ගිරිඋල්ල, මාහරගම මහාපාර ගොවි සංවිධානයේ මෙහෙයවීමෙන් 2013 වප්මගුල් උළෙල මහරගම බෞද්ධ මධ්‍යස්ථානය අසල වෙල්යායේදී පැවැත්විණි.
පහළොස් වැනි වතාවටත් අලි ඇත්තු සහ අම්බරුවෝ සී සෑම පෝරු ගෑමට යොදා ගනු ලැබූහ.
ශ්‍රී ලංකාව දැන් සහලින් ස්වයං පෝෂිත බවත් සහල් රට යවන බවත් මහින්ද රාජපක්ෂ ජනපති කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි ඇත්තු සහ අම්බරුවෝ, ලොකු වැදගත් තැන්වල ගහගන්නවට වඩා කොච්චර හොඳද මේ වගේ මඩට දැම්මහම! (නි)
කකුල් දෙකේ අලි ටිකක් දැම්මා නම් කුඹුරට ,කුඹුර හොදට මඩ කරයි. (නි)
විකාර.. (ස)
එක අලියයි ඉන්නේ. සී සෑම විතරයි, පෝරු ගෑමක් මෙතන නැහැ. (නි)
රජ කලේ මේවගේ දේවලට සත්තු යොදාගත්තේ ඒ කාලේ අද වගේ දියුණු ගොවි උපකරණ තිබුනේ නැති නිසා. නමුත් අද මෙතරම් දියුණු තාක්ෂණයක් තියෙද්දී අසරණ සත්තුන්ට වද හිංසා ඇයි.. සතුනට හිංසා නොකර කාලීන විදියට ඔය වැඩේ කලානම් නරකද...?(නු)
ජනතාව නොමග යැවීමක්.!(නු)
පව් ,ඇත්ත නේන්නම්. ඌට කකුලක් අරන් කකුලක් තියන්න මොනතරම් අමාරුද? (නි)
මෙයාලත් පාර්ලිමේන්තුවට යයි වාගේ. (නි)
මේක මහා බොරු වැඩක් අලියාගේ කකුල ලොකුයි. කුඹුරේ මඩ යට යනවා විතරයි. අනික අලියට මහා වදයක් එරෙන කුබුරක සද්දන්තයකු ඇවිදින්නේ කොහොමද.?
මී හරක් ටික ලොකු පුටු වලට යවලා හාන්න අලි අරන් වගේ. හොදයි වැඩේ (නි)
අලි හැමදාම අලි. ඒ නිසා කාට හරි පුලුවන්ද ඔය හෙන්ඩුව හොදට රත් කරලා වටයක් කරකවලා 2ක් අනින්න. ඊට පස්සෙවත් අලි බුලත් කොටු වලට පනින එක නතර වෙයි. (නි)
බොරු සෝබන වැඩ.(ස)
වැඩක් නැති එකේ "අලි " හාන්නවත් දාන එක හොදයි තමා .. (නි)
හොදයි කරකුත් වදවීගෙන යන කාලෙනේ.. අලියා ගිය ගමන් නියරවලුත් ඉවරයි වක්කඩවලුත් විනාශයි ට්‍රැක්ටරයක් දැම්මනම් පැයෙන් දෙකෙන් වැඩේ ඉවරයි..!(නු)
රට ස්වයංපෝෂිතයි, අපි මැද පෙරදිග දුක්විදින කල් (නි)
කෝටි 120 පාඩු වුණා නේද කලින් හාල් රට යවලා. ඒවගේ පාඩුව කොහොමද දරන්නේ..... (නි)
ඇත්තටම රජ කාලෙට ගිය වගේ දැනුනා හරිම චමත්කාරයි. (ස)
වල අලි ටික එකතු කරලා මෙහෙම වැඩකටවත් ගනිමු. ගම පාලු කර කර ඉන්න එකේ (නි)
අලි ගෙනැල්ලා හාන එක නෙමෙයි කරන්න තියෙන්නේ. ට්‍රැක්ටරයකින් හාන්න පුලුවන්නේ ලෙහෙසියෙන්. ඒ තරම් පරිසරයට හානියකුත් නැහැනේ. (නි)
තව ටිකකින් බෙහෙත් ටිකක් ගහල ඉතුරු ටික දවස් තුනකින් විතර ට්‍රැක්ටර් ගහල වපුරයි. (නු)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. පුරන් කුඹුරු විතරමද වප් මගුලට ගන්නේ? (නි)
නිල්ල පිරුණු රටට සිංහල හාලේ බත් සුවද දැනෙවා.(නු)
දැං ජීවත් වෙන්න ගොඩක් අමාරු කාලයක්... (නු)
අරුණ , ඔබ හිටියේ කිනම් රජුගේ කාලෙහිද..? (නි)
නිසි කළමානකාරීත්වයට වැඩ කරනවා නම් රටක් සුරපුරයක් කළ හැකි,යි. මේ බලධාරීන්ගේ සහ දේශපලකයෙන්ගේ සහ මහා ජනතාවගේ අවධානයටයි (නි)
රට යවන සහල් ආපසු හරවා එවූ බවටත් පසුගියදා අසන්නට ලැබුණි. (නු)
අනෙක් අලින්ටත් ඔය ටිකම තමයි. (නි)
අලින්ට මේක තමයි උරුම... (නි)
දැක්කම ලස්සනයි..!(නු)
පහුගියෙ ටිකේ අලි ටිකත් මේවගේ කුඹුරක් හාන්නවත් ගිහින් දෑම්මනම් පලක් ඈති වෑඩකට යොදවගන්න තිබුන. (ස)
කියනකොට නම් එහෙම තමයි ඒ වුනාට හාල් ගන්න කඩේ ගියාම දවල් තරු පෙන්නේ අපිට තමයි. (ස)
වී අලෙවි මණ්ඩලයේ අක්‍රමිකතාත් සොයා බලන්න..!