රෝමයේ ශ්‍රී ලංකා තානාපති අසිත පෙරේරා මහතාගේ නිවසේ සේවයට ලංකාවෙන් ගොස් සිටි තිදෙනා අද ශ්‍රී ලංකාවට ඒමට නියමිතව සිටිය ද ඔවුන් අතුරුදන්ව ඇතැයි පොලිසිය පැමිණිලි කර ඇත. තානාපතිවරයා ශ්‍රී ලංකාවට කැඳැවීමත් සමග ඔවුන් වෙනුවෙන් ගුවන් ටිකට් වෙන්කර ඇති තානාපති කාර්යාලය අද ඔවුන් ශ්‍රී ලංකාවට යැවීමට අවශ්‍ය කටයුතු සලසා තිබිය දී මේ තත්ත්වය උදාවිය. සේවකයන් දෙදෙනකු ද එක් සේවිකාවක ද ආ ගිය අතක් නැතැයි තානාපති කාර්යාලය ඉතාලි පොලිසියට මින් මඳවේලාවකට පෙර පැමිණිලි කෙළේය.
මෙම සේවකයන් තිදෙනා ගැන අසිත පෙරේරා මහතා රෝමයේ පොලිසියට පැමිණිලි කෙළේය. ගෙදර තිබූ යුරෝ 1800 (රුපියල් 300600 ) හා ජංගම දුරකතනයක් ද නැති වූ බව ඔහුගේ පැමිණිල්ලේ සඳහන් වේ.
මේ තිදෙනාම අසිත පෙරේරාගේ මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවකයන් බව ද දැන ගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලා එහේම ඉන්න. ලංකාවට ආවත් මෙහේ රැකියා හිගයිනේ. (නි)
ගෙදර ගියොත් තෝ නසී මග හිටියොත් නුබ නසී කීවාළු. (ස)
ආරක්ෂාවක් නැද්ද (දී)
ඉතාලියේ නිත්‍යානුකුලව හිටියත් පැනලා හිටියත් හැමෝටම දෙන්න අලුතෙන් රැකියා නැහැ. (නි)
වරදවල් කිහිපයක් (දී)
වරදක් වී ඇති බව පෙනියනවා, නිතිය හමුවට ගෙන එන්න (දී)
තව නඩුවක් (දී)
මෙහේ භාෂාව දන්නවා නම් රැකියා තිබෙනවා. (නි)
ලංකාවේ නම රකින්න මිනිසුනේ (දී)
නිතිය ක්‍රියාත්මක කලොත් ඉවරයි (දී)
මෙන්න තවත් උතුම් ලාංකීය ජාතියේ වැඩක්. (නි)
ඒ රටවල් සංක්‍රමණ නීති තද කරලා තියෙන්නේ ඒක තමයි (දී)
යුරෝපයට බෝට්ටු වලින් යන සියල්ලෝම දමිළ අය නොවෙයි. (නි)
අයියෝ මිනිසුනේ (දී)
අර අපේ රට උතුම්ම රට කියන මිනිස්සුන්ගෙන් මම මේ අහන්නේ? ඇයි මේ රටේ මිනිස්සු මෙහෙම පැනලා යන්නේ? (නි)
දැන් එයාලා වෙන කොහේහරි රටකට ගිහින් ඇති. (නි)
ලංකාවේ කියලා අමුතු හොදක් නැහැනේ. ඒ නිසා ඉතාලියේ ඉන්න එක හොදයි. (නි)
ජනතා සේවයට එන මෙයාගේ ගෙදර අයට සේවය කරන්න තුන්දෙනෙක් ..... අනේ භාගෙට හිනා යනවා මට (ස)
ලංකාව නැති කරනවා (දී)
මීට පස්සේ එම්බසියේ වැඩට ඉතාලියෙන්ම කටිටිය ගත්තා නම් හොදයි.(නදී)
මෙන්න මිනිස්සු
දුර දිග නොබලා කරන වැඩ (දී)
අහු උනොත් අපි නම් දන්නේ නැහැ (දී)
වෙන්න බැහැ කීයටවත්
අහු උනොත් ඔක්කොම ඉවරයි (දී)
ලංකාවේ නම කතා කරනවා (දී)
මොනවාද අප්පා (දී)
