ජනතා විමුක්ති පෙරමුණේ 27 වැනි ඉල් මහා සමරුව අද (13) දින කොළඹ විහාර මහා දෙවි එළිමහන් රංගපීඨයේදී පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එම අවස්ථාවේදී ප්‍රධාන දෙසුම සිදු කළ අනුර කුමාර දිසානායක මහතා පැවසුයේ වත්මන් ආණ්ඩුව රටේ සියලු සම්පත් විකිණිමට පිඹුරු පත් සාදා ඇති බවත් එසේ කරන්නේනම් මෙය ආණ්ඩුවක් නොවන බවත් ය.




















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතා විමුක්ති පෙරමුනට නියම අනාගත දැක්මක් තිබුනානම් මේ ආණ්ඩුව පත් කරගන්න අනියමින් උදව්කරන්නේ නෑ. ඉතිහාසය පුරාවටම එජාප ආණ්ඩු රජයේ දේවල් විකිණුව. ජවිපෙ ගිනි තියල විනාශ කළා (බ)
කවදාවත් බලයට නොඑන පිරිසක් (නි)
සෝමසිරි, තුන්වන බලවේගය මල් පොහොට්ටුව බව දන්නෙ නැද්ද? (නි)
වෙනස සැපයි කියලනේ ඔයාලත් හිතුවේ (නි)
රුප වන්දනාව..නිකම් දේව යාතිකා ප්‍රාතිහාර්ය පුජාවක් වගේ....(හේ)
කතාව විතරයි.(හේ)
මේ අයට රටේ සම්පත් ගැන කතා කරන්න අයිතියක් නෑ. රටේ සම්පත් විනාස කරලා දැන් බොරුවට බයිලා කියනවා . මේ තරුණ කොල්ලෝ කෙල්ලෝ බිලි බා ගන්න ලේසි වයස මේ වයස ටිකක් දඩබ්බර මුරණ්ඩු වයස නිසා ඔය වට වෙලා උන්නට තව අවරුදු දෙකක් යන කොට ඔය කට්ටිය නැ . (බ)
මේ අය කවදාවත් මෙයාල නිසා නිකරුනේ මැරුණ අය වෙනුවෙන් කවදාවත් දානයක් දීල පිරිතක් කියලා එයාලට පින් අනුමෝදන් කරලා තියනවාද? බට හිරට බැන බැන මල් කලබ තියන්නේ . දැන් වත් කොල්ලනේ කෙල්ලනේ තේරුම් ගන්න යථාර්ථය කියන්නේ එකක් කරන්නේ වෙන එකක් බව ? (බ)
අර දෙවැනි පොටෝ එක මම හිතුවේ මනමාලි බලන්න කට්ටියම මල් කලඹක් අරන් යනවා කියලා. දෙවැනි ගමනත් යන්නේ ඔය වගේ නිසා . (බ)
ඉහළින් අදහස් දක්වා ඇති වැඩි දෙනෙකුට තට්ටු මාරු ක්‍රමය හැර තුන්වන බලවේගයක් ගැන හිතන්නවත් බැරි ළිං මැඩියන්. තුන්වන බලවේගයකට කාලය ඇවිල්ලා බව තේරෙන්නේ නැද්ද? (නි)
මොන වැඩේ කලත් හොඳ නොකියන පක්ෂයක් (ම)
ආණ්ඩුව රටේ සම්පත් විකුණනවා. තව කට්ටියක් රටේ සම්පත් වලට ගිනිතියපු කාලෙකුත් අපිට තිබුණා. අපිට ඒවා තවමත් මතක තියෙන්නේ තවම අපි මැරිලා ඉපදුනේ නැති නිසා! (නි)
