ඇමරිකා ජනපතිවරණයේ අලුත්ම ප්‍රතිඵල අනුව මේ වනවිට රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ආසන 264ක් ලබා ඉදිරියෙන් සිටී. ඒ අනුව ජනපතිවරණයේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය ආසන 270ක් ලබාගැනීම සඳහා ඔහුට තවත් අවශ්‍යව ඇත්තේ ආසන 6ක් පමණි.
ඩිමොක්‍රටික් පක්ෂ අපෙක්ෂිකා හිලරි ක්ලින්ටන් දැනට ජය ලබා ඇති ආසන ගණන 215කි.
පෙරවරු 11.30
ඇමරිකා එක්සත් ජනපද ජනපතිවරණ ඡන්දයේ නවතම ප්‍රතිඵල අනුව රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ආසන 244ක් ලබා ඉදිරියෙන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ලබා ඇති ආසන ගණන 215කි.
ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 11.30 පමණ වනවිට නිකුත් වී තිබූ ප්‍රතිඵල අනුව ජයග්‍රහණය සඳහා ට්‍රම්ප්ට තවත් ලබාගත යුතුව ඇත්තේ ආසන 26කි.
ඇමරිකාවේ ජනපතිවරණ අපේක්ෂකයකු ආසන 270ක් ලබාගැනීමෙන් ජයග්‍රහණය තහවුරු කරගත හැකිවේ.
ඩොනල්ඩ් ට්‍රම්ප් ෆ්ලොරිඩා, ඔහියෝ සහ උතුරු කැරොලිනා ප්‍රාන්තවල ජයග්‍රහණය තහවුරු කරගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයෙන් ජයම වේවා! උණුසුම් සුබ පැතුම්! (නි)
බත ඉදෙන්නේ නැහැ හිලරි අම්මේ.... ළිප ගිනි මෙළවෙන්නේ නැහැ අම්මේ.... මුළු පරිසරයම අඳුරු වෙලා.... කුරුල්ලෝ ඉගිලෙන්නේ නැහැ අම්මේ.... පැරදුනේ ඔබ නෙමෙයි අපයි අම්මේ.... අයෙත් එන්න.... හිලරි සමඟ නැගිටිමු. අලුතෙන්ම පටන්ගමු. (නි)
අප පැතුව දේ ඉටුවුණා. ජයවේවා! (නි)
දැන් අර ලංකාවේ පොල් ගහපු මහත්තුරු මොකද කියන්නේ? දත මැදගෙන හිටියේ හිලරි එනකන් නේද? (සඳු)
ජය වේවා!! ජය වේවා!! ඇමරිකාවේ රතු අලියාට ජය වේවා ....!!! (ම)
ජය ශ්‍රී! නියමයි (නි)
නියමයි, මෙන්න මේකයි වෙන්න ඕනෑ. (නි)
සුභ පැතුම්! අපරාදේ යාපනේ අපේ අය ගහපු පොල් ටික. (නි)
ලංකාවට හිතකර මේ ජය ගැන අපි සතුටුවිය යුතුයි (නි)
දෙවැනි සැරේටත් එල්ටිටිඊ පරාදයි. තව ගහමු පොල් (නි)
සුබ පැතුම් ඔබට! (නි)
අපි දන්නවා දෙවියෝ අපේ මුහුණ බලනවා කියලා (නි)
පොල් ටිකක්වත් ගහලා බලමුද අපි? (නි)
නියමයි! පොල්ගපු අයට මොකද වෙන්නේ... (නි)
ජය වේවා ට්‍රම්ප්. ලෝකවාසී සැමගේ බලාපොරොත්තුවයි. (ම)
ජයවේවා! ට්‍රම්ප්ට සුබ පැතුම්! (නි)
ජයවේවා ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජයවේවා..! (නි)
ඉඟුරු දීලා මිරිස් ගන්න සහජ හැකියාවක් තියෙන අපිට ට්‍රම්ප් මහත්තයාගේ ජයග්‍රහණයත් අපේම ජයක් වගේ තමයි පෙනෙන්නේ. නොදන්නා එකාට වඩා දන්නා යකා හොඳයි කියලා හිතලා හිලරි නෝනගේ පැත්තට උදව්කරන අයත් ඉන්නවා. නමුත් ගුල්ලෝ ගහපු යකඩ මල්ල දැකපු සබුද්ධික ජනතාවනම් හාල් මල්ල ලිහල බලන්නෙත් නැහැ. (බ)
ට්‍රම්ප් ජයග්‍රහණය කිරීම ලෝකය තුල බෙදුම්වාදයට එරෙහි වන අයගේ පැතුමයි .(බ)
කට්ටියක් හිලරි ක්ලින්ටන් දිනවලා ලංකාවට කෙලවන්න පොල් ගැහැව්වා නේද? (බ)
හිලරිට කඩේ ගිය කොටි ඩයස්පෝරාවට අබ සරණයි. යාපනෙත් එකෙක් කඩේ ගියා දේව පුජාවක් තියල හිලරිට (බ)
ඩොනල්ඩ් ට්‍රම්ප් අපේ අප්පච්චි ජය නියතයි (ම)
මේක හොඳ නිදසුනක්, ලෝකයේ මිනිසුන් කොහොමද හිතන්නේ කියලා. මේ ආණ්ඩුව ජනවාරි 8 වෙනිදා ප්‍රබල මහින්දව පැරදුවේ දැන් බලයේ සිටින අයගේ දක්ෂතාව නිසා නොව, මොළේ තියෙන ජනතාවට දුෂණයෙන් තොර නීතිය හා සාමය හරියට කරන රජයක් ඕනෑ නිසා. මේ රජයට වැඩි ආයුෂ නැහැ මේ විදිහට වැඩ කළොත් (නි)
ට්‍රම්ප්ට ජය වේවා! (නි)
අපරාදේ අපි ගහපු පොල්. සම්බෝලයක් කෑවා නම් රසට බඩපුරවාගෙන වේලකුත් පිරිමහගන්න තිබුනා. (නි)
ගිලෙන නැවේ කවුරු කපිතාන් වුණත් අපිට මොකෝ (නි)
තවත් සාර්ථක අනාවැකියක්!! (නි)