ඕස්ටේ‍්‍රලියාවේ හිටපු නායක රිකී පොන්ටින්, ඕස්ටේ‍්‍රලියානු එක්දින ක‍්‍රිකට් සංචිතයෙන් ඉවත්කර තිබේ. ඕස්ටේ‍්‍රලියාවේදී දැන් පැවැත්වෙන කොමන්වේල්ත් බැංකු කුසලාන තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේදී පොන්ටින්ට ලකුණු අතරට ඒමට නොහැකි වීම මෙලෙස සංචිතයෙන් ඉවත් කිරීමට හේතුව වී ඇත. ඕස්ටේ‍්‍රලියාව තුන්කොන් තරගාවලියේදී සහභාගි වු තරග පහේදී පොන්ටින් රැස්කර තිබෙන ලකුණු සංඛ්‍යාව 18 කි. එහිදී පොන්ටින් ලකුණු 2, 1, 6, 2 සහ 7 ක් ලෙස තරග පහේදී දැවී ගොස් තිබෙන අතර ඔහුගේ එම තරග පහේ සාමාන්‍ය 3.60 කි. මයිකල් ක්ලාක් ආබාධයකට ලක්වීම නිසා තරග දෙකකදී ඕස්ටේ‍්‍රලියානු පිල මෙහෙයවීම පොන්ටින්ට පැවරිණ. 37 හැවිරිදි පොන්ටින් ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරගය ඕස්ටේ‍්‍රලියාව පරාජයට පත් විය. එක්දින තරග 375 කට සහභාගිවී ලකුණු 13704 ක් ලබා ඇති හිටපු ඕස්ටේ‍්‍රලියානු නායකයා, ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ගෙන් (18179) පසුව වැඩිම එක්දින ලකුණු රැස් කර සිටින පිතිකරුවා ද වේ. පොන්ටින් වෙනුවට ආබාධයකට ලක්ව සිටි තුන් ඉරියව් ක‍්‍රීඩක ෂේන් වොට්සන් ඕස්ටේ‍්‍රලියානු එක්දින සංචිතයට කැඳවා තිබේ. මිචෙල් ස්ටාක් වෙනුවට වේග පන්දු යවන රයන් හැරිස් ද සංචිතයට ඇතුළත් කිරීමට ඕස්ටේ‍්‍රලියා ක‍්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
හම්බන්තොට මයුරුපුර මහවැලි බල ප්‍රදේශයට අයත් හොඬවැල් පොකුණ වැවේ පිටවාන පසුගියදා ඇති වූ අධික වැස්සට හසුව කඩාගෙන ගොස් ඇතැයි ප්‍රදේශයේ ජනතාව පවසති.
දින තුනක කාලයක් පුරා පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 970 ක පුද්ගලයන් 3742 නෙකු පීඩාවට පත්ව ඇති බව පොළොන්නරුව දි
දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ දැදුරු ඔය පිටාර ගැලීමෙන් ආණමඩුව හලාවත මාර්ගය පල්ලම පහලයාය ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවිමත් සම
අයහපත් කාලගුණය මධ්‍යයේ ජලයෙන් පිරී තිබූ කන්තලේ, සූරියපුර පිහිටි සිංහ වැවේ පිටවානේ කොටසක් කැඩී ගිය බව ගොවිහු පවසති.
තාවකාලික වාහන අංක තහඩු භාවිතා කිරීම දෙසැම්බර් 15 වැනිදායින් අවසන් වන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
දීග ජන්තු නමින් ප්‍රසිද්ධියට පත්ව සිටි ඇති රජකු පලාගල මීගස්වැව ප්‍රදේශයේ නිවසක් වටේ ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අසාර්ථක පොන්ටින් එක්දින සංචිතයෙන් ඉවතට
පසිඳු Tuesday, 21 February 2012 09:14 AM
මොනවා වුනත් ඕස්ට්‍රේලියා තේරීම් කමිටුව ගත්ත නිවැරදි තීරණයක්. අපේ රටේ තේරීම් කමිටුව ට හොඳ ආදර්ශයක්.