ජේවීපී එක අතීතයේ කොච්චර නිකරුනේ මිනිස්සු මැරුවද. තරහ පිරිමැහුවද. සහෝදරකම, සමනත්තතාවය ගැන කතාකළාට කිසිම එහෙම ගතියක් නැහැ. (නි)
ඔව්, මේ මඟ හෙළිකරන්නට ඔබත් ආ යුතුමය! (නි)
මේ මිනිස්සු ජවිපෙට එන්නේ හදවතින්.එහෙම නැතිව අරක්කු බෝතලයට,බත් පැකට්ටුවට,සංගීත සංදර්ශන බලන්න එහෙම නෙමෙයි.ජවිපෙ නොතිබුනානම් මේ වෙනකොට රටම විකුනම් කාල ඉවරයි.පාසල්,විශ්ව විද්‍යාල,සෞඛ්‍ය,ප්‍රවාහන..... විකුණලා ඉවරයි. (හේ)
විශ්ව විද්‍යාලයට ගිය හුඟදෙනෙක් පිළිගන්න දෙයක් තමා මේගොල්ලෝ හින්දා විශ්ව විද්‍යාල එකපැත්තකින් රැකෙනවා වගේම අනිත් පැත්තෙන් අන්තෙටම පිරිහෙනවා කියලා. දැන් ඉස්සරට වඩා පිරිහෙන ගතියක් තියෙන්නේ. විශේෂයෙන්ම කැම්පස් ඇතුළේ අනිත් අය වෙනත් මතයක් වෙනුවෙන් පෙනිසිටීමේ අයිතියට ගරු කරන්න පුරුදුවෙන්න ඕනෑ. හොඳම වැඩේ කියන්නේ කැම්පස් එකෙන් අයින් වෙන්න මාසෙකට දෙකකට කලින් මේගොල්ලෝ එක්ක හිටිය කඩේ ගිහින් ආ වැඩේ වැරදුන කට්ටිය පව් සමාකරන්න එන එක. (නි)
ඉහත ප්‍රතිචාර දකින අපි අපි ගැනම කණගාටු වියයුත්තෙමු. අවුරුදු 68 ක් ධනපති කොටස් දෙකේ කටු ලෙවකන්නන්ට කටුවල රස හැර වෙනත් රසක් හඳුනන්නේවත් දැනෙන්නේවත් නැත. හොඳ හෝ නරක කුමක් වුවත් කෙනෙකුගේ පුරුදු ඉවත් කිරීම පහසු වන්නේ නැත. ඇසළ මහතාට අනුව තුන්වෙනි බලවේගය වීමට යන අලිබබා සහ හොරු හතළිය පිළිගැනීමට ජනතාව පොර කනවා දකින්නට ඇත. බැඳුම්කර හොරු බේරීමට වට කරගෙන "පාද සටහන්" ගහන කට්ටිය වෙනුවෙන් පුද පූජා පැවැත්වෙනු ඇත. ජනතාව ඇත්ත නොදකින්නේ බොරුව බලවත් නිසාද?අද අනෙක් දේශපාලන පක්ෂ සංවිධාන කටයුතු ගැන බලනවිට ජනතා වී.පෙරමුණේ සංවිධාන කටයුතු ජනතාව අතරට පැමිණීම ප්‍රමාණවත් නොවෙන බවක් පෙනෙන්නට ඇත. (නි)
රෙදි ඇඳගෙනද දන්නේ නැහැ මේගොල්ලෝ මේ කතාකරන්නේ (නි)
ශිෂ්‍ය අරගල වෙනුවෙන් සහ ජවිපය වෙනුවෙන් මුළු ජිවිතයම දුන් රාජරත්නම් සහ කුමාර් ගුණරත්නම් සොහොයුරන් නොදන්නා ජවිපියකු සිටිය නොහැක. ඒ දෙසොහොයුරන්ගේ අයෙකු වන රන්ජිතම් අමු අමුවේ මරා දමා කුමාර්ව සිරගතකොට ඩීල් කුමාරලා "ඉල්මහ විරුවන්" සමරන විහිලුව දැන් රඟදෙන අයුරු කෙතරම් අජූවද, නින්දිතද, හිරිකිතද කියා නොපෙනෙන ජෙප්පන් ගැන කුමන කතාද ?(අ)
රටේ දුප්පත්කම නැති කරන්න පුළුවන් එකම පක්ෂය ජවිපෙ පමණයි. (අ)
