සිංහල හා හින්දු අලුත් අවරුද්ද නිමිත්තෙන් නිවෙස්වල ගෘහණියන් කාර්ය බහුලව නිවසේ කටයුතු සිදු කරමින් සිටියි.මාතලේ ප්‍රදේශයේ ආවේණික රස කැවිල්ලක් වන ආස්මි පිළියෙළ කරගන්නා ආකාරය සොයා අප මාතලේ බණ්ඩාරපොළ කවුරුත් දන්නා ආස්මි ආච්චි සොයා ගියෙමු.
ඇය නමින් ප්‍රේමවති ගුණරත්න (86) මහත්මියයි.වයස අවුරුදු 16 දි පමණ රසකැවිලි සැදිමට පටන් ගත් බවත් තම දෙමාපියන්ගෙන් ලද දැනමුද ගනිමින් තම උපන් හපන්කම් අනුව මෙම රස කැවිලි සැදිමට පටන් ගත්තාය.ඈ වැඩි ඇල්මක් දක්වන්නේ ආස්මි සැදිමටය.
ආස්මි සැදිමට ගන්නා ද්‍රව්‍ය,
- හාල් පිටි කිලෝ2යි.
පොල් ගෙඩි 2ක පොල්
දවුල් කුරුදු කොළ
අවශ්‍ය පමණට පොල් තෙල්
සිනි
කැමති ඩයි වර්ගයක්
ආස්මි සදා ගන්නා අකාරය.
හාල් කොටාගෙන කිහිපවරක් පෙනේරයකින් හලාගන්න.ඉන්පසු දවු කුරුදු කොළ පොල් වතුර මිශ්‍ර කර නානු සාදා ගත යුතුය.සදාගත් නානු පිරිසිදු භාජනයක දමා හාල් පිටි සමග මිශ්‍ර කරගෙන අතින් හෝ සුදුසු ආකාරයෙන් සකස් කරගති හිල් ඇති හැන්දකින් රත්වු තෙල් ඇතිලියට දමා රවුම් කිහිපයක් වක් කර අඩක් බැදුණු පසු බා ගන්න.ඉන් පසු දින කිහිපයකින් පසුව හෝ නැවත ගැඹුරු තෙලේ බැදගෙන ආස්මි සිනි රත්කර කැමති ඩයි වර්ගයකින් යොදා පැණීමිශ්‍රණයක් සකස් කරගෙන විවිධ රටාවන් ඹස්සේ එය සකස් කර ගත හැකි අතර අවුරුදු මේසයට රස කැවිල්ලක් ලෙස භාවිතා කළ හැක.
.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුද්දට ගෙදර ඉන්න තිබුනා නම් කොයිතරම් හොඳද කියලා හිතුනා. මම අබුඩාබි වලනේ. (නි)
ආච්චිගේ ෆෝන් නොම්බරය දෙන්නකො ... (නි)
හරිම රසවත් කෑමක්. පල කළ සැමට තුති....!!!! (නි)
සාදන ආකාරය ගැන වීඩියෝ දර්ශනයකුත් තිබුනා නම් ගොඩක් සතුටුයි (නි)
දවුල් කුරුදු වෙනුවට වෙන විකල්පයක් ගන්නා බැරිද? (නි)
හරිම රස කෑමක්.දවුල් කුරුඳු නොදා ආස්මි හදන්න බැරිද? (නි)