බස්නාහිර උතුර පොලිස් කොට්ඨාසයේ නිසි ආකාරව රාජකාරි කරන පොලිස් සාමාජිකයන් ඇගයීම සඳහා නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වෙයි.
ගවයන් ප්‍රවාහණය කළ ලොරියක් අත්අඩංගුවට ගත් හා මහ මඟ වැටී තිබූ මුදල් පසුම්බියක් අයිතිකරුට භාර දුන් පොලිස් නිලධාරීන් තම කාර්යාලයයට ගෙන්වූ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා විසින් ඔවුහු ඇගයීමට ලක් කරනු ලැබූහ.
බස්නාහිර උතුර දිසා රථවාහන කොට්ඨාසයට අයනුයුක්තව රාජකාරි කරන පොලිස් සැරයන් ජී ටී ආර් ටී රංජිත් සේනාරත්න සහ (23638) පොලිස් කොස්තාපල් අයි ආර් ද සිල්වා (49016) කොළඹ මීගමුව මාර්ගයේදී කපුවත්ත හංදියේදී නීති විරෝධීව ගවයන් ප්‍රවාහනය කළ ලොරියක් සැකකරුවන් දෙදෙනකු ද සමග අත්අඩංගුවට ගත්හ.
ගම්පහ මූලස්ථාන පොලීසියට අනුයුක්තව රාජකාරි කරන පොලිස් සැරයන් (55453) ඒ එන් අධිකාරි මහතා මාර්ගයේ වැටී තුබූ රුපියල් 143225ක් සහ ජාතික හැඳුණුම්පත සහිත මුදල් පසුම්බියක් අහුලා එහි අයිතිකරු වන යක්කල මහවිට පදිංචි වී එම් චන්ද්‍රපාල හතාට භාර දුන්නේය.
ඡායාරූප - ගවයන් ප්‍රවාහනය කළ ලොරිය අත්අඩංගුවට ගත් පොලිස් සාමාජිකයන් නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා විසින් ඇගයීමට ලක් කල අයුරු.
ඡායාරූපය - පාරේ තිබී ඇහිලූ රුපියල් 14322ක් සහිත මුදල් පසුම්බිය අයිතිකරුට බාර දුන් පොලිස් සැරයන්වරයා නියෝජ්‍ය පොලිස්පති විසින් ඇගයීමට ලක් කළ අයුරු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා මඩේ පිපුන නෙළුම් මලක් වගේ. (ස)
පොලිසියේ අනෙකුත් සේවක,සේවිකාවන්ට ලොකු ආදර්ශයක්.වාස් ගුණවර්ධන මහත්මා වැනි අය අගය කරමු. (නි)
දේශපාලනය ඇගිලි ගහන්නෙ නැත්නම් කොන්ද කෙලින් තියාගෙන වැඩකරන්න පුළුවන්.දැන් නිකන් ඉන්දියන් චිත්‍රපටි වගේ (නි)
පිරිහුණ පොලිස් දෙපාතමේන්තුවේ සිටින මේ වගේ උතුම් නිලධාරින්ට අපගේ හද බැදී ප්‍රණාමය! අපිට අද අවශ්‍ය මේ වගේ නිලදාරීන් කොටසක් (නි)
වාස් මහත්තයාගේ රාජකාරිය හා අවංක භාවය එදා කොටකෙතනදී අපි දැක්කා. (ස)
වාස් මැතිතුමාට පොලිස්පති කම දුන්නොත් අපිට හොද සේවාවක් ලැබේවි.(ස)
ඔබ තුමාට යෝධබල යෝධ ශක්තිය ලැබේවා. (ස)
ගම්පහ, ඉඹුල්ගොඩ, අමුණුගොඩ, මත් උවදුරෙන් බේරගන්න කියල කාරුණිකව ඉල්ලමි. (ස)
වාස් ගුනවර්දන මහතාණෙනි, කරුණාකර ගම්පහ ඉඹුල්ගොඩ අමුණුගොඩ තිබෙන කසිප්පු මත් කුඩු ජාවාරම කරන අයට නීතිය ක්‍රියාත්මක කරන්න (නි)
පුළුවන් නම් සුද්ද කරන්න කැලණිය. ඔබ තුමාට දෙවි රැකවරණයි. (ස)
කර්යාලය නම් දේවාලයක් වගේ. දෙවිවරු ඔක්කොම ඉන්නවා (නි)
මගේ වාස් එකටම දෙන මල් පෝච්චි වාස් වෙලා ඉවරයි.
ඕනෑම දහයියා ගොඩක වී ඇට කිහිපයක් තිබේ. පොලිසියේත් අවංක අය ඉන්ඩ පුළුවන් (නි)
හරියට හරි. (නි)
අරයාගේ කප්පම් කාරයන්ට මොකද කලේ? විශ්වාසයි සුද්ද කරයි කියලා. ජය(නදී)
වාස් ගුණවර්ධන මහතාණෙනි, පුලුවන් නම් ගම්පහ පොලිසියත් සාධාරන, ජරාව නොකන ස්ථානයක් කරන්න. (නි)
අහිංසක ලමයින්ට ගහන පොලිස් නිලදාරිවරුන්ගේ බිරින්දලාටත් තෑගි මොනවා හරි දෙයි.(නදී)
දැන් මේ ගොල්ලන් ලවා අර ප්‍රශ්න දාන අනිත් පොලිසි කට්ටියට පොඩි දැනුමක් දෙන්නකෝ. (නි)
අපිත් උපහාර කරනවා
අවංක නායකයන් එනම් ප්‍රධානීන් සිටිනවිට රට හැදීම අරුමයක් නොවේ. ඔබ සැමට මාගේ උපහාරය! (නි)
අනෙක් නිළධාරින්ටත් හොද ආදර්ශයක්! අවංකව නිසි ආකාරය රාජකාරි කළ සියලුම නිළධාරින්ට සූභ පතනවා. (නි)
පොලිස්පති වෙන්න හොදම කෙනා තමා වාස් ගුණවර්ධන.(ස)
පොලිසිෙය් අවංක සේවයට උපහාර දක්වන්න මේ දෙන්නා විතරක් ඇයි? අනෙක් අය නැද්ද එතකොට? (නි)