IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


අල්ලස් ගත් පොලිස් සැරයන්ට බරපතල වැඩ ඇති සිරදඬුවමක්

(මනෝප්‍රිය ගුණසේකර)

සොරකමකට රිමාන්ඩ් බාරයට පත් කර සිටි පුද්ගලයකුට ඇප ලබාදීමට අවශ්‍ය කටයුතු කරදීම සඳහා රුපියල් 20,000/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ කැබතිගොල්ලෑව පොලිසියේ සැරයන්වරයකුට වසර 3 ක බරපතල වැඩ සහිත සිරඳඩුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (25) නියම කළේය.

සිරදඬුවමට අමතරව රුපියල් 5,000/-ක දඩයක් ද අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් 20,000/-ක මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමටද නියම කළ විනිසුරුවරයා දඩ මුදල් හා දණ්ඩන මුදල් නොගෙවුවහොත් අමතර මාස 04ක සිරදඬුවමකටද විත්තිකරු යටත් කළේය.

විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් මෙලෙස දඬුවම් නියම කරන ලද්දේ කැබතිගොල්ලෑව පොලිසියේ සැරයන්වරයකු ලෙස සේවය කළ ගාමිණි විජේසුරිය නමැත්තාටය.

2013 මැයි මස 17 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කැබතිගොල්ලෑවේදී කැබතිගොල්ලෑව පොලිසියේ සැරයන්වරයකු වශයෙන් කටයුතු කරමින් සොරකමකට රිමාන්ඩ් බාරයට පත් කර සිටි ලිලන්ද ජයසේන නමැත්තාට ඇප ලබාදීමට අවශ්‍ය කටයුතු කරදීම සඳහා ඔහුගේ මවගෙන් අවස්ථා දෙකකදී රුපියල් 35,000/-ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් 20,000/-ක අල්ලසක් ලබාගත්  බවට චෝදනා හයක් යටතේ විත්තිකරුට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමසම නඩු පවරා තිබිණි.

මෙම චෝදනාව සම්බන්ධයෙන් දීර්ඝ නඩු විභාගයකින් පසුව නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා විත්තිකරුට එරෙහි චෝදනා 06න් පහක් පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නැතැයි තීරණය කරමින් එම චෝදනා වලින් ඔහු නිදොස් කොට නිදහස් කළේය.

අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව පමණක් පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති හෙයින් ඔහු අදාළ චෝදනාවට වරදකරු බව විනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ නීතීඥ මේනකා මුණසිංහ මෙනවිය කරුණු ඉදිරිපත් කරමින් අල්ලස් ගැනීම මේ වන විට අප රටේ එක්තරා කලාවක් වී ඇතැයි කීවාය.

අල්ලස් ගැනීම සමාජය වෙළාගත් පිළිලයක් බවට පත්ව ඇතැයි කී අල්ලස් කොමසමේ සහකාර අධ්‍යක්‍ෂ මේනකා මුණසිංහ මෙනවිය සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුවන්ට නියම කරන්නැයි ඉල්ලා සිටියාය.

ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා විත්තිකරුට අදාළ දඬුවම් නියම කළේය.

 



අදහස් (2)

අල්ලස් ගත් පොලිස් සැරයන්ට බරපතල වැඩ ඇති සිරදඬුවමක්

Raveendra Tuesday, 26 January 2021 06:00 AM

මෙම "පොලිස්කාරයාට" නිසි දඬුවම් ලබාදීම පිළිබඳව ගරු අධිකරණයට අපගේ ආචාරය... රුපියල් 20,000 ක වංචාවකට වසර 3ක බරපතල වැඩ සහිත සිරදඬුවම් මේ ගොල්ලන්ගේ අයට ලබා දුන්නේ නම් මහජන මුදල් කෝටි ගණනින් හොරාගත් සුදු ඇඳගත් ඒ සත්ගුණවත් කාලකන්නින්ට ආත්ම ගණනක් රජයේ බෝඩිමේ තපින්න වෙනවා නොවේද?

:       0       4

Rata Perata Tuesday, 26 January 2021 08:08 AM

රුපියල් 20000ට අවුරුදු 3යි. අර මිස්ටර් 10% ඇතුළු නඩය ගත්තා අල්ලස්වලට දෙන්න අවුරුදු මදිවෙයි. ඇයි අල්ලස් ගන්න පරිසරයත් හදලා තියෙන්නේ දේශපාලකයෝම තමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුටින් - ට්‍රම්ප්ට සුබ පතයි: සාකච්ඡා කරන්නත් කැමතියි
2024 නොවැම්බර් මස 08 104 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් යළිත් වරක් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සුබ පතා ඇත. ‘ට්‍රම්ප් ධෛර්යවන්ත පුද්ගලයෙක්’


දකුණු කොරියානු ජනාධිපති බිරිඳ වෙනුවෙන් සමාව ගනී
2024 නොවැම්බර් මස 08 136 0

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් බිරිඳ කිම් කියෝන් හේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය. ඒ, කිම් කියෝන් හේ ඉතා මිල අධික ‘ඩියෝර්’ වර්ගයේ අත්බෑගයක් ත


පාස්පෝට් ටෙන්ඩර් සමාගම පොරොන්දු කඩලා
2024 නොවැම්බර් මස 07 1981 0

විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා


එදා අමාත්‍යාංශ දුන්න‍ෙ පනින අයට අල්ලසක් විදියට
2024 නොවැම්බර් මස 07 527 0

ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං


වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් දෙකක් රෝහලට
2024 නොවැම්බර් මස 07 657 0

වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.


හිටපු ජනපති මෛත්‍රීගේ පෙත්සමක් විභාගයට
2024 නොවැම්බර් මස 07 972 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 69 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 446 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1397 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site