IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ආණ්ඩුව ජනක පන්නයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරින් ඉවත් කිරීමේ යෝජනාව වැඩි ඡන්ද. 46  කින් පාර්ලිමේන්තුවේදී අද (24) සම්මතවිය.

යෝජනාවට පක්ෂව ඡන්ද 123 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 77 ක් පමණි.

සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන දේශපාලන පක්ෂවල බහුතර මන්ත්‍රීවරු පිරිසක් යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කළේ යෝජනාවට පක්ෂවය.

 

 

 



අදහස් (33)

ආණ්ඩුව ජනක පන්නයි

DHARMATILEKE Wednesday, 24 May 2023 05:25 PM

පොහොට්ටුවන්ගේ අවසාන ගමනේ...

:       32       108

2019 ශ්‍ර්‍රී පොහොට්ටුවWednesday, 24 May 2023 06:54 PM

පොහොට්ටුවේ ගමනක අවසානය කියලා කියමු...!

:       17       62

අරවින්ද මොනරවිල Wednesday, 24 May 2023 05:34 PM

ළිප ගිනි මොළවන තෙක් දිය සැළියේ... සැපයක් යයි කකුළුවා දිය කෙළියේ”. පොහොට්ටුවේ සුනඛයින්ට වෙන්නෙත් ඒ ටිකමයි...

:       25       91

sachith Wednesday, 24 May 2023 05:34 PM

මේකත් තව එක දේශපාලන නාට්‍යයක් කියලා තේරුම් ගන්න.. ජනතාව ලක්ෂ ගණනින් මේ පින් බිමේ පහළ වේවා..!

:       12       35

Lal Wednesday, 24 May 2023 05:36 PM

ඒක හොඳයි... මෙයා ඕනෑවට වඩා වැඩියි.

:       78       43

චන්දිම ෆොන්සේකාWednesday, 24 May 2023 09:44 PM

ඕක තමයි මිනිස්සුන්ගේ හැටි. ඒ මනුස්සයා කිසි දෙයක් කතා නොකර තමන්ගේ තනතුර රැකගෙන හිටියා නම් ඒත් බනිනවා. කතා කලාම කියනවා ඕනවට වඩා වැඩියිලු. ඒක පොහොට්ටු මතය වෙන්නැති.

:       2       7

Prabha Wednesday, 24 May 2023 05:39 PM

පොහොට්ටුවන් ට්‍රයි කරන්නේ ලකුණු දාගෙන ඇමැති කට්ටක් අරගන්න.

:       14       48

Samitha S. Aluthgamage Wednesday, 24 May 2023 05:49 PM

රටේ ජනතාවගේ විදුලිබිල අහස උසට ඉහළ දැමීමේදී රජයට හා ඇමැතිට විරුද්ධව තනි පුද්ගලයෙකු ලෙස ගෙනගිය සටන අති උදාරයි. පැරදුණේ ඔබ නොව රටේ ජනතාවයි. එහෙත් දූෂිත පොහොට්ටු ආණ්ඩුවට එරෙහිව නොබියව නැඟී සිටි ඔබ ජනතාවගේ සිත් දිනාගෙන හමාරය. එමෙන්ම, ජනතාවට හිතැත්තේ කවුරුන්ද යන්න දැන් සක්සුදක් සේ පැහැදිලියි. රටේ ජනතාව වෙනුවෙන් අසාධාරණයට එරෙහිව නව මං ඔස්සේ නැඟී සිටින්න. ඔබට යහපතක්ම වේවා...!

:       27       79

ලුම්බිණි Wednesday, 24 May 2023 06:00 PM

පුදුම වෙන්න දෙයක් නැහැ.

:       8       31

Rohana Wednesday, 24 May 2023 06:01 PM

බූරුවන් 123 ක් සිටින රටක් මේක...

:       18       57

චාන්දනී Wednesday, 24 May 2023 06:58 PM

බූරුවන් නොවෙයි, වියතුන් ලක්ෂ හැටනවයක් හිටපු රටක් තමයි මේක. කොහොමද වියත් මොළේ?