නිවසේ සේවයට තුන්දෙනෙක්. මහජනතාවගේ මුදල් වියදම් කරන්නේ අම්මා අප්පගේ දේපල වගේ. (ස)
ඔන්න කරලා තියෙන්න වැඩේ (දී)
දෙයියෝ සාක්කි (දී)
ඉතාලියෙන් ප්‍රංශයට හරි යුරෝපේ ඕනැම රටකට පනින්න හරි ලේසියි. එම්බසියේ වැඩට ආව අය කොච්චර ප්‍රංශයේ නැවතිලා ඉන්නවද?(නදී)
අයියෝ සල්ලි (දී)
පැන්නා නෙමෙයි පැන්නුවා.(නදී)
හිතේ ඇති ලොකු වැඩක් කළා කියලා (දී)
මෙවන් වැඩ මිනිස්සු සුලබ විදිහට කරනවා, ඒක වැරදියි (දී)
මෙන්න මහා මින්ස් ජාවාරම. (අ)
මේ මිනිස්සු මේ මොහොත ගැන විතරයි හිතන්නේ, අනාගතය ගැන හිතන්නෙම නැහැ (දී)
තමන් ගැන විතරයි නේද හිතුවේ රට ගැන හිතුවෙම නැහැ (දී)
ඇයි ඉතින් අසිත නොගියේ? (නි)
ඉතාලියේ නිත්‍යානුකුලව හිටියත් පැනලා හිටියත් හැමෝටම දෙන්න අලුතෙන් රැකියා නැහැ. (නි)
මේකෙන් වෙන්නේ ලංකාවේ නම ඉතාලියේ කැත වෙන එක (දී)
මේක චන්ගුමී නාට්‍යයටත් හපන්. (අ)
ඇත්තට මේ අය අතුරු දහන වෙලා හොයන සල්ලි කාටද (දී)
දැන්නම් ඉතාලි පනිනවා කියන්නේ සියතින් ගෙල වැලලා ගන්නවා වගේ වැඩක් .මොකද මෙහෙ දැන් ඉන්න අයටවත් ජොබ් නැහැ (අ)
එහෙම අතුරු දහන වෙලා ඉන්න පුලුවන්ද (දී)
අනේ මෙහෙමත් ශ්‍රී ලාංකිකයෝ (දී)
ඒ මිනිස්සු අල්ලන්න දැන් වෙනම කට්ටියක් ඕනේ (දී)
මෙහෙමත් මිනිස්සු
මතක තියා ගන්න රට ගැන නොහිතන්නා කවදාවත් දුයුණු වෙන්නේ නැහැ (දී)
කල දුටු කල වල ඉහ ගන්නා මිනිස්සු (දී)
අහුවුනොත් මොකද්ද දෙන දඬුවම (දී)
නොමිලේ රට යන්න ගිහින් නැති ප්‍රශ්න දා ගන්නවා
වාසනාවන්තයෝ තිදෙනෙක්. (නි)
කොහොමටවත් අනුමත කලනොහැක (දී)
කුමක්ද මෙහි අලුත්ම තත්වය (දී)
ඉතාලි යන්න පුලුවන්නම් මටත් හොදයි (දී)
ඒක තමයි ඒ මිනිස්සුන්ගේ කැමැත්ත (දී)
තානාපතිතුමත් පැන්නුවනම් ඉවරයිනේ. (ස)
දඩුවම් ලැබෙන කොට තමයි වැඩේ (දී)
ඔන්න තියෙනවා කවුරුත් කරනා පොදු දේ (දී)
අපි ඊළඟට බලාපොරොත්තු වුණේ මේ ආරංචිය තමයි. (නි)
ඉතින් මේ අයව හොයන්නේ නැද්ද (දී)
මේකට නිසි බළධාරීන් නිසි උත්තරයක් දේවි. (නි)
වැදගත් ප්‍රවෘත්තියක්. (නි)
මිනිස් සතා විශ්වාස කල නොහැක (දී)
හනේ හපෝයි! විනාසයි. පැනපු අයට ගඟට පයින්න තමා වෙන්නෙ. ඒ තරමට දැන් ඉතාලියෙ රුකියා තියෙනවනේ. (නි)
බොහෝ තානාපතිවරුන්ට රටේ මුදල් වියදම් කිරීම වගේ දේවල් ගැනත් කියාදිය යුතු බවයි මාගේ අදහස. (නි)
ලංකාවට ගියා නම් හරිනේ. (නි)
මෙහෙම අයත් එක්කද මෙච්චර කාලයක් වැඩ කළේ? (නි)