ඔබ ආයුතුමයි.(රේ)
ආණ්ඩුව රටේ සම්පත් විකුණනවා කියලා ගිරිය පුප්පාගෙන කට ලේ රහ වෙනකම් කෑ ගහන අය රටේ වටිනා සම්පත් ගිනි තියලා, විනාශ කරලා රට ආර්ථික වශයෙන් කාබාසිනියා කළ පාපකර්මයෙන් නම් කල්ප ගණනාවක් ගියත් ගොඩ එනවා බොරු. මේ අයගේ උත්තරීතර වූද, අමරණීය වූද, මානව හිතවාදී වූද, ආදරයෙන් සිප වැළඳගන්නා වූද සමාජවාදයේ යශෝරාවය! (නි)
දුප්පත් ජනතාවගේ එකම බලාපොරොත්තුව. ජයවේවා! (නි)
කලින් තිබුන ආණ්ඩුව අවුරුදු 10ක් තිස්සේ කිසි රාජ්‍ය දේපලක් විකිණුවේ නැහැ. කලින් ආණ්ඩුවලින් විකුණලා තිබුන දේවලුත් අාපහු රජයට ගත්තා. ඉතින් ජවිපෙට කියන්න කිසිදෙයක් තිබුනේ නැහැ. ආයෙත් මුල්වෙලා ගෙනාවා වැඩබැරි, සියල්ල විකුණන පරගැති ආණ්ඩුවක්. දැන් ජවිපෙට ඕනෑතරම් බුලට් දමලා දස අතට වෙඩි තියන්න. (නි)
රට කබළෙන් ළිපට දැමු ඔබත් කබළෙන් ළිපට වැටෙනවාමයි. ජනතාව ඊළඟ ඡන්දෙදි නිසි උත්තර දෙයි. (නි)
නුඹේ සුපුරුදු බයිලා අසා නටන ඔය නූඹගේ ඉදිරියේ සිටිනාමී හරකුන්ට හොදයි ඔය කියමන්. (අ)
ඔයගොල්ලො මරපු අයත් සැමරුවානම් නේද හොඳ ? (අ)
මෙයාලගේත් මේ අනවශ්‍ය වැඩ නවත්වන්න ඕනෑ. (නි)
පෙනෙනවද සංකේතාත්මක වෙනස. දැන් තනි රතු කමිස අදින්නේ බිම වාඩිවෙලා ඉන්න ගමේ අහිංසක ජෙප්පෝ දෙතුන්දෙනෙක් විතරයි ඒවත් ගොඩක් රතුම නොවෙයි රෝසපාට.නායකයොත් තැනින් තැන රතු තියන කොටු කමිස.තනිකර රතු නොවෙයි. හැබෑ වෙනසක් නේද......? (අ)
ඔයගොල්ලොත් මේ ආණ්ඩුව හදන්න උදව් කළා නේද? (අ)
කවුද ඉතින් මේවට වගකියන්න ඕනෑ? (නි)
මේ පවතින වර්තමාන තත්ත්වයට ඔබ සැමත් ඍජුවම වගකිවයුතුයි (නි)
විකුණන්න රටේ සම්පත් තව තියෙනවද? මේ ආණ්ඩුව ගෙනෙන්න ජවිපෙ සම්බන්ධ වුණා කියන අයත් ඉන්නවා නේද? ඔන්න ඔහේ විකුණගන්න එකක් විකුණාගත්තාවේ. ලංකාවේ මිනිසුන්ට හොඳ නම් අපිට මොකද. (නි)
සුසන්ත, අවුරුදු හැත්තෑවක් මිනිස්සු ඡන්ද වලදි නියම උත්තර දුන්නා නේද? ඉතින් ඔයාලා තාම එතන නේද? (නි)
දුප්පත් ජනතාවගේ එකම බලාපොරොත්තුව. ජයවේවා! (නි)
පක්ෂයක් හැටියට ඔබ මුහුණදෙන තත්වය ඔබලාට පමණක් සීමාවුණ දෙයක් නොව රටේ දුක්විඳින බහුතරය මුහුණදෙන ප්‍රශ්නයක් බව ඒත්තු ගන්වන්න ඔබ මේ වනතුරුත් සාර්ථක ක්‍රමවේදයක් අනුගමනය කර නැහැ. (නි)