IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


අහෝ පාසලකට යන කල

කොළඹ ප්‍රසිද්ධ ජාතික පාසලක දූෂණ අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන්  ජනාධිපති විමර්ශන ඒකකයෙන් සහ අධ්‍යාපන අමාත්‍යංශ විමර්ශන ඒකකයෙන් මීට වසර එක හමාරකට පමණ පෙර දුන් නිර්දේශ රැසකින් එක් නිර්දේශයක් පමණක් ක්‍රියාත්මක කර අනෙක් ඒවා ඉටු නොකිරීම ගැන අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීහු විමතිය පළ කරති.

විදුහල්පති විශ්‍රාම ගැන්වීමටත්, දූෂණ අක්‍රමිකතාවලට සම්බන්ධ ගුවරුන් තිදෙනකු වහා වෙනත් කලාපවල පාසල්වලට ස්ථාන මාරු කිරීමටත්, සිදුවී ඇති බරපතල මූල්‍ය වංචා සහ කූට ලේඛන භාවිත සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම  රහස් පොලීසියට පැවරීමටත්, සිසුන් ඇතුළත් කිරීමට මුදල් සහ ලිංගික අල්ලත් ගත් බව කියන සිද්ධි  විමර්ශනය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැවරීමටත් විමර්ශන දෙකකින් නිර්දේශ කැර තිබිණි.

එම නිර්දේශ ක්‍රියාත්මක නොවුණ තැන ගුරුසංගම් හඩ නැගීමත් සමග අධ්‍යාපන අමාත්‍යංශය පසුගිය වසරේ අප්‍රේල් මාසයේ විදුහල්පති පරීක්ෂණයකට යටත්ව විශ්‍රාම ගැන්වීය.

ඔහු විශ්‍රාම ගන්වුවත් මේ වන තෙක් අක්‍රමිකතා හා දූෂණවලට සම්බන්ධ සෙසු ගුරුවරුන්ට ස්ථාන මාරුවීම් ලබා දී නැතැයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි කියයි. නාමලේඛණවලට නම් ඇතුළත් නොකර පන්තිකාමර වල සිසුන් රඳවා ගැනීම, චක්‍රලේඛ උල්ලංඝණය කරමින් එක වසරට ළමයින් ගැනීමේ කමිටුවල වසර තුනකට වැඩි කාලයක් කටයුතු කිරීම, ගුරුවරුන්ට බලපෑම් එල්ල කිරීම ආදී චෝදනා විමර්ශනයේදී එම ගුරුවරුන්ට එල්ල වී තිබිණි.

එමෙන්ම අධ්‍යාපන අමාත්‍යංශයේ ලිපි ශීර්ෂ භාවිතය සහ හිටපු ජාතික පාසල් අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස් මහතාගේ අත්සන ව්‍යාජව යෙදීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට රහස් පොලීසියට පැවරිය යුතු බවට කළ නිර්දේශයට මෙතෙක් ක්‍රියාත්මක වී නැත.

විදුහල්පති විශ්‍රාම ගන්වා වසරක් ගියත් මේ වන තෙක් නව විදුහල්පතිවරයකු පත් කර නැති අතර ස්ථානමාරු කිරීමට නිර්දේශ කළ ගුරුවරියක් සම්බන්ධයෙන් පසුගියාද  විද්‍යාලයේ ගැටලු සහගත තත්ත්වයක් වාර්තා වූ බව අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

ඉතා කීර්තිමත් පාසලක් වන මේ පාසල ගැන මීට වඩා බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවත්, එසේ සිදු නොවනහොත් පාසල අගාධයට යනු ඇති බවත් කියති.

සබැඳි පුවත්

සිසුන් ගැනීමේදී ලිංගික අල්ලසුත් අරන්



අදහස් (0)

අහෝ පාසලකට යන කල

ලුම්බිණි Friday, 19 April 2013 05:46 AM

මේකෙන් පේන්නේ රටේ තිබෙන නීතියක් නැති තත්වය. විනයක් නැති තත්වය. හැම තැනම දුෂණ තියෙන බවක් පෙන්වීමක් මේක. රාජ්‍ය සේවය පවා පිරිහීමක් මේකෙන් පෙන්වනවා. (නි)

