IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


අවුරුදු සංක්‍රාන්තිය 7.05ට

හිරු මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කිරීම සිදුවන සිංහල දෙමළ අලුත් අවුරුද්දේ නොනගතය අද පස්වරු 7.05 ඇරැඹිණි.

සියලු දෙනා පරණ අවුරුද්දට කා බී, ලිප ගිනි නිවා සියලු වැඩ අවසන් කළහ.

සිංහලෙන් නොනගතය හෙවත් පුණ්‍ය කාලය ද, දෙමළෙන් ‘විෂු‘ කාලය ද ලෙස හැඳින්වෙන මේ කාලයේ පන්සල්, පල්ලි, කෝවිල් ආදියට ගොස් වතාවත් සිදු කරති.

නැකත් නැති සමය නොනගතය ලෙස ජ්‍යොතිෂයේ හැඳින්වෙයි.

රටපුරාම සාමකාමී අවුරුද්දක් සමරන බවට වාර්තා ලැබෙමින් පවතී.



අදහස් (0)

අවුරුදු සංක්‍රාන්තිය 7.05ට

රියාල් Sunday, 14 April 2013 02:23 PM

සූර්යග්‍රහ මන්ඩලයේ නමි මීන සහ මේස රාසි ගැන විදයාවේ උගන්වලා නැහැ. රාශි ගැන හොයා ගත්ත විද්‍යඥයා කවිද?(නදී)

:       0       0

පසීල් Saturday, 13 April 2013 07:23 PM

කොයි පල්ලියටද යන්නේ. මුස්ලිම් පල්ලියටද ක්‍රිස්තියානි පල්ලියද ?. මේ දොගොල්ලටම අවුරුදු නැහැනේ.(නදී)

:       0       0

සදරුවන් Saturday, 13 April 2013 07:35 PM

මම 2006 ඉඳන් අවරුදු කාල නෑ. ලංකාවෙත් නෑ. ඉන්න අයට සුබ අලුත් අව්රුද්දක් වේවා.!(නදී)

:       0       0

චින්තක Saturday, 13 April 2013 08:15 PM

කැමැති පල්ලියකට යන්න පුළුවන්. (නදී)

:       0       0

මේනකා සෞදි අරාබිය Saturday, 13 April 2013 08:15 PM

වසර තුනකින් මට දරු දෙන්නා එක්ක අවුරුදු සමරන්න බැරි වුණා. ලබන වසරේදී අපි එකතු වෙලා අවුරු සමරන එකයි මගේ අලුත් අවුරුදු ප්‍රාර්ථනය. ශ්‍රී ලංකාවාසි සැමටත්, විදෙස්ගත ඔබ සැමටත්, ලංකාදීපයටත්, ලැබූ අලුත් අවුරුද්ද සාමය සතුට සම්පත සපිරි බත බුලතින් පිරි නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා! (නි)

:       0       0

අනුරාධ. Saturday, 13 April 2013 08:17 PM

අපේ රට සාමකාමී අවුරුද්දක් සමරන බව ඇහෙනවිටත් දැනෙන්නේ ඉතා සතුටක්. මේ සතුට අපට උරුම කරදෙන්න දිවිනොතකා සේවයකළ අපේ වීරෝදාර රණවිරුවන්ට අපි හිසනමා ආචාර කරනවා. (නි)

:       0       0

සංජීව කුමාර Saturday, 13 April 2013 09:08 PM

සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා ...! (නි)

:       0       0

සෝමසිරි Saturday, 13 April 2013 11:41 PM

ශ්‍රී ලංකාවාසි ඔබ සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! (නි)

:       0       0

ෂෙරිෆ් Sunday, 14 April 2013 12:26 AM

අපි ලංකාවාසී හැමදෙනාටම සාමෙන් සතුටින් ඉන්න කියල සුබ පතමු. (නි)

:       0       0

කුමාරි Sunday, 14 April 2013 01:00 AM

අනේ පවු සදරුවන්, ඔයා ගැන හරිම දුකයි (නි)

:       0       0

සම්පත් Sunday, 14 April 2013 03:30 AM

ෆසීල්, වරද්දගන්න එපා මේක බෞද්ධ හින්දු අවුරුද්ද නොවේ. මේකට කියන්නේ සිංහල දෙමල අවුරුද්ද කියලා. (නි)

:       0       0

අජිත් Sunday, 14 April 2013 05:15 AM

අපි ඉන්නේ ලංකාවේ. සිංහල සහ දෙමල අලුත් අවුරුද්ද නැකත් වලට සීමාවෙගන යනවා. පොඩි දරුවෝ ඉන්න ගෙවල්වල අවුරුදු උණුසුම ටිකක් තියෙනවා. අලුත් ඇඳුම් , නිලා කූරු , රතින්ඤ වැඩියෙන් ගන්නේ පොඩි දරුවන් ඉන්න දෙමවුපියෝයි . රෙදි කඩවල සෙනග පිරිලා . ඒගොල්ලන් ඇවිද ඇවිද බලන්නේ අඩු මිල රෙදිපිළි. මිනිස්සුන්ට අවුරුද්ද අවශ්‍යයි එත් සල්ලි නැතිනිසා අවුරුද්ද සමරන්නේ සුළුවෙන්. විශේසයෙන් අපිවගේ රජයේ සේවකයෝ සහ විශ්‍රාමිකයෝ. එදිනෙදා කුලී කරන අය ගැන මොන කතාද?(නදී)

:       0       0

අජිත් Sunday, 14 April 2013 06:22 AM

ලංකාදීප ඔන්ලයින් හමුවන සියලු මිතුරු මිතුරියන්ටත් ,ලංකාදීප කතුතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ හිතවතුන් සැමටත්,ලක්වාසී සැමටත් , විදේශගතව සිටින හිතවත් සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා !(නදී)

:       0       0

අජිත් Sunday, 14 April 2013 06:29 AM

මේනකා සොයුරිය කනගාටුවෙන්න එපා. ඔයා වගේ සොයුරියන් විදෙස්ගතව තවත් ඉන්නවා. ඔයාලා විදෙස් ගතවෙලා ඉන්නේ විනෝදයට නොවෙයි, පවුලේ අනාගතය වෙනුවෙනුයි. ඉතින් ලබන වසරේ දරු පැටවුන් සමග අලුත් අවුරුදු සමරන්න ඔබට වාසනාව සහ නිරෝගී සුව ලැබේවා ප්‍රාර්ථනා කරනවා.(නදී)

:       0       0

බුද්ධි Sunday, 14 April 2013 08:08 AM

මම හිතන්නේ පසීල් දන්නේ නැතුව අහන්නේ. පසීල් මේක සිංහල දෙමල අලුත් අවුරුද්ද ( ආගමක් නෑ ) සිංහල දෙමල ඕනෙම ආගමක ඉන්න අය තමන්ගේ ආගමික ස්ථාන වලට යනවා. දෙමල, බෞද්ධ අය ඉන්නවා. සිංහල-හින්දු අය ඉන්නවා. සිංහල-කතෝලික අය ඉන්නවා. .සිංහල-බෞද්ධ අය ඉන්නවා. සිංහල කියන්නේ බෞද්ධම නෙමෙයි.(නදී) .

:       0       0

හේරත් Sunday, 14 April 2013 09:45 PM

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා! සැම මුවක් අගම ලස්සන හිනාවක් පහල වේවා. කඳුලින් තොර හැඟුමින් පිරි ලස්සන හෙටක් හැමදාමත් ඔබ සැමටත්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 55 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 1319 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 2782 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1734 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 2941 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38548 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25368 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 273 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 924 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site