IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


‘ආණ්ඩුවේ ආර්ථික උපාය රටේ සම්පත් විකිණීමයි‘

‘රනිල්-මෛත‍්‍රී හවුල් ආණ්ඩුව කරමින් තිබෙන්නේ රටේ ජනතාවට අයිති දේපළ විකුණා එදාවේල සරිකර ගැනීමක් පමණයි. රටේ වටිනා සම්පත්, රාජ්‍ය ආයතන විකුණා ඈවර කිරීම තමයි වර්තමාන ආණ්ඩුවේ ආර්ථික උපායමාර්ගය වෙලා තියෙන්නේ. අපේ රට පාලනය කරපු පාලකයින් මීට කලිනුත් අපේ රටේ දේපළ විකිණීම මගින් ආර්ථිකය ගොඩගන්න පුළුවන් කියලා මතයක් ගොඩනැ`ගුවා. අද වර්තමාන ආණ්ඩුව අලූත් සංකල්පයක් ගෙනත් තිබෙනවා රාජ්‍ය-පෞද්ගලික ඒකාබද්ධ ව්‍යවසාය කියලා. ඒ නමින් රාජ්‍ය දේපළ කොම්පැනිවලට විකුනන්න යනවා. මේ විදිහට එකම විස ටොපිය විවිධ දවටනවල ඔතලා ජනතාව ඉදිරියට ගෙනාවා‘ යැයි ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා අද (15) පැලවත්ත පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

‘ආණ්ඩුවේ වෙන්දේසි ලැයිස්තුවේ ප‍්‍රධාන එකක් තමයි හම්බන්තොට වරාය. භූමි පිහිටීම අනුව හම්බන්තොට දියුණු කළ හැකි වරායක්. පිහිටීම අනුව වරායක් ඉදිකිරීම සඳහා මුලින්ම කැබිනට් පත‍්‍රිකාව ආවේ චන්ද්‍රිකා ආණ්ඩුව සමයේ. ඒ වෙනකොට අපිත් කැබිනට් එකේ හිටියා. නැව් තෙල් සැපයීම, ජලය, ආහාර වැනි සේවා සපයන වරායක් බවට පත්කිරීමට තමයි පළමු යෝජනාව තිබුණේ. නමුත් රාජපක්ෂ පාලනය භාණ්ඩ හුවමාරු කරන වරායක් බවට පත් කළා. දැන් හම්බන්තොට වරාය විකිණීමට ප‍්‍රධාන තර්ක දෙකක් ගේනවා. එකක් තමයි නැව් එන්නේ නැහැ කියන එක. අනෙක් කරුණ ණය බර. කුමන හෝ නැවක් වරායට ඇතුල් කරන විට එම වරායේ අයිතිය පිළිබඳව හොයා බලන්නේ නැහැ. ඒ නිසා වරාය විකුණුවා කියලා නැව් නැති එකට විසඳුමක් ලැබෙන්නේ නැහැ. නමුත් වරාය ආණ්ඩුව යටතේ තබාගෙන සේවා සපයන ස්ථානයක් ලෙස දියුණු කළ හැකි අතර එයින් විශාල ලාභයක් ලබා ගත හැකියි. එසේ තිබියෙදී තමයි විකුණන්න හදන්නේ‘ යැයි ද ජවිපෙ නායකයා කීය.



අදහස් (0)

‘ආණ්ඩුවේ ආර්ථික උපාය රටේ සම්පත් විකිණීමයි‘

සකුන්තලා Friday, 16 December 2016 03:24 AM

මෙන්න මෙයාලා නින්දෙන් ඇහැරිලා! අනේ අපිට මේවට හිනායනවා (නි)

:       0       0

චින්තක Friday, 16 December 2016 06:03 AM

යහපාලයනට ආණ්ඩුවක් හදන්න කඩේ ගිහින් ,ඔයාලත් මේ පාප කාර්ම වලට හවුල් නේද? 88/89 කාලේ රාජ්‍ය දේපල ගිනි තියපුවා ,විකුණන් කන එකට වඩා විනාශයක් නේද (බ)

:       0       0

රොමේෂ් Friday, 16 December 2016 06:27 AM

ජවිපෙ කවදත් ජනතාවගේ පැත්තේ ඉඳන් ජනතාවට සත්‍ය පෙන්වා දෙන්න උත්සහ කරනවා. උපන්දාකට පැණිරස නොකාපු ජනතාවකට පැණිරස කියලදෙන්න හදනවා.නමුත් ජනතාව ආසම කුණු රසට නිසා, හැමදාම කුනුරසම සොයා සොයා විඳවනවා. මුන්ව එපා වුනාම අරුන්ව ගේනවා. අරුන්ව එපා වුනාම මුන්ව අායෙත් ගේනවා. (බ)

:       0       0

බේරුවලගේ Thursday, 15 December 2016 12:09 PM

පෙර ආණ්ඩුව රට උගස් කරලනේ සංවර්ධනේ කළේ. මේ ආණ්ඩුව දැන් උගස් කරපු රට බද්දට දෙනවා ණය ගෙවාගන්න බැරි නිසා (බ)

:       0       0

සෞම්‍ය Thursday, 15 December 2016 02:04 PM

ඔබතුමාට ඕක දැන් තේරුනාට, අපි නම් ඕක දන්නේ 2002 කටත් කලින් ඉඳල, හැබැයි මේ කාලෙක ඉඳල ඔබතුමා කියන දේවල් තේරුම් ගන්න හරිම අමාරුයි (බ)

