තමා ආපසු ශ්‍රී ලංකාවට කැඳවා ඇතැයි ඉතාලියේ රෝම අගනුවර ශ්‍රී ලංකා තානාපති අසිත පෙරේරා මහතා ‘එසැණට‘ පැවසීය.
තමා අපසු කැඳවන ලිපිය අද ලැබුණු බව ඔහු කීවේය. අසිත පෙරේරා මහතා ශ්‍රී ලංකාවට යන්නේ සිය සේවා කාලය අතරමගදී ය.
අසිත පෙරේරා මහතා ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නැයි ඉතාලියේ ශ්‍රී ලාංකිකයන් පිරිසක් පෙරදිනයේ තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ.
‘මම ආපසු ලංකාවට යන්නේ හරිම සතුටෙන්. ඉතාලියේදී ජාවාරම්කරුවන්ට හසු නොවී කොන්ද කෙළින් තියන් හිටියා. මා මේ තනතුරට පත් කළ ජනාධිපතිතුමාටත්, ඉතාලියේදී සහාය දුන් සියලු ලාංකිකයන්ටත් ස්තුතිවන්ත වෙනවා‘
ඉතාලි ශ්‍රී ලාංකික එකමුතුවේ අනුශාසක රෝමයේ ධර්මාශෝක විහාරාධිපති දඹදෙණියේ ධම්මාරාම හිමියන් පැවසුවේ තානාපතිවරයා ඉවත් කරන ලෙස ගෙන ගිය උද්ඝෝෂණය සාර්ථක වූ බවයි. මෙය ඉතාලියේ ශ්‍රී ලාංකිකයන්ගේ පොදු ජයග්‍රහනයක් බවත්, ඊට සහාය දැක්වූ ඉතාලිය, සයිප්‍රසය සහ ග්‍රීසියේ ලාංකිකයනට ස්තුතිවන්ත වන බවත් ඒ හිමියෝ කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝ නිලධාරීන් කරන්නේ ආපු දවසේ ඉදන් පවුලේ අය ගෙන්වගන්න එකයි.(නදී)
හෙට අනිද්ද පැරිසියේ තනාපති කාර්යාලයේ කට්ටයවත් ඵලවන්නයි ඉන්නෙ. අම්මගෙ අප්පගෙ බූදලය වගෙ වැඩ කරන්නෙ. දිනකට 12 දෙනාටයි අංක දෙන්නේ. 25ක් සේවය කරනවා. මේවා ජාතික අපරාධ.(නදී)
ලංතාවේ අය වෙනුවෙන් පෙනී හිටියා මදි.(නදී)
දැන්නම් ඉතින් ඉතාලියට හොද කාලයක් යයි. මගේ හිතේ නම් අසිත පෙරේරා මහතාත් එක්ක පුද්ගලික තරහක් නැතත් ශ්‍රි ලාංකිකයන්වෙනුවෙන් කිසිම වැඩක් නොකරපු එකම තානාපති තමයි එයා. පරක්කුවෙලා හරි හොද තීරණයක් අරගෙන තියෙන්නේ. (නි)
මේගැන දන්නේ රෝමේ ජීවත්වන අය. අපිට මේහේ ඉදන් මේවට ප්‍රතිචාර දාන්න බැහැ.(නදී)
සීඝ්‍රව වැඩකරන රටකට අකාර්යක්ෂමතාවය ගැළපෙන්නෙ නැහැ. (නි)
ඉතාලියේ ඉන්න මිනිස්සුන්ට ඕනෑ වැඩ මිසක් බොරුව නෙමෙයි. (නි)
කොච්චර හොද කෙනෙක් ඉතාලි තානාපති වෙලා ආවත් ලිපි ලේඛන කළු කඩකාරයන්ට තැනක් දුන්නේ නැත්නම් තානාපති කමේ ඉන්න ලැබෙන්නේ නැහැ.(නදී)
හොද සේවාවක් නැති එකම තානාපති කාර්යාලය මෙය නොවෙයි. ඉන්දුනීසියාව තවත් උදාහරණයක්. දැනට සේවය කරන තානාපති තුමා අවුරුදු 05 ක් තිස්සේ එහෙ ඉන්නේ. වැඩක් කරන්නේ නැහැ. ජනාධිපතිතුමනි! වහාම ඔහුවත් ලංකාවට ගෙන්වන්න.(නදී)
ප්‍රංශයේ, ඉතාලියේ විතරක් නෙමෙයි ලංකාවේ අය සේවය කරන බොහෝ රටවල්වල තානාපතිසේවය ඔහොම තමයි. නැත්නමි රිසානාගේ බෙල්ල කපනකම් කවුරුත් දන්නේ නැහැනේ.(නදී)
සමහරු මිනිහෙක්ට හොදක් කරන්නම දෙන්නෙ නැහැ වගේ. (නි)
මගේ පුද්ගලික අදහසක් මේක. අර අපේ ජනාධිපතිතුමාගේ පච්චයක් පිටේ ගහපු කෙනා තානාපති කළොත් නරකද? (නි)
කොන්ත්‍රාත්තුව ඉවරයි. (ත)
