකින් ජනාධිපතිවරයාම ඉවත් කළ පසු, සටන් කරන්නේ ඇයි . මෙය ජේෂ්ඨත්වය මත හෝ විභාගයක් සමත්වීම මත ලැබෙන නිලයක් නෙමයි. (ස)
සාමෙට කැමති නැහැ වගේ (දී)
බය හිතෙනවා නේද (දී)
වැඩේ සාම කාමිව විසදා ගනිමු (දී)
මොකද්ද ඔය තරම් බය (දී)
කවදා වෙච්ච දේවල්ද (දී)
වීරෝධාර කාන්තාවක් නවත්වන්න හමුදාවක් නැතුව බෑ (ස)
කැරලි මර්දනය උසාවියට අනවශ්‍යයි. (දී)
කොයි දේටත් කල් ඇතිව ලෑස්ති වෙන එක හොදයි නේද? (දී)
අත්දැකීම් ඇති පිරිමි කෙනෙක් තමයි අගවිනිසුරු කම වගේ වගකිවයුතු නිලයකට ගැලෙපන්නේ . ජෛව විද්‍යත්මකවත් තීරණ ගැනීමේදී ගැහැණු, පිරිමි බවේ වෙනස්කම් තියනවා.(ස)
ඇයි කාන්තාවකට මේ තරම් බය (ස)
"අත්දැකීම් ඇති පිරිමි කෙනෙක් තමයි අගවිනිසුරු කම වගේ වගකිවයුතු නිලයකට ගැලෙපන්නේ" ලංකාවේ අපරාධකරුවන් ගත්තම සීයට අනූනවයක්ම පිරිමිනේ... ඒ වගේ අපරාධමය හා වංචනික අත්දැකීම් ගැන වෙන්නැති ඔබතුමා කියන්නේ. වෙන නම් අපි දන්නා විදියට ගැහැනුන්ගෙයි පිරිමින්ගෙයි තීරණ වෙනස් වෙන්නේ ජීව විද්‍යාත්මක ලැදිකම් වලදී තමා. ඒවා කවුද උසාවියට දාලා තීරණය කරන්නේ?(ස)
අනේ මේ කේතුමතී නුවරට මොකටද මේතරම් ආරක්ෂාවක්..!(නු)
කෝකටත් පෙර සුදානම හොදයි නේ ........ (දී)
මේ ප්‍රශ්නය සාමදානයෙන් බේරගන්න ඕනේ (දී)
තව ටික දවසක් යනකල් තියල තියන්න කට්ටිය (දී)
මේ රටට යමක් කරේ යටත් විජිත සමයෙදි සුද්දා විතරයි (ස)
ඒ ගහන වතුර කොහෙන්න්ද ගන්නේ (දී)
කැරලි මර්දන හමුදාව ගෙන්වන්න තරම් වැඩේ දරුණුද? (දී)
තොටිල්ල පදවන අත ලොව පාළනය කරයි කියන්නෙ ඔන්න ඕකට තමා. එක් ගැහැණියකට බයෙන් ත්‍රිවිධ හමුදාවම ගෙනල්ලා. (ස)
දැන් නීතිය නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ (ස)
ඩිලාන්, නොදන්නාකම ප්‍රදර්ශනය කරන්න එපා. (නි)