නැවතත් පකිස්ථාන කණ්ඩායමට එක් වූ ප‍්‍රවීණ තුන් ඉරියව් කි‍්‍රකට් කී‍්‍රඩක සහීඞ් අෆ්රිඩි, තමන්ගේ ඉලක්කය 2015 කි‍්‍රකට් ලෝක කුසලාන තරගාවලිය නමුත් කිසියම් මොහොතක තමන් කණ්ඩායමට බරක් ලෙස දැනුණ හොත් කී‍්‍රඩාවෙන් සමුගන්නා බවත් පවසයි. කරච්චි හිදී පැවති මාධ්‍ය සාකච්ඡවක දී අෆ්රීඩි මේ බව අද (11 වැනිදා) කියා සිටියේ ය.
ඉන්දියාවට එරෙහිව පසුගිය දෙසැම්බර් මාසයේ පැවති එක් දින කි‍්‍රකට් තරගාවලියේ දී ඔහු පකිස්ථාන සංචිතයෙන් ඉවත් කරන ලද නමුත් ඔහුගේ දුර්වල ක‍්‍රීඩා විලාසය තිබියදීම දකුණු අප‍්‍රිකා සංචාරය සඳහා එක් විය.
එහිදී ජොහැන්නස්බර්ග් නුවර දී පැවති තුන් වෙනි එක් දින තරගයේ දී ඔහු ලබා ගත් ලකුණු 88 පසුගිය මාස 12 තුල දී ඔහු ලබා ගත් පළමු අර්ධ ශතකය විය. අෆ්රිඩි, එක් දින තරග 354කදී ලකුණු 7201ක් ලබා ඇති අතර කඩුලූ 348ක් දවා ගෙන තිබේ.
”මාගේ ශාරීරික යෝග්‍යතාව ඉහල මට්ටමක තිබෙන නිසා මට දිගටම ඉහල තලයේ ක‍්‍රීඩා කිරීමට අවශ්‍යයි. 2015 කි‍්‍රකට් ලෝක කුසලාන තරගාවලිය මාගේ ඉලක්කය වන නමුත් එය රඳා පවතින්නේ ශාරීරික යෝග්‍යතාව හා දස්කම් මතයි” යයි අෆ්රීඩි පැවසීය.
එළඹෙන ජුනි මාසයේදී පැවැත්වීමට නියමිත ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා නම් කරන ලද කී‍්‍රඩකයන් 30 දෙනෙකුගෙන් යුත් පකිස්ථාන සංචිතයට අෆ්රිඩිව නම් කර තිබුණ ද ලබන මාසයේ ප‍්‍රකාශයට පත් කරන අවසන් 15 දෙනාගේ සංචිතය සඳහා එක් වීමට නම් දැන් පැවැත්වෙන පකිස්ථාන ජාතික එක් දින තරගාවලියේ දී දක්ෂතා දැක්විය යුතු ය.
”මම දක්ෂතා දක්වන්නේ නැතිනම් තරුණ කී‍්‍රඩකයන්ට අවස්ථාව දීමට මම අයින් වෙනවා. මම කාගෙවත් බලපෑම් මත ක‍්‍රීඩා කරන්නේ නෑ. මගේ දක්ෂතා නැත්නම් තේරීම් කමිටුව විසින් මාව තේරීමට වත් අවශ්‍ය නෑ” යයි 2010 වසරේ දී ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගත් අෆ්රිඩි පැවසීය.
අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අෆ්රීඩි 2015 ලෝක කුසලාන ඉලක්ක කරයි