:       0       0

නිමල් ලලිත Friday, 19 April 2013 06:23 AM

මෙයට ප්‍රධාන හේතුව දේසපාලන පක්ෂ වලට ගැති අපේ ඡන්ද කතිරය. මේ රටේ දේශපාලකයන්ව ඡන්දයෙන් ඡන්දයට මාරු කළ යුතුයි. (නි)

:       0       0

වරුණ Friday, 19 April 2013 08:11 AM

මොකෙන් විමර්ශන කළත් අන්තිමට චූදිතයෝ නිදහස් වෙයි. ඕකයි සැබෑ ආශ්චර්යය. (නි)

:       0       0

මුනේ Friday, 19 April 2013 08:26 AM

ගාල්ලේ ප්‍රසිද්ධ පාසලකත් දැන් තත්වය ඕකම තමයි. දැනටත් විමර්ශන පටන් අරන්. එක වසරට ළමයි දාන්න සල්ලි ගන්න වෙනම ගුරුවරු කණ්ඩායමක් ඉන්නවා (නි)

:       0       0

ජයසුන්දර Friday, 19 April 2013 08:59 AM

රාජ්‍ය සේවා කොමිෂන් සභාව බලය පවරලා තියෙන විදියට ඔය පුදුම වෙන අයටම තමයි බලය තියෙන්නේ ගුරුවරු මාරුකරන්න. කවදත් නිස්කාරනේ බැනුම් අහන රාජ්‍ය සේවා කොමිෂන් සභාව තමයි විදුහල්පති පරීක්ෂණයකට යටත් ව හරි විශ්‍රාම යවන්න ඇත්තේ.(නදී)

:       0       0

කසුන් Friday, 19 April 2013 09:06 AM

පාසල් දෙකක් ගැන මට සැකයි. ඒ දෙකෙන් එකක් වෙන්නම ඕනෑ අනිවාර්යයෙන්ම. (නි)

:       0       0

ලලින්ද Sunday, 21 April 2013 10:16 PM

ඹය කියන්නේ ගාල්ල පැත්තේ ඔරලොසු කණුවක් යට තියෙන බාලිකා පාසලක් ගැන නේද?(නදී)

:       0       0

දර්ශන් Thursday, 18 April 2013 07:53 PM

මේ වෙනුවෙන් ආදි සිසුවන් ගත් ක්‍රියා මාර්ග මොනවාද?(නදී)

:       0       0

තාරු Thursday, 18 April 2013 08:08 PM

ආදි සිසුන්ට බිග් මැච් ගහන්න තියෙනවනෙ. ඔව්වා හොයන්න වෙලාවක් නෑ.(නදී)

:       0       0

කෝලිත Friday, 19 April 2013 10:09 AM

සමහර බාලිකා පාසලුත් විදුහල්පතිගේ ආධිපත්‍යයට අරගෙන ඉන්නේ. ශිෂ්‍යත්ව ලකුණු අනුපිලිවෙලට සිසුන් ඇතුලත් කර ගන්නේ නැහැ. 7 වසරේදී ඇදුනුම්කමට සිසුන් ගන්නවා. ගරු ජනාධිපතිතුමනි, අධ්‍යාපන ඇමතිතුමනි, ඔබගේ කාරුණික අවධානය යොමු කර 2012 ශිෂ්‍යත්ව විභාගයෙන් ඊලග ලකුණු තිබෙන සිසුන්ට සාධාරනයක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිමු (නි)

:       0       0

සදුනි Thursday, 18 April 2013 08:52 PM

ඔය විදුහලේ පමණක් නෙවෙයි සමස්ත අධ්‍යාපන පද්ධතියම දූෂණ වංචා පිරුණු නරා වළක් (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 18 April 2013 09:08 PM

එසැණ නිරන්තර අවදියෙන්! (නි)

:       0       0

චන්ද්‍රා Thursday, 18 April 2013 09:12 PM

දුෂන අක්‍රමිකතා වලට සම්බන්ද අයව වහාම ගෙදර නොයවා වෙනත් පාසල් වලට යවන්නේ ඒවත් කන්නද?.(නදී)

:       0       0

ජයසිංහ Saturday, 20 April 2013 10:01 PM

අනියමි මිනිස්සුගේ ළමයි ගන්න පාසලක් ගැන අහල තියෙනවද?(නදී)

