මාර්ග නිති කඩන රියදුරනට අයවැයෙන් යෝජනා කළ දඩයට එරෙහිව කතරගම සිට අම්බලන්ගොඩ දක්වා අන්තර් පළාත් පෞද්ගලික බස් සේවකයෝ අද (18) වර්ජනයක් ඇරඹුහ. ලංගම බස් සුපුරුදු පරිදි ධාවනය කරන බව පවසයි.
මාර්ග නිති කඩන රියදුරනට අයවැයෙන් යෝජනා කළ දඩයට එරෙහිව කතරගම සිට අම්බලන්ගොඩ දක්වා අන්තර් පළාත් පෞද්ගලික බස් සේවකයෝ අද (18) වර්ජනයක් ඇරඹුහ. ලංගම බස් සුපුරුදු පරිදි ධාවනය කරන බව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඩය වැඩි කරපු එක හොදයි. නමුත් හැම දෙනාටම සමානව නීතිය ක්‍රියාත්මක කරන තුරු රිය අනතුරු අඩුවෙන්න නෑ. ලංකාවේ පළමු පුරවැසිය වාහන 100ක් විතර පිරිවරාගෙන, තියෙන මාර්ග නීති ඔක්කමත් කඩ කරගෙන පාර පුරා ගිහින් සාමාන්‍ය ජනතාවට නීති පිළිපදින්න කියන එක මහා විහිළුවක්. (බ)
මුදලින් දඩ ගහනවට වඩා හොඳම විකල්ප ක්‍රමය රිය පැදවීමේ බලපත්‍රය කරන ලද වරදට අනුව නියමිත දින ගණනකට නැතහොත් සදහටම අවලංගු කිරීමයි (නි)
දඩය වැඩි කරපු එක හොඳයි. නමුත් රජය මේ බස් මාෆියාවට ඔතරම් බය ඇයි. බණ්ඩාරනායක මහත්තයාට හැකිවුණා නම් ඇයි මේ රජයට බැරි ඔය බස් ඔක්කොම රජයට පවරාගෙන දක්ෂ කළමනාකරණයක් යටතේ ලංගම දියුණු කරන්න. (නි)
අජිත්, 100% එකඟයි. (නි)
බස් රියැදුරන් වැරදි නොකරනවා නම් දඩ වැඩි වුණාට කාරියක් නැහැනේ. දඩය සියලුම රථවාහන එලවන රියැදුරන්ටම එකයි.ඒ නිසා මාර්ග නීති පිළිපදිමු. (ම)
දඩය වැඩි කරලා තියෙන්නේ අනතුරු අඩු කරන්න නොවෙයි. රජයේ අදායම වැඩි කරගන්න. ඒක තේරුම් ගන්න. මාර්ග අනතුරු වලට බලපාන වැරදි කරන රියදුරන් උසාවි දාන එක ශක්තිමත් කරන්න. අනතුරු අඩු වේවි. (නි)
ඇත්තටම මේ දඩය මදි කියලයි මට හිතෙන්නේ. කිසිම චාරයක් නැති, බල්ලන්ට වගේ මගීන්ට සළකන, පස්ස ගිනිගත් පිස්සු බල්ලන් මෙන් වාහන එළවන මෙවන් රියදුරන් හට මේ දඩය තුන් ගුණයකින්වත් වැඩිකළ යුතුයි (නි)
කරුණාකරලා ඔය පුද්ගලික බස් පර්මිට් ටික අවලංගු කරලා ලංගම බස් වලින් පුරවන්න. (නි)
අජිත්, බොරු කියන්න එපා. වත්මන් ජනාධිපතිතුමා එහෙම වාහන 100ක් විතර පිරිවරාගෙන යන්නෙම නැහැ. එහෙම කළේ ඔබතුමාලා වන්දනාමාන කරන හිටපු ජනාධිපතිතුමයි. දඩ වලින් පමණක් අනතුරු අඩු කරන්න බැහැ. නීතිය ගැන දැනුවත් කිරීම් කරන්නත් ඕනෑ. ඔක්කොටම කලින් රටට ඔරොත්තු නොදෙන තරම් වාහන තොගය පාලනය කළයුතුයි. (නි)
වර්තමාන අය වාහන 100 නැතත් වාහන 14 ගෙනියනවානේ. ඊටවඩා වැරදි කරන්නේ ගෝලයෝ. අද මන්ත්‍රීලා සහ පලාබබ්බුත් වාහන 5 - 6 පිරිවරාගෙන මාර්ග නීති කඩාගෙන යනවා. (නි)
ශාන්ත, හැමදේම ගැන පාට කණ්ණාඩි වලින් බලන්න එපා. දැන් ඉන්න අයයි, කලින් හිටපු අයයි ඔක්කොම කෙරුවේ ඒක. මෙතුමලා පාරේ යනකොට අපි කාණුවට බහින්න ඕනෑ. (නි)
කලින් කරපු නිසා අපිත් කරනවා කියන්න නම් අලුත් කට්ටියක් ඕනෑද? අපි අලුත් සෙට් එකක් පත්කර ගත්තේ පරණ ඇත්තෝ කරපු දේවල් නොකරන්නයි. හොඳ දේවල් කළා නම් එ්වා ඊටත් වඩා හොඳින් කරන්නයි. නිදහසට කාරණා එපා. (නි)
බස් රියදුරන් සහ ත්‍රීවීලර් දඩය 25000 කර අනික් ඒවට රුපියල් 50 කොරන්න එවිට රජයට අාදායමත් ලැබේවි මාර්ග නීති කැඩීමත් අඩුවේවි. අදහස හොඳයි නේද කොහොමද මගේ ටිකිරි මොලේ (බ)