:       6       25

sweneThursday, 25 May 2023 05:55 AM

බූරුවන් 123ක් නෙවෙයි. කන්න දුන්න එකත් මරාගෙන කන අති කෑදර බල්ලන් සියයට 55ක්! ඒ විතරක් නෙවෙයි. බලයේ හිටියනම් විපක්ෂයේ අය ගෙන් සෑහෙන්න කොටසක් ද පක්ෂව ඕකට හුරේ දානවා. ආණ්ඩු පක්ෂයේ ඔලු ගෙඩි ටිකත් විපක්ෂයේ හිටියනම් ඕවට විරුද්ධව විප්ලවත් කරනවා

:       0       2

fairoos Wednesday, 24 May 2023 06:14 PM

පොහොට්ටුවේ කාලකණ්ණින්ට නම් ඊළඟ ඡන්දෙට පෙර හෙණ වදින්න ඕනෑ.

:       19       50

BamunuarachchiThursday, 25 May 2023 07:12 AM

මේකා වැදගත් යමක් කියන්නේ නැහැ වැදගත් දෙයක් කියන්න අහුලා ගත්තත සින්හලවලින් හැමබයින්ට බැහැ . මරියකඩේ උන්දලා වගේ අරුට හෙනගහපන් මුට හෙනගහපං කියා කියා ඉන්නවා.

:       2       1

යෝගා Wednesday, 24 May 2023 06:16 PM

ජනකගේ හැසිරීමත් ආණ්ඩුවේ ප්‍රතික්‍රියාවත් දෙකම ජුගුප්සාජනකයි..!

:       16       24

C.K.Lankaputhra Wednesday, 24 May 2023 06:26 PM

හරි, ඡන්දයක් තිබ්බ දවසට අපි බලාගමු. දැන් අපි දන්නවනේ සුනඛයින්ගෙයි, මන්ත්‍රීවරුන්ගෙයි වෙනස...!

:       14       46

මහසෙන් Wednesday, 24 May 2023 06:30 PM

දැන් එතකොට විශ්ව ශක්තිය බොරු. මෙයා ඊයේ කීවානේ විශ්ව ශක්තිය සැබෑවක් නම්... අද මෙයාව අයින් කරන්න බෑ කියලා. අනික වෙන්න ජනාධිපති සහ එයාගේ පම්පෝරි ගෝලයෝ ගැන රට්ටු දන්නවා. ආණ්ඩුවේ ගේම ආණ්ඩුව ගහනවා. හොඳින් හෝ නරකින්. මෙහෙම ජෝකර් විපක්ෂයක් ඉන්නකොට...!

:       19       24

විපරමා Wednesday, 24 May 2023 06:39 PM

පක්ෂව පොහොට්ටුවේ දූෂිත දේශපාලුවන් ඡන්දෙ දුන්නාට පින් ජනපතියා ඇතුලු දූෂිත ආණ්ඩුව ජනතාව ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. ඡන්දෙකට යන්න බයේ ඉන්න අය ගැන තවත් කවර කතාද?

:       14       33

පුරවැසියා Wednesday, 24 May 2023 06:42 PM

තව ටික දවසකින් "ජනක ආණ්ඩුව පන්නයි" කියලා හෙඩිමක් හදා ගන්න...

:       26       25

නිහාල් Wednesday, 24 May 2023 06:50 PM

පන්නයි කියනවාට වඩා ශීලාචාර විදියට මේක කියන්න බැරිද? මොකද හොරෙක්, වංචාකාරයෙක් නොවේ. කොමිසමක සභාපති කෙනෙක්...!

:       11       46

නිහාල් Wednesday, 24 May 2023 07:06 PM

එන්න අපි ජනක ජනාධිපති කරමු...

:       16       19

Shashika519 Wednesday, 24 May 2023 07:42 PM

ජරා හොර පවුලටත් කවදාහරි වෙන්නෙත් ඕක තමයි. පොහොට්ටුවේ එවුන්ම එයාව පන්නනවා.

:       3       26

Surain Wednesday, 24 May 2023 08:03 PM

ජනතාව දැන්වත් තේරුම් ගන්න ජනතාව වෙනුවෙන් නෙවෙයි, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ඡන්දය දෙන්නේ...

:       4       26

ගමේ එකාලා Wednesday, 24 May 2023 08:11 PM

දූෂිත දේශපාලුවෝ 123 ගේ ඡන්දෙ ලැබුණා, එච්චරයි. 69 ලක්ෂයක් ඡන්දෙ ගත්තු, තුනෙන් දෙකේ බලය ගත්තු දූෂිත පවුල් පාලනේ අයව මුලු රටේම ජනතාව පන්නපු විදිය ලෝකෙම දන්නවා...