:       0       0

රූපවතී Friday, 19 April 2013 11:11 AM

අපිටත් ඔයවගේ ප්‍රශ්න වලට මුණ දෙන්න සිදු වුණා. එත් දැන් මගේ දරුවා මාත් සමග පිටරටක අධ්‍යාපනය ලබන නිසා මට හොදට පෙනෙනවා ලංකාවෙයි පිටරටයි වෙනස. ගුරුවරු මෙහෙ දරුවන්ට දක්වන ආදරය , කරුණාව , අපිට පුදුමයි. හැමදේම නොමිලේ. දරුවන් ඉගෙන ගන්න පුදුම ආසයි. ලංකාවේ ගුරුවරු මෙහෙට එවලා පුහුණුවක් දීලා ලංකාවට යවන්න ඕනෑ (නි)

:       0       0

දේවා Thursday, 18 April 2013 09:50 PM

මේ පාසැල කොල්ඹ 3 පැත්තේ එකක්ද?(නදී)

:       0       0

කොස්වත්ත Thursday, 18 April 2013 10:11 PM

ඉතින් කියන්නකෝ රටටම ඉතා කීර්තිමත් පාසලක් වන මේ පාසලේ නම? එතකොටනේ අපටත් දැනගන්න පුළුවන් වන්නේ.(නදී)

:       0       0

ඒකනායක Thursday, 18 April 2013 10:11 PM

අධයාපන ලේකම් නිදාගෙනද ඉන්නේ?(නදී)

:       0       0

රසික Thursday, 18 April 2013 10:33 PM

ගාල්ල නගරයේ පධාන බාලිකා පාසල් වලත් ඔය තත්වයමයි තියෙන්නේ. අධ්‍යාපන ලේකමිට කිවිවට නැසු කන්ව සිටි. මෙවා ප්‍රසිද්ධ රහස්. අවශ්‍ය නමි ඔබතුමන්ලාටත් හොයා බලන්න පුලුවන් . .මෙවාට ප්‍රධාන හේතුව විදුහල්පතිට සියලු බලතල ලබා දීමයි මගේ අදහස. ස්තූතියි!(නදී)

:       0       0

රුසිරු Thursday, 18 April 2013 10:40 PM

පාසලේ නම දන්නේ නැති අය අහල තියනවද ? (නදී)

:       0       0

මානවී Thursday, 18 April 2013 10:47 PM

මේක මහා නාමයක් ඇති පාසලක්. (නි)

:       0       0

චතුල වෙරෝනා Friday, 19 April 2013 01:11 AM

අර ටින් බෙලෙක්ක එල්ලාගෙන තූර්ය්‍ය වාදක කණ්ඩායමක් හදාගෙන ඉන්න ළමයින්ගෙ ප්‍රවෘත්තිය මතක් වුණා. (නි)

:       0       0

ජනක Friday, 19 April 2013 01:14 PM

රූපා ඔයා ඉන්න රට මොකක්ද? නොමිල ළමයින්ට උගන්වන (ස)

:       0       0

රජිත් Friday, 19 April 2013 01:25 AM

මහා කකුළුවෝ කෙලින් යන්න එපැයි අනිත් උන්ට කෙලින් යන්න කියලා දෙන්න. (නි)

:       0       0

උපාලි Friday, 19 April 2013 02:56 AM

චන්ද්‍රා, ඕක මේ රටේ ක්‍රමය. බලපෑම් නිසා හෝ හිතවත්කම් උඩ දුශිතයා රැකගන්න ඕනෑ වුණහම ටිකක් සද්දේ අඩුවෙනකල් වෙන තැනකට මාරු කරනවා. රජයේ සේවයේ හැටි එහෙමයි. හෙන්චයියෙක් නම් හිටපු තැනට ඉක්මනින්ම ආපහු එනවා. එහෙම නාවත් අලුත් තැන හොදින් ඉන්න පුළුවන්. (නි)

:       0       0

දම් Friday, 19 April 2013 04:26 AM

රසික , ගාල්ලේ අය අල්ලස් බෙදාගෙන කන්නේ. කොළඹ අය තනියෙම කන්න හදන්නේ. (නි)

:       0       0

නිශාන්ත Friday, 19 April 2013 04:33 AM

මේක ප්‍රසිද්ධ රහසක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 23 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 1335 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 817 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 1354 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 965 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38522 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25364 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 917 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site