:       0       0

චාමික Friday, 16 December 2016 09:26 AM

ජවිපෙ කිව්වේ මහින්දව පරද්දන්න සහ පාර්ලිමේන්තුවේ වැඩි බලයක් ජවිපෙට දෙන්න කියල. රෝමේෂ්ගේ අදහසට මන් සම්පුර්ණයෙන්ම එකගයි. උපන් දා ඉදන් දුක්විදින, ජීවිතයේ සතුට සැනසිල්ල කියන්නේ මොකක්ද දන්නේ නැති, ප්‍රශ්නවලින් මිරිකිලා ඉන්න මිනිස්සුන්ට, තමුන්ට එහෙම වෙලා තියන්නේ මොකක් නිසාද කියල තේරුම් ගන්න බැරිවීම ගැන මට තියන්නේ කලකිරීමක් , දුකක් විතරයි. (බ)

:       0       0

දිනේෂ් Thursday, 15 December 2016 04:01 PM

ජවිපෙ හැමවිටම ඇත්ත පවසනවා. ජනතාව මේවා තේරුම්ගන්නෙ නැහැ (නි)

:       0       0

ධම්ම Thursday, 15 December 2016 04:10 PM

මේ විදිහට එකම විස ටොෆිය විවිධ දවටන වල ඔතලා ජනතාව ඉදිරියට ගෙනෙන බව පළපුරුදු ජනතාවාදී දේශපාලකයින් විදියට හංකාවිසියක්වත් මේ රජය පත්කිරීමට පෙර ඔබලාට දැනුනේ නැද්ද (නි)

:       0       0

දීපාල් නිරෝෂ් Friday, 16 December 2016 10:12 AM

දැන්ද දැනගත්තේ? (නි)

:       0       0

දුමින්ද Friday, 16 December 2016 10:21 AM

ඕනෑම ප්‍රශ්නයක් එක එක පැති වලින් බලලා තර්ක කරන්න පුළුවන්. විපක්ෂයේ ඉඳිද්දි අති පණ්ඩිත කතා කියන කාටවත් බලය ලැබුනම කියපු දේ වලින් එකක්වත් කර ගන්න බැහැ. සහෝදරයා, තර්ක එපා. පුළුවන් දෙයක් තියනවා නම් රටට කරලා පෙන්නන්න. එ්කට මුළු පාර්ලිමේන්තුවේම බලය අල්ලන්න ඕනෑ නැහැ (නි)

:       0       0

බර්ටි Thursday, 15 December 2016 04:36 PM

අනේ ඔයාලගේ කතා අපිට එපාවෙලා (නි)

:       0       0

හෙක්ටර් Thursday, 15 December 2016 05:31 PM

සහෝදරයා, ඔයාලා ඉන්නේ අවුරුදු ගානක් පස්සේ. අන්තිම පුරුක ෆිඩෙල් මැරුණා. මම හරිම ආදරෙයි ඔයාලට. නමුත් ඔයාලගේ ප්‍රතිපත්ති වලට නොවේ. ඔයගොල්ලෝ පාරවල් බ්ලොක් කරන්න කරන්න මිනිසුන්ගේ අප්‍රසාදය වැඩිවෙනවා. (නි)

:       0       0

පද්මිණි Friday, 16 December 2016 11:52 AM

හැමදාම රටේ සිදුවෙන මහා මංකොල්ල ගැන කිව්වේ ජවිපෙ. ලබන පාර ඔවුන්ට දීලා බලමු. (නි)

:       0       0

අංජන Friday, 16 December 2016 12:27 PM

රෙද්දක් ඇඳගෙනද ඔය කථාව කියන්නේ...? ඕවා හිතන්න තිබුනෙ කඩේ යන්න කලින්..... (නි)

:       0       0

මහේෂ් Thursday, 15 December 2016 06:54 PM

මේ ආණ්ඩුව බලයට ගෙනෙන්න පෝස්ටර් ගැහුවේ අපිද? කුම්බලා මාළු කෑවා නම් විඳවපන් බළලෝ කිවුවලු (නි)

:       0       0

බන්දුල Friday, 16 December 2016 01:02 PM

දිනේෂ් කියනවා ජවිපෙ හැමවිටම ඇත්ත පවසනවා කියා. ජනතාව මේවා තේරුම්ගන්නෙ නැහැ කියනවා. කී දේ තේරුම් අරගෙන කරගත්ත දේ මදැයි (නි)

:       0       0

ධම්ම Friday, 16 December 2016 01:22 PM

පසුගිය මැතිවරණයේදී ජවිපෙ විසින් කළ මහින්ද විවේචනයේ බර ටිකක් අඩුකළා නම් ජවිපෙට බලයට ඒම කෙසේවෙතත් ප්‍රධාන විරුද්ධ පක්ෂය වීමට බොහෝවිට ඉඩ තිබුනා. මේ මගේ පුද්ගලික මතයයි. (නි)

:       0       0

රණවක Friday, 16 December 2016 01:41 PM

එදා කිවුවනේ අලුත් කඩේ බඩු ෂුවර් නැත කියලා. එහෙම කියලත් කඩේ අරින්න සම්මාදන් වුණා නේද. දැන් ඉතින් බැනලා වැඩක් නැත. (නි)

:       0       0

ප්‍රනාන්දු Thursday, 15 December 2016 09:17 PM

පවතින පාලනයට කඩේ ගිය රතු මල්ලිලා දැන් 60% මෝඩ ශ්‍රී ලාංකිකයන්ට බණ කියන්නත් පටන් අරගෙනද? (නි)

:       0       0

සරත් Friday, 16 December 2016 01:34 AM

අනේ! නැගෙනහිර සිංහලයින්ට වෙන කරදර ගැනත් ටිකක් කතා කරන්නකෝ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 350 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 531 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 328 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 270 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 861 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 170 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40221 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26021 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 284 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1336 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site