:       2       22

ajith rohana Wednesday, 24 May 2023 08:46 PM

69 ලක්ෂයේ බූරුවන් කරපු කෙලිය තමයි මෙ බූරුවන් 123 කරන්නේ

:       7       32

BamunuarachchiThursday, 25 May 2023 07:16 AM

ජෙප්පෝ කලානම් කොරල තියෙයෙයි. පොහොට්ටු කාරයෝ තමයි තුම්සේලාට මෙරට බේරලා දුන්නේ ජෙප්පෝ, සජබයෝ මෙරටට කරපු මගුලක් නැහැ. කරපු දෙයක් කියනවා බලන්න. 65000 කොල්ලෝ කෙල්ලෝ මරපු එක තමයි කලේ. කතාව හරියට රට කිරියෙන් පැණියෙන් නාවන්න යනවා වගෙයි.

:       3       3

BamunuarachchiThursday, 25 May 2023 07:18 AM

මෙයා ඔලුතුනේ බුරුවාගේ පක්ෂේ කෙනෙක් වගේ.

:       2       1

[email protected] Wednesday, 24 May 2023 09:14 PM

විදුලිබිල වැඩිකරලා ජනතාව අමාරුවේ දැම්ම අලි, පොහොට්ටු හොරු පන්නන්න ඡන්දයක් ඒවිනේ... අදට ඔය 134 ඔලුගෙඩි සෙල්ලම් අහෝසි වේවි...!

:       1       1

චන්දිම ෆොන්සේකා Wednesday, 24 May 2023 09:57 PM

ඔබ ඇහුන්කම් දුන්නද දියවන්නාවේ පොහොට්ටු කට්ටිය ඒක මිටට එකතුවෙලා ජනකට විරුද්දව කිව්ව කතන්දර ටික. කිසිම පදනමක් නැති පම්පෝරි නේද? පිළිකුල් සහගත හැසිරීමක් නොවීද? අර ඒදවස්වල හම්බන්තොට වරාය ලඟදි පිස්තෝලයක් අරගෙන විපක්ෂ මන්ත්‍රීන් වගයක් පස්සෙන් පන්නපු බඩ තඩි ඉඩි අමින් වගේ එකා කිව්වා ජනකට සලකන්න තිබුනේ අර මහින්ද විජේසේකරගේ කළා වගේ ඇඟේ හය්යෙන් අතින් පයින් කියාලා.මේ වගේ තුට්ටු දෙකේ නීච දේසපාලුවෝ නේද මහජන ජන්දෙන් ගිහින් අපෙත් අපේ අනාගත රටවැසියන්ගේත් රටෙත් සියලු දේ විනාස කරන්නේ. වහාම මේ මාෆියාවෙන් අපි නිදහස් විය යුතුමයි.

:       1       5

සසර Thursday, 25 May 2023 07:26 AM

ස්වාධීන නොවූ කොමිසන් සභා... ඔවුන්ට පඩි ගෙවන්නේ ජනතා බදු මුදලින්... සියලුම ස්වාධීන කොමිසන් සභා දේශපාලනය ඉදිරියේ අස්වාධීන බව සනාථ වී ඇත... අස්වාධීන කොමිසන් සභාවලට ජනතා බදු මුදලින් නඩත්තු කිරීම බරපතල වරදක්...

:       1       2

Bunny Preena Thursday, 25 May 2023 11:01 AM

ආණ්ඩුව ජනක පන්නයි .කියන ශීර්ෂපාටය දැක්කම මට හිතෙනවා .ලන්කාදීපයත් ජනක එක්ක ලොකු තරහවකින් ඉඳලා තියනවයි කියලා

:       1       4

sampath Thursday, 25 May 2023 12:43 PM

ඔවුන්ගේ හොරාකන ඒවා එළිවෙන නිසා මෙයාව පැන්නුවා...

:       0       2

Sam Thursday, 25 May 2023 01:05 PM

මේ නාට්ටිය මොකක්ද කියලා ඡන්දෙ වුණාම හැමෝටම තේරෙයි. ජනතාවගේ අප්‍රසාදය වසාගන්න යොදාගත්තු අලුත්ම strategy එක... මේවා තේරුම් ගන්න ජනතාවට නුවණ පහළවේවා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 976 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 423 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 132 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 398 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 704 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 266 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 509 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 290 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 443 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site