ඉතාලියේ නගර කිහිපයක අවුරුදු උත්සව පසුගිය 14 වැනිදා පැවිත්විණි. සිසිලි බෞද්ධ විහාරයේ අවුරුදු චාරිත්‍ර මල්වතු පාර්ශ්වයේ ඉතාලියේ ප්‍රධාන සංඝනායක වගේගොඩ සීලානන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් එම විහාරස්ථානයේදී පැවැතියේය.
රෝම ධර්මාශෝක විහාරස්ථානයේ දී අවුරුදු උළෙල හා ගරායක් ශාන්තිකර්මයක් සිදු විය.
රාමඤ්ඤ නිකායේ, ඉතාලියේ ප්‍රධාන සංඝනායක දඹදෙණියේ ධම්මාරාම හිමියෝ ඊට අනුග්‍රහය දැක්වූහ.
ෆිරෙන්සි සමාධි විහාරයේ අවුරුදු උළෙල දොඩන්දෙණියේ නන්දසිරි හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්විණි. පාදෝවා ශ්‍රී ලංකා සංවිධානයේ බක්මට උළෙල බ්‍රෙන්තෙල්ලේ ක්‍රීඩාපිටියේදී පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක එක නිකායට එක එක නායක යෝ. අනේ මෙහෙම සමගියක්. (නදී)
සුබ අලුත් අවුරුද්දක් වේවා මිත්‍ර වරුනි.(නදී)
බලන්න කොයි තරම් ආඩම්බරද අපේ කම ගැන..!(නු)
කොහා තාමත් ඉතාලියේ? අනේ ඌටත් බොන්න දීලද? (නි)
මෙතන ස්වාමි කෙනෙක් ඉන්න නිසා මේ සම්බන්ධව සේනාවෙන් ප්‍රකාශයක් අවශ්‍ය වේ යැයි මට සිතේ. (නි)
පිටරට අවුරුදු උත්සව වලට කොහා අඬනකොට මෙහෙ අවුරුද්දට කණකොකා අඩනවා! (නි)
මේ අපේ චාරිත්‍ර නුතන ලෝකෙට කිසිසේත් ගැලපෙන්නේ නැත. තිත්ත ඇත්ත ඒකයි. වෙන රටකට ගිහින් කුලී වැඩ කරන ජාතියකට ඇති අභිමානේ මොකක්ද ඔය දේවල් කෙරුවා කියලා? (නි)
අජිත් ඔයා හරියටම හරි (නි)
අජිත්, ඔයාගේ නොදන්නාකම ලෝකෙටම පෙන්නන්න එපා . චාරිත්‍ර කියන්නේ නුතන දෙයක්ම නොවෙයි. පුරාතන දේයි චාරිත්‍ර වල වැඩි කොටසක් තියෙන්නේ . නුතන දේත් කලකදී චාරිත්‍ර වලට අයිති වෙයි. ලෝකේ සියලුම දියුණු ජාතීන් තමන්ගේ චාරිත්‍ර රකිනවා. කුලී වැඩ කලාට මිනිසෙකුගේ අභිමානය නැති වෙන්නේ නැහැ. ජාතියේ අභිමානේ නැති වෙන්නේ වටිනා දේ ගැන ඔබ වගේ හිතනකොටයි. (නි)
කුලී වැඩ කළාට මිනිසෙකුගේ අභිමානය නැති වෙනවා නම්, ඒ කුලී වැඩ කරන්නේ වෙන රටක නම්, තමන්ගේ රටේ කෙරුවට කමක් නැහැ. හැබැයි අපේ මිනිස්සු වෙන රටවල් වලට ගිහින් කුලී වැඩ කරනවා කියන්නේ, අපි ලෝකේ ඉන්න නොදියුණු දුප්පත් කිසිම දියුණුවක් නැති, කිසිම දෙයක් කරගන්න බැරි ජාතියක් කියලා ලෝකෙට පෙන්නන එක විතරයි. ඉතාලියේ මිනිස්සු මෙහෙ ඇවිල්ලා කුලී වැඩ කරන්නේ නැහැනේ. නේද? (නි)
කොහා උගේ රිටර්න් ටිකට් එක නැති කරගෙන වගේ (නි)