තව මේවාගේ තැන් තියනවා තානාපති බලතල අරන් පිස්සු කෙලින නෝනලා ඉන්න තැන් මේවත් හොයන්න වෙයි. නිලධාරීන් පත්කරන්නේ රටට ජනතාවට වැඩ කරන්න, තමන්ගේ මඩිය තරකරගන්න නෙවේ.(නදී)
මකකද, කළින් මෙතුමා හැමදාම සම්බන්ධ කරගන්න බැරි උනා? (ත)
විශිෂ්ට පුද්ගලයෙක් යන්න ගියා. මේක වැරදි තීරණයක්. (නි)
ගරු ජනාධිපතිතුමනි, ඔබට අපේ උත්තමාචාරය. මර්තු මාසෙ ජිනීවා යෑමට අප සැම සූදානමින් සිටින්නෙමු. (ත)
අසිත පෙරේරා මහතා මොන පක්ෂයේද? (ත)
ඔබතුමාගේ තීරණයට ගොඩක් ස්තූතියි. (නි)
ප්‍රංශයේ,තානාපති කාර්යාලය අරක්ගත් කට්ටඩි රාලලා ටිකක් ඉන්නවා. හෙට අනිද්දා වනවිට මෙහෙත් වැඩ පටන් ගන්නවා. (නි)
මිනිස්සුන්ට අවශ්‍ය සහන පමණයි (දී)
මීලගට කාවද පත් කරන්නේ (දී)
නැතව බැහැනේ (දී)
වෙන මොනවා කරන්නද (දී)
ඉක්මනටම තව කෙනෙක් පත් කරන්න (දී)
ලංකාදීප, තානාපති සේවය ගැන කියන්න, ලියන්න අපිට තැනක් දෙන්න. පසුව හොයා බලා සත්‍ය නම් පළකරන්න. (නි)
අයියෝ ඒ මොකද උනේ (දී)
සෑමවිටම තමන්ට ඇසුරය සුදුසු පුද්ගලයින් පමණක් ඇසුරු කරන්නේ නම් ප්‍රශ්න ඇති නොවේ. (නි)
ඒ ක්‍රියාව වඩාත් හොදයි (දී)
නිතියට ගරුකරන විනයගරුක අය සහ හොද මිතුරන් කුමන රටකට ගියද ඇසුරු කරන්න. (නි)
මේක කුමන්ත්‍රනයක් තමයි. මී ලග තානාපති කැලණියේ හිටපු කෙනෙක්ද? එතකොට බලමු මොකද වෙන්නේ කියලා.(නදී)
ඒ තානාපති කාර්යාලයේ මහා විශාල ප්‍රශ්නයක් තියෙනවා මේ දවස් වල (දී)
ශ්රී ලාංකික උත්තමාචාරය! (නි)
අනිත් අයත් ප්‍රවේශම් වුණොත් හොදයි. (නි)
ඔරුව පෙරලුනාම කව්රුත් ඔහොම කියනවා.(නදී)
කොන්ද කෙලින් තිබිලා මදි. (නදී)
අයියෝ අපරාදේ. (ත)
හොද හිමිනහට හැමතැනම කෙනෙහෙලිකම්. (ත)
දැන්වත් කොන්ද නමාගෙන වැඩකරන්න පුරුදු වෙන්න. (නි)
ඇයි කවුරුත් මේකට ප්‍රතිචාර දක්වන්නේ නැත්තේ? (ත)
බලධාරීනි, මෙතුමා මීට වැඩිය මොලේ දියුණු මිනිස්සු ඉන්න රටකට යවන්න. (නි)
එතකොට ඒ රටට තානාපති කාර්යාලයක් නැද්ද (දී)
කවුද හරි? මීට ප්‍රතිචාර දැමිය යුත්තේ එරට සිටින අයයි. (නි)
ඒ වැඩේ නම් හොදයි (දී)
මෙය විශාල කුමන්ත්‍රණයකි. (නි)
මොන තරම් බලපුලුවන් කාරයෙක් වුණත් රට ගැන, ජනතාව ගැන, වැඩකරන සේවකයින් ගැන හිතලා වැඩකරනවා නම්, වැඩ කළා නම්, ඇහුම්කම් දෙනවා නම්,දුන්නා නම්, ඇහුම්කන් දෙන්න සතුටු නම් වරදින්න විදියක් නැහැ. (නි)
මේ නිළධාරීන් මෙහෙම ඉවත් කරලා දුන්නේ නරක පූර්වාදර්ශයක්. (නි)
ගිය එකනම් හොදයි.(නදී)
යන්නේ සතුටින් නම් ඉතින් කාටවත් ප්‍රශ්නයක් නැහැනේ. (නි)
සෘජුව වැඩ කළානම් ඔහොම වෙනනේ නැහැනේ (නි)
ඉස්සර හිටිය එක්කෙනා එවන්න. එතකොට හරියයි. (නි)
රහත් වෙච්ච කෙනෙක් එවන්න.(නදී)
තිබුණු වැරදි දන්නෝ දනිති. (නි)
සත්‍ය ජයගනී.(නදී)
ජනාධිපතිතුමනි, ඔබට ස්තුතියි.(නදී)
අනේ ලොකු දෙයක්. (නි)
හොදින් හිටියානම් අදත් ඉන්නවා.(නදී)
සමහරුන්ට නම් දැන් හරි සතුටු ඇති. (නි)
බොරුවට වැඩි ආයුෂ නැහැ.(නදී)